Thursday, October 28, 2021

දශකයක සේවා උපහාරය..

 

          බ්ලොග් එක පාළුව ට ගිහිං.. වැරද්දත් ඉතිං මගේ ම තමා. වැඩ ගොඩක් එක්ක කාර්යය බහුල උනා. ඇත්තට ම මේ පෝස්ට් එකත් අද දැම්ම ට, මේක ලිව්වේ ජූනි මාසේ! පරණ හාඩ් එක ඇදලා ෆොටෝ ටික හොයාගන්න පුළුවන් උනේ සෙනසුරාද. ඒකයි පරක්කු උනේ.

          මේ පෝස්ට් එක ටිකක් විතර කෘතගුණ සැලකීමක් හැටිය ට ගණන් ගන්න පුළුවන්. ඇත්තට ම කිව්වොත් මේ බ්ලොග් එක, ඒ වගේ ම තව මම පහුගිය අවුරුදු 10 ඇතුළත කරපු, ලියපු, ඉගෙනගත්ත දේවල් ගොඩක් කරගන්න උදව් කරපු, ජීවමාන නොවුනත් ඒ හා සමාන කෙනෙක් ගානට ළඟ හිටිය දෙයක් ගැන තමා අද සටහන. වැදගත් ම දේ, මේ පෝස්ට් එක ලියන්නෙත් ඒකෙන් ම තමා. 

Desktop during heyday..

          මම මුලින් ම පරිගණකයක් දැක්කේ 1990 දශකයේ අග. ඒ අපේ අප්පච්චිලාගේ ඔෆිස් එකේ තිබ්බ කම්පියුටර්. ඒ කාලේ මම බොහොම පොඩි. ඉංග්‍රීසි අකුරක් වත් දන්නේ නෑ. තිබ්බේ වින්ඩෝස් 95 සමහර ඒවායේ. මම 2 වසර ට වගේ යද්දී සමහර ඒවා වින්ඩෝස් 98 වල ට සහ පස්සේ 2000, Xp වල ට අප්ග්‍රේඩ් උනා.

          2003 අවුරුද්දේ අපේ නෑ වෙන අයියා කෙනෙක් අපේ දිහා නැවතිලා හිටිය. මට සෑහෙන වැඩිමල්. ඒ වෙද්දී ඒ අයියා පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ ඉගෙනගන්නවා. සමීර අයියා කියල තමා අපි අදටත් කියන්නේ. එයා තමා මට ඉලෙක්ට්‍රොනික්ස් වල ට අත්පොත් තිබ්බේ. ඔන්න ඒ අයියා ගත්තා කම්පියුටර් එකක්. පෙන්ටියම් 4 එකක්. ඕකේ තමා ඉතිං මම කම්පියුටර් එකක් කොහොම ද වැඩ කරන්නේ, මොනවා ද කරන්න පුළුවන් (ගේම් ගහන එක ට අමතර ව) කියන එක ඉගෙනගත්තේ.

          ඒ කාලේ ඉඳන් පරිගණකයක් ගන්න එකේ උවමනාවක් මට ලාව ට ලාව ට වගේ තිබ්බ ට, එහෙමක ට ඒකෙන් කරන්න වැඩක් නැති නිසා ලොකුවට උවමනාවක් තිබුනේ නැහැ. ඔය හින්දම, අපේ IT පාඩම් වල ලකුණු එහෙම මාර ගොඩක් තිබ්බා.

          9 – 10 වසර වල දී ගෙලිඔයේ පරිගණක කොටස් විකුණන තැන් දෙක තුනක් අඳුරගෙන, ඒවායින් ඔය අයින් කරන, පරණ කොටස් අරගෙන ඇවිත් ගලවලා කරලා බලල ඇතුළාන්තය ගැන පොඩි දැනුමක් ලබාගත්තා (ඔව් ඔව් අත පුච්චගත්ත, පුපුරපු වෙලාවලුත් තිබ්බා). 10 වසරේ අපේ ගෙදර නැවත හදන්න ගත්තයින් පස්සේ ඇත්තට ම සාමාන්‍ය පෙළත් එක්ක මේ වැඩ වල ටත් තිත තියන්න උනා.

          සාමාන්‍ය පෙළ ඉවරලා හම්බුන නිදහසත් එක්ක, මට හම්බුනා පරිගණක පාඨමාලාවක් කරන්න අවස්තාවක්. මාත් එක්ක ඒක ට ගිය ගොඩ දෙනෙක් සොෆ්ට්වෙයා තෝරගනිද්දී, මම කරේ හාඩ්වෙයා. ඕකෙන් පස්සේ, මම කෑලි කෑලි එකතු කරලා, අප්පච්චිගේ යාළුවෙක් දීපු කොටස් ටිකකුත් එකතු කරලා පෙන්ටියම් 3 පරිගණකයක් අටවගත්තා. ඕක පස්සේ ඩෙල් බෝඩ් එකක් තියලා පෙන්ටියම් 4 කරගත්තා. මේ කතාව ඉතිං විස්තර සහිතව කියනවා නම් ලොකු කතාවක්.

          කොහොම කොහොම හරි, ඔය වෙද්දී මගේ යාළුවෙක් හිටියා විරාන් කියල. එයා ට මම දවසක් කිව්වා මචං ලැප් එකක් ගන්න අදහසක් තියනවා, පෙන්ටියම් 4 වගේ එකක් පොඩ්ඩක් බලලා මට ගණන් එහෙම කියන්න කියල. ඔය ඇවිල්ලා 2010 අග.

