හරි, පහුගිය ටිකේ කෝච්චි ගැනයි හොල්මන් ගැනයි කතා කරා.. මාව ආපහු ලැප් එක ගාවට අරගෙන ආවෙත්නම් කෝච්චියක් තමයි. ඒ උනාට ඒ ගැන වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ.. කෙටියෙන් කිව්වොත්, සෑහෙන කාලෙකට පස්සේ වාෂ්ප දුම්රිය එන්ජිමක් උඩරට දුම්රිය මාර්ගයේ ඉහල කොටසට ආපු එක තමා හේතු උනේ. හරි ඒ ඇති.
ඔය පහුගිය දවසක පෝස්ට් එකක් දාපු වෙලාවක දැන් මේ පැත්තේ දකින්න නැති ධාරා කියල තිබ්බ විභාග කාලෙට තමා ලියන්න දේවල් හිටු කියල මතක් වෙන්නේ කියල. ඒක සහතික ඇත්ත අෆ්ෆා. ඔය විභාගෙට උවමනා කරන පරණ පොතක් හොයන්න අල්මාරියක් ඇදපු වෙලාවක, මට බොහොම අපූරු "වස්තුවක්" හම්බුනා..
මේ තමා උන බට තුවක්කුව... |
මේකක් හදාගන්න හැටි කියනවා නම්, මුලින්ම හොයාගන්න ඕනේ උණ පඳුරක්. ඒ කියන්නේ මෙන්න මෙව්වා..
මේ තමා කහ උණ. කොළ උණත් තියනවා. හැබැයි කහ උණ බටේ හයියයි වගේම වැඩි කල් පැවැත්මක් තියනවා.. විද්‍යාත්මක නාමය- Bambusa vulgaris. |
උණ පඳුරක් හොයාගෙන, එකෙන් එක ගහක් කපල දාගන්න ඕනේ. ඒ ගහ ඇද නැති එකක් වීම අනිවාර්යයි. මේකේ ඉහලම කොටස තමා තුවක්කුවට ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියන බටේ හීනි වෙන තරමට හොඳයි. සාමාන්යෙන් පැන්සලක මහතට වගේ තියෙන්න තිබ්බ නම් ගානයි. දැන් ඔන්න ඔය හරියෙන්, ගැටෙත් එක්කම කපාගන්න ඕනේ සෙන්ටිමීටර් 15ක් 20ක් දිග කෙලින් කෑල්ලක්. ඊට පස්සේ, ගැට දෙක මුලින්ම වගේ කපල අයින් කරගන්න, හැබැයි මේ වැඩේ කරනකොට බටේ පලාගන්න එපා..
ඔය ටික කරාම මෙන්න මෙහෙම තියෙන්න ඕනේ.
ඔන්න තුවක්කු බටේ.. මේකේ නම් සෙලෝටේප් වලින් සීල් කරලා තියන්නේ වටේට. අලුත් එකක ඒවා ඕනේ නෑ. මේක කොළ උණ වලින් හදපු එකක්. |
පේනවා නේද මම අගින් ගැටයක් තියල තියන හැටි.. |
නෑ නෑ බයවෙන්න ඕනේ නෑ. මේකට තව උණ්ඩ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. එකතු කරගන්න මෙන්න මේ ටික-
පරණ පත්තර පිටු දෙක තුනක්,
ටිකක් ලොකු කෝප්පයක්,
කෝප්පෙන් භාගයක් තරමට වතුර.
ඔය ටිකෙන් උණ්ඩයක් හදාගන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම පත්තර පිටුවක් ඔය වතුර ටිකේ හොඳට පොඟවගන්න. ඊට පස්සේ ඒක ඔය තුවක්කුවට දාගන්න පුළුවන් තරමක කෑලි වලට කඩල ගුලි කරගන්න. අච්චු කූර (ඔය උඩ තියන්නේ.. ) අරගෙන, ඕක දිග බටේ එක පැත්තකට යවාගන්න. දැන් තව එකක් අරගෙන අනික් පැත්තෙන් තියල හෙමීට කූරෙන් ඇතුලට තල්ලු කරන්න. කූරෙන් අඟල් භාගයක් තරම ඇතුල් කරන්න පුළුවන් තරමට කොළ ගුලිය ඇතුලට ගියහම, කූර බටේට ඇතුල් කරලා, වෙර දාල තල්ලු කරන එකයි තියන්නේ. බටේ පිපුරුවේ නැත්තම්, අර කලින් තියපු ගුලිය ඩෝන් ගාල එලියට විසික් වේවි. (මූනට අල්ලාගෙන එහෙම ඔය වැඩේ කරන්න එපා ඇහැක් හොයන්න යන්න වේවි ඊට පස්සේ)
මේ තියන්නේ ඔය සම්පූර්ණ කට්ටලය..
ඔන්න සම්පූර්ණ කට්ටලය. ඔතන එකක් තෙමපු උණ්ඩයක්. අනික කලින් පාර පාවිච්චි කරලා ඇතුලේ තිබ්බ එක. |
ඔය තුවක්කුවෙන් වෙඩි තියන්න ටිකක් පුරුදු වෙන්න ඕනේ. අපි ඒ දවස් වල ඕවලින් යුද්ධ හිටන් කරලා තියනවා. ලේ පාට හිටින්න, කොල පොඟවන වතුරට රතු පාට දිය සායම් හරි ගඩොල් කුඩු හරි දිය කරනවා.. :D
මේකේ ක්‍රියාකාරීත්වය තියන්නේ වායු පීඩනය මත. ඒ කියන්නේ, කොළ ගුලි දෙකෙන් හිර වෙනවනේ වාතය කොටසක්. බටේ හරහා එලියට යන්නත් බෑ. ඉතින් එක පැත්තකින් තල්ලු කරද්දී, වායු පීඩනය නිසා ලේසි කෙලවරින් කොළ ගුලිය විසි කරගෙන වාතය නිදහස් වෙනවා. එහිදී වායුවේ තිබ්බ ශක්තියෙන් කොටසක් ශබ්දය විදිහටත් නිදහස් වෙනවා. බැරි වෙලාවත් උණ බටේ දුර්වල උනොත්, බටේ පුපුරන්නත් ඉඩ තියනවා.. ඔය අච්චු බටේට සමාන යාන්ත්‍රණයක් මත තමා වාෂ්ප දුම්රිය වැඩ කරන්නෙත්.. වායු බලයේ තරම හිතාගන්නකෝ ඉතින්...
