Saturday, November 1, 2014

යුගයක අවසානය...

         බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්නේ සෑහෙන කාලෙකින්.. මම හිතන්නේ මේක කියවපු ගොඩාක් අය මේක අතෑරලා ගිහිල්ල ඇති.. ඒ උනාට මගේ නිහඬතාවයට හේතු තිබ්බ.. එකක් විභාග සෙට් වෙන එක.. අනික මගේ ලැප් එකේ හාඩ් එක පිච්චුන එක.. ඊට පස්සේ අලුත් එකක් දාගත්තට පස්සෙත් ලියන්න හිතක් තිබ්බේ නෑ එක්තරා කාරණයක් නිසා.. ඒ උනාට, අද (2014-11-01) දවස මගේ ජීවිතේ එක් විශේෂ දවසක්.. ඒ ඇයි කියල තමා මම කියන්න යන්නේ.. මේක බොහොම කෙටි සටහනක් වේවි..
        කට්ටියට මතක ඇති මෙන්න මේ  සටහන.. මේකේ තියන්නේ මගේ ජංගම මෙව්වා වල ඉතිහාසය...
ඕක කියෙව්වොත් සමහර විට ඔයාලට නෝට් වේවි, මම අරගෙන/ ලැබිලා තියන හැම ෆෝන් එකක්ම වගේ නොකියා ෆෝන් එකක්.. (නෑ නෑ කාටවත් නොකියා ගත්ත ඒවා නෙවේ.. NOKIA වර්ගයේ) ඇත්තෙන්ම මම 2002 අවුරුද්දේ (මම මුලින්ම සෙල්ෆෝන් එකකින් කෝල් එකක් ගත්ත අවුරුද්ද) හිතාගෙන හිටියෙත් කවදා හරි නොකියා ෆෝන් එකක් අරගන්න.. ඉතින්, 2008 මට ලැබිච්ච පලවෙනි ෆෝන් එකේ ඉඳල, අද වෙනකල් හැමදාම මම ගත්තේ නොකියා ජංගම දුරකථන.. මොන හේතුවකටද මන්ද, සෝනි එරික්සන් එකක් අරගන්න කියල දඩයමේ ගිය දෙවතාවේම මම නැවතුනේ නොකියා එකකින්.. එහෙම ගත්ත එක ෆෝන් එකක් තාමත් මගේ ඕක්සිලරි කැමරාව හැටියට භාවිතා වෙනවා.. (Nokia 6220C)
        මේ තියන්නේ මගේ ජංගම දුරකථන ඉතිහාසය...

Nokia 5110, 1200, 6230i, 2700, 2730c, 6720c, Lumia 620, 6220c..
(Photos from google image search and gsmarena.com)