          ඒ දවස් වල ඉඳන් මම පොකට් මනී එහෙම එකතු කරලා ඉතුරු වෙච්ච ගානකුත් මං ගාව තිබ්බා. ඕක හොය හොයා ඉඳලා, අන්තිම ට අප්පච්චිගෙන් අවසර අරගෙන, ඒ ලෙවල් ක්ලාස් ඉවරලා හවස් වරුවක් පුරාව ට නුවර ටවුමේ කඩවල් ඔක්කොම වගේ පීරලා පීරලා ක්වොටේෂන් එහෙම අරගෙන ආවා.

          එතනින් කඩවල් දෙකක් තෝරාගෙන, එතනින් ගත්ත විස්තර ටික අන්තිම ට අපේ ගෙවල් ළඟ හිටපු, ඒ කාලේ IT ඉහලට ඉගෙනගෙන ඒ පැත්තේ ම රස්සාවක් කරපු අකිල අයිය ට දීලා ඇහුවා එයා ගේ අදහස.

          ඔන්න එයා දෙකක් තෝරලා දුන්නා මේ දෙක බලන්න කියල. විෂයය දන්න අනික් අයගේ අදහසුයි, මේ වෙද්දී මම ඕවා අස්සේ රිංගල ම හොයාගත්ත කරුණුයි ඔක්කොම විශ්ලේෂණය කරලා, සංස්ලේෂණය කරලා (ඔව් ඔව් ප්‍රභාසංස්ලේෂණය විතරයි නොකරේ), සල්ලිත් හොයාගෙන ඔන්න ගියා 2011 ජූනි මාසේ 20 වෙනිදා නුවර Extreme Computers එක ට. එතැනින් අර අයියා තෝරලා දීපු දෙකෙන් Dell Vostro 1014 එකක ට ඇඩ්වාන්ස් කරලා ආවා.

          අන්තිමේ, පහුවදා ඉස්කෝලේ ඇරිලා ගිහිං ලැප් එක අරගන්න උදේ කතා කරගෙන ගෙදරින් ගියා. ඒ කාලේ අපි ඉස්කෝලේ ට ෆෝන් අරගෙන යන්නේ නැහැ. අපේ හිටිය ස්කූල් ඔෆිසර් කෙනෙක් වගේ ම අදටත් මගේ හොඳ ම මිත්‍රයෙක් වෙන රසික ට කියලා ඉස්කෝලේ ඇරිලා අප්පච්චි ට කතා කරලා ඔන්න අපි දෙන්නා ගියා. ගිහිං ලැප් එක බලලා, අප්පච්චි සල්ලි ගෙවලා, මට කිව්වා සොෆ්ට්වෙයා ටික දාගෙන එන්න කියල.

          ඔන්න ඔහොම ඉතිං අප්පච්චි ගේ මාර්ගයෙන් අටවපු නැති, අළුත් ම අළුත් පරිගණකයක් අපේ ගෙදර ට ලැබුනා. හැබැයි ඉතිං අප්පච්චි නම් ලියුම් කිහිපයක් ටයිප් කරවාගන්නවා, ස්කයිප් කෝල් දෙක තුනක් ගන්නවා ඇරෙන්න, ඉඳ හිටලා අප්පච්චිගේ වැඩ වල ට ඕනේ ගූගල් සිතියම් බලාගන්නවා හැරෙන්න, මේක පාවිච්චි කරේ නෑ. මම තමා මගේ වගේ පොර සේ තියාගෙන හිටියේ.. 

Dell Vostro 1014n
(සේයාරුව- www.dell.com)

          ඩෙල් එකේ වොස්ට්‍රෝ සීරීස් එක කියන්නේ බිස්නස් ලැප් විදියට තමා කියල තිබ්බේ. තාක්ෂණික දත්ත ගත්තොත් මෙන්න මෙහෙම තමා තිබ්බේ -

ප්‍රොසෙසර් එක - ඉන්ටෙල් Core 2 Duo – 2.1GHz

RAM ධාරිතාවය - 2GB DDR 3 (පස්සේ 4ක් කරා)

ග්‍රැෆික්ස් - ඔන්බෝඩ් 768MB (RAM එකෙන් අඩු වෙනවා)

චිප් සෙට් එක - ඉන්ටෙල් GM45

හාඩ් ඩිස්ක් එක - 320GB (පස්සේ 500ක් කරා)

ස්ක්‍රීන් සයිස් එක - අඟල් 14.1

බැටරි එක - 11.1 වෝල්ට්, සෙල් 6ක්

ඔප්ටිකල් ඩ්‍රයිව් එක - DVD රයිටර් එකක්

මේකේ VGA පෝට් එකක්, නෙට්වර්ක් පෝට් එකක්, ෆෝන් පෝට් එකක්, USB පෝට් 4ක්, ප්‍රින්ටර් පෝට් එකක්, මයික්, හෙඩ්සෙට් පෝට් තියනවා. වයිෆයි, බ්ලූටූත් එහෙමත් ආවා. ඒ වගේ ම දැන් කාලේ ඒවායේ වගේ නැතුව ඉතාම හොඳ ඒ වගේ ම සුමට ක්‍රියාකාරී ට්‍රැක් පෑඩ් එකක් ආවා වෙනම බට්න් දෙකක් එක්ක. ඒකෙම ස්ක්‍රෝල් බාර් දෙකකුත් තියනවා. හැබැයි තනි ස්පීකර් එකක් තියන්නේ වොට් 2ක.

