Wednesday, August 28, 2013

තනිවම ගිය උඩරට සංචාරයේ සොඳුරු මතක සටහන්..


    මේ ටිකේ ඉතින් මම කොහේහරි ඇවිදින්න යන්නම තමා ට්‍රයි එක. ඒ උනාට, මේ පෝස්ට් එකට පදනම් උනේ නම් එච්චර හොඳ සිද්දියක් නෙවේ.. ඒක නිසා මේ ගමන ගැන උනත් පිටත් වෙද්දී එච්චර හොඳ අදහසක් තිබ්බේ නෑ මගේ හිතේ.. ඒ උනත්, ගමන පටන් අරගෙන ගම්පොළට යනකොටම, හිතේ තිබ්බ ඔක්කොම අවුල් අයින් වෙලා සෑහෙන සන්තෝසයක් හිතට ආව. මොකද, උඩරට දුම්රිය ගමනක් කියන්නේ, එසේ මෙසේ ගමනක් නොවෙන නිසා.. 
    පහුගිය දවස් දෙක තුනේ පොඩි ප්‍රශ්න ටිකක් නිසා මම පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ.. පොඩි කිව්වට පොඩිමත් නෑ.. ඒ නිසා කොහේ හරි දුර ගමනක් යන්න මට කොහොමත් ඕනේ වෙලා තිබ්බේ.. දන්නවනේ.. හිතේ කරදර තියන වෙලාවලට කරන්න පුළුවන් දේවල් ටිකක් තියනවා..
*පොතක් කියවීම
* චිත්‍ර පටියක් බැලීම
* නිදා ගැනීම
* යාලුවෙක් මුණ ගැසී ප්‍රශ්නය ඔහු/ ඇය සමග බෙදා ගැනීම.
* තනිවම හෝ යහළුවකු/ යෙහෙළියක සමග තමන් කැමති පලාතක ගමනක් යෑම.
    මම පහු ගිය ටිකේ ඔය උඩ තියන පහෙන් තුනක්ම අත්හදා බැලුව. එත් එච්චර සාර්ථක උනේ නෑ.. ඊට පස්සේ තමයි අන්තිම එකට බැස්සේ. ඒ කියන්නේ ගමනක් යන්න. ඒත් යන්නේ කොහෙද කියල අදහසක් තිබ්බේ නෑ.. ඔය අතරේ මම මූණුපොතට රිංගුවා .. ඒ වෙලාවේ මගෙත් එක්ක දෙන්නෙක් කතා කළා.. එක්කෙනෙක් තමා අපේ බ්ලොග් ලෝකේ ගොඩාක් අය දන්න දොස්තර දීපානි අක්ක. එයා මට අදහසක් දුන්න අලගල්ල බලන්න යන්න කියල. ඒ විස්තර ඔක්කොම එයා මට දුන්න. ඒ ගමන යන්න හිතාගෙන එහෙම නිදා ගන්නකොට පොඩ්ඩක් රෑ උනා.. ඒ නිසා මම උදේ නැගිටිනකොට 7යි!! ඒ වෙලාව වෙද්දී මම යන්න ඕනේ දුම්රිය කඩුගන්නාවේ ඇති.. ඉතින් මොකෝ කරන්නේ ඒකත් නැති උනා කියල ඉන්නකොට, ආව අදහසක් උඩරට පැත්තේ ගිහින් එන්න. මම ඉතින් මේක ට්‍රිප් එකක් විදියට යන්න නෙවේ ප්ලෑන් කලේ. තනියම. පොඩ්ඩක් හිත කූල් කරගන්න කියල. මම ඉතින් උදේ පාන් ටිකක් එහෙම හදාගෙන, ඔන්න පොඩි මැණිකෙන් යන්න හිතුව. යන තැනක් ගැන අදහසක් නොතිබ්බ හින්ද, මම හිතුව පහලට එන පොඩි මැණිකේ ඉහලට යන එකට හමු වෙන ස්ටේෂමට කලින් ස්ටේෂමෙන් ආපහු හැරෙන්න. එතකොට මට කෑම කාල ටිකට් ගන්න වෙලාව ඉතුරු වෙන හින්ද. ඔන්න ඉතින් ඒ විදියට පොඩ්ඩි එක්ක තවත් උඩරට දුම්රිය චාරිකාවකට මග පෑදුනා.. මේ , ඒ ගමනේ විස්තර.. 

