Saturday, November 28, 2015

උඩරට මාර්ගයේ ඉන්ධන පිරවුම් හල වෙත...

       
හැටන් දුම්රිය ස්ථානයේ ඇති චීන මැදිරියක්..
        හැටන් වලින් පිටත් වූ පොඩ්ඩි, මීළඟට පිවිසෙන්නේ ලංකාවේ දිගම දුම්රිය බිංගය, එනම් සිංගිමලේ බිංගය තුලටයි. ඉංග්‍රීසි භාෂාවෙන්
“Pool Bank Tunnel” ලෙස නම් කර ඇති මෙය, දිගින් අඩි 1842ක්. පොඩි මැණිකේට මෙය තුලින් අනික් පසට යාමට තත්පර 30ක් පමණ ගත වනවා. මෙය කොළඹ සිට හමුවන 14 වන බිංගයයි. 

දිගම දුම්රිය බිංගය තුලින්..
         හැටන් පසුකර, මීළඟට හමුවන කොටගල දුම්රිය ස්ථානය වෙත ඇත්තේ සැතපුම් 3ක් පමණ වූ කෙටි දුරක්. ඒ මෙන්ම, මෙතෙක් තියුණු ආනතියකින් ඉහලට ආ දුම්රිය, හැටන් බිංගය පසු කල විටම බෑවුමක් වෙත යොමු වනවා. මෙහිද ආනතිය එකට හතලිස් පහක් වූ තියුණු බෑවුමක්. මෙවැනි බෑවුම් ආරක්ෂාකාරීව තරණය කිරීම සඳහා, ඩයිනමික් බ්‍රේක් නම් වූ විශේෂ තිරිංග ක්‍රමයක් යොදාගන්නවා..  

මෙයා නම් දැකපු වෙලාවේ ඉඳල හොඳට නිදි.
        බිංගය පසු කල පොඩි මැණිකේ, පහලට යන වේගය අඩු කිරීම සඳහා, රියදුරු ඩයිනමික් තිරිංග ක්‍රියාත්මක කරනවා.. දුම්රිය එලවන මෝටර, ජෙනරේටරයක් මෙන් ක්‍රියා කරවා, එයින් උපදින විදුලිය රෙසිස්ටර් හරහා යවා පුළුස්සා දැමීම මෙම ක්‍රමයයි. ඉහත රෙසිස්ටර් අධික උෂ්ණත්වයකට රත් වන බැවින්, එය සිසිල් කිරීම සඳහා, විශාල පංකාවක් යොදා තිබෙනවා. M6 පන්තියේ මෙම පංකාව ක්‍රියා කරන විට, එයටම ආවේණික ශබ්ධයක් නිකුත් වෙනවා.. 

කොටගල දුම්රිය ස්ථානය..
       මෙම කෙටි දුර තරණය කිරීමට, පැයට සැතපුම් 20ක වේගයෙන් පහලට යන පොඩි මැණිකේ ගත කරන්නේ, ඉතාම කෙටි කාලයක්. නමුත් එම කෙටි කාලය අතරතුර, වටපිට තේ වතු වලින් ගැවසුණු අලංකාර පරිසරයක් ඇය පසු කරනවා..
කොටගල දුම්රිය ස්ථානය වෙත ඇය ලඟා වන්නේ, මිනිත්තු 7ක පමණ ගමනකින් අනතුරුවයි. කොටගල දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 111 දම්වැල් 25ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 4065, එනම් හැටන් දුම්රිය ස්ථානයට වඩා ආසන්න අඩි 100ක් පහලින් පිහිටා තිබෙනවා. 

ඛනිජ ඉන්ධන ගබඩාව.
       කොටගල දුම්රිය ස්ථානය වැදගත් වන්නේ දුම්රියටත් වඩා ඛනිජ තෙල් සංස්ථාවටයි. උඩරට එක් ප්‍රධාන ඉන්ධන ගබඩාවක් කොටගල පිහිටා තිබෙනවා. දුම්රියෙන් ගෙන එන ඉන්ධන, මෙහි ගබඩා කොට තබා, උඩරට ප්‍රදේශයට බෙදා හරිනු ලබනවා. කොටගල වෙත විශේෂ ඉන්ධන ප්‍රවාහන දුම්රිය දෙකක් දෛනිකව ධාවනය වනවා (පහලට සහ ඉහලට). පාෂ මාර්ග දෙකක්, ගබඩාවක් මෙන්ම ඉන්ධන ගැල් සඳහා විශේෂ පාෂ මාර්ගයක් මෙහි පිහිටා තිබෙනවා. 

තලවාකැලේ බලා පිටත්වීම..
       මගී අවශ්‍යතා සඳහා විනාඩියක කාලයක් නැවතී සිටි පොඩි මැණිකේ, නැවතත් සිය ගමන ආරම්භ කරන අතර වාරයේ, ඉදිරියේ ඇති මාර්ගය ගැන විස්තර අසාගත් අප, හොඳ සෙයාරූ කිහිපයක් ගැනීම අරමුණින්, පා පුවරු කිහිපයක් වෙත විසිරී යනවා....