          මේක මට ගන්න වහා අවශ්‍යතාවය ආවේ අපේ ව්‍යාපෘති වාර්තා හදාගන්න. මම ඒ දවස් වල කරේ අතින් ලියාගෙන, ඒ ටික බ්‍රිටිෂ් කවුන්සිල් හරි කැෆේ එකක ට හරි ගිහිං ටයිප් කරලා, මේල් එකක ටයිප් කරලා draft කරලා තියාගත්ත එක. ඉතිං අරගෙන ආපු පළවෙනි දවසේ ම කරේ රෑ වෙනකල් අර ඔක්කොම ටික තැන තැන ලියාගෙන තිබ්බ ඒවා වර්ඩ් ෆයිල් එකක ගහගත්ත එක. 

දාපු පළවෙනි ගේම් එක..Desert Storm.. මේක දාලා තමා මතක් උනේ මවුස් එකක් නෑ නේ ද කියල. පහුවෙනිදා ගත්තා මවුස් එකක්. තාම වැඩ ඒකත්. 

          ඊළඟ කාර්යය උනේ මේක ට ඉන්ටර්නෙට් ගන්න එක. මාසේ ට ADSL බිලක ට සල්ලි දෙන්නයි, හැම වෙලේ ම ඕනේ නැති උනත් ටෙලිෆෝන් එක ට අමතර ව  ඒකටත් තව බිලක් ගෙවන්නයි, ඒ මදිවට ADSL වල “මාර ස්පීඩ්” එක නිසා ලේ රත් කරගන්න ඕනේ නැති නිසයි, මම ඒක ට සිම්පල් ප්ලෑන් එකක් ගැහුවා.

          ඔය දවස් වල මම පාවිච්චි කරේ නොකියා 2730c වර්ගයේ ෆෝන් එකක්. මේක ට 3G තියනවා, නමුත් ඩේටා විතරයි. ඒ කියන්නේ 3G කෝල් කරන්න බෑ. ඒ දවස් වල දැන් වගේ නෙවේ ෆෝන් වල වෙන ම චාජිං පෝට් එකක් තිබ්බා. එකත් USB නෙවේ අර නොකියා පොඩි පින් කියපු හීනි පින් එකක්. මේකේ වාසිය කියන්නේ චාජ් කරන ගමන් කම්පියුටර් කනෙක්ෂන් එක දෙන්න පුළුවන්.

          ඉතිං මම Nokia PC Suite එක හරහා මේක කනෙක්ට් කරලා, එතැනින් USB MODEM එකක් විදියට ෆෝන් එක පාවිච්චි කරලා ඉන්ටර්නෙට් යන්න හදාගත්තා. ලොකු ස්පීඩ් එකක් නැතත්, සාමාන්‍ය වැඩ වල ට ඇති. ෆේස්බුක් යන්න, බ්ලොග් ටික කියවගන්න, ඊමේල් එකක් යවාගන්න එහෙම ඕනෙවටත් වඩා ඇති. පස්සෙන් පහු නොකියා 6220c එක ගත්ත ම 3.6MBps වේගයත් හම්බුනා. 

මෙන්න මෙහෙම තමා සෑහෙන කාලයක් මේ ලැප් එකෙන් ඉන්ටර්නෙට් ආවේ. මේක තාම වැඩ කරන ක්‍රමයක්. මේ අද. 

          ඒ ලෙවල් කාලේ ඒ මාස ගාන ට නම් මේක අයින් කරලා තිබ්බා. මේකේ ගේම් දෙක තුනක් එහෙමත් දාලා තිබ්බා, ෆිල්ම් තිබ්බා. ඒත් ඒ කාලේ ඕක ඕනේ උනේ නැති නිසා, පරෙස්සමෙන් අහුරලා තිබ්බා මොක ද ඒ වෙද්දීත් අපේ ගෙදර හදනවා, සෑහෙන්න දූවිලි. දූවිලි කියන්නේ ලැප්ටොප් වල ට විශේෂයෙන් තනි මාරකයක් කියල මම දැනගෙන හිටියා ඒ වෙද්දීත් (කොහොම ද කියනව නම් - දූවිලි ගිහිං ෆෑන්, හීට් සින්ක් බ්ලොක් කරනවා. එතකොට ඕවර්හීට් වෙනවා. යකඩ කපන කුඩු එහෙම තිබ්බා නම් ෂෝට් වෙන්නත් පුළුවන්. ෆෑන් බෙයාරින් වල ට එහෙම ශෝක් ඉතිං. අනික මේකේ තියන ඔප්ටිකල් ඩ්‍රයිව් එක..) 

පළවෙනිය ට OS අවුලක් ආපු දවස.. මේකත් ඉතිං මගේ පණ්ඩිත වැඩ නිසා තමා.. සමීර අයිය ට පිං සිද්ධ වෙන්න හදාගත්තා..    

          2012 අපරාදේ පොත් වල සල්ලි - හුචස් පෙළ ඉවර කරලා, රට වටේ ඇවිදින්න තියාගත්තා නේ. ඔය හැම ගමනක ට ම වගේ මගේ පිටේ එල්ලිලා ලැප් එකත් ගියා. අව්වේ, අමු වැස්සේ, කෝච්චියේ ෆුට් බෝඩ් එකේ, කාර් වල, බස් වල, බයිසිකල් වල එකී මෙකී නොකී හැම එකේ ම රත්නපුර- කොළඹ- ගම්පහ- බලංගොඩ - හඟුරන්කෙත - අරහේ මෙහෙ හැම තැන ම අරගෙන ගියා මේක. ඉතාම රළු පාවිච්චියක් උනත්, අපරාදේ කියන්න බෑ හොඳ ට ඔරොත්තු දුන්නා. 

