Monday, April 21, 2014

සයිබර් ලෝක වැසියන්ගේ අවුරුදු උළෙල..


                                 
               ගිය අවුරුද්දේ බීච් පාටියට ගියායින් පස්සේ බ්ලොග් ලියන/ කියවන ගොඩ දෙනෙක් අඳුරගෙන, කතාබහ කරලා, යාලු මිත්‍රකම් ඇති කරගත්තා. ඒ අයගෙන් සමහරක් දෙනෙකුට නම් මාව අමතක වෙලා ගියේ අමතක වීම ලෝක ස්වභාවය බව පසක් කරමින්... එහෙම උනත්, ඒ අතරින් මගෙත් එක්ක හිටි කට්ටිය මේ පාර අවුරුදු උත්සවේ ලං වෙනකොටම වගේ මට මැසේජ් කරලා, කතා කරලා ඇහුවේ, "එනවා නේද අවුරුදු උත්සවේට? වරෙන් බන් උඹට පීරිසිය දාන්න තැනක් දෙන්නම්, මල්ලි එනවා නේද මේ පාරත්? අඩෝ අවුරුදු උත්සවේට යනවද? සයිබර් ෆෙස්ටිවල් යන්නේ මොකේද? මල්ලි කොහොමද යන්නේ?" ඔන්න ඔය වගේ ඒවා තමා.. මගේ හිතෙත් ආපහු අර බීච් පාටියේ වගේ සොඳුරු හෝරා කිහිපයක් ගත කරන්න තිබ්බ ආසාව ඉතින් මේ ආපු පණිවිඩ එක්ක නතර කරන්න බැරි උනා.. ඒ නිසා,, මමත් ඔන්න ඔහේ කියල ෆෝම් එක පුරවල, මගේ සහභාගීත්වය ස්ථිර කරා.. මේ පාර මට ලැබුනේ අංක 30. ඉතින් ඒ මේ ඔක්කොමත් එක්ක, මේ පාර සයිබර් ගෙට් එක පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ, ඕෂනික් ගේම්ස් අනුග්‍රාහයෙන්, බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායකත්වයෙන්, උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා..
                                  ඒ සඳහා යාමට මමත්, පේරාදෙණියෙන් උදේ 5.20ට මාතර බලා පිටත් වන අංක 40 දුම්රියට නැග පා පුවරුවක් වෙන් කරගත්තා.. මගෙත් එක්ක යන්න එනවා කියපු කස්ටිය නම් අන්තිම මොහොතේදී හැලුනා.. ඒකනම් මට ප්‍රශ්නයක් උනේ නෑ..  ගිය පාර නම් ආපු දුම්රියෙන්ම අදාළ ස්ථානයට යන්න හැකි උනත්, මේ පාර මම මරදානෙන් බැහැල, කැළණි වැලි මාර්ගයේ ධාවනය වන දුම්රියෙන් කෝට්ටේ පාර දුම්රිය ස්ථානයට ගොස්, එතනින් අංක 174 බස් රථයකින් අදාළ ස්ථානයට ලඟා උනා..
             
මාතර දුම්රියෙන් මරදාන බලා..
මේ මගදී හම්බුන එක්කෙනෙක්.. මේ තමා ලංකාවේ ඉංජිනේරු මහතෙක්ගේ සංකල්පයකට අනුව බිහිවෙච්ච රේල් බස් රථය. හම්බුනේ පොල්ගහවෙල මංසන්ධියේදී.

පිටිය තුලට ආවත් වැරදීමක්දෝ යන හැගීම හොල්මන් කලේ වරක් දෙවරක් නොවෙයි. මා සමගම අවංක හොරා ඇතුළු පිරිසත් පිටියට ආවා. කෙසේ හෝ අපේ සසිඳු තුමා ටිකට් කඩා රෙජිස්ටර් කරන අයුරු දුටු විට සියලු සැක පහව ගියා..
                                                                                     
වැරදි තැනටද ආවේ කියලත් හිතුනා...



