ඈතින් ඈතට විහිදෙන කඳු පන්තිය.. |
වටවලින්
පිටත් වූ පොඩ්ඩි නැවතත් පිවිසෙන්නේ අලංකාර වටපිටාවකින් යුතු පරිසරයක් තුලටයි. එක
පසෙකින් ඈතින් ඈතට විහිදී යන කඳු පංති වලින්ද, අනෙක් පසින් අතරින් පතර තේ වතු හරහා
විහිදෙන ලදු කැලෑ වලින්ද යුතු මෙම කොටස, ඉතාමත් අලංකාරය.
කඳු වළල්ල අතරින් වැටුණු මහාමාර්ගයක් දක්නට හැකිය. |
වටපිට
පරිසරය අලංකාර වුවත්, එම චමත්කාරය විඳීමට ඇයට නතර විය නොහැකිය. දම්වැල් 10 ප්‍රමාණයේ
වංගු, අඩි 44 ට එකක් වූ තියුණු නැග්ම මෙම මාර්ගය දිගටම එසේමය. මෙම මාර්ගය තරණය
කරන්නට ඇයට සිය සම්පූර්ණ බලය යෙදීමට සිදු වේ. එන්ජිමට පසුපස තුන්වන පන්තියේ
මැදිරියේ සිටින අපහට, M6 එන්ජිමේ හදවත වේගයෙන් ගැසෙනු ඇසේ. එහෙත් තියුණු
වංගුවකින් එන්ජිම හැරෙන විට, එම හඬ විටින් විට නොඇසී යන්නේ, වංගුවේ තියුණු බව
නිසාමය.
දම්වැල් 5කට ආසන්න අරයක් ඇති වංගුවක්. හොඳින් බලන්න, තවත් එවැනිම වංගුවක් ඉදිරියෙන් ඇත. |
වටවලින්
පිටත් ව ටික දුරක් ගමන් කල විට, ඈතින් තේ කර්මාන්තශාලාවක් දිස් වේ. උඩරට දුම්රිය
ධාවනය ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුවක් නම් මෙම තේ වතු සහ කෝපි වතුය. එකල දැව ආශ්‍රයෙන්
නිමවා තිබුණු මෙම තේ කම්හල්, දැන් දැන් නවීකරණය වෙමින් පවතී. එහෙත් එම
කර්මාන්තශාලා අදත් නැගී සිටින්නේ, සියවසක පමණ ඉතිහාසයේ සලකුණු කියාපාමිනි.
තේ කර්මාන්තශාලාවක්.. |
ඉහල
වටවල යනු මෙම කොටසේදී මුණගැසෙන උප දුම්රියපොළකි. කොළඹ සිට සැතපුම් 101කුත් දම්වැල්
40ක දුරින් පිහිටි තරමක් පසු කාලීනව පිහිටවූ දුම්රියපොලකි. ටැබ්ලට් යන්ත්‍ර, සංඥා
කුළුණු හෝ දුම්රිය දෙකක් මාරු වීම පිණිස පාෂ මාර්ග වලින් තොර මෙම උප දුම්රියපොළ
වේදිකාවේ, මගීන් කිහිපදෙනෙකු පහලට එන දුම්රිය බලාපොරොත්තුවෙන් රැඳී සිටිනු දක්නට
ලැබුණි.
ඉහල වටවල වෙත පිවිසෙන පොඩ්ඩි.. |
ඉහල වටවලින් පිටත් වී මද දුරක් ගිය කල්හි පෙනන භූමි දර්ශනය.. |
මීළඟට
දුම්රිය තියුණු වංගු දෙකක් පසු කර ලඟා වන්නේ රොසැල්ල දුම්රිය ස්ථානයටයි. මෙම
දුම්රිය ස්ථානය වෙත පිවිසෙන දුම්රිය, දම්වැල් 5 ප්‍රමාණයේ S හැඩයට පිහිටි වංගු
දෙකක් පසු කරයි. Rozelle
S curve යනුවෙන් ප්‍රකට මෙම තියුණු වංගු ද්විත්වයේ
දෙවැන්න, නාය යාමක් හේතුවෙන් දම්වැල් 4 හමාරකට වන සේ කාලයක් සකසා තිබුණි. මෙම
කාලයේ ඉහලට එන දුම්රියක් පාෂ මාර්ගයට ගැනීම තහනම් කොට තිබුනේ, එම දුම්රිය පීලි
පැනීමෙන් වළක්වාගැනීමටයි.
