ගිය අවුරුද්දේ නානුඔයේ ගියාට පස්සේ, ආය ඒ පැත්ත
පළාතේ පස් පාගන්න බැරි උනා. ඒ, එකක් මගෙත් එක්ක හැමදාම හයික් ගිය මිත්‍රයා, අශාන්,
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වීම සහ, මටත් එක දිගට එක්සෑම්, ලෙක්චර්ස් අනංමනං
සෙට් උන එක නිසා.
පොඩි පොඩි ගමන් නම් දෙකතුනක් ගියා. ඔහොම ඉඳල ඉතිං
2015 අවුරුද්දත් ගෙවිලා ගියා. 2016 අවුරුද්ද ලැබුවත් හරි ගමන් ටිකක් සෙට් උනා.
ඔන්න ඔහොම ඉන්න අතරවාරෙදි තමයි, අපේ ෆේස්බුක් එකේ යකඩ යකා සමූහයේ මිතුරු පිරිස
අතරේ කතාවක් ඇති උනේ, හයික් එකක් යමු කියලා.
ඔහොම කතා උනාට පස්සේ, අවංකවම කියනවා නම්, වැඩේට
වැඩිම බාල්දි සංඛ්‍යාවක් අතහැරියේත් මමතුමාම තමා ඉතිං. රිසර්ව් කරලා යන්න බෑ
කිව්වා, එකෙක් නැතුව යන්න බෑ කිව්වා, මේල් ඒකෙ එන්න බෑ කිව්වා........ කොහොමින්
කොහොම හරි, එක ටිකට් එකක් ෆ්‍රීත් හම්බුනා.
අවසාන මොහොතේ දෙන්නෙකුට වෙන වැඩ සෙට් වෙලා
වෙකන්සි දෙකකුත් හැදුනා. අශාන්ව කොහොමහරි ඇදගන්න බැලුවත්, එතුමාට නිවාඩු නෑ කියපු
නිසා, මම යන්න සෙට් උනා.
ඒ අස්සේ එදා උදේ ඉස්කොලෙනුත් කතා කරලා වැඩක් බාර
දුන්නා. ඒ ගැන දැන්මම නොකියා ඉන්නම්. කොහොම හරි, හවස 4ට ගෙදර ඇවිත්, වැස්සේම
රෙදිත් හෝදලා, පැයක් විතර නිදාගෙන, ආය නැගිටලා, පාන් ටිකක් හදාගෙන, නාලා, 7.36ට
ගෙලිඔයෙන් යන අංක 185 කෝච්චියේ නාවලපිටියට ගියා.
එතැනදී, මට හම්බුනා අපේ දුම්රිය සේවයේ ඉන්න බොහොම
ගරු කටයුතු රියදුරු මහත්මයෙක්. ඒ තමා, මංගල පෙරේරා මහතා. ඔහු සමග කතා කර කර ටික වෙලාවක්
හිටියා. ඔහු මා සමග පැවසු අත්දැකීම් වෙනම පෝස්ට් එකකින් ඉදිරිපත් කරන්නම්. කොහොම
හරි, ඔහු මට රියැදුරු විවේක කාමරයේ හාන්සි පුටුවක් දෙන්න තරම් කාරුණික උනා. ඉතිං
මේල් එක නාවලපිටියට එනකල් මම නිදාගත්තා.
|
මේ
තමා බදුල්ලේ ඉඳන් මහනුවර යන අංක 126 දුම්රිය. මේ එන්ජිම තමා මේල් එක
පිටිපස්සෙන් තල්ලු කරන්නේ. මේකේ තමා මංගල පෙරේරා රියදුරු මහතා ආවේ. |
වෙනදා අශාන් එක්ක හයික් යනකොට ආය මේල් ඒකෙ
නිදාගන්නේ නෑ. එක එක දේවල් කියව කියවා, ෆොටෝ ගගහා
තමා යන්නේ. ඒත් මෙදා නම් කට්ටිය නිදන මැදිරියක ආසන වෙන් කරලා තිබ්බා.