 
මෙන්න මෙහෙමයි ගමන පටන් ගත්තේ..


ඔන්න ගම්පොලටත් ආව. මෙතන ඉන්න උනා පහලට එනේ දුම්රියක් එනකල්...
මේ තියන්නේ අම්බුළුවාව. මේක සර්වාගමික මධ්‍යස්ථානයක්ලු.
මෙන්න මෙයා හිටිය නාවෙලපිටියට වෙලා අපි එනකල් බලාගෙන. මේ තමා නාවෙලපිටියෙන් මහනුවර බලා යන අංක 541 දරන දුම්රිය. 
        
නාවෙලපිටියේදී උඩහට යන දුම්රිය වල කාර්ය මණ්ඩලය මාරු වෙනවා. මේ නිසා මෙතන වැඩි වෙලාවක් නවත්තල තියනවා. මේ ඒ වෙලාවේදී ගත්ත ජායාරූපයක්.   

මෙතනින් එහාට තමා ගමන හරියට පටන් ගන්නේ.. මොකද මෙතනින් එහාට තමා මාර්ගයේ ලස්සනම හරිය. අනික අර යුරෝපීය කාලගුණයට සමාන වෙන්න කාලගුණය වෙනස් වෙන්නෙත් මෙතන ඉඳන් උඩහට.. ඇත්තෙන්ම මෙහෙන් එහාට යන්න වායු සමීකරණ අවශ්‍ය නෑ...
මේ උඩ ජායාරූපයේ තියන්නේ නාවෙලපිටියේ බදුල්ල දිහාට යන පාර. ඔය වම් පැත්තේ කොනේ බලන්න තරමක් ඉහලට වෙන්න ගැල් ටිකක් නවත්තල තියනවා නේද? අන්න ඒ තමා ඉස්සර බදුලු ගිය පාර. ඉස්සර නාවෙලපිටිය දුම්රිය ස්ථානයට බදුල්ල පැත්තෙන් එන්න තිබ්බේ කන්දක් නැගගෙන. දැන් එතන තියන මහාමාර්ගය යන පාලම ඒ කාලේ තිබ්බේ නෑ. ඒ වෙනුවට එතන සාමාන්‍ය ලෙවෙල් ක්‍රොසින් එකක් තමා තිබ්බේ. වාෂ්ප එන්ජින් වලට ඔය කන්ද අදින්න හරි අමාරු වෙලා තියනවා.. ඒ නිසා, නාවෙලපිටිය දුම්රිය ස්ථානය නැවත ගොඩනගද්දී මේ අද තියන විදියට වෙනස් කරලා තියනවා..



මේ වටවල. දන්නවනේ මොකේටද ප්‍රසිද්ධ කියල?
මේ ඇවිල්ල වටවල පහු කරලා ඉහල වටවලට යන ගමන් අහු උන තේ කර්මාන්ත ශාලාවක්.
මෙන්න රොසැල්ලේ අපි එනකල් බලන් ඉන්න උඩරට මැණිකේ... කලින් මේ දෙන්න මාරු උනේ හැටන් වලින් උනත් දැන් මේ අලුත් බලවේග කට්ටල එක්ක හැම දුම්රිය මාරු වීමක්ම වගේ කලින්ට වඩා එක දුම්රිය ස්ථානයක් වගේ ඉදිරියට ඇවිත් තියනවා..
රොසැල්ල කියන්නේ හැටන් වලට කලින් ස්ටේෂන් එක. මේ දුම්රිය ස්ථානයේ තියන විශේෂත්වේ තමා මේකට කොළඹ දෙසින් එන්න තියන්නේ දම්වැල් පහේ (අරය) වංගු දෙකක් පහු කරගෙන. ඒ දෙක පිහිටලා තියන්නේ ඉංග්‍රීසි S අකුරේ හැඩයට. මෙතෙන්ට කියන නම තමා Rozelle S curve. මෑතක් වෙනකල් ඉහලට එන දුම්රියක් මේකේ පැති මාර්ගයට ගන්න ඉඩ දුන්නේ නෑ. ඒ වගේම මෙතන පැයට සැතපුම් පහක වේග සීමාවක් පනවල තිබ්බ. පස්සේ කාලෙක මෙතනත් ආපහු හැදුව. ඔය ඉහල ජායාරූපයෙන් පෙන්නන්නේ පලවෙනි වංගුවේ ඉඳල රොසැල්ල දුම්රිය ස්ථානය පේන විදිය.          
මේ තමයි රොසැල්ලේ බලන් හිටපු කෙනා... මේ, බදුල්ලේ ඉඳන් කොළඹ කොටුව බලා යන උඩරට මැණිකේ දුම්රිය..
                                        