කොළඹ ගමනක් අතරතුර..

          2014 වගේ මේක ට දීපු වද නිසා ම, පපුවේ අමාරුවක් ඇල්ලුවා. හාඩ් එක මාරු කරගන්න කියලා ඔන්න මැසේජ් එකක් ආවා. ආපහු ගත්ත තැනට ම උස්සගෙන ගිහිං, සර්විස් එකකුත් එක්ක ම, මේකේ තිබ්බ 320GB හාඩ් එක වෙනුවට 500ක එකක් දැම්මා. අදටත් දුවන්නේ ඒක. මේකේ ආපු RAM එක 2GB. ඒකත් ගත්ත දවස් වල ම අප්ග්‍රේඩ් කරා 4ක ට. 

පපුවේ අමාරුව අල්ලපු වෙලාව..

          2016 ඉස්කෝලේ උගන්නන්න යනකොට තිබ්බෙත් මේ ලැප් රාජයා ම තමා. එතකොට ත් ඉතාමත් හොඳ ක්‍රියාකාරී තත්වයේ තිබ්බා. ඉස්කෝලේ පේපර් ටයිප් කරන්න, නෝට් හදන්න වගේ ම වෙන ඔය සිංහල සාහිත්‍ය සංගමයේ වැඩ වල ට එහෙමත් මේකෙන් තමා දායකත්වය අරගත්තේ. මොනවා නැතත් බෑ නොකියා වැඩ ටික කරා. හැමදාම වගේ මේක අරගෙන යන්න උනා ඉස්කෝලේ ට (මට IT ලැබ් එකේ A/C අවුල්).

          ඔන්න ඔය අතරේ මම ඕපන් යුනිවර්සිටි එකේ තව උපාධියක් පටන් ගත්තා. ඒකෙත් පළවෙනි අවුරුද්දේ අසයින්මන්ට් අනංමනං ඔක්කොම කරගත්තේ මේකෙන්. එක දවසක් අමු වැස්සේ කැම්පස් අරගෙන ගිහිං කැන්ටින් එකේ තියාගෙන අසයින්මන්ට් එකක් කෙටුවා ඒත් අවුලක් උනේ නෑ. 

2013 ගත්තා හුළං ටෙල් ඩොන්ගල් එකක්. මේ කාමරේ ට මාර විදියට සිග්නල් තිබ්බා සමහර දවස් වල ට. මේ එහෙම එක දවසක්.. 

          කොහොමිං කොහොම හරි, 2017 අවුරුද්ද අග වෙනකොට, මේකේ පොඩි පොඩි දෝෂ මතු වෙන්න පටන් ගත්තා. එකක් තමා මේකේ චැසිය කීප පොළකින් ඉරි තැලුවා. ඒ තැන් වලින් කීප පොලක් පිපුරුවා. ඒක එච්චර ම අවුලක් නැති උනත්, ඩිස්ප්ලේ එකේ හින්ජ් එක ගාවින් පුපුරපු එක ටිකක් දැනුනා. 2018 මේකේ කීබෝඩ් එකේ එක කී එකක් වැඩ නැතුව ගිහිං ඒක මාරු කරා ඔරිජිනල් එකක ට.

          ආය මම මේක 2014 සර්විස් කරන්න දීපු වෙලාවේ, එතනින් ගලවනකොට එයාලා අතින් ඉස්කුරුප්පු ඇණ හයි වෙන සොකට් දෙක තුනක් කැඩිලා, ඒවා සුපර් ග්ලූ වලින් අලවලා තිබුනා. ඒවත් එකින් එක ෆේල් වෙන්න ගත්තා (මේක නම් මම දැක්කේ පස්සේ දවසක මම ගලවපු වෙලාවේ). එදා නම් සර්විස් කරපු උන්ගේ පරම්පරාවල් මතක් උනා.

හාඩ්වෙයා පාඩම... 

          2018 දිහාවේ ආපු ලෙඩක් තමා මේක ඩෙස්ක්ටොප් එකක් වෙන්න බලපෑවේ. අවුරුදු දවසේ ගේම් එකක් ගගහා ඉන්නකොට, මේකේ ස්ක්‍රීන් එක එක පාරට ම සුදු වෙලා ගියා. මම හිතුවා ඩිස්ප්ලේ අවුලක් වෙන්න ඇති කියල, ගෙදර තිබ්බ එක්ස්ට්‍රා මොනිටරේ ගහල බැලුවා. ඒකත් එච්චරයි. 

මෙන්න මෙහෙමයි ආවේ.. 

          හෙමීට යට ගලවලා බලද්දී, ග්‍රැෆික්ස් චිප් එකේ හීට් සින්ක් එක ඉස්සිලා. මම ඉතිං ලැප් එක හෙමීට ගලවලා, ඒක ආපහු ප්ලේස් කරලා, දාලා බැලුවා අවුලක් නැහැ. ඒ උනා ට දවසක් ආපහු මේක ඉස්කෝලේ ගෙනියන්න උනා අලුත් ලැප් එකේ අවුලක් ඇවිත්. ඒ ගෙනියල වැඩ කර කර ඉද්දි ආපහු අවුල ආවා. 

