Thursday, January 22, 2015

ඉතින් ආයුබෝවන්..!!

            ජීවිතයේදී අපට බොහෝ දෙනා හමු වේ.. ඔවුන්ගෙන් සමහරෙක් හමුවූ සැනින්ම අප අතහැර යයි.. සමහරෙක් අපට ප්‍රිය වෙයි.. සමහරෙක් අපට අප්‍රිය වෙයි.. ඒ අතරම, තවත් සමහර සඟයින් අපට සමීප වෙමින්, ඉතා ප්‍රයෝජනවත් සහ කලකදී නැතුවම බැරි අයවලුන් බවට පත් වේ.. එවැනි සඟයෙකුගේ සමුගැනීම ඉතාමත් වේදනාකාරී වීම වැලැක්විය නොහැකිය. ඒ නමුත්, ලෝකයේ සැමදෙයක්ම අනිත්‍ය බව පසක් කරමින්, එසේ සමුගැනීම සිදු වේ..
            එවැනි සඟයෙක්ගේ අකාල සමුගැනීමක් විඳීමට මටද සිදු විය.. එම සඟයා මා සමග සිටියේ අවුරුදු දෙකක් වැනි ඉතා සුළු කාලයක් උවත්, එම කාලය තුල ඉතා හිතෛශී මිතුරකු ලෙසත්, කීකරු ගෝලයකු ලෙසත්, අනගි සහකරුවෙකු ලෙසත් මා සමග රැඳුනි..
            ඒ නමුත්, යමක අගය එය අප හා ඇති තාක් කල් නොවැටහෙන බව පසක් කරමින්, මාගෙන් ආපසු ලැබුනේ කර්කශ රළු සැලකීමක් පමණකි.. ඒ නමුත්, කල්‍යාන මිතුරකු අතනොහැර ලඟින් ඉන්නාක් මෙන් මෙම හිතෛෂී සඟයාද මගෙන් ඈත් නොවීය..
            මුල් කාලයට පසු, ජීවිතයේ මා පසුකල අපහසුම කාලයක් තුලදී, මට එම සඟයාගේ වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන්නට ගති.. ඒ අනුව, මා ගෙන්විය හැකි උසස්ම තත්වයේ කොටස් හා ආයිත්තම් ගෙනවිත්, එම සඟයා ප්‍රකෘති තත්වයට ගෙන ආවෙමි.. එයින් පසු සහ ඒ අතරත්, පසුගිය සතිය වන තුරුම,
මාගේ සන්නිවේදන අවශ්‍යතා,
ජායාරූපකරණ කටයුතු,
සංගීත රසාස්වාදන කටයුතු,
යායුතු මග සොයාගත නොහැකිව සිටින විට මාර්ගෝපදේශ කටයුතු,
එමෙන්ම දැනුම සහ විනෝදය ලබාදීම මෙන්ම,
මතකයේ රැඳුනු සෑම මොහොතක් පාසාම මා සමග සිටි මාගේ ගමන් සඟයා, මිතුරා ඔබම විය..
ඒ නමුත්, අවසානයේ ඔබ නිහඬ විය..
දෙවසරක කාලය තුල ඔබ කල සේවය ඉමහත්ය...
ඉතින් ඔබට ආයුබෝවන්!!!

                                            
A tribute to my beloved phone- Nokia 6220 Classic..
For almost two years,
You have been a good and a loyal companion,
A great traveling buddy,
An excellent photographer,
A great music player,
A master at office work,
An excellent study mate,
A loyal friend,
in good times and the bad equally..
I didn't care for you,
and tortured you,
to the maximum you could take..
But you didn't give up, or left..
You were there, whenever I needed you..
But,
After all,
you couldn't take it no more,
and you fell..
It was a journey, a great one..
Thanks for being a part of it and all that was done!!
And,
I make a promise that,
I will NEVER give up,
without doing the maximum I can,
to make that heart beating again....!

18 comments:

  1. අනිත්‍ය ධර්මතාව ඕවටත් පොදුයි මලේ

    ReplyDelete
    Replies
    1. අනිත්‍ය ධර්මතාව පොදු බව ඇත්ත. ඒත් අකාලයේ සමුගත්ත එකයි දුක..