|
නිදන මැදිරිය.. මේකේ නිදාගෙන ගියත් විටින් විට ඇහැරලා බැලුවා වටෙපිටේ මොකද වෙන්නේ කියලා. |
ඉතිං
මමත් පට්ටිපොළට එනකල් නිදාගත්තා. ඔන්න පට්ටිපොලින් බැහැපු තැන ඉඳන් කතාව-
|
මෙන්න පට්ටිපොලදී එන්ජින් දෙක හම්බුන වෙලාව.. මේ දවසේ මේල් එක අරං ආවේ M6- 797 සහ 786 කියන ජර්මානු එන්ජින් දෙක. |
|
මේ ඇවිල්ලා අපි සෙට් එක පට්ටිපොලින් බැහැලා, උදේට කන්න කඩයකට යන්න යන ගමන් ගත්ත ෆොටෝ එකක්. මේක අරගත්තේ කැමරාව ප්ලැට්ෆෝම් රෑම්ප් (Platform ramp) ඒකෙ තියලා. |
|
මේ ඇවිල්ලා ලංකාවේ දුම්රියක් ගමන් කරන උසම ස්ථානය. මුහුදු මට්ටමේ සිට අඩි 6226ක් උසයි. මේ සේයාරුව ගත්තේ අහම්බෙන් අපිට හම්බුන දමින්ද ප්‍රාසාංගික මිත්‍රයා. |
|
මම මේ කොටස ගැන පෝස්ට් දෙකක්ම ලියල තියනවා. කලින් මේ සෙක්ෂන් එකම ගියා අපි අශාන් එහෙම එක්ක. ඒ පෝස්ට් එකේදී මම කිව්වා මේ කොටසේ පන්සලක් හම්බවෙනවා කියලා. මේ ඒකට යන ගමන්. කට්ටිය පහලින් හෙමීට ගාටද්දී මම ගියා උඩට. ඔය පේනවනේ.. |
|
මේ තියන්නේ උඩරට තෙත් කලාපය උඩරට වියලි කලාපයෙන් වෙන් කරන අංක 18 බිම්ගෙය.. |
|
කලින් පාර අපිට උඩරට මැණිකේ හම්බුනේ බිම්ගෙය පසු කලාට පස්සේ. ඒත් අද අපිට කලින්ම හම්බුනා. මේ එන්නේ එයා. |
|
ඔය ඉන්නේ අපේ සෙට් එක. ඌව පලාතට ඇතුල් වෙන්න සූදානමෙන්. අනවසරයෙන් කියන්න බෑ මොකද අපි දැනුවත් කලයුතු අය දැනුවත් කරලයි ගියේ.. |
|
මේ අංක 18 බිම්ගෙය ඒ කාලේ ඉඳන්ම කරදර ගොඩක් ඇති කරපු තැනක්. 1951 වසරේ ගැරට් එන්ජින් නිසා ආපහු මේක කරදරයක් වෙන්න ගත්තා. කොහොම හරි, 1981 වසරේ , එවකට දිස්ත්‍රික් ඉංජිනේරු මහතා උන ප්‍රියාල් ඩි සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ අලුත්වැඩියා කල මෙම බිම්ගෙය, ඉන් පසු අද දක්වාත් කිසිඳු කරදරයක් දී නැහැ. |
|
මේ තමා පීලි හිල් කරන ඩ්‍රිල් එක. අපිට මගදී හම්බුනේ. |
|
මේ තියන්නේ ලංකා දුම්රිය මාර්ගයේ, තනි කෙලින් පිහිටි දිගම බිම්ගෙය. |
|
කලින් පෝස්ට් බලපු කට්ටියට මතක ඇති, මේ කොටසේ ලැවූ ගිනි ගැන මම සඳහන් කරා. බලන්න, මේ ගින්දරට පිච්චුන ගස් වල පොත්ත අදටත් පෙර විදියට හැදී නෑ. ඒ පිළිස්සුම් කැළැල් තවම තියනවා. |
|
