Tuesday, April 21, 2015

සයිබර් ලෝකයේ මිතුරු හමුව...

                  කලින් පෝස්ට් ඒකෙ දැම්මනේ මගේ අවුරුදු අත්දැකීම් ටිකක්.. ඒ කිව්වේ ඒවායින් අංශු මාත්‍රයක් වගේ තමා.. ඔන්න මේ පෝස්ට් ඒකත් අවුරුදු කතාවක්... ඒ කිව්වේ අපේ මේ බ්ලොග් කරුවන්ගේ සයිබර් සැණකෙළියට ගියානේ මම.. මේ ඒක ගැන... හැබැයි මෙතන වැඩක් තියනවා.. ඒ කිව්වේ අර එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නෙවේ, තුන් දෙනෙක්ම නෙලාගත්තා..
     මෙදා පාර ඔන්න බ්ලොග් ගෙට් එකට යන්න උදේ මාතර කෝච්චියට සෙට් උනා අපේ රන්දුනු යසරංග අයියත්.. එතුමා එක්ක මාතර කෝච්චියෙන් පිටත් වෙලා ගිය තැන ඉඳල, මෙන්න ෆොටෝ වලින් කතාව...


මාතර දුම්රියෙන් වැල්ලවත්ත බලා... මේ ගමන නම් ආවේ කොයි වෙලේ එන්ජිම හිටීද කියල බයේ..

කස්ටිය සූදානම් වෙන අතරේ මම ඔය අහු වෙච්ච ගැජට් කෑලි ටික පොඩ්ඩක් බැලුවා...

මෙන්න ඒ අස්සේ වලියක්....
    කොහොමින් කොහොම හරි, 8ට පටන් ගන්නවා කියල තිබිල, 9ට කිට්ටු කරලා ඔන්න පටන් ගත්තා.. මේ ඇවිල්ල පහන් පත්තු කරපු වෙලාව..
පහනට ගිනි තබන කවුෂි අක්කා....

දැල්වූ පහන්- දළු ලා වැඩේවා..!

බ්ලොග් කරණය නම් තත්වයට හේතු වන වෛද්‍යවිද්‍යාත්මක තත්වයන් ගැන හරබර දේශනයක් සමගින් වැඩ ඇරඹීම....
 ඔය දේශනා, පොල්තෙල් පහන් දැල්වීම් අනංමනං වලින් ඉවරලා ඔන්න මයික් එක අතට ගත්ත ජනරඟ අයියයි දුලාන් අයියයි අපිව කෙලින්ම තරඟ වලට කැඳෙව්වා.. උදේට කෑවෙත් 3.30ට.. සෑහෙන බඩගින්නකින් හිටියත් ධාවන තරඟෙට බඩ ගෑවා.. ඒකත් ඉවරලා එන ගමන් වැටක් උඩ ඉන්න මාරයා තුමා සමග සිහිනයා හම්බුනා.. ඔන්න ගැහුවා ෆොටෝ එකක්...

සිහිනයා, මාරයා සමග අඟහරුවා...

දිනයේ මයික් ටයිසන් වූ දුලාන් අයියා, රසික අයියාගේ තොරතුරු විචාරමින්...

මීළඟට තිබ්බේ අලියට ඇහැ තැබීම.. මේ ඇවිල්ල අපේ රසික අයියා ඇසුත් වහගෙනම අලියට ඇහැ තියන්න ගිය ඓතිහාසික දර්ශනය...

අඟහරු ඩී ජේ....

මේ ඇවිල්ලා තොප්පි දමාගැනීමේ තරඟයේ උණුසුම් අවස්තාවක්...

තොප්පිය පාස් කිරීමේ තරඟයේ අවසාන තරඟ කාරියන් දෙදෙනා... මෙයින් එක්කෙනෙක් අපේ බස්සි...
 ඒ මේ තරඟ ටිකක් ඉවර උනා.. කනයාට මුට්ටියෙන් ගැසීම.... ආ වැරදුනා කණා මුට්ටියට ගැසීම එහෙමත් ඉවර වෙලා, ඔන්න පොඩි බ්‍රේක් එකක් ගන්න අපි ටික වාඩි උනා.. වාඩි උනා කිව්වට ඉතිං, ඒ වෙලාවේ කරෙත් ෆොටෝ ගහපු එක තමා... මේ එයින් ටිකක්..
 
රන්දුනු අයියා, නිල්මිණි අක්කා සමග මම තුමා.. ආ තව එක්කෙනෙකුත් ඉන්නවා...

ඔය අතරේම අනික් පැත්තෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් (වගේ එකක්) තිබ්බා.. මේ අපේ වැප් අයියා තමා හඳුන්වාදීපු අවස්තාව..

මෙයත් ඇවිත් හිටියේ... මම හිතන්නේ කපුටා.කොම් එකෙන් වෙන්න ඇති...
        දිවා ආහාරය පොඩ්ඩක් පරක්කු උනා. ඉතිං අපි ඔය වටේ ඇවිද ඇවිද දන්නා, නොදන්නා, අලුත්, පරණ අයත් එක්ක කයිය ගගහ ඒ වෙලාව ගෙවල දැම්මා.
බඩගිනි චැට් එක...

