Wednesday, April 13, 2016

අවුරුද්දේ කට උඩ සිට ලියමි...



        තවත් අවුරුද්දක කට ලඟට ඇවිල්ල. ඒ කියන්නේ සූර්යයා රාශි චක්කරේ වටේ රවුමක් ගහල ආපහු මුලට එන්න ඔන්න මෙන්න තියන්නේ. සිංහල විදියට අපිට අවුරුදු ලබන්න තව ඉතුරු වෙලා තියන්නේ දවසකටත් අඩු කාලයක්..  


Image- Google image search.
          නොනැගතේ  වෙලාවේ බ්ලොග් ලියල බ්ලොග් එකට මොනවා වෙයිද කියන එක නම් ෂුවර් නැති උනත්, ඔන්නොහෙ කියල ලියල දාන්න හිතුනා. මේ වෙලාවේ කරන්න වෙන කිසි දෙයක් නෑ. ගිය අවුරුද්දේ නම් අවුරුද්ද පටන් ගත්තෙම පන්සලේ හිටිය මුවාව එළවලා දාලා . මේ අවුරුද්ද පටන් ගන්නේ වතුර නැතුව. මම හිතන්නේ අපිට කාන්තාර ඔටුවෝ වගේ ජීවත් වෙන්න පුරුදු කරනවා ඇති ඉස්සරහට එන අර්බුධ වලට මුහුණ දෙන්න.  

          ගිය අවුරුද්දේ අවුරුදු පෝස්ට් එක ලියද්දි මම කිව්වා අපි කරපු අනංමනං ටිකක්. ඒකෙ වැඩිපුර කියන්න බැරි වෙච්ච දෙයක් තමා අපේ දහම් පාසලෙන් තියන අවුරුදු උත්සවය ගැන. මේ පාරත් ඔය අවුරුදු උත්සවේ තිබ්බා. හැබැයි වෙනදා ගම හරහා දිවීම කියල කරන්නේ මීටර් 100 දුවන එක. ඇති වැඩක් නෑ. මේ පාර අපි දුන්නා හැතැක්ම භාගයක දුරක්. අනේ රේස්  එක පටන්ගන්න තැනින් 10ක් 15ක් ආවට ඉවර කරන තැන වෙද්දී හතර පස් දෙනයි ඉතුරු උනේ.  

          ඒ අස්සේ ඊයේ ඉඳන් මේ පළාතටම වතුර නෑ. මොකද්දෝ රිපෙයාර් එකක්ලු. යකෝ මුන් රිපෙයාර් කරන්නත් මරු දවස් තමා අල්ලාගෙන තියන්නේ. මෙහෙ ඩාදියයි එකසිය ගානට. ඒත් නාගන්න තියා මූණ හෝදගන්නවත් වතුර නෑ.  

          ගිය පාර රතිඤ්ඤා අහස් කූරු පත්තු කරලා ටිකක් වගේ මට්ටු වෙලා හිටි නිසා, මේ පාර මම මුකුත් ගෙනාවේ නෑ. ඒත් කොහෙන්දෝ අහස් කූරු ටිකක් හම්බවෙලා තියනවා දැක්කා ගේ මුල්ලක. අද රෑ වෙලා ටිකක් පත්තු කරන්න ඕනේ. මේ පාර අවුරුදු උදාව තියන්නෙත් රෑ නිසා, හොඳට හිටීවි.  
                                     
          වෙන දවස් වල, මේ කාලේ වෙද්දී උණ බට වෙඩිල්ලක් ඇහෙනවා පන්සල පැත්තෙන්. මේ පාර ඒකත් නෑ. මම එකක් හදන්න හැදුවත්, ආය නිකා හිටියා උණ බට හොයන්න රිංගන්න බැරි නිසා.  

          ආ තව එකක්. ඔය අප්‍රේල් පළවෙනිදට දෙනවනේ කට්ටිය හතර වටේ ලණු. මමත් දුන්නා එකක් අපේ කෝච්චි ගෘප් එකට. ලොකු එකක් නෙවේ. බොහොම සුළු දෙයක්. මම කිව්වා මේ පැත්තේ දුවන්නේ නැති එන්ජිමක් අද පාන්දරම ට්‍රයල් එකක් ගියා කියල නාවලපිටියට. අන්තිමේ ඒක නතර උනේ දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා ළඟටම ගිහිල්ලා!   
                         
            තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මෙදා පාරත් සයිබර් අවුරුදු උත්සවය පැවැත්වෙනවා. මේ මාසේ 30 වෙනිදා. මේ පාර මගේ සහභාගීත්වය නම් සහතිකම නැති උනත්, ඔන්න ඔහේ ෆෝම් එක පිරෙව්වා. එදාට  ආවොත් එහෙනම් සෙට් වෙමු කට්ටිය.  
 

එහෙනම් ඔන්න අඟහරු ලෝකේ ඉඳන් මම ඔයාල හැමෝටම,

ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා..!!
කියල කියනවා...

21 comments:

  1. අගහරැවාටත් ලබන්නාවූ සිංහල අලුත් අවුරැද්ද සුභම සුභ අලුත් අවුරැද්දවෙන්ට කියල පතනව!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් එසේම වේවා!!

      Delete
  2. ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වේවා! එසේම වේවා!!

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  4. සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
    දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග හසර
    හද කෙත පුරා මනුදම් පීදෙන අතර
    අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ කවි සුභ පැතුමටත්!

      Delete
  5. ලැබූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන, වැඩි වැඩියෙන් කෝච්චි වල යන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් එසේම වේවා! මේ අවුරුද්දේ වත් බ්ලොග් එකක් පටන් ගන්න ලැබේවා!

      Delete
    2. හොඳට හිටී තව එකක් පටං ගත්තොත්. අර තියෙන එක ලියන්නෙ නෑ කියල රට්ටු කියන කවි කතන්දර වල හැටියට.

      Delete
  6. එසේම වේවා අඟහරු ලෝකට ආවා මාත් ඔන්න

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අඟහරු ලෝකයට!

      Delete
  7. අවුරුද්දේ කට උඩ බැරිනං කට යට හරි කමක් නෑ අර කෝච්චි කතන්දර ඉතුරුටික පටන්ගන්නවා හොඳයි.

    සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හරියෝ.... දාන්නම් ඒ ටික.

      Delete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා අඟහරු. :)

    ReplyDelete
  9. සහ් මෙයත් දෙන්නේ මාර ලනු නේ...

    ReplyDelete
    Replies
    1. ආය අපි ඉතිං එහෙම තමා.

      Delete