![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGYsfZqG5cLhJ79dpXCEyMQjYCJDqHIorDRDoo08p2FOo8-kbnRuMU2j4XQFsZHBWZ8nabUQR5poVAq-UeZaDBjLEtp6ZvIEzVZ3mw_5EVvMAnoIL9-g3qkW8352zJ-H8RrmSrbDmX0DZn/s320/DSCN0564.JPG) |
ගල්බොඩ ඇල්ල (Galboda falls) |
දැන් ඉතින් විභාගෙත් ඉවර එකේ, කරන්න කියල ඒ හැටි වැඩකුත් නෑ.. කෝස් කට්ටක් කරන්න බැලුවත් සැප්තැම්බර් වලින් මෙහා පටන් ගන්න එකක්වත් නෑ.. ඒ නිසා ඉතින් ඉඳගෙන හිටපුවටත් එක්ක හරි යන්න, හිතුව පොඩි ට්‍රිප් පාරක් දාන්න ඕනේ කියල. කැමරා කටුවකුත් හම්බුන එකේ, මම බැලුවේ උඩරට පැත්තට යන්න. ප්ලෑන් කලේ මාව හැමදාම වගේ උඩහට එක්කන් ගිය පොඩ්ඩි එක්කම උඩහට, රොසැල්ල පැත්තට ගිහින් එයා එක්කම ආපහු එන්න. ඕක හිත හිත ඉන්නකොට මගේ යාලුවෙක් වෙච්ච
අකිල අයිය කිව්වා එයාල ගල්බොඩ දිය ඇල්ල බලන්න යනවා, කැමති නම් එන්න කියල. ආය ඉතින් මොනවද මමත් ඉතින් හා කිව්වා..
ලංකාවේ ලස්සන දිය ඇලි වගේ දේවල් ගොඩාක් තියනවා බොහෝ දෙනෙක් නොදන්න ඒ වගේම මාර්ග පහසුකම් කිසිවක් නැති. ඒ වගේ එක දිය ඇල්ලක් තමයි එල්ජින් ඇල්ල. මේක උඩරට දුම්රිය මාර්ගයට දර්ශනය වෙන ලස්සන දිය ඇල්ලක්. මේ ගල්බොඩ ඇල්ලත් ඒ වගේ. මෙතෙන්ට ලඟා වෙන්න උඩරට දුම්රිය මාර්ගයේ නාවෙලපිටිය පසු කල විට හමු වන දෙවන දුම්රිය ස්ථානය වන "ගල්බොඩ" දුම්රිය ස්ථානයෙන් බැස කිලෝ මීටරයක් පමණ දුරක් පාගමනින් ගමන් කල යුතු වෙනවා.
අපි ඉතින් ගමනට සෙට් වෙලා පොඩි මැණිකේ එක්ක යන්න කතා උනා. මම ඉතින් පාන් ටිකක් එහෙම ටෝස්ට් කරගෙන 9 වෙද්දී ලැස්ති වෙලා ස්ටේෂමට ආව.. එතෙන්දි අකිල අයියල හම්බුනා. යන්න ප්‍රවේශ පත්‍රයක් මට එයාලගේ අප්පච්චි අරන් දුන්නා.. ඔය අතරේ පොඩ්ඩි පේරාදෙණියෙන් පිටත් වූ බවට පේරාදෙණියෙන් දැනුම් දුන්නා..
|
මෙන්න අලුත් වෙච්ච පොඩ්ඩි.. |
. මෙයා දැන් ගෙලිඔයෙත් නතර කරන නිසා සෑහෙන්න ලේසි. මාර යාමනක් යන්නේ.. ඔව් ඉතින් දෙපැත්තෙන්ම බලය දෙනකොට යන්නැතුව පොල් ගාන්නයැ නේද?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4Y7imj58xoW-8BAD9uoyMNQnFO0NDt4J5w7MiQF5z7xkTQJGjxuvdyXSFdZL7Wh0j1TwUufXKSYd6lhVg1wH_NbJFONPca9nZKhvywCpIrxbcL-hQac4SB0UTB1WIHDTieA2EqiKQwMmL/s320/DSCN0502.JPG) |
ඔන්න නාවෙලපිටියටත් ආව.. |
අපි කොහොම හරි 10.45 වගේ වෙද්දී ගල්බොඩට ආව..