ඔය පීල්ලට එහායින් දාල තියන අනික් පීල්ලට කියන්නේ Check Rail කියලා. මේ පීල්ල දාන්නේ වංගු වල. පීලි පැන පෙරලීම් වලක්වන්න. බලන්න මේ හරිය තියන දැඩි වංගු නිසා රෝදය Check Rail එකෙත් ගෑවිලා තියන විදිය. |
|
මෙන්න නියම පාලමක්. මේක හරහා එදා වගේම අදටත් පිටස්තර අයට යන්න තහනම්. ඒත් අපි ආවා. |
|
ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි, හැමෝම ඔහියට ආවා. මේ අපේ නිපුන තුමා මහන්සියට පුටුවක් නැතුවම ඉඳගෙන ඉන්න හැටි. |
|
අපි
ඔහියට එද්දී , මහනුවර - බදුල්ල මිශ්‍ර දුම්රියත් ආවා. මෙතැනදී මේකෙන් BCGS
මැදිරියක් ගලවල ඉවත් කරන්න ඕනේ උනා. එහෙම එන්ජිම ගලවපුවාම, මේ පැත්තේ
තියන පල්ලමේ කෝච්චිය යන්නේ නැති වෙන්න, මෙන්න මෙහෙම කෝච්චියට යාන්ත්‍රික
තිරිංගයක් යොදනවා. මේකට කියන්නේ Sprag එක කියලා. |
|
ඒ කොහොමින් කොහොම හරි, වෙනදට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් මාරු වෙන අංක 1008 සහ අංක 1126මිශ්‍ර දුම්රිය යන දුම්රිය දෙක,එදා මාරු උනේ ඔහියෙන්.ඒ නිසා, කට්ටියට ආයුබෝවන් කියලා,මම ඔහියෙන් ආපහු එන්න කෝච්චියට නැග්ගා. මේ ඇවිල්ලා, මම ඌව පලාතෙන් සමුගන්න කලින් ගත්ත අන්තිම සේයාරුව. |
|
ඔන්න අපි සමිට් ලෙවෙල් එක පහු කරා.දැන් ඉතිං හෙමින් හෙමින් පල්ලමේ යන්න තමා තියන්නේ..
මේ කෝච්චියේ දෙවන පන්තියේ මැදිරියක් තියනවා වෙන් කල යුතු නැති. ඊයේ මේ මැදිරිය සම්පූර්ණයෙන්ම වගේ හිස් ආවේ. මම අඹේවෙල දුම්රිය ස්ථානයෙන් බැහැලා, මගේ තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රය, දෙවන පන්තියට මාරු කරගත්තා.. |
|
පට්ටිපොළ ත්‍රිකෝණයේ ඉතිරි වී ඇති කොටස... |
|
වටගොඩ ට දුම්රිය එනකොට, මහා වර්ෂාවක් අහු උනා. මේක එක දිගටම තිබ්බා ඉඟුරුඔය පහු කරනකල්ම. පේනවනේ වැස්සේ සැර.. ෆොටෝ ගන්නවා තියා හිතන්නවත් බෑ. තැන් කිහිපයකදීම, අපේ මැදිරියේ දකුණු පස දොරෙන් ඇතුළු වූ වර්ෂාව, වම් පස දොරෙන් එලියට යන තරම් අධික උනා.. |
කොහොමින් කොහොම හරි, මේ වරුසාව මැද උනත්, අංක
1008 දුම්රිය පස්වරු 5.50 වෙද්දී පේරාදෙණියට ආවා. හැබැයි, මම ගෙදර එන්න හිතාගෙන
ආපු ටිකිරි මැණිකේ දුම්රිය, කඩුගන්නාවේදී මග නතර වෙලා. ඉතිං මම බස් ඒකෙ ගෙදර ආවා.