ටිකට් කඩන කස්ටිය.
          මෙවර කලින් රෙජිස්ටර් වන අයට තිළිණයක් ලෙස ටී ෂර්ට් එකක් ලබා දීමට පියවර ගෙන තිබුනා.. මා ගිය වර හඳුනාගත් බ්ලොග් අවකාශයේ මිතුරියක වන චතු අක්කා විසින් මට එය ලබා දුන්නා. එයත් රැගෙන ඇඳගැනීටම ක්‍රීඩාගාරය වෙත යන අතරතුර මා දුටුවේ ලහි ලහියේ සූදානම් වෙන උත්සව භූමියයි.. මේ අතර පිළිගැනීම් කිහිපයකුත් ලැබුනා..
          ඇඳගෙන ආ පසු එකිනෙකා හා කතා කරමින් සිටින විට පොල් තෙල් පහන දැල්වීමේ අවස්තාව එළඹුනා. එයද සෙයාරූ ගත කරා. එයින් පසු එළඹියේ තරඟ සඳහා අවස්ථාවයි.. උදේට මුකුත් නොකාම දුම්රියේ හිටගෙන ආ බැවින් ඇඟට මහන්සියක් දැනුනත් දුම්රිය පසුපස දුවා දීර්ඝ පළපුරුද්දක් ඇති බැවින් ධාවන තරඟයට සහභාගී උවත්, එය 4වන ස්ථානයෙන් නිමා කිරීමෙන් මගේ තරඟ සහභාගීත්වය නතර උනා.
  
පොල්තෙල් පහන් දල්වා උත්සවය ආරම්භ කිරීම..

කාන්තා මීටර් සීය.. තව තත්පර පහක් පරක්කු උනා නම් තරඟය අලවංගු කරන්න වෙනවා..

බනිස් කෑම සඳහා පෙළ සෑදී සිටි අය බනිස් අතරින් මගේ කැමරාවේ සටහන් වූ අයුරු.. පසුව පැමිණි ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් විසින් ඉදිරිපෙළ අල්ලාගෙන සිටි අයුරු.

කකුල් 4 කකුල් 3 කරගෙන දිවීම..

මා බ්ලොග් අවකාශයට ඇද තබාගැනීම සඳහා මුල් වූ එක් බ්ලොගයක් වන සුප්‍රසිද්ධ කතන්දර බ්ලොග් අඩවිය පවත්වාගෙන යන රසික සූරියආරච්චි මහතා.. ඔහු විසින් රචිත කෘතියක්ද මට පිළිගැන්වීය... 

සමූහ සේයාරුව.. ගිය පාර එකටත් ඉන්න බැරි වෙච්ච එකේ මේ පාර එකටවත් හිටි එක වටිනවා..

සීනියර් උදවිය..

ගහගන්න කලින් කතා බහ..

කොට්ට පොරයේ උණුසුම් අවස්තාවක්...

මා තුන් වෙනියට කියවූ බ්ලොග් අඩවිය සහ, වැඩියෙන්ම බැලූ බ්ලොග් අඩවි දෙකෙන් එකක් වන මාරයාගේ හෝරාව ලියන මාරයා සමග සේයාරුවක් ගැනීම දුර්ලභ අවස්තාව..

කවදත් කොතනත් කැමරාව බෙල්ලේ- සිනහ සාගරේ තියරියෙන් ඉන්නා වෙනි අයියා..

මේත් ඉන්නේ සීනියර් කස්ටියක්.. හම්මෝ මෙයාල එක්ක ජායාරූපයක් ගන්න ලැබීමත් සතුටක්.. මෙතනින් මතක තරියාගේ කෙරුවාව ලියන තරියා, දෙවාගේ අඩවිය ලියන දේවා, අපේ රජා, මමතුමා, හිරු අක්කා..

මගෙත් එක්ක හැමදාම වගේ හිටිය කුරුටු ගෑ ගී පොතේ දිලිනි අක්කා සහ හේමමාලි අක්කා..

මේ දෙන්න (මාරයා සහ හිරු අක්කා)  නැත්තම් අද අඟහරු අඩවිය කියල බ්ලොග් එකක් නෑ.. ඇත්තෙන්ම මෙතෙන්ට තව තුන් දෙනෙක් අඩුයි. ඒ තමා අඟුරු නොකා.. බ්ලොග් එක කරපු චන්දික අයියා, පොඩි කුමාරිහාමි, සහ රසික සූරියආරච්චි මහතා. ඔයාල පස් දෙනාම එකට තියල සේයාරුවක් කවදා හරි ගන්න ලැබේවා!