     මෙයින්, 1200 එක සුළු ආබාධිත තත්වයෙන් (වැඩිය මුකුත් නෑ හවුසින් එක හීරිලා.. ඔරිජිනල් එකක් හොයාගන්න නෑ) දැනට තාවකාලිකව විශ්‍රාම යවල තියන්නේ.. 6220 එක මීට දවස් 3කට කලින් ෆොටෝ එකක් ගනිද්දී බිම වැටිලා කී පෑඩ් එකේ Dial, 1, 4, 7, * කීස් වැඩ නැතුව ඉන්නවා.. ඒ උනාට ඒකෙ තියන කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියට (Symbian S60 3rd Edition) පින් සිද්ධ වෙන්න, ඒ කීස් ටික නැතුවත් මම කොළඹ ගිහින්, කරගන්න ඕනේ වැඩ ටිකත් කරගෙන ෆොටෝ ටිකත් අරගෙන ආව..
     ඒ නමුත්, නොකියා සමාගම දැනට දුරකථන වෙළඳාම් කටයුතු සිදු කරන්නේ නැහැ.. මෙම වසරේ මුල් භාගයේදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නොකියා ජංගම දුරකථන අංශය මිලට ගැනීමත් සමගම, දශක තුනක් පුරා විහිදුනු, ඒ රසවත්, ශ්‍රේෂ්ඨ යයි කිවහැකි ඉතිහාස කතාව අවසාන වෙනවා.. 1100, 3110, N70, N95 ආදී ඉතාමත් ප්‍රසිද්ධ දුරකථන මාදිලි ගණනාවක් හඳුන්වා දී, වර්ෂ 2007 වන විට වෙනත් සමාගම් වලට පවා දුරකථන නිපදවූ, විනාඩියකට දුරකථන 10ක් නිපදවූ, කාලයක් ජංගම දුරකතනයේ හැඩරුව තීරණය කල සමාගමේ අවසානය එසේ සනිටුහන් වෙනවා..
    නොකියා සමාගම සිය සිම්බියන් මෙහෙයුම් පද්ධතියට ආදේශකයක් වශයෙන් වින්ඩෝස් භාවිතා කරන්නට පටන් ගැනීමෙන් එහි අවසානයේ ආරම්භය සනිටුහන් වෙනවා.. ලුමියා නමින් ඔවුන් ඉදිරිපත් කල දුරකථන පෙළ සමාගම තවත් අගාධයට ඇද දමනවා. Android මෙහෙයුම් පද්ධතිය ඒ වෙනුවට යොදාගෙන දියුණු කළා නම් සැම්සුන් දුරකථන වල පල්ලට ගොස් බොහෝ කලක් වීම බොහෝ විට සිදු විය හැකිව තිබුනත්, ඉරණම ලියවී තිබුනේ නොකියා සමාගමේ අවසානය සනිටුහන් වන ලෙසටයි..
       මින් ඉදිරියට එන වින්ඩෝස් දුරකථන Microsoft නමිනුත්, කුඩා දුරකථන (Feature phones) කිහිපයක් පමණක් Nokia නම යටතේත් පැමිණේවි.. නමුත්, නැවත කෙදිනක හෝ වැටීම් තැලීම් ඔරොත්තු දෙන, සුපිරි අංග ලක්ෂණ වලින් හෙබි නොකියා දුරකතනයක් නිකුත් නොවේවි...
        ඉතින්, මේ අනුව, ලුමියා දුරකතනයෙන් හෙම්බත්ව සිටි මට, මුල සිටම මා අනෙක් විකල්පය ලෙස තබාගෙන සිටි සෝනි වෙත මාරු වීම අකමැත්තෙන් උවත් කිරීමට සිදු උනා.. ඒ අනුව, මට පලක් නැති සුදු අලියෙක් වූ වින්ඩෝස් දුරකථනය විකුණා දමා, ඒ වෙනුවට, ජීවිතයේ ප්‍රථම වතාවට සෝනි එරික්සන් එක්ස්පීරියා රේ දුරකතනයකට මාරු වීමට සිදු උනා.. සිම්බියන් දුරකතනයක තිබූ භාවිතයේ පහසුව මෙහි නැති උවත්, හුරු වීම අනිවාර්ය වන්නේ මා හට වෙනත් විකල්පයක් නැති නිසාය...
ජීවිතයේ ගත් ප්‍රථම නොකියා නොවන ෆෝන් එක..
       මෙය මිලදී ගත්තද, 6220 සහ 1200 දුරකථන මා සන්තකයේ හැකි තාක් වැඩ කරමින් තිබෙනු ඇත.. ඒ එම දුරකථන මා හට සැපයූ අනර්ඝ සේවාවට ගෞරවයක් වශයෙනි...

Dear Nokia,
Thanks for the years of excellence..

And for bringing the excellent products..
You will be missed,

But will never be forgotten..
Hope you will be back one day.....!

22 comments:

  1. මමනං හොඳ ලුමියා රසිකයෙක්. 820 එකක් පාවිච්චි කරන්නේ. තියෙන වැඩ කටයුතු ටික කරගන්න හොඳටම ඇති! අනිත් එක durability එක. camera එක Carl Zeiss තව වෙන මොනවාද ඉතිං!

    ReplyDelete
    Replies
    1. මේ ෆෝන් ඉක්මනට රත් වෙන ගතියක් නැද්ද?