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhegf_Yl5w38dDNKoB6z57nmW9ZpUEVWN2z6AfiBBAelFR1w9TRlJpPPNAJgmsR0azdM5I8eCn48ovqkma5dljgTrOYgaswDsRqZIG92IBmNi5QQiRW6AV6475w0F7iBL3YWJMDrBqMd34k/s320/DSCN0521.JPG) |
මෙන්න ගල්බොඩ. ගල්බොඩ කියන්නේ නාවෙලපිටිය පහු කලාම දෙවෙනි දුම්රිය ස්ථානය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3MVGK_4wqFI8_VNop1j8VTjzsDiO1TgLEv-KNfL5v0d0u38NQ_BTfIZNOlTGiU_QWOO7t4p7tnjeRamKH_ZHu5tRGAvPKB-NnzZUntSBI7td4h7V9F4xJHSNf5XhFhPLO0gvn8WjroY86/s320/DSCN0526.JPG) |
මෙතන ඉතින් මේ ස්ථානය ගැන දත යුතු සියලු විස්තර තියනවා.. හැබැයි දිය ඇල්ලට යන්න තව ටිකක් යන්න ඕනේ කඳු පාරක. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqbVdubzeqb5xYQa_v3aOy7EQ1PVoDrLSC-wXOVHe_OwRu47xidfHuosG5PKZvF652vCHTf6CwwB_cZJGi_iIlQ3FcXUjICfqHC49Mg1LETFkODIiBCrRWpKYiiS5p0xmQ0ccdctUI9DCN/s320/DSCN0534.JPG) |
අපි
යන්න සෙට් උනේ දවල් පෙරහැර දවසේ.. ඒ කියන්නේ 2013/08/21. ඒ දවසට
සාමාන්යෙන් උඩරටට අනිවාර්යෙන් වහිනවා.. එදත් ඉතින් එකේ වෙනසක් තිබ්බේ නෑ.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKmRzf45FnxIPqrXQgrYbiRpuP11R_OgGJ9ED2XaWLd1J0N2Y9MybhIshDsKzLV4MHnQRhdjPjYvjou2r7RhDVQjcFZ9NEiIPbuIKTUgbfluxmATe4amR2yI4PcWvWf-4kP2cWO5V9LvOb/s320/DSCN0543.JPG) |
මෙන්න ගිය කස්ටිය.. ඔය කුඩයක් ඉහලන් ඉන්නේ අකිල අයියගේ මලයා.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJWiNjqJiA9TCG-18E61F8icHrQ7NV5LtwHbyYrA9bBw6HOyAKLj80Y1Ifb1NGBORyyCsaqxDp7iv7_BE2ZCNTzWpOadKncrH-Ro8kpH7z1UF2ykU3W5TaUjCVurZ9cO3YeqlCQSpwIusX/s320/DSCN0553.JPG) |
මේ දිය ඇල්ල ඈත ඉඳන් පේන හැටි.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqlSejoSnZBKV4jhKmxlcZ0LCmclLah1DzEPZ7yCEDWUfNC54-hhiCEKTdVY_MD0viOJSKfm_PTGJzbBQ5J1w9ZP818VvOypHcJReXr0PRjNQNTKGXD4GvydrExMIFfbtFKql2bVd915cH/s320/DSCN0579.JPG) |
මේ තියන්නේ දිය ඇල්ල උඩ කොටස. |
මෙතෙන්ට ඇවිත් නාන්නේ නැතුව යනවා නම් ගමන සම්පූර්ණ නෑ,. ඒ උනාට පිහිනන්න නිදන්න කෙනෙක් නම් වැඩිය මැදට නොයන එක තමා නුවනට හුරු. අපි ඉතින් ගෙනාපු කෑම වලින් කොටසක් කාල, වැස්ස මැද්දෙම නාගෙන, ෆොටෝ ටිකක් අල්ලාගෙන ආපහු එන්න පිටත් උනා//
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh35ekn5fQsevGXidzdE51YZQeglDsBvmtwiHxkBkBpeVD3Y-cO1-q_HrKKqx2z2kDjDxScLCxXvuLhOlJv7GZ_iYyXtFzYI_VE1hZdZuKeGeqUDqSz6KUoe8bkSsYtBXoIrb7zgkQZFbO-/s320/DSCN0580.JPG) |