කොට්ටපොර ආදී ක්‍රීඩා මදකට නතර කලේ දැඩි රස්නය නිසායි. ඒ අතරතුර ක්‍රීඩාගාරය අසලට සහා නිවේදන කටයුතු සිදු වූ ස්ථානයට රැස් වූ අප සැම දිවා භෝජනය ලැබෙන තුරු හැමදාම නොකෙරෙන, එම නිසාම ඉතා සොඳුරු වූ කතාබහක් සඳහා වාඩි උනා..





මාර කතාබහක් අතරතුර ගන්නා ලැබූ සේයාරුවකි..

මෙදා සැරේ ටිකට්ටුව..

පෘතුවියේ ඉද්දි ඉන්න තැනින් ඇරෙන්න හොඳ කෑම එකක් ලැබෙන්නේ එහෙමත් වෙලාවක. එවයෙනුත් තමන් කැමති, තමන්ට කැමති පිරිසක් එක්ක ඒ කෑම එක කන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.. මේ එයින් එක අවස්තාවක්..

චතු අක්කා, මම තුමා සහ රෙප් මහත්තයා...

කට්ටිය දෙහි ගෙඩි හැන්දේ අරගෙන එන ගමන්..

       ඔන්න ඉතින් මේ ඔක්කොම අස්සේ කාලයත් හෙමි හෙමින් ගෙවිලා ගිහිල්ල මේසොඳුරු උත්සවයට සමු දෙන්න මට වෙලාව ආවා.. අකමැත්තෙන් උනත් ඒ සොඳුරු මිතුරු මිතුරියන්ට සමුදීලා මම අපේ සොරෝ සහ නිශා අක්කා සමග ආපහු එන්න පිටත් උනා.. එතනින් එලියට ඇවිල්ලා 171 බස් එකක නැගල කොටුවට ආවා.. ඒ එද්දී ජීවිතේ පලවෙනි වතාවට මම පොකට් ගැසීමක ඉලක්ක කරුවෙක් උනා.. ඒ නමුත්, මගේ පෙර වාසනාවකට හෝ මම අන්සතු දෙයක් නොගෙන ඇති නිසාවෙන් හෝ,මුදල් ස්වල්පයක් හැරෙන්නට වැදගත් සියල්ල සමග මුදල් පසුම්බිය නැවත මා අත පත් උනා.. ඒ මේ සියල්ලෙන් අනතුරුව කොළඹ කොටුවෙන් මහනුවර බලා පැමිණෙන අංක 35 (සෙංකඩගල මැණිකේ) දුම්රියෙන් මා ආපසු ගෙදර පැමිණියා.. මා සමග පේරාදෙණිය දක්වා නිශා අක්කාද පැමිණියා. 
සෙන්කඩගල මැණිකේ දුම්රියෙන් ආපසු ගෙදර බලා..
         ඒ එන ගමන් හමු වූ දුම්රිය ආදිය සෙයාරූ ගත කලත්, අඳුර නිසා ඒවායේ නම් ගත යුත්තක් නෑ... ඒ කෙසේ වෙතත් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිදු වූ ටැබ්ලට් යන්ත්‍ර ක්‍රියා විරහිත වීමේ සුළු ප්‍රමාදය හැරෙන්නට වෙන කිසිම උපද්‍රවයකින් තොරව මා රාත්‍රී 8.30 වන විට නිවසට ලඟා උනා..
මේ තියන්නේ දෙමටගොඩ ධාවනාගාරයේ හැරවුම් මේසය.. ඈතින් පෙනෙන්නේ කැළණි මිටියාවත් දුම්රිය මාර්ගය පටු ආමානයේ වූ අවදියේ එහි ධාවනය වූ වාෂ්ප රේල් කාර් රථය (ලෝකයේම ඉතිරිව ඇති එකම එක) හා N1 ධාවන පන්තියට අයත් එන්ජිමක්..