මේ අපිව අරන් යන කෙනා. S12-938. ඔය ඊට පස්සේ තියන්නේ වායු සමීකරණය කරපු පළමුවන පන්තියේ මැදිරිය.

                                             
පේනවනේ.. දැන් තමා තේ වතු කලාපය පටන් ගන්නේ.. ඔය දකුණු පැත්තෙන් එකක් තියන්නේ..
                                       

මේ හරියේ ඉඳල කාලගුණයේ පැහැදිලි වෙනසක් අත්දකින්න ලැබුන.. ඒ කියන්නේ වටේ පිටේ සීතල වෙලා.. හරියට එක පාරටම යුරෝපේ පැත්තට ගියා වගේ..

                                          
ඔය පේනවනේ.. මේවා දැක්කම ඉතින් හිතේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා,, හරියට පිටරටකට ගියා වගේ. සීතල කාලගුණයයි, තේ වතු මැදින් යන දුම්රියයි, පැරණි බ්‍රිතාන්‍ය ක්‍රමයේ දුම්රිය ස්ථාන ආදියයි, මහා පාලම දිය ඇලි එහෙමයි..එකතු උනහම ආය මොනවද..
                                      
මේත් යනකොට අහු වෙන තේ වත්තක්.. බලන්නකෝ ලස්සන. මේවා මෙහෙම නෙවේ සැබෑවටම බලනකොට තමා ලස්සන.
                                       
                                            
මේ හැටන්වලට එනකොට අපිට අහු උන දෙන්නෙක්. මොනුන්ද කියන්න නම් මම දන්නේ නෑ..

                                 
පේනවනේ.. තේ වතු අතින් අල්ලන්න පුළුවන් ගානට. ඔය පිටිපස්සේ තියන්නේ මේ කට්ටලයේ පසුපස එන්ජිම. ඒ කියන්නේ S12-939.
              මම තලවකැලෙන් බැහැල එතනින් ඇහුව කොහෙද පොඩි මැණිකේ දෙක මාරු වෙන්නේ කියල. එතනින් දැනගන්න ලැබුන ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් කියල. මම ඉතින් කල්පනා කරා සෑහෙන වෙලාවක් හිටගෙන ඇවිල්ල මහන්සි, වතුර තිබහයි. බඩගිනි. ග්‍රේට් වෙස්ටර්න් ගිහින් ටිකට් අරන් දුම්රියට ගොඩ වෙන්න පුළුවන් උනත් සෙනග එක්ක මට ආසනයක් කෙසේවත් ගන්න බැරි බව. ඒ කියන්නේ මට කන්න විදියක් තැනක් නැති වෙනවා. මම ඉතින් ටිකක් අපහසුවෙන් උනත් හිත හදාගෙන ඒ මනස්කාන්ත දුම්රිය ස්ථානයට යෑම පසු අවස්ථාවකට කල් දාල වටගොඩින් බැහැගත්තා...
 අපි ආපු දුම්රිය මම වේදිකාවේ ඉන්නකොට එතනින් පිටත් වෙද්දී මට දැනුනේ සුරපුරයකට යන ගමනක අවසානයට ගිහින් ආපහු හැරුන වගේ...                         
ඔන්න අද දවසේ මගේ ගමනාන්තය. මේ වටගොඩ දුම්රිය ස්ථානය. පේනවනේ.. ගල් අඟුරු යුගයේ දුම්රියට වතුර සපයපු ටැංකිය, බ්‍රිතාන්‍ය යුගයේ දුම්රිය ස්ථානය එහෙම තාම ඉතුරු වෙලා තියනවා..
                                           
                 මම ඉතින් ගෙනාපුව කාල එහෙම ප්‍රවේශපත් අරගෙන තව විනාඩි 10ක් විතර ඉතිරි උන නිසා ජයාරූප ටිකක් ගන්නම් කියල ටිකක් ඇවිද්ද. මේ ඒ වෙලාවේ ගත්ත ජයාරූප කිහිපයක්. මට ඇත්තටම හිතුන මේ වගේ නිස්කලංක පලාතක ඉන්න තියේ නම් කොච්චර එකක්ද කියල...                          
ඔන්න විස්තර ටික.