මේ දකුණු පැත්තෙන් තියන හීට් සින්ක් එක තමා ඉස්සිලා තිබ්බේ. ඔය කොළයක් නමලා තියලා තියන්නේ ටෙස්ට් කරන්න ඒක ද දෝෂය කියල. 

          දන්න අයියා කෙනෙක් ට කතා කරලා ඇහුව ම කිව්වේ ග්‍රැෆික්ස් චිප් එක රී සොල්ඩර් කරන්න වෙයි කියල. ඒත් ඒක එයා ගාව ට ගෙනියන්න ඉද්දි, තව්හිඩ් ජමාද් එකෙන් ගැහුවා. ඒ වැඩේ එහෙම ම යට ගියා. හැබැයි ආය අවුල ආවෙත් නැහැ (දැනට). 

සාමාන්‍ය පාවිච්චියේ දවසක්.. මේ ගිය අවුරුද්දේ.. 

          මට මේක ට එක්ස්ට්‍රීම් එකෙන් වොරන්ටි දුන්නේ අවුරුදු දෙකයි. එකෙනුත් එකක් සර්විස් වොරන්ටි. ඒ කාලේ ඇතුලත නම් කිසි ම ප්‍රශ්නයක් දුන්නේ නෑ. ඒත් වැදගත් ම දේ තමා ඒ කාලේ සෑහෙන්න ඉක්මවලත් (5 ගුණයක්), ලොකු ප්‍රශ්නයක් නැතුව තාම මේක දුවන එක.

          ඔය ඉංජිනේරු ශිල්පය ඉගෙනගනිද්දී අපි ඉගෙනගන්නවා ඕනේ ම දේක ට පොදුවේ යෙදෙන MTBF (Mean Time Between Failures), MTTF (Mean Time To Failure)  කියලා කතන්දර දෙකක්. සරල ව කිව්වොත් අපි සළකන උපාංගය එක පාරක් ෆේල් වෙලා ආපහු ෆේල් වෙන්න යන කාලය සහ ඒක මුලින් ම පාවිච්චි කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් ෆේල් වෙන්න යන කාලය.

          මේවා සාමාන්‍යයෙන් බලන්නේ ඒ උපාංගයේ එක බැච් එකක ට වගේ. ඒ කාලය එහෙම සලකල තමා වොරන්ටි එක හදන්නේ. එතකොට එහෙම බැලුවොත් මේ ලැප් එක සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් - තුනක් අතර උපරිම ෆේල් වෙන්න ඕනේ. ඒ උනාට ඒක එහෙම උනේ නෑ. හාඩ් එක උනත් එරර් මැසේජ් එක ආවේ අවුරුදු 3කින්. ඒකත් ඇත්තම කිව්වොත් තාම වැඩ.

          සාමාන්‍යයෙන් ඩෙල් බ්‍රෑන්ඩ් එක ටිකක් හාඩ් යුස් කරන්න පුළුවන් කියල පිළිගැනීමක් තියන බ්‍රෑන්ඩ් එකක් (2015න් වගේ පස්සේ ලැප් වල නම් කීබෝඩ් යනවා කියල කතාවක් ගියා මතකයි). ඒ උනාට ලැප් එකක ට අවුරුදු 10ක් කියල කියන්නේ මම හිතන්නේ හොඳ ආයු කාලයක්. මේකෙන් ඇත්තට ම තවත් වැඩ ගන්නවා. ඔන්ලයින් ක්ලාස් එහෙම ත් වෙලාවක ට මේකෙන් කරනවා. බැටරි එක එහෙමත් තාම පැය 2 හමාරක් - 3ක් අල්ලලා හිටිනවා.


බලංගොඩ දී එහෙ ලැප් සෙට් එකත් එක්ක..

          ජොබ් එක ට යන්න කලින් ගෙදර ඉද්දි සමහර දවස් තිබ්බා දවස් තුන - හතර එක දිගට ඕෆ් නොකර වැඩ කරපු. සමහර වෙලාව ට ෆිල්ම් බලන්න එහෙම අරගෙන කම්මැලි හිතුන ම එහෙම ම තියලා යනවා බයිසිකල් එක අරගෙන රවුමක්. ඒ ගිහිං එන්නේ පැය ගානකින්. ආපහු වෙන මොකක් හරි වැඩක් කරන්න ගන්නවා, එක්කෝ ගේම් එකක් වගේ. ඒ දවස් වල රෑ ඇහැරලා හිටිය ට ගාණක් නැති නිසා රෑ 1-2 වෙනකල් යනවා ඕක. ඊට පස්සේ ලැප් එක එහෙමම තියලා නිදාගන්නවා. ආය පහුවදා උදේ 6 ට ඇහැරලා වැඩ. ඔය කියපු ගේමුත් පොඩි පොඩි ඒවා නෙවේ, Call of Duty Modern Warfare, Need For Speed වගේ ඒවා.

          මේ ලැප් එකෙන් ඒ වගේ ම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ලැප් එකක් පාවිච්චි කරන්නේ කොහොම ද, ඒ වගේ ම ටයිප් කරන්න පුරුදු උනෙත් මේකෙන්. විශේෂයෙන් ම සිංහල ටයිප් කරන්න පුරුදු උනේ මේක ගත්ත ට පස්සේ. මං ගාව තියනවා මම ගත්ත සහ උඩ කිව්ව සමීර අයියලාගෙන් හම්බුන “විජය පරිගණක” සඟරා සෙට් එකක්. ඒවායේ තියන දේවල් ප්‍රයෝගික ව කරලා බලන්න හම්බුනෙත් මේක අරගත්තා ට පස්සේ.

