
ගිය අවුරුද්දේ මගේ පැත්තෙන් ගත්තහම නම් පලවෙනි සති දෙක විතරයි වගේ හොඳට ගියේ.. ඊට පස්සේ නම් මෙලෝ රහක් නැති උනා අන්තිම සති දෙක ඇරෙන්න. ට්‍රිප් ටිකක් නම් සෙට් උනා තමා.. ඒ උනාට ඉතින් ජීවිතේ කියන්නේ ට්‍රිප්ම නෙවේනේ.. (අනේ එහෙම වෙනවා නම් කොච්චර එකක්ද....)
කරපු කරපු වැඩේ කෙලවුනා.. හරි ගිය එවලත් මොකක් හරි හුට්ටප්පරයක් තිබ්බ. එක්කෝ හරි ගියත් හරි ගියේ තව එකක් කෙලවාගෙන. අනේ මන්දා මම ජනවාරි පළවෙනිදා ඇඳෙන් නැගිට්ට නැකත වැරදිද මන්ද..
නැකත් ගැන කියද්දී මේකත් මතක් උනා.. අර ඉවාන් පවුලුෂා අයියත් කිව්වා වගේ, පෙළක් කස්ටිය දැන්ම ඉඳන්ම දත කට මැදගෙන ඉන්නවා දුවන්න නැකත් හඳහන් බලාගන්න. අද මම මාලිගාවට ගිහින් ආපු ට්‍රේන් එකටත් එකෙක් ඇවිල්ල කෑගගහ ලිත් විකුනනවා.. ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ඇත්ත කියල මමත් විස්වාස කරනවා ඒ උනාට දැන් තියන සෑස්තරේ නම් පට්ට පල් බොරුවක් කියල තමා මට නම් කියන්න තියන්නේ. ඒක බොරුවක් කරගෙන තියන්නේ..
හරි හරි එවලින් කමක් නෑ.. ගිය අවුරුද්දේ තරමට රිවීව් එක දිග නැති උනත්, මේ අවුරුද්ද නම් මට එච්චර සුභ නෑ.. කොච්චර අසුභාද කියනවා නම් ඊයේ මට මගේ කාමරෙනුත් එලියට යන්න උනා.. මේ ටික ටයිප් කරන්නෙත් සාලේ කොනකට වෙලා ලැප් එක දිගෑරගෙන.. අද හවස පන්සලේ බෝධි පූජාවකට ගියා. ඒ වෙලාවේ කරන්ට් එක නැති වෙලා බෝධි පූජාව විකාරයක් උනා.. ඒකත් කෙලවුනා..
බ්ලොග් පැත්තෙන් බැලුවොත්, අපේ පොඩ්ඩි අක්කා විවාහ උනා, මමත් බ්ලොග් යාළුවො ගොඩාක් අඳුරගත්ත, සමහර අය මූණටම හම්බුනා.. ඒ වගේම මම කලින් පොස්ට් එකේ සඳහන් කල විදියට බීච් පාටි එකටත් ගියා.. ඒ කිව්වේ මගේ පලවෙනි බ්ලොග් ගෙට්ටුව...
මේ අවුරුද්ද ගැන ආපහු මතක් කරද්දී මට මතක් වෙන්නේ 2003 අවුරුද්දත් මේ වගේම නේද කියල. මේ වගේම නැති උනත් මීට බොහෝ සමානයි වගේ... හැබැයි, 2003 ඉවරල 2004දි තමා මම හිතන විදියට ජීවිතේ හොඳම අවුරුදු වලින් එකක් ගත කලේ.. බලමු, මේ 2014ත් 2004 වගේ වේවිද, එහෙම නැත්තම්, අලුත්ම විදියකින් ගෙවිල යයිද කියල...
කොහොම නමුත්, අවසාන වශයෙන් මේ අවුරුද්ද ගැන මට කියන්න තියන්නෙත් මෙච්චර තමා.. මේ මගේ මූනුපොතේ යාලුවෙක් දාපු ස්ටේටස් අප්ඩේට් එකක්..
"Dear 2013,
You have given me more than enough. Only 8 more days left. Shut your f%&@ing mouth & please go. Thanks for coming and please don't come back again. F&%$ You!"
කොහොම උනත්, ගිය දේ ගිය නිසාත්, හෙට අලුත් වසරක් නිසාත්, ඒ උදාවෙන නව වසර, බ්ලොග් කියවන ලියන, ඔබ සෑම සියලු දෙනාටම අඟහරු වැසියන් වෙනුවෙන් මම මෙහෙම ආසිරි පතන්නම්!
සාමය සතුට සපිරි,
සෞභාග්‍යමත්,
සතුට පිරුනු,
සුභ නව වසරක් වේවා....!