                                      
මෙන්න මේක හම්බුනෙත් එහෙදි තමයි. මේ ඇවිල්ල කොච්චි පීලි පන්නන එකක්. (Derailing apperatus) 
ජායාරූප ටික අරන් තව ටිකක් එහාට යන්න හදනකොට ග්‍රේට් වෙස්ටර්න් වලින් පහලට එන පොඩ්ඩි ආව බවට සංඥාවක් නිකුත් උනා.. ඒ නිසා මම ආපහු වේදිකාවට ආව. ටික වෙලාවකින් ඔන්න පුරුදු හඬක් නැගෙන්න ගත්ත. ඒ මෙන්න මේ ගමන ගිය බලවේග කට්ටලය. දකිද්දී නම් පොඩි බයකුත් නොදැනුනා නෙවේ එදා වැඩේම අදත් වෙයිද කියල..
මෙන්න මාව පහලට එක්කන් ආපු කෙනා.. මෙයාගේ හෝන් එක ඇහෙද්දීම මම අඳුරගත්තා.. 

                                      
මේ පාලම මම පාපුවරුවේ ඉඳන් ජයාරූප ගතකලේ. මහා ලොකු දුරක තියන එකක් නෙවේ. ඒ උනාට මේක මගේ ඔලුව ගානට තියන්නේ. බලන්න පාලමේ ආනතිය. හිතාගන්නකෝ මේ මාර්ගයේ තියන ආනතිය..
මේ තමයි ඉහල කොත්මලේ ජලාශය හරහා එන පාලම.
මේ තියන්නේ ශාන්ත ක්ලෙයාර් දුම්රිය නැවතුම. මේ රටට දුම්රිය ආවේ කෝපි ප්‍රවාහනය කරන්න. නමුත් මේ පැති වලට දුම්රියඑනකොට වනසන එමිලි කෝපි විනාස කරලා දාල ඉවරයි. ඒ කෝපි වතු වල තමයි දැන් තේ වතු තියන්නේ.. අන්තිමට කෝපි අදින්න ආපු දුම්රියට අදින්න උනේ තේ. මේ තේ පටවන්න තේ වතු/කර්මාන්තශාලා ළඟ මේ වගේ පොඩි දුම්රිය ස්ථාන බිහි උනා. උඩරට මාර්ගයේ මේ වගේ තැන් සෑහෙන්න තියනවා. සමහර ඒවා නම් තිබ්බ තැනක් වත් හොයාගන්න නෑ. සමහර ඒවා දුම්රිය ස්ථාන බවට පත්වෙලා..
මේ තියන්නේ ඒ වගේ තැනක්. මේකට එහා පැත්තේ තියන්නේ සෙන්ට් ක්ලෙයාර් තේ කර්මාන්ත ශාලාව. දැනට නම් මේ දෙකම භාවිතයෙන් තොර තත්වයක තමා තියන්නේ...
මේ තමා සුප්‍රසිද්ධ සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල. මම මේක පොඩ්ඩක් විශාලනය (zoom) කරලා ගත්ත. එකයි අපැහැදිලි.
මේ හැටන් වලට එන අංක 1007 දුම්රිය. මේක දකිද්දී නම් හිතට පුංචි දුකක් දැනුන. මොකද මෙච්චර කාලයක් පොඩ්ඩි මේ වගේ එනකොට බලවේග කට්ටලයක් තමා 1007ට ආවේ. ඒත් මීට අවුරුද්දකට කලින් ඉඳන්. ඊටත් කලින් දෙකම බොහොම ලස්සනට M6 පන්තියේ එන්ජින් දෙකකින් බලය ලබන දුම්රිය. ඒත් දැන්.... කාලය මැව් වෙනසක අරුමය කියන්නේ මේකට වෙන්න ඇති...
                                                   