          ඉස්කෝලේ පේපර්ස් ටික සිටි සිටි ගාලා ටයිප් කරලා දෙන්න, ඉල්ලන පරක්කුව ට ලියුම් හදල ටයිප් කරල දෙන්න වගේ වැඩ ටික කරගන්න මේ ලැප් එකෙන් සෑහෙන උදව්වක් උනා (ඇත්තට ම අළුත් එකෙන් ගත්ත ට වඩා වැඩ ටිකක් ඒක තියද්දි ත් මේකෙන් ගත්තා). මේකේ කීබෝඩ් එක දැන් තියන ඒවා ට වඩා පාවිච්චි කරන්න ලේසි. කී ස්ට්‍රෝක් එක (ඔබනකොට කී එකක් ඇතුලට යන දුර) ටිකක් අද තියන ඒවා ට වඩා වැඩියි. මේක 2010 වගේ කාලේ හැදිච්ච එකක් නේ. ඒ කාලේ විදියට තමා තියන්නේ. 

මදර්බෝඩ් එක එක්ක ඇතුල. ඔය දකුණු පැත්තේ හිස් කොටුව ඔප්ටිකල් ඩ්‍රයිව් එක ට. පිටිපස්සේ එක බැටරි එක.

          අනික තමා මම තව දැකපු දෙයක්- ඒ කාලේ ම වගේ සහ ඊට ටික කාලෙක ට පස්සේ අපේ නෑයෝ සහ යාළුවො අරගත්ත ලැප් ගෙදර ම වගේ තියාගෙන පාවිච්චි කරලා ත් අවුරුදු 3- 4ක් ඇතුලත වැඩ නොකරන ම තත්වේ ට වැටිලා ත්, මේක තාම වැඩ. ඔය මේ බ්ලොග් එකේ හයික් ගැන කියද්දී නිතර කියවෙච්ච යාළුවෙක් වෙන අශාන් ට මතකත් ඇති සමහරක් විට එක දවසක් අපි කොළඹ රවුමක් ගහන්න ගිය වෙලාවක බැක් පැක් එක වැටුනා අපි හිටි කෝච්චි පෙට්ටියෙ ෆුට් බෝඩ් එකෙන් බිම ට (නෑ නෑ දුවන කෝච්චියෙන් නෙවේ). ඒ වෙලාවේ ලැප් එකත් බෑග් එකේ. එහෙම වෙලත් අවුලක් වෙලා තිබ්බේ නෑ. 

මෙහෙට විසිට් එකක් ආපු ලැප් එකක් එක්ක.. මේ 2014  

          කොහොමින් කොහොම හරි, මගේ පාවිච්චිය එච්චර සුමට නැති වෙල ත්, මේක මෙච්චර කාලයක් තිබ්බ එක ගැන සන්තෝසයි, ඒ වගේ ම පණ නැති දෙයක් උනත්, මේක සෑහෙන උපකාරයක් උනා මට මම අද මේ ඉන්න තැනට එන්න. එක දවසක් මගෙන් ඉගෙන ගන්න දරුවෙක් කියනවා “සර් ගාව තියන ගොඩක් දේවල් පුරාවස්තු නේ” කියල.

          හැබැයි මෙච්චර කාලයක් ඒ දේවල් වැඩ කරන තත්වෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙච්ච එක ගැන මම ආඩම්බරයි. 2011 ඉඳන් මේ ගත වුන අවුරුදු 10 ඇතුලේ මගේ ජීවිතේ වගේ ම මේ ලෝකෙත් සෑහෙන වෙනස්කම් ගණනාවක ට අහු උනා. අර “Being with you through thick and thin” කියන එක මේ ලැප් එක ට හරියට ම ගැලපෙනවා. මේ ලැප් එක කියල දීපු තව පාඩමක් තමා, පණ නැති දේකට උනත් හරියට සැලකුවොත්, ඒ දේ ත් අපි ට සර්විස් එක හරියට ගොඩ කාලයක් දෙනවා කියන එක.

          කියවන ඔයාලා බලයි ඇයි මේ ලැප් එකක් වගේ දේක ට මේ මනුස්සය මෙච්චර සටහනක් තියල තියන්නේ කියල. මේක කිසිම විදියක ට ඩෙල් සමාගම ප්‍රමෝට් කිරිල්ලක් නෙවේ. අඩු ම ගානේ මම මේකට පස්සේ ගත්ත අනික් ලැප් එක වත් ඩෙල් එකක් නෙවේ. මේ අජීවී දේ ට මට ට්‍රිබියුට් එකක් දෙන්න සෑහෙන හේතු ගොඩක් තියනවා, සමහර ඒවා මෙතන ලිව්වා. සමහර ඒවා ලිව්වේ නෑ. ඒ මොකටත් වඩා, මේ ලැප් එකත් මට එක්තරා විදියකට ළඟ මිත්‍රයෙක් වගේ. අවුරුදු 10ක් ළඟ හිටපු, දුක සැප බෙදාගත්ත කෙනෙක් වගේ. ඒ වගේ ම මෙතනින් තව දෙයක් මට කියන්න ඕනේ කම තිබ්බා. ඒ තමා අපි ඕනේ ම දේක ට හරියට සලකනවා නම්, අවධානය දෙනවා නම්, වගකීම් කාලය ත් ඉක්මවලා සෑහෙන කාලයක් ඒකෙන් වැඩ ගන්න පුළුවන් කියන එක.