ඔය ඉන්නේ මමතුමා.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSJRv83IK5YMRmqL0gxOHzJCbIEiwyerLr7pokSYi2XyAMv5LeX9M7AADp0HFnEsaemEk-Y-S4n69nysyB_TVsMZZQ8Nk6ze5sBRxH_0rKNH_zskMIdFEw1JOw9uQgN5yUrCVIjiPwXkOl/s320/DSCN0583.JPG) |
මේ තමයි මේ ගමනට මාව එක්කන් ගිය අකිල අයියා.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfkHDiF6d_VNPicCM3Ik9JfscdrmgDeu6NM0_t7-8JMVp-aKmHylIPGvzBu9FQMjCPkm8SXsoVUIDf3_9NBn5L0tIxSm3boMOZhaN9kCnNxd4u-d6Z0U8NRCs3IIpId_XlgpbVIxHvS6iX/s320/DSCN0588.JPG) |
මෙන්න සූම් කරලා ගත්ත එකක්. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIM4McdhFZ3t703NT5TZIGgIHh1xJpqbKOC77NpI455ILMwzD2Ca6xaztF64A47F6CWEeB73IF5imjON4flQGzGm-dFHr80U_YtyE4SkE-FBM53H6W7tDrixhSrTHJawmvzfHc5D0siU-4/s320/DSCN0594.JPG) |
ලඟදි ඉඳන් මේඇල්ලෙන් වතුර අරන් ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. මේ ඒකෙ කොටහක්. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEip0Mfg6sqNd_EpUNqvEciOvatnSXrHBOsswwxZMdv2Ce8d0QGvO9fRVcsjfqOK_D6mu2Rp_D2VdlZDKqFPIrP7sgKXFkK35vkB-mUKMWXZj7SrSQTSxDGQQuMbU7auaI6hCnzWv6OJw2Jw/s320/DSCN0611.JPG) |
මේ තමයි අංක 1007 දරන දුම්රිය. මෙයා තමා දැනට මහනුවරින් උඩහට නැරඹුම් මැදිරි පහසුකම එක්ක යන එකම දුම්රිය. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYq4MKWCb4121My9yzk0bd6CqZX82Xej_7N8gXYbRsZIOr2BfH-c_o7idKrTvGQnye4dCX8i8cIQPynWsfpOiZLdSYJsX02mRe7ACeM-F7Xi9ithkgvgDFks84r4nhQ4fnLgVgPB29jO1X/s320/DSCN0625.JPG) |
මෙයාට කියන්නේ ගල්බොඩ මැණිකේ.. නාවෙලපිටියේ ඉඳන් ඇවිත් ආපහු යනවා.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYQzzeaZMiXhcFLMybNUq5t3jq_Iq09_zF4NduRFfe7_w7t4Mlztf2IRJyHmf7Ci6sL6XNt81emRzdGJufzqN5YUTK5KU18plDDKk3JjWhTvGkMIqvyfLpW_gqczs9SKiQEAy1mPAex54c/s320/DSCN0640.JPG) |
මේ තියන්නේ ගල්බොඩ දුම්රිය ස්ථානය. බලන්න පරණ බ්‍රිතාන්‍ය යුගයේ සිහිවටන සෑහෙන්න ඉතිරි වෙලා තියනවා.. |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjB5v2tzX75afOueWVNF7yIC0xQe4EmJ9A_oXQu87BA8Kg1p7sC-kF04RsUf3qKWVV0OBQzUXTsi9rTa5VlrMHL-GBgT6LYVZ20bVendqYowEubXrfxVtK0qCbJSC7J2TFBeaJJ45VBU-GN/s320/DSCN0667.JPG) |
මේ අපිව ආපහු ගෙදර අරන් ගිය කොළඹ බලා යන පොඩ්ඩි.. |
පොඩ්ඩි මෙතෙන්ට එන්නේ හවස 2.26ට . ඒ නිසා මේ දිය ඇල්ල බලන්න එනවා නම් හොඳම ක්‍රමය තමා උදේ 5.50ට කොළඹ කොටුවෙන් (උදේ 8.36 මහනුවරින්) පිටත් වෙන පොඩි මැණිකේ දුම්රියෙන් එන එක. එකේ ඇවිත් බලල නාල කනවා නම් කාල ආපහු හවස පහලට යන පොඩ්ඩි එක්කම යන්න පුළුවන්.. දැන් බලවේග කට්ටලයක් යන නිසා ඉඩ කඩේ ප්‍රශ්නෙකුත් නෑ.. ඕනේ නම් වෙන්කරවාගන්න පන්ති තුනෙන්ම මැදිරි තුනක් තියනවා..