                                        
                                     
මේ මම තුමා හැටන් වලදී. මේ සෙට් එක එක්කම එක ගමනකදී මෙතන පැයකට වඩා ඉඳල තියනවා.. ඒ විස්තර මම කලින් පෝස්ට් එකකින් ගෙනාව. මේ ජායාරූපය ගත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධීපති කෙනෙක් විදියට කටයුතු කරන කෙනෙක්. එයාගේ නම නම් අහගන්න බැරි උනා..
මම කලිනුත් කිව්වා මේ මාර්ගයේ දිය ඇලි වලින් අඩුවක් නෑ කියල. මේ තියන්නේ තව එකක්.
නාවෙලපිටියටත් ආව. මෙතනින් ඉතින් අර කලින් කිව්වා වැඩේම ආපහු සිද්ද වෙනවා. ඒවා ඉවර උනත්, අපි මෙතෙන්ට එද්දී පැය බාගයක් පමණ ප්‍රමාද වෙලා නිසා, මෙයා එනකල් නාවෙලපිටියේ ඉන්න උනා. මේ තමයි මහනුවරින් 2.10ට නවෙලපිටිය බලා එන පාසල් දුම්රිය. වෙනදට මේ දෙන්න මාරු වෙන්නේ උලපනෙන්.
ඔය පින්තූරේ බලන්න, ඈතින් පාලමක් පෙනෙයි. ඒ තමා නුවරඑලිය පාර.
ඔන්න අපේ දුම්රිය ස්ථානය. ඒත්, ගෙදර ගිහින් කරන්න කියල වැඩක් නොතිබ්බ නිසාත්, හවස 4.45ට ආපහු එන්න ට්දුම්රියක් තිබ්බ නිසාත්, මම පොඩ්ඩි එක්ක නුවරටම ගියා..
කොහෙන් ගියත් අන්තිමේ මෙයාව මුණගැහෙනවමයි වගේ. මේ තමා ටිකිරි මැණිකේ. මම ඉතින් ගෙලිඔයෙන් බහින්නේ නැතුව මහනුවරට ආපු නිසා මෙයා එක්ක තමා ගෙදර යන්න උනේ. මේ දවස් වල සෙනග සෑහෙන්න. ඉතින් මම සීට් එකක් අල්ලගන්නම් කියල අනිත් පැත්තට බැස්ස. හැබැයි මෙයා යද්දී නම් විනාඩි 45ක් විතර පරක්කු උනා..
                                       
                                   
        මේ ගමන නම් හොඳයි.. ආපහු ගෙදර ආවේ ටිකක් මහන්සියෙන් උනත්, හිතේ සෑහෙන සැහැල්ලුවෙන්.. අලුත් කිසි දෙයක් නොවුනත්, උඩරට මාර්ගයේ ස්වභාවය තමයි කිසිම දෙයක් දෙපාරක් සිදු නොවීම. ඒ නිසා මේකත් එක්තරා ආකාරයකට අලුත් අත්දැකීමක් තමයි..
මේ ගමන යන්න මට කාල සටහන් හොයාගන්න උදව් වෙච්ච දුම්රිය ස්ථානාධිපති තුමන්ලාටත්, පහලට ආ පොඩි මැණිකේ දුම්රියේ උප නියාමක මහතාටත් ස්තුති කරන්නට මේ අවස්ථාවේදී අමතක කල නොහැකි. ඒ වගේම, අපේ දොස්තර දීපානි අක්කටත්, තූර්ය අයියටත් ගොඩාක් පින්... (පින් ඇරෙන්න මම වෙන මොනවා දෙන්නද ඉතින්..)

31 comments:

  1. වටවල ප්‍රස්ද්ධ තේ වලට නේද??? ටීවි එකේ නිතරම කියන්නේ

    ReplyDelete
    Replies
    1. හරියට හරි. අර හිතේ තියන හොඳම කහට කියන්නේ??

      Delete
  2. නියම පෝස්ට් එක... පින්තූරත් එක්ක කතාව ලස්සනට ගලාගෙන යනවා... තව දුරටත් ගමනේ යා! ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා!! දිගටම මාසයක් විතර ගමනේ තමයි දැන් නම්.. ඊට පස්සේ වමනේ යා තමයි :-D

      Delete
  3. Ela ela angaharuzz..eth mokadda bn mey sarvagam pot eka???