          අද කාලේ තියන ගොඩක් ෆෝන්, ලැප්ටොප්, ටැබ්ලට් වගේ දේවල් වගකීම් කාලය ඉවර වෙද්දී ම කැඩෙනවා, ෆේල් වෙනවා දකින්න පුළුවන්. සමහර විට ඒක එහෙම හදලත් ඇති. ඒත් ඒවා උනත් ටික කාලයක් හරි එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් වෙයි අපි හරියට පාවිච්චි කරොත් (ඒ කියන්නේ අල්මාරියේ දාලා සුවඳ දුම් අල්ලලා තියන්න ඕනේ කියන එක නෙවේ ඈ). විශේෂයෙන් අද ලංකාව තියන තත්වේ එක්ක, ආනයන සීමා වෙලා, ලැප් එහෙම Fire Mathematics වෙලා තියන කාලේ, තියන දේවල් පරෙස්සමෙන් පාවිච්චි කරන එක සෑහෙන්න වටීවි.

          එහෙනම්, ඊළඟ සටහනෙන් හම්බ වෙමු. කොරෝනා නම් ඉවර වෙන පාටක් නෑ ළඟ පාත ක. 2020 ජනවාරි වල හයික් එකක් ගියා ට පස්සේ ආය කොහෙවත් යන්න උනේ නෑ. ඒ නිසා තමා සටහන් ලියවීම අඩු උනෙත්. බලමු දැන් එන්නතකරණය එක්ක වැඩේ ටිකක් හොඳ අතට හැරුනොත් ගමනක් යාගන්න. එහෙනම්, කට්ටිය ට ජය වේවා!

27 comments:

  1. හරිම අපූරුවට ලියලා තියනවා. එක හුස්මට කියෙව්වා.
    දැන් අලුතින් එන ගැජමැටික් ඔය වගේ නෑ. ඒව හදන්නෙම නියමිත කාලෙට කැඩෙන්න - planned obsolescence. ඉලෙක්ට්‍රොනික්ස් ගැන කැමති නිසා, මේ සයිට් දෙක ප්‍රයෝජන්වත් වේවි:
    https://www.youtube.com/c/adamantcomputers/videos
    https://www.youtube.com/watch?v=PtSNcZLyNaU

    මම බ්ලොග් රෝලට දාගන්නම්. මට මිස් වෙච්ච, පරණ පෝස්ට් ආයෙ කියවන්න ගන්නවා. මේ ලියන රටාව හොඳයි. දිගටම ලියයි, කියල බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.🙏😊👌

    ReplyDelete
    Replies
    1. මම ඇත්තට ම දිගට ම ලියනවා. වැඩේ කියන්නේ මේ එක එක වැඩ නිසයි, ට්‍රිප් ටික යාගන්න බැරි උන නිසයි තමා පෝස්ට් අඩු වෙන්නේ.
      සයිට් දෙක මම බලන්නම්. ස්තුතියි ඒ දෙකටත්..
      ස්තුතියි ප්‍රතිචාරය ට!

      Delete
    2. ඕක දැං හිතටත් පුරුදු වෙච්ච කතාවක්. වොරන්ටිය ඉවරුනාද කෙළවුණා. 😒😒😒

      Delete
  2. මේ වගේම මම පාවිච්චි කලා Compaq ලැප්ටොප් එකක් 2009 ඉඳලා 2018 විතර වෙනකම්. දැන් නං ඒ බ්‍රෑන්ඩ් එක ලංකාවට එන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි අයියා ඒක ගලවලා පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒක මම කියවපු මුල්ම බ්ලොග් සටහන් වලින් එකක්. ඒ ලැප් එක ට මොක ද උනේ?

      Delete
  3. ඔච්චර කල් වැඩ කරපු එකම මදෑ. කවද්ද ඉතිං කෝච්චි කතාවක් එන්නේ. ජය (බ්ලොග් එකේ ඩාක් බැක්ග්‍රවුන්ඩ් කලර් එක නිසා කියවන එක අමාරුයි මට)

    ReplyDelete
    Replies
    1. කෝච්චි දුවන්න පටන් ගන්නකල් මමත් ඉන්නේ.. අවුරුදු එක හමාරක් වගේ උනා අන්තිම ට හරියට කෝච්චි ගමනක් ගිහින්..
      ටෙම්ප්ලේට් එක මම හදන්නම්. ස්තුතියි කිව්වා ට!

      Delete
  4. හරි අපූරුයි !

    ReplyDelete
  5. හ්ම්ම්...

    අඟහරුවා රෑ 1 - 2 විතර වෙනකං ලැප් එකේ වැඩ කරනව කියල දැනගත්තෙ දැන්. නමුත් මම ඒක මගෙ කතාවෙ ලිව්වෙ මාස ගාණකට කලින්.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් ගන්ධබ්බ අවධිය නේ. හිතුන වෙලාවක තමා නිදාගන්නේ එහෙම.. පෙළක් දවස් තිබ්බා සර්කිට් එකක් එහෙම අල්ලගත්ත ම ආය දවස් දෙක තුන නිදි නෑ. ඒ දවස් වල ට නම් ලැප් එක ට නිවාඩු.