අපි ඉතින් ගමන ඉවරල ආපහු සතුටින් ගෙලිඔයට සැපත් උනා. එතකොට නම් මගේ කැමරාවේ බැටරිය මැරිලා. ආ.. කැමරාව ගැන නම් තියන්න තියන්නේ එච්චර හොඳ සටහනක් නෙවේ. වෙනද මම ෆොටෝ ගන්න නොකියා 6220 ජංගම දුරකතනයටත් අන්තයි. මේකේ දාල තියන ෆොටෝ උනත් තෝරලා තෝරලා ගත්තේ.. අනිත් ඒවා බොහොමයක් හරියට හවස 6ට 7ට ගත්ත ගානයි..
ප/ලි- කට්ටිය එල්ජින් ඇල්ල ගැන අහල තිබ්බ නිසා මෙන්න ඒකෙ ෆොටෝවකුත් දානවා-
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghgUTs6lPuamgYP6j6Y27qwytIoGsv7ksc_NiKy5xh0uA3l7kxONS8j3nE1JqDuftjvqtdu9Cmb1tlMZYElUTFLRMtxq2sQHe3Eq5yIgRaz2SxYsBhw3JDLj335VKSgPRLllTXJExOg1KC/s320/190120132618.jpg) |
මේ තමයි එල්ජින් ඇල්ල. මේක ගත්තේ කලින් දාපු මෙන්න මේ ගමන ගිහින් පොඩ්ඩි එක්ක ආපහු එනකොට පා පුවරුවක ඉඳන්.. |
විශේෂයෙන් සැලකිය යුතුයි-
* පිහිනීමට කිසිඳු හැකියාවක් නොමැති හෝ දුර්වල ශරීර ඇති අය නෑමට ඇල පාර මැදට යාම නම් අතිශය භයානකයි.. එසේම දිය ඇල්ල පාමුලට යාමට මාර්ගයක් නොමැත. යා යුත්තේ ගල් පර්වත උඩින් පැනගෙනයි. එම ගල් නිරතුරුවම දියසෙවෙල් වලින් ආවරණය වී පවතී..
* මෙම ප්‍රදේශයේ ගෝනුස්සන්, සර්පයන් ආදී සතුන් ගැවසේ. විශේෂයෙන් කූඞැල්ලන්ගේ ප්‍රහාරයට ලක් වීම බලාපොරොත්තු විය හැක. දෙහි ගෙඩි දෙක තුනක් ගෙන යාම කොයි අතිනුත් ප්‍රයෝජනවත්ය.
* මෙම පරිසර පද්ධතිය රැකබලා ගැනීම හා ආරක්ෂා කිරීම මෙහි සංචාරය කරන ඔබ සතු වගකීමකි. පිය සටහන් පමණක් තබා එන්න. ඒ හැර ඉවත දමන දේ දැමීමට නියමිත තැන් වල පමණක් දමන්න.
* පානීය ජලය හා ආහාර රැගෙන යාමට වග බලාගන්න.
විශේෂ ස්තුතිය-
අකිල කරුණාරත්න අයියාට- මා ගමනට සම්බන්ද කර ගැනීම වෙනුවෙන්..