රොසැල්ල වෙත පිවිසීමේදී හමුවන පළමුවන දම්වැල් 5 වංගුවේ සිට ලබාගත් දුම්රිය ස්ථානයේ සේයාරුවක්. |
රොසැල්ල
දුම්රිය ස්ථානය, කොළඹ කොටුවේ සිට සැතපුම් 103යි දම්වැල් 59ක දුරකිනුත්, මුහුදු
මට්ටමේ සිට අඩි 3741ක උසකින් පිහිටා ඇත. රොසැල්ල දුම්රිය ස්ථානය ඉතා පැරණි දුම්රිය
ස්ථානයකි.
පාෂ මාර්ගයේ නවතා ඇති නාවලපිටිය සහ මහනුවර බලා යන දුම්රිය.. |
පාෂ මාර්ගයකින් සහ පසුකාලීනව ඉදි වූ දෙවන වේදිකාවකින් යුතු මෙම දුම්රිය
ස්ථානයට, මෑතක් වන තුරුම විදුලිය නොමැති විය. පසු කාලීනව, මෙම දුම්රිය ස්ථානය
අසලින් ගලා යන කුඩා ඇල මාර්ගයේ ජලය භාවිතයෙන් කුඩා විදුලි ජනකයක් ක්‍රියා කරවීමෙන්
දුම්රිය ස්ථානයට විදුලිය සපයා ඇත. දැනටත් මෙම දුම්රිය ස්ථානයට විදුලි බලය සපයන්නේ
මෙම කුඩා බලාගාරයයි.
මෙම
දුම්රිය ස්ථානය සතු එක් විශේෂතාවයක් වන්නේ, “Train Indicator Bars” යනුවෙන් හඳුන්වන
උපකරණයයි. මෙම උපකරණය නම්, දුම්රිය ස්ථාන පරිශ්‍රය තුල පිහිටි මාර්ගයේ, පීලි වලට
ආසන්නයෙන් පිහිටා ඇති කුඩා වානේ පීල්ලකි. ඉහලට හෝ පහලට යන දුම්රියකට සංඥා නිකුත්
කොට, එම දුම්රිය මෙම පීලි පිහිටි කොටසේ නවත්වා ඇති විට, එම පීලි මත රෝදයේ Wheel flange කොටස පිහිටයි. එමගින්
මෙම පීලි වල පිහිටුම වෙනස් කල නොහැකි ලෙස හිර වේ. එකම මාර්ගයේ දුම්රිය දෙකක් ගමන්
කිරීම වැලැක්වීම සඳහා යොදා ඇති අපූරු උපක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Train Indicator Bars ගැන දැන්වීම් පුවරුවක් මගින් දැනුම් දී ඇත. |
කලකට ඉහතදී Lanka Rail Digest සඟරාවට කෙටි සටහනක් සපයන
විශ්‍රාමලත් දිස්ත්‍රික් පරීක්ෂක තිබ්බොටුමුනුව මහතා පවසන්නේ, 1940 සහ ආසන්න කාලයේ
මෙම දුම්රිය ස්ථානය ඉංග්‍රීසියෙන් “Rozelle” ලෙස නම් වී තිබූ බවත්,
ඊට යටින් සිංහල නම ලෙස සඳහන් වූයේ “රොසැල්ල” හෝ “රොසෙල්”
යන්න නොව, “බිං ඔය” බවත්ය. පෙර සඳහන් කල කුඩා දිය පහරේ නම ආශ්‍රයෙන් එම නම තබන්නට
ඇත. “Rozelle” යනුවෙන් ඉංග්‍රීසියෙන්
නම වැටෙන්නට ඇත්තේ ආසන්නව පිහිටි එම නමින් යුතු තේ වත්ත නිසා වන්නට ඇත.
මෙම කලාපය, දිවයිනේ ඉහලම වර්ශාපතනයක් ඇති කලාපයකි. එම
නිසා, දිය පහරේ ජලය සිඳී නොයන බවක් කියවේ. කිහිපවිටකම නාය යාම් සහ සෝදාගෙන යාම්
සිදු වී ඇති මෙම දුම්රිය ස්ථානයේ, 1907 සිදු වී ඇති අනතුරකින් ඒ හරහා ගමන් කල
දුම්රියක සිටි සියලු මගීන් මඩ වගුරක ගිලී මියගොස් ඇත. තිරිංග මැදිරියක් පමණක් පිට
රැඳී තිබූ අතර, එහි සිටි යුරෝපීය ජාතික කාන්තාවක සහ දුම්රිය ගාඩ්වරයා පමණක් දිවි
ගලවාගෙන ඇත. ලංකාවේ කිසිඳු තොරතුරක් මෙම අනතුර පිලිබඳ සොයාගැනීමට නැතත්, ඉන්දීය
සඟරාවක මෙම අනතුරේ සේයාරුවක් පලවී තිබී අකිල ආරියප්පෙරුම නම් මාගේ මිතුරා විසින්
මා හට පෙන්වන ලදී.