මේ තියන්නේ මේ පාර ටිකට් එක.. මම නම් වෙජිටබල් ඈ....

මේ ඔබ අමතන්නේ අඟහරු සිට පැමිණි අඟහරුවාය....
             දිවා ආහාරයට පස්සේ ඔන්න පටන් ගත්තා ජනකවි ගායනා.. මම තුමාත් කවි දෙකක් ඇද බෑවා...
ජනකවි ගායනා තරඟයේ හොඳම අංගය ඉදිරිපත් කලේ මෙතුමා තමයි. ඒ ඇවිල්ලා අටුවා සීපද.. මමත් ඇහුවෙත් එදාමයි.

ඒ මේ ඔක්කොම ඉවරලා 3.30ට විතර කට්ටිය සෙට් උනා සමූහ සේයාරුවට.
      සමූහ සේයාරුවෙන් පස්සේ මම හැමෝටම වගේ කියලා එතනින් පිටත් වෙලා ආවා.. ඒ තව වැඩකට. අර උඩින්ම මම දාල තියන්නේ එක ගලින් කුරුල්ලෝ තුන් දෙනෙක් කියලා.. මේ තමා එයින් එකක්.. ඒ කිව්වේ අපේ ෆේස්බුක් ඒකෙ දුම්රිය ලෝලී  මිතුරන්ගේ සුහඳ හමුවක්.. ආය ඉතිං හෝරා එක හමාරක් වගේ උනත් නියමෙටම ගියා ඒක නම්.... 
ඔය ඉන්නේ යකඩ යක්කු ටික..
       ඒ වැඩ ඉවර වෙලා ඔන්න මහා වර්ෂාවකටත් අහු වෙලා ඒ මැදින්ම තූර්ය අයියලාගේ ගෙදරට සැපත් උනා.. ඇවිල්ල නාල කාල එහෙම එදා දවසේ කටයුතු නිමා කරා.. එන අතරමග කෑලි ගැලවෙච්ච ඉයර්ෆෝන් ඒකත් තූර්ය අයියලාගේ ගෙදරදී හදාගත්තා..

      ඊළඟ දවසේ, මම කියපු තුන් වෙනි වැඩේ- ඒ කියන්නේ බදුල්ලට යන 1007 කියන දුම්රියේ නුවර එන එක කරන්න විදියක් බැලුවා.. උදේම ආව දෙහිවලට, එතනින් මරදානට. ඔබතුමන්ලාට කියන්න පිංවතුනි, මම මරදානට එද්දී මීට කලින් නුවරට යන කෝච්චියත් එතන. ඒකෙ නගින්න ඕනේ තරම් හැකියාව තිබ්බත්, මට ඕනේ උනා 1007 එක්කම ආපහු එන්න. ඉතිං පොප්කෝන් පැකට් දෙකයි, ජින්ජර් බියර් එකයි අරගෙන ගියා ප්ලැට්ෆෝම් ඒකෙ කොනටම. බලං ඉඳලා, ඔන්න ආවා සෙට් එක. නැගල ඉතිං වාඩි වෙලා, ෂෝයි එකට ගෙදර ආවා එක්ස්ප්‍රස් ඒකෙ...
අංක 1007 දරණ සීග්‍රඝාමී දුම්රියෙන් ගෙදර බලා....
විශේෂ ස්තූතිය-
* බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලයට,
* මා සමග වචනයක් හෝ කතා කල හිතවත් බ්ලොග් කරුවන්ට,
* ගයන්ත සමරදිවාකර, තූර්ය ඔවිටිපාන, නිපුන දොඩන්තැන්න, ගෙහාන් චන්දික, ලහිරු කන්නංගර, සහන් ජයසූරිය  ඇතුළු මිතුරන්ට....

37 comments:

  1. මූ අපිට ඉස්තූති කොටල නෑනේ. අනේ මූව කන්ඩ එපැයි :D

    ReplyDelete
    Replies
    1. ආ ඉස්තුති ඉස්තුති... අයියගේ සපෝට් එක නැත්තම් අපි තාම මග...

      Delete
    2. අඩෝව් තෝව කළම්බු ස්ට්‍රීට් එකේ තියල දඬු කඳේ ගහනව ඈ....

      Delete
    3. එව්වා හඳේ ඩො... කලම්බෝ ස්ට්‍රීට් ඒකෙ තියන්ඩ හිතුව මදි... හුහ්...

      Delete
    4. මේකව කාන් ඔරලෝසු කණුවේ ගැට ගැහුවනම් තමා හරි.....

      Delete
  2. DJ අඟහරුවා කියලා දැම්මා නම් හරි...:D :D
    ආයෙත් සෙට් වෙමු ඈ...

    ReplyDelete
    Replies
    1. අනිවා... සෙට් වෙමු ආපහු! කොච්චියටම එන්ඩ ඈ...