උත්සවයේ කටයුතු හමාරකොට අවසානයටම නිවස බලා ආ කිහිපදෙනාගෙන් එක්කෙනෙක් ලෙස මා මෙසේ ගමන නිම කලේ අත්දැකීම් සහ නව මිතුරන් රාශියක් ලබාගෙන.. එවැනි උත්සවයක් සංවිධානය කිරීම පිලිබඳ සංවිධායක මණ්ඩලයට සහ සියලු දෙනාට ස්තුතිවන්ත වන අතර, නැවතත් මෙවැනිම සොඳුරු දිනයක මුණ ගැසීමේ බලාපොරොත්තු සහිතව ජීවිතයේ ගෙවුනු එක් සොඳුරු හෝරා කිහිපයක් පිලිබඳ මේ සටහන මෙසේ අවසන් කරනවා...

51 comments:

  1. සන්තෝසයි මල්ලි.. ආයෙමත් දවසක මුනගැහෙමු!! දැං ටිකක් ලියන්නෙ නෑ කම්මැලි කමේ ඉන්නෙ.. බ්ලොග් බැලෙනවත් අඩුයි.. පහුගිය ටිකේ ආවෙ නැති එක ගනං ගන්නෙපා... ජය!!! :)

    ReplyDelete
    Replies
    1. ආවේ/ ලිව්වේ නැති අඩුව නම් හොඳට තේරුනා. කම්මැලි පැත්තකට දාල ලියමු ආපහු.. එහෙනම් ආයෙත් දවසක අනිවා මීට් වෙමු!
      ඔබටත් ජය!

      Delete
  2. වින්දනයක් සතුටක් ලැබුවානම් එයයි අපේ සතුට

    ReplyDelete
    Replies
    1. ඒ සතුට ලබන්නට සැලැස්වීම පිලිබඳ අපගේ ප්‍රණාමය!

      Delete
  3. අපරාදෙ මට හිරුව මිස් උනා

    ReplyDelete
    Replies
    1. ඉවාන් උබයි මමයි එකට ඉන්නකොට නේද හිරුවා ඇවිත් කතා කලේ??

      අඩේ අටමාව මට මිස් වෙලා :පී

      Delete
    2. මට උඹල හැම එකෙක්ම මිස් උනා...

      Delete
    3. මම මේ පාර හිරු අක්කවයි මාරේ අයියවයි අල්ලගන්නමයි හිටියේ.. ඒක නිසා පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටියා.. දිලිනි අක්ක කියපු ගමන් ගිහින් කතා කරා. ඩ්‍රැකී කෝ කියල තමා මමත් බැලුවේ දවස පුරාම. මොකෝ ආවේ නැත්තේ?

      Delete
  4. කතා බහ කලානේ. සිනියර් කම් නම් බ්ලොග් වල නැ කියලා හැම තැනදිම කියනවානේ මල්ලි. මොනවා උනත් කොච්චි දැනුම නම් සුපිරියටම තියනවනේ. ගොඩක් තැන් වලදි එක අපි විදිනවානේ.. ජය වෙවා...

    ReplyDelete
    Replies
    1. කෝච්චි නම් අනේ මන්දා.. දැනුම නම් පොඩ්ඩක් තියනවා.. විඳිනවා නම් සතුටක්!
      කතාබහ නොකර කොහොමද.. මම හැමෝ එක්කම පුළු පුළුවන් විදියට වචනයක් හරි කතා කරා.. ඔබටත් ජය!

      Delete
  5. අවුරුදු උත්සවය රස විඳපු එක ගැන සතුටුයි. ලස්සණට තිබිලා නේ...

    අර ප්‍රාර්ථනාව ඒ විදියටම ඉටුවේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...:)

    ReplyDelete
    Replies
    1. ලස්සන කියන්නේ අක්කා ආය මල් 7යි!
      ඒක නම් ඊළඟ ගෙට් එකේදීවත් වෙන්නම ඕනේ.. ඒ කියන්නේ අක්ක ලංකාවට එන්න ඕනේ.. :)

      Delete
  6. අඟහරු ලෝකෙන් ආපු එකෙක් හම්බවුනාමයි ,ජයවේවා

    ReplyDelete
    Replies
    1. හෑ ඒකත් එහෙමද..? ඔන්න ඇමරිකාවට ගින්න දෙනවා එහෙම නෙවෙයි... :)
      ඉවාන් අයියාටත් ජය!

      Delete
  7. අඟහරුවා දැක ගැනීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. සෑම් තුමා හමු වීමත් ඉතාම සතුටක්!