ඒ මේ තොරතුරු අතරින්, පොඩි මැණිකේ නැවතත් ඉදිරියට යාමට
සූදානම්ය. ටැබ්ලට් ලැබී, සංඥා නිකුත් වුනි. පහලට යන දුම්රිය පාෂ මාර්ගයේ තිබෙද්දී,
අප ඊළඟ නැවතුම වන හැටන් බලා පිටත් වීමු..
හැටන් බලා ඇදෙන පොඩි මැණිකේ.. |
ඔන්න මුලින්ම මම ඇවිත් කියෙවුවා. දුම්‍රිය ස්ථාන හා පිහිටීම කොළඹ සිට දුර මුහුදුමට්ටමේ සිට උස වගේ තොරතුරු හරි වැදගත්.
ReplyDeleteපළවෙනියටම ආවට සතුටුයි! අක්ෂාංශ දේශාංශ ටිකත් දාන්නත් හිතලා පස්සේ නොදා හිටියා. නානුඔය වගේ දුම්රිය ස්ථාන වල විතරයි හරියට මගේ ගාව තොරතුරු තියන්නේ..
Deleteඋඩරට දුම්රිය මාර්ගයේ ඉන්න ලයින්ස්මන් ලා හොල්මන් කතා ගොඩක් දන්නවලු දුම්රිය සේවය සම්බන්ධ. ටිකක් හොයලා බලන්න.
ReplyDeleteස්තුතියි ඔත්තුවට!! හොයල බලන්නම්! මම අඳුරන ඩ්‍රයිවර් මහත්තයෙක් කිව්වා ඔය ඉහල කෝට්ටේ පැත්තේ බිංගෙවල් සීරීස් එක අස්සේ ඕනේ තරම් හොල්මන් තියනවා කියල. තනියම යන්නත් එපා කිව්වා. ඒ කතා නම් ඇත්ත වෙන්න ඇති. මොකද ඔය රේල්පාර හදනකොට සෑහෙන සෙනගක් මැරිලා තියනවා නේ. අදටත් කියන කතාවක් තමයි උඩරට දුම්රිය මාර්ගයේ හැම සිල්බර කොටයක් ගානෙම ජීවිතයක වන්දිය සටහන් වෙලා තියනවා කියන එක.
Deleteමෙම දුම්රිය ස්ථානය සතු එක් විශේෂතාවයක් වන්නේ, “Train Indicator Bars” යනුවෙන් හඳුන්වන උපකරණයයි. මෙම උපකරණය නම්, දුම්රිය ස්ථාන පරිශ්‍රය තුල පිහිටි මාර්ගයේ, පීලි වලට ආසන්නයෙන් පිහිටා ඇති කුඩා වානේ පීල්ලකි. ඉහලට හෝ පහලට යන දුම්රියකට සංඥා නිකුත් කොට, එම දුම්රිය මෙම පීලි පිහිටි කොටසේ නවත්වා ඇති විට, එම පීලි මත රෝදයේ Wheel flange කොටස පිහිටයි. එමගින් මෙම පීලි වල පිහිටුම වෙනස් කල නොහැකි ලෙස හිර වේ. එකම මාර්ගයේ දුම්රිය දෙකක් ගමන් කිරීම වැලැක්වීම සඳහා යොදා ඇති අපූරු උපක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
ReplyDeleteකරුණාකර මෙය පින්තුරයක් ඇසුරෙන් තව විස්තර දන්වන්න
මේ යෝජනාව මම ස්තිර කරමි.
Deleteඒ ගැන වෙනම පෝස්ටුවක් ළඟදීම බලාපොරොත්තු වන්න.. මේ ගැන සෙවීම සඳහා රොසැල්ල වෙත විශේෂ ගමනක් යාමට සූදානම් කරමින් සිටිමි. රොසැල්ල දුම්රිය ස්ථානයට ගිය හැම විටම දුම්රියෙන් බැසීමට අවකාශයක් නොලත් නිසා, ට්‍රේන් ඉන්ඩිකේටර් බාර් වල සේයාරුවක් ගැනීමේ අවකාශයක් නොලැබුණි.
Deleteඔහොම යං ඔහොම යං.
ReplyDeleteහැටන් වලින් එහාටික නං මාත් ගිහිල්ල තියෙනව. බලමු.
මට බදුල්ලටම යන්න හම්බුන එකම වතාව තමා මේක. ඉදල්ගස්හින්නෙන් එහාට දෙපාරයි ගිහිං තියන්නේ. බලමුකෝ ඉස්සරහට..