මේ හයික් එක ගැන කියද්දී කියන්න තව එක දෙයක් තියනවා. මේ තමා මම අශාන් නැතුව උඩරට ගිය පලවෙනි හයික් එක. මේ හයික් එක ඉතාම විනෝදජනක සහ ගවේෂණ පිරි එකක් උනත්, අශාන් නැති අඩුව හැම වෙලේම වගේ දැනුනා. විශේෂයෙන් ආපහු එන ගමන්.
මේ ගමනේ බරපැන දැරුවේ මමත් අපේ අප්පච්චිත් තමා. ඉතිං වියදම අඩු කරා සෑහෙන්න. ඒ වෙනුවෙන් සහය වෙලා, එක ටිකට් එකක් මට නොමිලේ ලබාදුන් තූර්ය අයියා ඇතුළු මිතුරන්ට මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම, මගේ තොරතෝංචියක් නැතිව ඉදිරිපත් කෙරුණු දුම්රිය විස්තර සාවධානව අසා සිට මගේ කණ නොපැලුවාටත් පිං! ආපහු එද්දී කට්ටිය මම නැතුව නිවිහැනහිල්ලේ එන්න ඇති කනක් ඇහිලා. :D
යකඩ යක්කුන්ගේ එකමුතුකමේ බලය තමයි.දොඩං මහත්තයා පුටුව නැතුව ඉන්න හැටිත් මරු
ReplyDeleteM6 එංජිමෙන් බලය දුන්න අවසාන උඩරට මැණිකේ දුම්රිය කොටුවේ සිට පදවාගෙන ගියෙත් මංගල පෙරේරා මහත්මයා තමයි.
එයාට ඔය වගේ මතක සටහන් ගානක් තියනවා. ලියන්නම්කො ඒ ටික එන සතියේ..
Deletedid you come back in 786 when did you come back?
ReplyDeleteYes. I came back with 786. I came back on the same day.
Deleteනියමයි හපොයි ආසාවේ බෑ මේ වගේ ගමනක් යන්න නිපුන තුමාගේ ඉද ගැනිල්ලත් මරැ... අර වංගුවනම් ඇත්තටම බයානකයි... හරි අර මල්ලීගේ ෆෑස් බුකියේ ලින්ක් එක එව්ව නම්
ReplyDeleteඑතුමාගේ තව මරු ෆෝටො ටිකක් තිබ්බා දැම්මේ නෑ. ඔය ලයින් ඒකෙ වංගු කොහොමත් භයානකයි තමා. ෆේස්බුක් ලින්ක් එක කිව්වේ? යකඩ යකා ට ලින්ක් එකද?
Deleteනියමයි. ෆොටෝ ටිකක් ලොකුවට බලාගන්න දැම්මනං තවත් නියමයි.
ReplyDeleteහරි. ඒක හදන්නම්. මේ ෆොටෝ වලට දාන විස්තරේ ෆොන්ට් සයිස් එක ලොකු කරන්නත් ඕනේ. ඒක ඉබේම පොඩි වෙලා.
Deleteකොටිං ඉවර කරල...
ReplyDeleteඔව්. කලින් මේ සෙක්ෂන් එක ගැන හයික් එකක් ගිහිං ලියපු සටහනකුත්, බදුලු යද්දී ලියපු සටහනත් තියනවා නේ.
Deleteප්‍රශ්න අංක 1. මිශ්‍ර දුම්රිය යනු කුමක්ද?
ReplyDeleteප්‍රශ්න අංක 2. Sprag දුම්රිය එන්ජිමේ අරන් යනවාද නැත්නම් දුම්රියපොළේ තියනවාද?
මගේ දැනුමේ හැටියට විචාරක තුමාට උත්තරයක් දෙන්නම් , හැබැයි මුකුත් හිතන්න එපා ..
Delete1. මිශ්‍ර දුම්රිය යනු , ගැහැණු සහ පිරිමි පොදුවේ ගමන් කරන දුම්රියයි .....
2. Sprag එක අරගෙන යන්නේ නෑ , මගදී ඕන උනොත් driver පයින් ගිහිල්ල අරගෙන එනවා . නැත්නම් පොලු කැල්ලක් කඩල ගන්නවා ....
හැක් හැක් හැක්, සුපිරි උත්තරේ.