      Delete
  8. අඩේ, සෑහෙන කට්ටියක් මේ සැරේ මිස් වෙලානේ :O

    ReplyDelete
    Replies
    1. එකනේ ශම්මි අක්ක කියන්නේ.. ඔයාවත් මිස් උනා.. :(

      Delete
  9. සිරා පෝස්ටුව බං... උඹේ කෘතවේදී කම ගොඩක් අගය කරනවා. ලබන සැරේ ආයෙ සෙට්වෙමු!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අයියේ! අනිවාර්යෙන් ලබන අවුරුද්දේ හමු වෙමු.. මේ පාර අනිවාර්යෙන් මීට් වෙන්නම් කියල හිතන් ආව එක්කෙනෙක්..

      Delete
  10. මේකට මං හිතං හිටියටත් වඩා පිස්සු... හි හි

    ReplyDelete
    Replies
    1. හම්මෝ හිරු අක්කා.. පිස්සු වගේද පෙන්නේ? :D
      මීට් වෙලා කතා කලාට ගොඩාක් ස්තුතියි අක්කේ!

      Delete
  11. යකෝ මෙච්චර ෆොටෝ තිබුණට හිරුවගෙ ‍ෆොටෝ එකක් දැක්කෙ බොලාගෙ ‍ඒවයින් විතරයි මල්ලි.
    මේ ගමන මිස් උනාට ඊගාව පාරවත් සෙට් වෙන්න බලමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියව මම හතරවටේ හෙව්වා.. හිරු අක්කගේ ෆොටෝ එකක් මම දැකල තිබ්බෙත් නෑ ඔය දිලිනි අක්කා කියනකල්.. ඊගාව සැරේ අනිවාර්යෙන් මීට් වෙමු!

      Delete
  12. යකෝ කෝච්චි ගැන නේ මේ පොස්ට් එක තියෙන්නෙත්! :D

    ReplyDelete
    Replies
    1. ඇයි අෆ්ෆා ඔය අවුරුදු උත්සවේ ගැන තියන්නේ.. හම්බුන එව්වත් දාන්න එපයි ඉතින්.. :D

      Delete
  13. රජා කූමඩ යකෝ සීනියර් වුණේ? මේ වගේ පෝස්ට් කියවන කොට ආස යි අෆ්ෆා! තාමත් මට මොකකටවත් එන්න බැරි වුණානේ :(

    ReplyDelete
    Replies
    1. හම්මෝ ධාරා දැකපු කල්! රජාට රජා කියන්නේ ඉතින් සීනියර් හින්දනේ බොලව්..
      ඒකනේ ඊළඟ එකේ වත් සෙට් වෙමු!

      Delete
  14. හඳුනා ගැනීම සතුටක් මල්ලි. //ඒ එද්දී ජීවිතේ පලවෙනි වතාවට මම පොකට් ගැසීමක ඉලක්ක කරුවෙක් උනා..// මට මේ අද්දැකීම දෙපාරක් තියනවා. එක පාරක් ජංගමය. දෙවැනි පාර හැඳුනුම්පත. එකක් නෙමේ ජාතික හැඳුනුම්පතයි සරසවි හැඳුනුම්පතයි දෙක ම. පසුම්බිය ආපහු ලැබුණ එක පුදුම යි!

    ReplyDelete
    Replies
    1. අක්කව අඳුරගනීමත් සතුටක්!
      ඇත්තටම ලැබුන නෙවේ අක්ක බස් එක පස්සේ එලවල ගිහින් බැලුවම තිබ්බ. ගත්තු එකා බස් එකේ දාල ගිහින් තිබිල අරන් තියල. මමත් බයේ හිටියේ සීසන් එකයි අයිඩී එකයි ගැන තමා.

      Delete
  15. ආයෙ මොනවද පාරෙන් පටන් අරගෙන ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආය අපි ඉතින් දෙයක් ලිව්වොත් වැල ගිය තැන මුල ගිය තැන පටන්ම ලියනවානේ,.. එහෙනම් වෙල්කම් කිව්වා!

      Delete
  16. මොකක්ද ඒ පොකට් සීන් එක.. විස්තර ඇතිව කියහං...