      Delete
  6. ආපහු රෙගියුලර්ලි ලියන්න පටං ගමු!

    ReplyDelete
    Replies
    1. ඔව් ආපහු ලේඛන කටයුතු පටන් ගන්න ඕනේ..

      Delete
  7. මේකනං සිරා කතාවක් බං. මමත් මුලින්ම ලැප් එකක් ගත්තේ 2011 අවුරුද්දේ. HP එකක්. ඒක අවුරුදු හයක් මාත් එක්ක දීග කෑවා. කැම්පස් එකේ ඉන්නකං ඒකට නොදීපු වදයක් නෑ. එහෙම ඉඳලා hinge එකේ ආපු අවුලක් නිසා ලැප් එක එකතැන් උනාට පස්සේ මාරු උනු එක තමයි අද වෙකකං තියෙන්නේ. අදටත් ඒක ඕෆ් කරන්නේ නැතිව මාස ගණන් වැඩ :D

    ReplyDelete
    Replies
    1. මගෙත් මේක ට පස්සෙ ගත්ත එක තාම දුවනවා. ඒක නං සෑහෙන්න අප්ග්‍රේඩ් කරා ඒ උනා ට. SSD දාලා, RAM වැඩි කරල එහෙම. ඒකෙ මට තියන අවුල තමා කී ස්ට්‍රෝක් එක අඩුයි. අනික කැප්ස් ලොක් ලයිට් නෑ. පාස්වර්ඩ් අනංමනං ගහන්න ගිහා ම එපා වෙනවා.

      Delete
  8. හොඳ ලිපියක්.. ඒත් කියවන්න හරිම අමාරුයි..බැක්ග්‍රවුන්ඩ් කලර් එක ලයිට් කලර් එකක් දාලා ෆොන්ට් එක ඩාක් කලොත් වඩා හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඔව් මම තීම් එක හදන්නම්. දැන් වෙනස් කරන්න බයයි බ්ලොගර් සයිට් එක සමහර වෙලාව ට අතුරුදහන් වෙලා ම යන නිසා. බලමු හෙමීට හදන්න..

      Delete
    2. හ්ම්...ඔව් මාත් දැකලා තියනවා, එහෙම ප්‍රශ්ණ ඇති වෙච්ච අවස්ථා. අර ඩ්‍රැකියා කියනව වගේ මේවා,"මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය".

      ඒ නිසාම තමයි, අපි ඔය ගැන කතා කලේ ඩ්‍රැකියාගෙ මේ පෝස්ට් එකේදි:
      https://drackey.blogspot.com/2021/10/blog-post.html
      හොයා ගන්න අමාරු නිසා, අදාල ටික දාන්නම්:

      මෙන්න මේ නිසා, ඔතන "Manage Blog" සබ්-කැටගරිය යටතේ තියෙන බැකප් බටන් එකට කොටන එක නං වැදගත්. එතකොට blog-අද දිනය.xml කියලා ෆයිල් එකක් බාගත වෙනවා. හුඟක් පෝස්ට් තියේ නං 20Mb විතර වේවි. ඒක ප්‍රයෝජනවත් වේවි පස්සට. අමතක කරන්න හොඳ නැති දේ, අපි මේ පුම්ක ඉරාගෙන පෝස්ට් ලිව්වට, ඉන්නෙ ගූගලයාගෙ කුලී නිවසක කියන එක. ඕනෙ වෙලාවක පස්සට පයින් පාරක් වදින්න ඇහැකි, එලියට විසික්කා වෙන්න.

      මේ කියන "Manage Blog" තියෙන්නෙ ඩෑෂ් බෝඩ් එකේ, සෙටිංග් වලයි.

      Delete
    3. පැහැදිලිද මන්දා මගේ පොයින්ට් එක?

      අපේ පෝස්ට් සහ බ්ලොග් එකට සෙටිංග් වල කරන, වෙනස් කිරීම් කෙලින්ම වෙන්නෙ ගූගල්ගෙ සර්වර් එකේ. ඔතන තියෙන අන්තරාදායක බව ඒකයි.

      Delete
    4. තීම් එක පොඩ්ඩක් සරල ව වෙනස් කරා. නිල් තිරේ ට සුදු නැතුව අළු අකුරු එන්න. පස්සෙ හදන්නම් සම්පූර්ණයෙන්.
      මමත් පස්ස උස්සලා එකක් ගත්තා මොක කරන්නත් කලිං..

      Delete
  9. මරු කතාව ඈ. එකෝස්මට කියොං ආව.
    ඉස්සරෝම ගත්තෙ කම්පැක් තඩියක්. ඒත් ඩිස්ප්ලේ කෙලවුණාට පස්සෙ ඒක අතෑරල දැම්ම. ඒත් පස්සෙ කාලෙක දුක් වුණා ඒක වික්කට පස්සෙ. මාර ස්මූත් වැඩ කලේ.
    දැං තියෙන ලෙනෝවෝතඩියවත් ඒ තරං හොඳට වැඩ කරන්නෑ

    දිගටම ලියමු 😃😃😃

    ReplyDelete
    Replies
    1. මමත් මේ ඩෙල් එක දෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඒකයි. සමහර වෙලාව ට අලුත් ඇසුස් එක ට වැඩිය ඒක හොඳයි.
      ලියන්න බලන්නම් ආපහු දිගට ම.
      ස්තුතියි ප්‍රතිචාරය ට..

      Delete