Deleteපිළිතුරු-
Delete1. මිශ්‍ර දුම්රිය යනු, භාණ්ඩ ප්‍රවාහනය, තෙල් ප්‍රවාහනය සහ මගී ප්‍රවාහනය සඳහා මැදිරි ඇති දුම්රියකි. පෙර කාලයේ නම් මීට අමතරව අසුන්, එළවලු ආදියත්, ගල් අඟුරු සහ ඉන්ධනත් මෙවැනි මිශ්‍ර දුම්රිය මගින් ප්‍රවාහනය වී ඇත. නමුත් අද වනවිට මෙම මිශ්‍ර දුම්රියට භාණ්ඩ ප්‍රවාහන ගැල්, ඉන්ධන ටැංකි සහ මගී මැදිරි පමණක් ඇතුලත් වේ.
2. Sprag එක තිරිංග මැදිරියේ (Guard Van) ඇත. එක මැදිරියකට දෙකක් බැගින්ය. එන්ජිමක් හදිසියේ නැවත්වා තැබීම සඳහා අත් තිරිංග සමග Scotch Block එක භාවිතා වේ. මේවා එක එන්ජිමකට දෙක බැගින් එන්ජිමේ රැගෙන යයි. මේ බ්ලොක් එක යෝජනා කරන ලද්දේ 1969 වසරේ සිට නාවලපිටිය දිස්ත්‍රික් පරීක්ෂක ධුරය හෙබවූ H. U. තිබ්බොටුමුනුව මහතාය.
එල එල , මමත් අසම subject තමයි කොච්චි . ඔක්කොම කියෙව්වා ... දිගටම ලියන්න ... නියමයි .....මමත් කොච්චි ගැනම ලියන්න හිතාගෙන ඉන්නවා බලමුකෝ......
ReplyDeleteලියමු ලියමු. මමත් එන්නම් කියවන්න.
Deleteඑල එල , එත් මචං වෙලාව තමයි ප්‍රශ්නේ , අනිත් එක කොච්චි ගැන ආසාව තිබුනට වැඩිය දන්න දේවල් නැ ...බලමුකෝ හොයාගෙන හරි මොනවහරි දාන්න ඕන .....
Deleteදන්නා දේවල් දාමුකෝ.
Deleteඅපුරු සංචාරක සටහන්, ස්තුතියි පොස්ට් එකට.
ReplyDeleteස්තුතියි කමෙන්ටුවට!
Deleteමට කෝච්චි විස්තර, rail-hike ගැන ඕනෙ තරම් අහගෙන ඉන්න පුලුවන්. උඹ කියහං පුතා ඕනෙ තරම්.
ReplyDeleteඅඩේ.. ඊළඟ ගෙට් එකේදිවත් සෙට් වෙමු එහෙනම්... කියන්න දේවල් නම් ඕනේ තරම් තියනවා.
Deleteමමත් මේ සැරේ ගියහම අනුරාධපුර ඉදන් කොළඹිට ආව. කෝච්චියෙ ගමන කොච්චර සුන්දර ද කියල කාලෙකින් අත් වින්දා. මල්ලිගෙ කෝච්චි කතාවට සුබ පැතුම්
ReplyDeleteලංකාවේ දුම්රිය ගමන ඉතාම සුන්දරයි අක්කේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ. ඊළඟ පාර ආවම උඩරටටත් යන්න. ස්තුතියි සුභ පැතුමට!
Deleteසටහන ආසාවෙන් කියෙවුවා මල්ලියා..
ReplyDeleteඅපේ අප්පෝ රෙහානි අක්කව දැකපු කල්!!
Deleteමල්ලි අඟහරුවල හිටිය මදැයි. දැං එමුද මේ පැත්තට.
ReplyDeleteමේ එන ගමන්..
Deleteapith awa me blog ekata
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා!
Delete