      Delete
    2. එහෙම සීන් එකක් නම් තාම මීටර් වෙලා නෑ. බැටරි life එකේ පොඩි අඩු පාඩුවක් තියනවා 4G network එකක් එක්ක වැඩ කරද්දී. හැබැයි 625 එකේ බැටරියත් හොඳයි.
      software එක update කරලා බලන්න

      Delete
    3. ලුමියා හොඳයි.. OS එක එහෙම (Windows phone 8 and 8.1) ස්මූත්, ස්ටක් වෙන්නේ එහෙම නෑ ලෙසියකට.. 620 එක නම් රත් වෙන ගතිය තිබ්බ ටිකක්.. ඒකෙ නම් බැටරි ලයිෆ් එක ගැන කතා කරලා වැඩක් නෑ.. 820 එකක් මම මගේ යාලුවෙක්ට අරගෙන දුන්න.. මිනිහට නම් එපාම උනා..
      620 මට එපා උනේ ඒකෙ බැක් හවුසින් එක ගැලෙව්වම හෙඩ් ෆෝන් ජැක් ඒකත් ඒ එක්ක ගැලවෙනවා. අනික් එක රේඩ්යෝ එකක් නෑ, අනික් එක වින්ඩෝස් මාකට් එකේ apps අඩුයි. අනික් එක බැකප් කරගන්න බෑ ක්ලවුඩ් එකට ඇරෙන්න. අනික සමහර සෙටින්ග්ස් හදන්න වටේ යන්න ඕනේ..
      අනිත් එක මගේ අතට ලුමියා එක ලොකු වැඩී.. මම කැමති ලෑලි වගේ ෆෝන් වලට වඩා පොඩි එව්වට. ලුමියා ඉතින් ඉස්සරහට එන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන් නේ. ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. පට්ට ගණන් අනික් එක ෆෝන්ස්.
      මට අල්ලුවේම සිම්බියන්..

      Delete
  2. "නැවත කෙදිනක හෝ වැටීම් තැලීම් ඔරොත්තු දෙන, සුපිරි අංග ලක්ෂණ වලින් හෙබි නොකියා දුරකතනයක් නිකුත් නොවේවි" කියන එක නම් සහතිකයෙන්ම මමත් ඉතාම දුකෙන් හිතනවා... හරිම කණගාටුදායකයි...
    මමත් එදා ඉඳන් අද වෙනකම්ම නොකිය ෆෝන් විතරක්ම පාවිච්චි කරන කෙනෙක්...
    2004දි ගත්තු 3310 එකෙන් පස්සේ 3410>1100>1200>1208>1110i>3110>3210>3120>3230>N70>5130>C3-00>C1-01>1202>1280 විදියට මාරු වෙවී ඇවිල්ල නතර වුනේ දැනට කිසිම අව්ලක් නැතුව හැමදාම උපරිම කාර්යක්ෂමතාවෙන් දුවන E5-00, N97, Asha105 හා 6600'Slide' ෆෝන් 4 එක්ක...
    නොයෙකුත් අවස්ථා වල Android,BlackBberry, Windows ඒවාට මාරු වෙන්න උත්සාහ ගත්තත්, කොහෙත්ම සිම්බියන් වල තියෙන පහසුව කිසිම වෙනත් එකක දැක්කේ නෑ මම... කවුරු කොහොම කොච්චර කිව්වත්, කොතරම් පොළොවේ ගැහුවත්, කොතරම් වැටුනත්, කොතරම් කුඩු-පට්ටම් වෙලා ගියත්, කොහොම හරි කරන අමුනගෙන ආයිත් සුපුරුදු පරිදි කිසිම අව්ලක් නතු උපරිම කාර්යක්ෂමතාවෙන් දුවන්න පුළුවන් වෙන කිසිම ෆෝන් එකක් මම නම් දැකල නෑ නොකිය වලින් අමතරව...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකම තමා මටත් වෙලා තියන්නේ.. සිම්බියන් එකේ තියන ලේසිය පහසුව සහ කාර්යක්ෂමතාව වගේම අනික් පහසුකම් නෑ වෙන ඒවල. ඇපල් එකකවත් නෑ.. ඔය 6220c එකේ වයිෆයි විතරයි නැත්තේ.. තිබ්බ කියල ඒක යුස් කරන්නෙත් නෑ ඉතින් මම නම්.. 6220 එක වැටිලා තියනවා කෝච්චි වලින් හිටන්. කිසිම අවුලක් නෑ ආපහු අරගෙන කෑලි ටික ඇසෙම්බල් කරාම වැඩ. මේ පාරත් ගලක් උඩට අත ඇරිලත් කීස් 4ක් වැඩ නැති උන එක විතරයි..
      1100 එකෙන් ගහල අඹ කඩල තියනවා මම. ෆෝන් එකට මුකුත් නොවී... 6720 එකේ බැක් හවුසින් එකෙන් ඇන ගලවලා තියනවා.