අකිල අයියාගේ පියාට- මා සඳහාද ප්‍රවේශපත් මිල දී ගැනීම හා ජයාරූප ගැනීම වෙනුවෙන්..
සහ නන් අයුරින් උපකාර කල සැමට.....
විභාගේ ඉවර වෙලා රවුම් ගහනව වගේ.
ReplyDeleteOw. Wena ithin karanna kiyala dekuth nane...
Deleteවිභාගේ ඉවර වුණා ම ඉතින් හිතේ හැටියට රවුම් ගහන එක තමයි කරන්න ඕනේ, අඟහරුවෝ. කැමරාව අවුල් වුණත් ලස්සණ පින්තූර ටිකක් අරගෙන තියෙන්නේ. ලංකාව කියන්නේ කොච්චර ලස්සණ රටක් ද? හ්ම්ම්, දිය ඇළි එහෙම බලන්න යන්න ඕනේ වැහි කාලෙට තමයි. මොකද පායන කාලෙට වතුර අඩු නිසා ඒ හැටි ලස්සණක් නැහැ. මමත් එක සැරයක් ගිහිල්ලා තියෙනවා උඩරට මැණිකේ කොච්චියෙන් කොටුවේ ඉඳලා බදුල්ලට. දර්ශනේ නං හරිම ලස්සණ යි. හැබැයි පැය දොළහක් යන එක තමයි තියෙන අවුල :(
ReplyDeleteඅපෝ පැය 12 මොකද්ද අක්ක.. දැනෙන්නේවත් නෑ මට නම්. අපිත් පොඩ්ඩි එක්ක ගියා ගිය අව්රුද්දෙ. හැබැයි ඒ දවස් වල නම් එයා නියම මැණිකේ කෙනෙක්. හවස 4.05 වෙද්දී බදුලු යන්න ඕනේ එක එදා 4ට 10ක් වෙනකොට බදුල්ලේ!!
Deleteලංකාව කියන්නේ නම් පට්ට ලස්සන රටක් තමා.. ඒ උනාට ඒ ලස්සන අනුභව කරන එකනේ කට්ටිය පෙන්නන්න බැරි. අර කව්දෝ කිව්වලුනේ ලස්සන කන්නද කියල.. පින්තූර වලින් ඔය දාල තියන්නේ හොඳම ටික.
නෑවෙ නැද්ද ඉතිං ගැඹුර නැති ටිකේවත් ???
ReplyDeleteඅපෝ අපිට ගැඹුර මොකද්ද? නාපු එක නම් නෑව එලට් එකටම..
Deleteඑල්ජින් ඇල්ල
ReplyDeleteමං ඇහුවෙත් අදයි බං :O අපි නොදන්න තව කොච්ච්කර් තැන් ඇද්ද්ඩ ලංකාවෙ..
ගල්බොඩ ඇල්ල බලන්න ගිය එකටත් වඩා වටින්නෙ අන්තිමට විශේසයෙන් සලකන්න කියපු ටික :)
එල්ජින් ඇල්ල තියන්නේ උඩරටට යන දුම්රිය මාර්ගයේ හමු වෙන නානුඔය සහ පට්ටිපොළ කියන දුම්රිය ස්ථාන අතර. එක හරිම ලස්සනයි ඈතට. දන්න විදියට නම් කිසිම ප්‍රවේශ මාර්ගයක් නෑ.. ඒ ටික දාන්න ඕනෙමයි කියල හිතුනේ එතෙන්දිමයි..
Deleteකොහොමද පිටසක්වළයා? අදමයි ආවෙ. ආයෙ එන්නම්...
ReplyDeleteඉන්නවා හොඳින් ඩ්‍රැකී!! හැබැයි ඉතින් බොන්න අපේ නම් ලේ නෑ හොඳේ... අපි පරසක්වල උදවියනේ.. (බුදු අම්මෝ නම ගහගන්න තිබ්බ අමාරුව) ආයෙත් එන්නකෝ මේ පැත්තේ එහෙනම්..
Deleteෆොටො ටික හොදයි මලෙ
ReplyDeleteතෑන්ක්ස් වේවා අයියා!
Delete