Deleteප්‍රසන්නලා ඉන්නේ යකඩ යකා පේන්නවත් නැති පැත්තකනේ.... ඉස්සර පොඩිකාලේ ප්‍රසාලේ ට්‍රිප් අැවිත් තියෙන්නේ යකඩ යකා බලන්න හපුතලේට.... හා නැද්ද????????
Deleteමම නාවලපිටියේ නිසා ඒ දවස්වල දුම්රියේ නිතරම ගමන් බිමන් ගියා.ශ්‍රි පාදේ යනකොටත් නාවලපිටියේ ඉදලා දුම්රියෙන් යන්නේ..කොන්දොස්තරලගෙන් කරදරයකුත් නෑ ටිකක් ප්‍රශ්නයකුත් නැති නිසා අපේ කොල්ලෝ හරි කැමතියි මේ ප්‍රවාහන සේවාවට...
ReplyDeleteකොන්දොස්තරලාගෙන් කරදර නැති එක නම් සහතික ඇත්ත. ලොකුම සහනයක් තමා ඒක. මමත් හැකි හැමවිටම දුම්රියෙන් තමා ගමන් පහසුව සලසන්නේ. ඔය කාරනාව නිසාම. අනික තමා ගෙලිඔයේ ඉඳන් නුවරට බස් ඒකෙ පැයකට ආසන්න කාලයක් යනවා. අඩුම විනාඩි 45ක් වත්. ඒත් කෝච්චියේ පැය බාගෙන් විනාඩි 20න් නුවර.
Deleteඅන්න විචාගේ කතාව හරි. හොල්මන්, ආදර, පවුලේ කතා ඔක්කොම ටිකක් එකතු කලා නම් තවත් රසවත් වෙයි අඟගරුවෝ....:)
ReplyDeleteඑකතු කරන්නම්කො ඒවත් ලැබෙන ලැබෙන හැටියට.. හැටන් වලින් එහාට ඒවා සෑහෙන්න තියේවි මම හිතන්නේ..
Deleteතව සෑහෙන දුරක් තියෙනවා බදුල්ලට, හැටන් වෙනකං යන්න අමාරුම කාලේ පටන් ගන්නේ දෙසැම්බර් පොයෙන් පස්සේ, සිරිපාද කාලේ පටන් ගත්තම ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ
ReplyDeleteඅප්පා ඔව්.. මමත් ඔය කාලේ එක පාරක් පොඩි මැණිකේ එක්ක නාවලපිටියට ගිහිං උඩරට මැණිකේ එක්ක පේරාදෙණියට ආවා. ආය නෑ සැමන් ටින් එකක් වගේ පැක් වෙලා ආවේ..
Deleteතව ඒමු................ .තව ඒමු............. අපේ වැයික්කියට දැන් ටික ටික ලංවෙනවා....... අපේ පැත්ත ඉතින් පට්ට සුපිරියි....... ඔහොම ඒමුකෝ..... මේ හරියෙන් බැරියෑ තේ ඒකක් ඒහෙම බීලා යන්න...
ReplyDeleteස්ටේෂන් එකට අරගෙන එන්නකෝ.. ඔයාල මේ ටිකේ යනකොට වෙච්ච සිද්ධි එහෙමත් දාන්න පුළුවන් නම් හොඳයි..
Deleteබෝම අගෙයි මේ පින්තුරත් එක්ක කෙටි වාක්‍ය වලින් ලිවිල්ල. කියවීමට ආසා ඇති කරනවා. ජය වේවා.. කෝච්චියා..
ReplyDeleteබුදු අම්මෝ මේ කෝච්චියා කියන්නේ මම නෙවේ.. දැක්කොත් එහෙම මාව කෝච්චියකට තියලා තමා මරන්නේ..
Deleteස්තුතියි අදහසට!
එල ද බ්‍රා මචං
ReplyDeleteතෑන්ක් යූ වේවා!!
Deleteමේක කියවගෙන යනකොට අමතක කරන්න හදන මතකයන් අලුත් වෙනවා. දරා ගන්න අමාරුයි එක නම්... :(
ReplyDeleteමටත් එහෙමයි. ඒ නිසාම තමා මේක ලියන්න හිතුවෙත්..
Deleteමගේ මතකයත් අළුත් වෙනවා. දිගටම කියවන්නම්. මමත් මගේ කෝච්චි බ්ලොග් එකට පෝස්ට් එකක් දැම්මා ඒ පැත්තෙත් එන්න.
ReplyDeleteමේ එනෝ...
Delete