      Delete
  3. සයිබොර් සණකෙලියට එන්ට බැරි වුනා නොවැ. ලබන සැරේ බලමු.

    ReplyDelete
    Replies
    1. එකනේ.. ඊළඟ පාර සෙට් වෙමු...!

      Delete
  4. ඵල දරපු දවසක් වගේ....! කිරිල්ලියක් දඩයම් කරගන්න ලැබුනේ නැතෙයි....?

    ReplyDelete
    Replies
    1. දවස නම් ආය මරේ මරු.. අපි එච්චර පවු කරලා නැතුවා වෙන්ට ඇති දුමී අයියා.. :D

      Delete
  5. Replies
    1. මඩ?? චී ඊයා.. අපි නම් ඔව්වා කරන්නේ නෑ...
      (රහසින්- එව්වා හෙමීට දෙන්නම් ඈ..)

      Delete
  6. Replies
    1. වල්කම් කිව්වා!! උඹේ ලීක්ස් එක නිසා තමා ඔයින් එකක් සෙට් උනේ ඈ.. :D

      Delete
  7. ටොප්නේ අයි සේ!

    ඕ..............ලෙට්ස් ට්‍රයි ටු කම් ෆොර් ද නෙක්ස්ට්, හොඳේ පුතා.

    ReplyDelete
    Replies
    1. යෑෂ් යෑෂ්... ඩෙපිනීට්ලි වීල් ට්‍රයි ටු කම් ෆෝ දැට්....

      Delete
  8. හම්මේ ඉතිම් නේ මුගෙ මූන දැක්කම අගහරු පාට බේරෙනව...
    මචං අගහරුච්චියක් නංසැට් කොරගන්න එපා සිකුරුච්චියක් මිසක්..
    ඕං එහෙනං
    ජයවේවා කිව්ව

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමා... කොහෙන් ගියත් අඟහරු ජාතික අනන්‍යතාවය පාවා දෙන්නේ නෑ... අපි අඟහරු කොල්ලෝ...
      ආපෝ සිකුරුත් එකයි අඟහරුත් එකයි ඔක්කොම එකයි කෙල්ලෝ නම්...
      ජය වේවා ඈ!

      Delete
  9. see this blog about train and it s history
    http://locolanka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Yep. I've been following that for a while. I know the author personally. Thanks for the link!

      Delete
    2. Author is in a picture on this blogpost :D :D

      Delete
  10. අර උඹලගෙ කෝච්චි ගෙට්ටුව ගැන වැඩි විස්තර නොදා උන්නෙ මොකෝ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන වැඩි විස්තර බුකියේ ඇත... :D

      Delete
  11. මේ ගමනත් වැඩේ මිස් උනා. ඊගාව පාරවත් බලමු.
    ඒ අස්සෙ මේක කෝච්චියකටත් බෙල්ල තියලනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මම මේ බලාගෙන හිටියේ මීට් වෙන්න.. අවුලක් නෑ ලබන පාර බලමු..
      ආය ඉතිං අපිට කෝච්චියක් සෙට් උනේ නැත්තම් කෑම කෑවේ නෑ වගේ නේ....

      Delete
  12. Replies
    1. සේයාරු සුළු ප්‍රමාණයක් පමණක් අප්ලෝඩ් කලෙමි. මෙහි නැති උවත් මා සතුව සියලු සෙයාරූ ඇත...

      Delete
  13. අර කවුදෝ කියලා තියෙනවා වගේ ඊලඟ පාර කෙල්ලෙකුත් එක්ක යන්ට අඟහරුවෝ...:D

    ReplyDelete
    Replies
    1. ආපෝ කෙල්ලෝ එක්ක යන්ට බැරියෝ... කෙල්ලෙක් එක්ක ගියා නම් ඔය කියල තියන ඉතුරු වැඩ ටික කරගන්න වෙන්නේ නෑ... අන්න බලන්ට තනිකඩ ජීවිතේ කොච්චර නිදහස් ද කියලා.... :D

      Delete
  14. පට්ට අාතල් ඒකක් අරන් වගේ.... අපිත් හැකි පළවෙනි වතාවෙම ඒනවා සෙට් වෙන්න ෂුවර් හරිය

    ReplyDelete
    Replies
    1. ආය නියම දවසක් තමා එදා... එල එල පුළුවන් උන දවසක හමුවෙමු!!

      Delete
  15. මම හිටියේ කණේ ඇඟිලි ගහගන්න බලාගෙන අඟහරුවා DJ කරන වෙලාවේ.

    ReplyDelete
    Replies
    1. අපි ඩීජේ කරොත් ආය දන්නවනේ.... :D

      Delete
  16. කෝ කෝ මදි මදි ෆොටෝ....කමක් නෑ මෙච්චර විස්තරයක් දීපු එකට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ෆේස්බුක් එකෙත් දැම්මනේ අෆ්ෆා.. ආය දාන්න බෑ හිතුනා..

      Delete