අපේ එකක් නම් නෙවේ ඔන්න.. |
මේක නම් ඇත්තටම ගත් එකක් කියල කියන්නේ.. අනේ මන්දා.... |
ඒ මේ කොහොම වෙතත් කව්රුත් නොහිතන පැත්තකුත් මේ කතා ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ තමා දියුණුයි කියල කියාගන්න රටවල් අනික් රටවල් වල කටයුතු හොයා බලන්න දාපු අපූරු උපක්‍රමයක් වෙන්නත් පුළුවන් මේක. මොකද මේවා දැකපු ගමන් සාමාන්‍ය මිනිස්සු දුවල හැන්ගෙනවා. හමුදාවක් උනත් වෙඩි තියන්න නිර්භීත වේවි කියල හිතන්න අමාරුයි. එන්න ඒ නිසා අර වගේ වැඩක් වෙන්න හොඳටම ඉඩ කඩ තියනවා.
ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කල රේඩාර් වලට අහු නොවෙන ගුවන් යානයක් වන F117- Night Hawk යානය. |
අනික තව සමහර අය කියන දෙයක් තමා මේ අරන් තියන පින්තූර බොරු, ඒවා නිකම්ම බල්බ් එහෙම අරන් ෆොටෝ ෂොප් වගේ එව්වලින් එඩිට් කරලා දාපුවා කියල. එකේ වරද්දකුත් නෑ මොකද එහෙම කරන අයත් ඉන්න නිසා. ඒත් එක එහෙමයි කියල හැම ජායාරූපයක්ම එහෙම නෙවෙයි නේද?
තව සමහරු කියනවා ඒවා කැමරා වල කාච දෝෂ, ජල වාෂ්ප, දූවිලි නිසා හැදුන ඒවා කියල. ඒකට නම් මම එකඟ නෑ මොකද ඉස්සෙල්ල ඇහින් දකලානේ පස්සේ වීඩියෝ කරන්නේ..
අනික ගොඩ දෙනෙක් එක වර දැකපු තැනුත් තියනවා.. ඒ හැමෝගෙම ඇස් වල එකම වෙලාවේ එකම දොශේ එන්න අමාරුයි නේද??
ඉතින්...
මේ ගැනතවත් මම කතා කරලා වැඩක් නෑ.. මම මේ සටහන අවසන් කරන්නම් ඉංග්‍රීසි නාට්‍ය රචක ශේක්ස්පියර් මහතාගේ නාට්‍යකින් උපුටාගත් කොටසකින්..
"හොරෙශෝ.. ඔබගේ දර්ශනයට හසු නොවන බොහෝ දේ ස්වර්ගයේත් මහා පොළොවේත් ඇත.."
මලේ මේ බ්ලොගේ දිගටම ලියාගෙන පලයන්. නවත්ත්වන්න එපා ජයවෙවා..
ReplyDeleteරතුරට අයියා- බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට!! දිගටම මගෙත් එක්ක ඉන්න හොඳේ.. අතේ පණ තියෙන තුරු ලැපා මා ළඟ සිටින තුරු ගූගලා තියෙන තුරු මෙය ලියමි.
ReplyDeleteරතු රට අයියා මෙතන ඔයාගේ බ්ලොග් එකට ලින්කුවක් දෙන්නකෝ..
ReplyDelete