28 comments:

  1. නියමයි.
    ඔය ඩයිනමික් බ්‍රේක් වැඩකරන වෙලාවට නිපදවෙන විදුලිය පාවිච්චි කරල බැටරි ටිකක්වත් චාජ් කරගන්න බැරිවෙයිද.

    ReplyDelete
    Replies
    1. අප්පෝ පුළුවන්. බැටරි නෙවේ ඔය ටික එලියට අරගන්න පුළුවන් නම් තව ට්‍රේන් එකක් දුවවන්න ඇති. පිටරට වල ඔය වැඩේ කරනවා Regenerative Dynamic Brakes කියල සිස්ටම් එකකින්. එකෙන් කරන්නේ ඒ නිපදවන විදුලිය ආපහු නෙට්වර්ක් එකට එකතු කරන එකයි.

      Delete
    2. අපරාධ ශක්ති විනාශයක්!

      Delete
    3. ඒක විනාශයක් වෙන්නේ ඉතිං එකතු කරගන්න ක්‍රමයක් නැති නිසා..

      Delete
  2. 1988 - 89 කාලයේත්, පසුගිය ඊලාම් යුද සමයේත්, කොටගල ඉන්ධන ගබඩා වලට ආරක්ෂාව දීම මහත් අභියෝගයක් වුනා. කොටගල, එක්තරා දේශපාලනඥයකු, තම පුංචි අධිරාජ්‍යය බවට පත්කරගෙන තිබුනා. කොටගල නගරයට ඇතුළුවන පිටවන ස්ථාන දෙකේ, පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඉදිකළ, විශාල තොරණ දෙකක් දකින්නට ලැබෙනවා.

    තලවාකැලේ දී ඉහල කොත්මලේ ජලාශයේ සහ වේල්ලේ හොඳ පින්තූර ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා විචාරක තුමා මේ ගැන විස්තරයක් දෙයි කියලා. තවත් විස්තර දෙන්න පුළුවන් ද?
      ඔව් ඒ ෆොටෝ ටික ගන්න තමා අපි සෙට් එකම ෆුට් බෝඩ් හතර පහකට ගියේ ටක් ටක් ගාලා.. :D

      Delete
    2. විචාරක , ඔබ විරුවෙක් වුනේ ඊලාම් යුද සමයේ ඉන්ධන ගබඩා වලට ආරක්ෂාව දී ලද ? අපි නම් දන්නවා 1988 - 89 කාලයේ ඔයා මොනවද කලේ කියලා

      Delete
    3. කොල්ලෝ, බල්ලෙක් වුනත් බුරන විදිහක් තියනවා. ඕනෑ එකටයි එපා එකටයි බුරන්න ගියාම, ඒ බල්ලා නිකම්ම නිකම් පරබල්ලෙක් වෙනවා. තේරුනාද කොල්ලෝ

      Delete
    4. මේ මොන මගුලක්ද? කරුණාකර පෞද්ගලික කෝන්තර පිරිමසාගැනීමට මෙම අඩවිය භාවිතා නොකරන්න. ඇනෝ කමෙන්ට් වාරණය කර නැතත් එය කිරීමට මෙවැනි සිදුවීම් හේතු වන බව සිහි තබාගන්න.

      Delete
  3. හරි හරි................ දැන් උඹ සුන්දරම පැත්තට ළගා වෙන ගමන් ඉන්නේ... ගිය සතියෙත් නුවර ගියා..... අාවේ ඔය මැණිකෙගෙම තමා..... ඔය කියන උමග අස්සෙදී මාත් ඔය විදිහට ම රූප කීපයක් ගත්තා.... අගහරුවෝ... ඔය උමග අස්සේ ඔය දිග ප්‍රමාණය 10 න් 10ට ළකුණු කරලා තියෙනවා... ලොකු ට්‍රයි ඒකක් දීලා මාත් ඒ ඉලක්කමක් රූපගත කරගත්තා...... ඔහොම ඒමු... අපේ හරියෙදී බැරියෑ තේ ඒකක් ඒහෙම බීලා යන්න......

    ReplyDelete
    Replies
    1. මෙතනින් එහාට තමා ලස්සනම හරිය පටන් අරගන්නේ. තලවාකැලේට ආවා කියන්නේ ආය දිව්‍ය විමානෙකට ආවා වගේ තමා.
      ඒ ලකුණු කිරීම බොහොමයක් දිග බිංග වල දකින්න පුළුවන්. කඩුගන්නාවෙන් පහලට යද්දී හම්බ වෙන බිංග වලත් ඒක තියනවා.
      තේ ටිකක් තියාගෙන ඉන්නකෝ එහෙනම්..