      Delete
  2. අප්පච්චියේ උදේ පාන්දරම මලගෙයක් නේද

    ReplyDelete
    Replies
    1. එකනේ අටම් අයියේ කියන්නේ.. මේ ටිකේම සෙට් වෙන්නෙම මේවා..

      Delete
  3. හිහි මයික්ක සොට් අය්ය නං පොඩි පොඩි ඒව එළියට දාන්නෙ නැති වෙයි...
    අද වෙනකොටත් ලෝකෙ වැඩියෙන්ම අලෙවි උණ ෆෝන් දහයෙන් අටකටම වග කියන්නෙ නොකිය
    ඒ තරං පට්ට

    ReplyDelete
    Replies
    1. මයික්‍රොසොෆ්ට් කාරයා පොඩි ඒවා එලියට දානවා. ඒත් ඒවා මට හරියන්නේ නෑ. මේ ෆෝන් එකට අහලකින්වත් යන්නත් බෑ. S60 නැති ෆෝන් වලින් මොනවා කරන්නද.. අඩුම ගානේ S40 වත්..
      නොකියා එකට ගහන්න ආය ඉතින් බ්‍රෑන්ඩ් එකක් නෑ..

      Delete
  4. සබ්බේ ඉලෙක්ට්‍රොනික්ස් අනිච්ඡා කියල තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. සබ්බේ ඉලෙක්ට්‍රොනික්ස් අනිච්ජා කීවට අකාලයේ සමුගන්නවා කියල නෑ නේ...

      Delete
  5. මගේ ළග නම් තාම තනි නොතනියට ඉන්නවා... දැන් අවුරුදු 10 කට ළගයි මං හිතන්නේ.... නොකියා 1100

    ReplyDelete
    Replies
    1. මගෙත් 2008 ඉඳල 1200 එකක් ළඟ ඉන්නවා.. ඒක තමා දැනටත් බැකප් එකට පාවිච්චි වෙන්නේ. කිසිම අවුලක් නෑ. මේ දෙන්න (1200, 6220) තමා ජීවිතේට ලැබුන හොඳම ෆෝන් දෙක..

      Delete
  6. අනේ පල ඩෝ යන්ඩ... මගෙ ට්‍රියෝ 750එන් පාම් ටොප් ෆෝන් එක දැන් කෑලි හැලෙමින් අවුරුදු පහක් පුරා එකදිගට මා ළඟ. ඒකෙ සුපිරි ඇන්ටික් පෙනුම අදා බීච් පාටියෙදි දැකපු අටමා ඒක මුහුදට විසිකරන්නත් හැදුවා. අපි නං සැලෙයි, තව අවුරුදු දහයක්වත් පාවිච්චි කරන්නයි බලාපොරොත්තුව.

    උඹේ සගයා ගිය එක ගැන දුකයි බං. මටත් ඔය අත්දැකීම ම තියෙනවා... (සිරාවට)

    ReplyDelete
    Replies
    1. බීච් පාටියට ගෙනාපු එක තාම තියනවද? මමත් එදා අරං ආවෙත් ඔය 6220 එක තමා.. මම නම් 2013 මුල් කාලේ වෙද්දී 6220 එක මගේ පාවිච්චිය නිසා හිටිය දුක්බර තත්වේ දැකල එංගලන්තෙන්ම හවුසින් එකක් එහෙම ගෙන්නලා දැම්ම.
      ආපහු මේක හදාගන්න බලන්න ඕනේ.. මේ ෆෝන් එකට ගහන්න එකක් නෑ.. එදා අන්තිම දවසේ ඕෆ් වෙලා ගියහම මම සිරාවට ඇඩුවා.. ආය මොකටද බොරු කියන්නේ..

      Delete
  7. දුකේ බෑ අප්පා ඇස්වලට කඳුලු ආවත් එක්ක. :(

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා.. දුක කියන්නේ මම නම් පැයක් විතර ඇඩුවා.. සාමාන්‍ය පණ තියන යාලුවෙක්ටත් වඩා මේක මට සමීපයි.. මේකෙන් කොයිතරමක් මම වැඩ අරගෙන තියනවද.. :'(

      Delete
  8. ඔය පවුලෙන්ම මුනුපුරෙක් ගන්න. ලුමියා :)

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ ලුමියා නම් එපා.. අනික් එක දැන් සල්ලිත් නෑ අෆ්ෆා..

      Delete