    ReplyDelete
    Replies
    1. සීන් එක කියන්නේ අයිය මෙහෙමනේ- මම බස් එකේ එද්දී ට්‍රේන් එකේ එන්න ටිකට් එක ගන්න සල්ලි අතට අරගෙන පර්ස් එක දැම්ම බෑග් එකේ එලියේම තියන පොකට් එකට. බස් එකේ ටික දුරක් හිටගෙන ආව. ඒ ටිකේ තමා වෙලා තියන්නේ. ස්ටේෂන් එකට ඇවිල්ල බලද්දී ඒ පොකට් එක හායි ගාල ඇරලා දාල ෆෝන් එකේ හෙඩ් සෙට් එකත් එළියේ. දිව්වා ආපහු ගේට් එකට. එතන හිටි දුම්රිය ආරක්ෂක හමුදාවේ එක්කෙනා කිව්වා මල්ලි පර්ස් එකට විදලා නේද කියල. මම ඔව් කිව්ව ගමන් කිව්වා බස් එකේනේ ආවේ, කෙලින්ම යන්න කියල පාක් එකට. ආය ඉතින් මොනාද දිව්වා..
      පොකට් ඇරලා තිබිල වැටිලා නෙවේ, මොකද මම නැගිටින්න කලින් වතුර බීල පොකට් ඔක්කොම හොඳට වැහුව.

      Delete
  17. සයිබර් සිහින බක්මහ උළෙල පටන් ගත්තා සිට ඒ ගැන දුක් සිතුවිලි ඇති කරගත් බ්ලොග් ලියන්නියන් සිටියා නම් ඒ අතර මාත් එක් අයෙක්. හැමෝම දැකල මුණ ගැහිලා. සතුටුයි රුප දකිද්දි.

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කේ දුක් සිතිවිලි?? හැමෝම කියන්නේ ඉතින් වැඩි හරියක් එක්ක කතා කළා.. ඊළඟ පාරත් එමුකො නේද..

      Delete
  18. අහ් නියමයි . . . පේරාදෙනියේ ඉඳන් ගියා උනත් ගත්තු අත්දැකීම ජොලි එකක් නිසා පොඩ්ඩක් වත් එපා උනේ නැතුව ඇති . . . මමත් ගොඩක් ඒවට ගියා අවුරුදු උස්සව වලින් මේ සැරේ එක විතරයි මිස් උනේ . .

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්. ඒ අත්දැකීම නම් ජොලි තමා.. ඒකනේ දුකා කතා කලේ නැහැ කියල මම බැලුවේ. ඊළඟ පාරවත් එන්න හොඳේ.. ට්‍රේන් ට්‍රිප් එකක් නම් ඉතින් මට කොහොමත් එපා වෙන්නේ නෑ නේ.. :D

      Delete
  19. "ඒ එද්දී ජීවිතේ පලවෙනි වතාවට මම පොකට් ගැසීමක ඉලක්ක කරුවෙක් උනා"
    අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අෆ්ෆා.. අයියෝ සල්ලිම තමා ඒක නම්..

      Delete
  20. එදා උඹව හඳුනා ගැනීමත් සතුටක් අඟහරුවො.

    ReplyDelete
    Replies
    1. චතුරංග වත් දැන හඳුනාගැනීමට ලැබීම ඉතාම සතුටක්!! නැවත හමුවෙමු!!

      Delete
  21. අසාවේ බැ..... ඔක්කොම ලස්සනට තිබිලා වගේ... ඉලග පාර වත් එන්න ඔන...
    ...

    ReplyDelete
    Replies
    1. අර නංගිවත් එක්කගෙනම එන්න :3

      Delete
  22. ඒකනේ කලින් ඉඳලම කිව්වේ.. අපි නම් බල බල හිටියේ නෑ ගියා.. බලමුකෝ ඊළඟ පාරවත්..

    ReplyDelete
  23. ලස්සනට ලියලා තියෙනවා මල්ලී.නැවත හමු වෙමු

    ReplyDelete
  24. එදා හමුවීම සතුටකි. පොත කියෙව්වාද?
    ඔබට සිදුවී ඇති කරදරය ගැන අසා කණගාටුවට පත්වුනා. එය පාඩමක් කරගන්න.

    ReplyDelete
  25. මේක යකෙක්නෙ. කෝච්චි කියාගෙනම ඉපදිලා තියෙන්නෙ.

    එන්න බැරි වුන එක ගැන කණගාටුව

    ReplyDelete