      Delete
  4. ඔන්න මමත් ඇවිල්ල කියෙවුවා පෝස්ට් එක. බදුල්ලට යනකල්ම පෝස්ට් සේරම කියවන්න බලාපොරොත්තු වෙනවා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බදුල්ලට තව ඒ හැටි දුරක් නෑ ඉතිං.. එන්න එන්න දිගටම..

      Delete
  5. එළකිරි විස්තරේ! තව අඹේවෙල, පට්ටිපොල හරිය තමා පට්ට. ලංකාවේ වැඩිම ඉහලක තියෙන දුම්රියපොල කියලා නියමෙටම දැනෙනවා. මං හිතන්නෑ මේන් ලයින් එකේ ගිහිං ගන්න ආතල් එක වෙනත් කිසිම ලයින් එකක ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මට හිතිච්ච දේ. අපේ කෝච්චි පාරවල් වලින් මේන් ලයින් එක වියයුත්තේ කුමක්ද?

      1. කොළඹ - බදුල්ල

      2. කොළඹ - මාතර

      3. කොළඹ - යාපනය (කන්කසන්තුරේ)

      4. කොළඹ - මඩකළපුව

      කොළඹ - ත්‍රිකුණාමලය කොළඹ - මන්නාරම, කොළඹ - පුත්තලම සහ කොළඹ - අවිස්සාවේල්ල, නොසලකා හැරේ.

      Delete
    2. මාතර - කන්කසන්තුරේ මේන් ලයින් එක විදිහට මම යෝජනා කර ස්තිර කරමි . ස්තූතියි

      Delete
    3. මධු මාධවී- ඔව්. පට්ටිපොළ ගැන ලොකු විස්තරයක් මම වෙනම පෝස්ට් එකක දාල තියනවා..

      Delete
    4. විචාරක- කොළඹ- බදුල්ල මාර්ගයට මේන් ලයින් (ප්‍රධාන මාර්ගය) කියන්න හේතුවක් තියනවා. එක තමා ඕක ලංකාවේ හැදුනු පලවෙනි මාර්ගය වීම. මහනුවර සහ නාවලපිටිය දක්වා එනකල්ම ඕක තමා පලවෙනි මාර්ගය විදියට තිබ්බේ. ලංකාවට දුම්රිය සේවය එන්න හේතු උනේ ඔය මාර්ගය. ඕක නැත්තම් වෙන එක ලයින් එකක් වත් නෑ. ඒ වගේම, කෝස්ටල් ලයින් එක හදන්න ඒ පැත්තේ මිනිස්සු මුලින්ම සෑහෙන්න විරුද්ධ උනා අද ඔය කට්ටිය උඩ දාගෙන ගියාට. මුහුදුබඩ මාර්ගයේ විශේෂ ආදායමක් කියල එකක් නෑ. මොකද ඔකේ කෝච්චි පිරිලා ගියාට, බහුතරයක් වාර ප්‍රවේශපත්‍ර මගීන්.
      උඩරට මාර්ගය අදටත් හරියට පාවිච්චි කරා නම් ඉතාම හොඳ ආදායමක් ගන්න පුළුවන්. අතීතයේ වැඩිම ආදායමක් ලබා දුන් මාර්ගය තමා උඩරට මාර්ගය. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය අතින් උතුරු මාර්ගයත් ඒ තත්වය තමා තිබ්බේ. මම නම් කියන්නේ කොළඹ- බදුල්ල ප්‍රධාන මාර්ගය විදියට එහෙමම තියෙන්න ඕනේ.
      කම්මල ටත් මේ උත්තරේ ඇති.

      Delete
  6. එල ද බ්‍රා
    බදුලු යන දවසක මේ විස්තරය ප්‍රෙයා්ඡනවත් වෙයි

    ReplyDelete
    Replies
    1. ඔව්. තව විස්තර එකතු කරන්නත් තියනවා.. මේ මූලික විස්තර විතරයි..

      Delete
  7. මමත් හරි කැමති දුම්රිය මගක්. ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් කැමති මාර්ගයක්.

      Delete
  8. එන්ජින් එකෙත් පින්තුරයක් දැම්ම නම්.

    ReplyDelete
    Replies
    1. එන්ජින් ඒකෙ පින්තූර කලින් පොස්ට් වල තියනවා..

      Delete
  9. අපරාදෙ. මං බදුලු ගිය දෙපාරම ගියේ කොටුවෙං යන රෑ නයිට් මේල් එකේ. දිගටම නිදාගත්ත මිසක් ඔය කිසිම දෙයක් දැක්කෙ නෑ. ආය‍ෙ යනවා පොඩි ඩ්‍රැකියා ලොකු උනාම. එතකොට නං අනිවා දවල් දවසෙ යනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං මේල් ඒකෙ ගියාම පට්ට පල් රෑ නේ. මුකුත් බලන්න බෑ. හැබැයි මේල් එක ඉදල්ගස්හින්න වගේ පහු කරාම නම් පට්ට ලස්සනයි.. දෙන්නත් එක්කම ගිහිං බලන්න. නියම ගමනක් ඒක.

      Delete