      Delete
  3. මටත් පුදුම දුකක් දැනුණා මාත් 'නොකියා' රසිකාවියක් නිසා...පරණ ෆෝන් කීපය එලියට අරගෙන සුද්ද කරලා පෙට්ටිවල දාලා තැන්පත් කලා. මගේ ඉදිරි පරම්පරාව ඒවාට දැකීම සඳහා සටහනුත් තැබුවා.:)

    ස්තූතියි අඟහරුවෝ මේ සටහනට.

    ReplyDelete
    Replies
    1. දුකයි කියන්නේ මට ලුමියා එක දෙන්නත් මොකද්ද වගේ හිතුනා.. ඒ උනාට තියාගෙන වැඩක් නැති නිසා දුන්නේ. ඒ උනාට සිම්බියන් ෆෝන් එකයි 1200 එකයි මගේ ළඟ පුළුවන් තරම් කල් තියාගන්නවා සිහිවටන විදියට.. 1200 එක ෆුල් සෙට් තියනවා.. බැටරිය පවා ඔරිජිනල්..
      නොකියා එක වින්ඩෝස් තෝරගත්ත ආරංචිය අහපු දවසේ මම දැනගත්ත ඕක වැටෙනවා කියල.. දුකයි තමා අක්කේ මටත් සෑහෙන්න..

      Delete
  4. මගේත් දෙවෙනි ෆොන් එක නොකියා. මොඩල් එක 3220 ද කොහෙද. හතරවෙනි එක E-81.

    දැන් නං ඉතිං සැම්සන් තමයි.

    ලුමියාවල මොකක්ද වරද?

    ReplyDelete
    Replies
    1. ලුමියා වල වරද තමා- කෑලිබෑලි වැඩී, ඒ උනාට කරන්න පුළුවන් දෙයක් නෑ.. උදාහරණයක්- මැසේජ්, කන්ටැක්ට්ස් බැකප් කරගන්න බෑ මෙමරි කාඩ් එකට. ඒ වගේම ෆයිල් මැනේජර් එකක් නෑ සිම්බියන් වල තරම් වත්. 41 මෙගාපික්සල් කැමරා තිබ්බට සිම්බියන් n Series වල තිබ්බ කොලිටිය නෑ. අනික ඕඩියෝ කොලිටි- මෙලෝ රහක් නෑ.. බැටරි ලයිෆ් මදි. සමහරක් ඒවල බැටරි මාරු කරන්න බෑ. (සීල්ඩ් බැටරි)
      හැබැයි ඉතින් මට අවුල් උනාට, වින්ඩෝස් හොඳ අය ඉන්නවා..

      Delete
  5. එහෙනං නොකියා නොකියාම යන්න ගිහින්.
    මගෙත් ජනප්‍රියම ෆෝන් මොඩල් එක නොකියා තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. නොකියා නොකියාම යන්න ගියා.. ආය නොඑන්නම..
      එදා වගේම අදත් මොන ෆෝන් එක පාවිච්චි කලත්, මගෙත් ආසම ෆෝන් ටික නොකියා වේවි...

      Delete
  6. ඔව්ව ගැන වැඩිය දන්නෙ නෑ මලේ....

    ReplyDelete
    Replies
    1. නොකියා සිම්බියන් ගැන නම් මම ටිකක් දන්නවා.. පාවිච්චි කරලා තියන පුරුද්දයි, ෆෝන් එකක් අරගන්න යනකොට හොයද්දි දැනගත්ත තොරතුරුයි.. සෝනි එරික්සන් ගැනත් දන්නවා පොඩ්ඩක්. අනිත් එව්වා ගැන නම් මමත් නොදනිමි..

      Delete
  7. සිම්බියන් ගැන නම් මගේ පැහැදීමක් නැහැ. වින්ඩෝස් ඒ අතින් ගොඩක් හොඳයි.
    මගේ ලුමියා බබා 625 එක මගේ වැඩ ටිකට ශේප්.
    බැටරි හොඳා, ස්පීඩ්..