    ReplyDelete
    Replies
    1. තියනව බන් ගම්පොල එකක්. කන්දක් මුදුනේ.

      Delete
  4. මෙහෙම ට්‍රිප් ගැන දාන එවුන් ගැන මට එන්නෙ කෝපයක්...

    අපිට නිදහසක් දියෝ... !!!

    ReplyDelete
    Replies
    1. එහෙම කියල කොහොමද? අපිටත් නිදහසක් තියන වෙලාවේ යන්න එපයි බොල
      :-P

      Delete
  5. වටවල දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට ආර්ථික පැත්තෙන් ගොඩක් හොද තැනක් වෙලා තිබිල තියෙනව. ඉස්සර නිතර නිතර වටවල කිට්ටුව නායයාම් සිද්ද වෙච්ච නිසා දුම්රිය නිලදාරීන් නිතර නිතර ඒපැත්තෙ ගිහින් නිරීක්ෂණය කරන්න යන්න ගමන් වියදම්(බටා) එහෙම අරගෙන තියෙනව. දුම්රිය දෙපාර්තමේනතුවේ අයනම් වටවලට කියන්නෙ බටා වල කියල.

    හොද පෝස්ට් එකක් මලේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. වටවල අපිට මතක කාලෙත් නාය ගිහින් තියේ. ඕව ඉතින් කොහෙත් වෙනවා අයියා... හැබැයි වටවල ඉඳල තේ ප්‍රවාහනය කරන්න ගත්ත නම් ආපහු සෑහෙන ආදායමක් ගන්න තිබ්බ.
      තෑන්ක්ස් වේවා කියවල කමෙන්ට් කරාට!

      Delete
  6. හිතේ කරදර තියන වෙලාවලට මං නම් කරන්නෙ පැණි රස දෙයක් කාල හොඳට නිදා ගන්නව..
    මං උදේට යන්නෙ පෙට්ටි තුනක මලකඩ කෝච්චියක. හවසට නම් ගාලු කුමාරි අළුත් එකක්

    ReplyDelete
    Replies
    1. මම නම් වැඩිය පැණි රස කන්නේ නෑ.. අනික දවල් නිදා ගන්නත් බෑ.. අනික නිදා ගන්න වෙන්නෙත් ගෙදරමනේ.. ඒක හරියන්නේ නෑ...
      පෙට්ටි දෙකේ තුනේ කෝච්චි මෙහෙත් යනවා. හැබැයි එච්චර මලකඩ නම් නෑ. ඔය පැත්තේ මුහුදු හුළඟට ටාර් ගාල මලකඩ කනවා.. ගාලු කුමාරියට දුවන්නේ අපිට දෙන්න ගෙනාපු සෙට් එකක්.

      Delete
  7. නියම පින්තූර කතාව... (Y)
    /*සුරපුරයකට යන ගමනක අවසානයට ගිහින් ආපහු හැරුන වගේ...*/ නෙවෙයි මගට ගිහින් හැරුණ වගේ... හරි විදිහට නං ඉදල්ගස්හින්නට වෙනකන් යන්න ඕන. ඒක තමා සම්පූර්ණ ගමන. අඩු ගාණෙ බාගයක් දුර ගියා කියන්න නානුඔයටවත් යන්න එපැයි. මට නං ඒත් මදි. ඇයි අඹේවෙල, ඊළඟට පට්ටිපොල ඇයි ඔහිය. අයියෝ හොඳම හරිය මිසින්නේ :P මොනව කරන්නද උන්න හැටියට මළා මදෑ... නේ? :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. උන්න හැටියට මලා මදැයි..
      ඉදල්ගස්හින්නට ගිහින් එක දවසින් එන්න බෑ.. අනික එහෙ යනවා නම් මෙහෙම හදිසියේ ගිහින් බෑ..

      Delete
  8. යකෝ මේක කියෙව්වම ආයෙත් යන්න හිතෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් යන්නකෝ.. මහා ලොකු දෙයක්යැ??