    වැදගත්ම දේ මල පැනල පොලවේ ගැහුවට ග්ලාස් එක යන්නේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. 625 කියන්නේ 620 එකේ 4G තියන එක.. සිම්බියන් ලොකු ෆෝන් මම දන්නේ නෑ N8 එක ඇරෙන්න.. N8 එක නම් පට්ට.. 625 එකේ රේඩියෝ එකක් එහෙම තියේ ද?
      මම නම් කවදාවත් මම පාවිච්චි කරන දේකට ඒ විදියට සලකන්නේ නෑ..

      Delete
  8. මම මේ අඟහරු එන පලවෙනි වතාවද මන්ද..

    අනේ මන්ද බන්..

    මට නම් හොඳ කැමරාවක් තිබ්බ නම් , යන එන ගමන් සින්දු අහන්න පුළුවන් ෆැසිලිටි තියෙනවා නම් , එෆ් එම් රේඩියෝ තියෙනවා නම් ඕන මොඩල් එකක් ok.

    ඊට පස්සේ තමයි බලන්නේ බ්‍රෑන්ඩ් එක මොකක්ද, ස්ක්‍රීන් එක අඟල් කීයද, android ද අරකද මේකද කියල.

    මගේ ෆෝන් හිස්ටෝරිය මේකයි.

    මුලින්ම NEC e121, ඊට පස්සේ ETEL dual sim එකක්, ඊට පස්සේ NOKIA 3120 C .
    දැන් පාවිච්චි කරන්නේ LG E400.

    ළඟදීම මාරු කරන්න තමයි හිතන් ඉන්නේ. එත් මේ වෙනකොට ANDROID වලට මගේ හිත පොඩ්ඩක් ගිහින් හින්ද ගොඩක් වෙලාවට ඊළඟ ෆෝන් එකත් ANDROID එකක්ම වේවි...

    --------------

    උඹේ පොස්ට් එක දැක්කම ෆෝන් එක දිහා වෙන විදියකින් බලන්න්න පෙළඹෙනවා..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා!
      මටත් දැන් නම් ටික ටික android අල්ලලා යනවා.. සිම්බියන් තරම් නම් නෑ ඉතින්. ඒත් මොනා කරන්නද..
      මමත් කැමරාව බලනවා.. මියුසික් බලනවා, ඩියුරබිලිටි බලනවා.

      Delete
  9. මටත් ඔය ලෙඩේම තිබුනා. නොකියා හැර වෙන කිසිම ෆෝන් වර්ගයක් හරි ගියේම නෑ. ඒත් නොකියා N95න් මගේ ඒ ආසාව අතෑරුනා. ඊළඟට නොකියා ඇන්ඩ්‍රොයිඩ් සමඟ පැමිණියාම ආයෙත් මං සතුටු උනා. ඒත් ඒක නමට ඇන්ඩ්‍රොයිඩ් නිසා ඒකත් ලත් තැනම ලොප් උනා. දැන් ගැලැක්සි S2 හැර වෙන කිසිම එකක් මට හරියන්නෙ නෑ. ප්‍රමාණයෙන් හැඩයෙන්, සහ පහසුකම් කියන තුනම මට ඕනිම විදියට තියෙන්නෙ ඒකෙ. නොකියා හි මෙම අවසානය ලෝකෙටම පාඩමක් කියල දෙනවා. කාලයත් සමඟ යාවත්කාලීන නොවී තමන් පමණක් රජකරන ඒකීය ලෝකෙක ජීවත් වෙන්න ගියාම මෙහෙම අව්සන් වෙනවා. නොකියා ඇන්ඩ්‍රොයිඩ් සමඟ සැම්සුන්, සෝනි මෙන් ගියානම්, නොකියා ගමන සියල්ලන්ම අභිබවනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. වෙලාවට නිවැරදි තීරණය නොගැනීමේ විපාක තමා ඒ..
      මට නම් අදටත් S60 වැඩ කරනවා.. android ෆෝන් එක ෆේල් වෙච්ච අද දවසේ ඒක තව හොඳට දැනෙනවා..

      Delete