      Delete
  9. ට්‍රිප් ගියාට කමක් නෑ හැබැයි පරිස්සමින්. එදා උඹ ගලබොඩ ඇල්ල ගැන පෝස්ට් එක දාපු දවසට පහු වෙනිදා මම පත්තරේ දැක්කා මේ අවුරුද්දේ උසස් පෙළ කරලා ගලබොඩ ඇල්ලේ නාන්න ගිය කොල්ලෝ දෙන්නෙක් මැරිලා. කන්ද උඩරට රූසිරි වෑහෙනවා වගේ ම තමයි පරිස්සං නොවුණොත් ජීවිතේ නැති වෙනවා. කොහොම වුණත් දිගට ම ගමනේ යමු. සුභ ගමන් :) විස්තර සමග පින්තූර දාන්න අපි බලන ගමන් හරි ට්‍රිප් එක යන්න.

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙමයි.. තැනකට ගියහම තමුන් පොර වෙන්නේ නැතුව ඒ විදියට ඉඳල අදාළ ටික බලල තැන වනසන්න යන්නේ නැතුව එන්න දැනගන්න ඕනේ.. මම ඒ කේස් එක දැක්ක. පීනන්න පුළුවන් කියලනේ පැනල තියන්නේ.. පරිස්සම් වෙලා යන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑ..

      Delete
  10. උඩරට ලස්සණ යි කොහොමත් :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.. උඩරට විතරක් නෙවේ හැම පළාතකම එහාට ආවේනික ලස්සනක් තියනවා දිලිනි..

      Delete
  11. යකෝ උදේ හත වෙනකල් නින්ද ගියානං මොන ප්‍රශ්නද..?

    ඇවිදීම ඉතිං පුශ්නවලට කොච්චර හොදද කියනවනං.. ඊයේ රෑ කාරනාවකට තද වෙච්ච පාර මාත් පාරට බැහැලා කිලෝ මීටර් දෙකක් විතර ඇවිදලා වෙන පාරකින් ගෙදර ආවා... නෝ ප්‍රශ්...

    ReplyDelete
    Replies
    1. //ඊයේ රෑ කාරනාවකට තද වෙච්ච පාර මාත් පාරට බැහැලා කිලෝ මීටර් දෙකක් විතර ඇවිදලා වෙන පාරකින් ගෙදර ආවා... නෝ ප්‍රශ්...//

      :D

      Delete
    2. මාරයාවත් සාදරයෙන් පිලිගන්නවා!!අන්න ඒකයි ඇවිදීම බෙහෙතක්! ඒක හරියට වෙන්න ඉතින් ඒ විදියට ඇවිදින්නත් ඕනේ :-D

      Delete
    3. // ඊයේ රෑ කාරනාවකට තද වෙච්ච පාර මාත් පාරට බැහැලා කිලෝ මීටර් දෙකක් විතර ඇවිදලා වෙන පාරකින් ගෙදර ආවා... නෝ ප්‍රශ්...//

      අපේ අප්පොච්චට වෙරි උනාම (නෝ ප්‍රශ්. )මේ වචනේ මේ විදියටම කියනවා අප්පා :D

      Delete
    4. රෙහානි- හෑ මෙයා හිතපු දුරක්!

      Delete
  12. කොල්ල රටවටේ යනව වගේ විභාගෙත් ඉවර හින්දා..පොදු පරීක්සනේ අමතක වෙයි ඈ

    මාත් ගියා බං නුවර පැත්තෙ ගිහින් එන්න ඊයෙ.. :)

    ReplyDelete
    Replies
    1. ආ කිව්වා නම් අපිත් එනවනේ.. මමත් නුවර. පොදු පරීක්ශනේ හෙටනෙ.. ඒකත් ලියල දානවා ඔන්න ඔහේ..

      Delete
  13. නියමයි මල්ලි , මාත් නොදන්නා කරුණු ටිකක් දැනගත්තා , සිරා පොස්ටුවක් .

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා! නොදන්නා දෙයක් කියා දෙන්න ලැබීම සතුටක්..

      Delete
  14. ශා ..........ශෝයි ගමනක්නේ ඔයා ගිහිං තියෙන්නේ මල්ලෝ...; ලස්සන වටපිටාව.දැක්කම ආසයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ ගමන නම් නියමයි තමා. වටපිටාව ඉතින් උඩරට කොහොමත් ලස්සනයි කියනවා හැමෝම වගේ.

      Delete