ඕවට මේ පැත්තෙනං කියන්නෙ කිරිල්ල වෙඩි කියල.
ReplyDeleteඕවට දාන්න ගන්නෙ කිරිල්ල කියන ගස්වල ගෙඩි. ඒව නැති කාලෙට ඔය වගේ කඩදාසි කොළ පොඟවලත් දාල තියෙනව.
ඔව් එක එක පැති වල එක එක නම් නේ.. කොහොම හරි, අපි නම් පාවිච්චි කරේ කඩදාසි කොළ තමා.. :D
Deleteඅපිත් මේවයින් හොරා පොලිස් කළ ඒ කාලය මතක් වුණා. අපි දාන්නෙත් කොහි කරිල්ල හො වෙඩික්කා කියන ගෙඩි වර්ගය වැදුණාම පාරක් පුපුරු හිටිනවා. අගෙයි මලයා.
ReplyDeleteඅෆ්ෆා අපිත් කියල වෙනසක් නෑ.. ඉස්සර හවස් වරුවේ එහෙම මේ පැත්ත මුදා නොගත් කලාපයක් වගේ තමා.. අපි කඩදාසි රතු පාට කරලා ගන්නේ.. :D
Deleteප්‍රසන්න අපි කියන්නේ කෝකිරිල්ල කියල , දංගෙඩි උනත් දාන්න පුලුවං ,
ReplyDeleteඔය වැඩේට හොදම උණ ගස් නෙමෙයි බට ගස් , මැරෙන්ඩ ඔන්න මෙන්න තියන පුරුක් දිග එකකින් ගත්තහම , සබ්දය සහ උන්ඩය යන දුර වැඩි කරගන්න පුළුවං , ඒකට ඉස්සරහට ලොකු නූල් කෝන් එකක් ගහ ගත්තහම සබ්දය තවත් ටිකක් වැඩි කරගන්න පුලුවං ,
Deleteමං ඉස්සර හදනව දෙකක් , වෙඩි තියල බලල එකක් ගන්නවා ඊලක්කය ගන්න , ඒ තරම් හොදට ඉලක්කය ගන්න බැරි එක වැඩි ශබ්දයක් ගන්න නුල් කෝන් එකක් දාලා හදාගන්නව
හැබැයි දෙකටම එක අච්චු කූරයි , ඒක හදාගත්තේ වරිච්චි බිත්තියක් අස්සේ තිබිලා ගත්ත පරණ පුවක් පටියකින් , මිටට බට කෑල්ලක් නැතුව ඒ කොටසත් කපාගත්තා අර පුවක් පටියෙන්ම
බට දෙකම එකට තියල ඔට්ටපාලුවලින් බැදලා තමයි තිබුනේ , ආයේ ඉතින් ඕකත් අරගන යන්නේ නිකං රම්බෝ වාගේ තමයි
ඕකේ මිනි වර්ෂන් එකකුත් තිබුනා සාක්කුවේ දාාගන ඉස්කෝලෙට ගෙනියන්ඩ , ඒක හදන්නේ පැන් බටයකින් , ඒකට දාන්නේ ගදපාන ( බාලොලියා ) ගෙඩි
දැං හැදෙන එකාලට කොහෙද බං එහෙම ආතල් එකක්
ඉදල හිටල හරි මොනවහරි ලියහං බං , දැන් කියවන්ඩ දෙයක් නැ , බ්ලොග් දෙක තුනක් ඇරෙන්ඩ අනිත්වා හෙවනැලි
Deleteමම නම් මිනි වර්ෂන් හද හද හිටියේ නෑ ඕකම තමා ඉස්කෝලෙට ගෙනිච්චේත්. ගෙනියල බැල්කනි එකේ ඉඳල බාස්කට්බෝල් කෝට් එකට තිබ්බ හතර පහක්. මමත් මෙයින් දෙකක් හදාගෙන හිටිය. බයිසිකලේ යන්නෙත් එකක් ලෝඩ් කරලා අතේ තියාගෙන අනික් එක සාක්කුවේ දාගෙන. සාක්කුවේ දාන් හිටිය එක දවසක් වැටිලා පිටිපස්සේ රෝදෙට අහු උනා. එදායින් පස්සේ මේකත් ගෙදර.
Deleteදැන් ඉන්න උන් මේවා අඳුරන්නෙත් නෑ... උණ බට තුවක්කුව කිව්වම ඒ මොකද්ද අහන උන් නේ දැන් ඉන්නේ. 90 දශකයේ මුල කට්ටිය තමා මේවලින් සෙල්ලම් කරපු අවසාන පරම්පරාව.
ලියන්නම් ලියන්නම් දැන් ප්‍රශ්නයක් නෑ...
පෑන් බට තුවක්කුවට අපි නං දාන්නෙ ගම්මිරිස් ඇට, අටං...
Deleteපෑන් බට තුවක්කුව හදල අච්චු කූරට ගන්නේ මොකද්ද?
Deleteඉස්ෆෝක් කම්බියක් කපලා අරගත්තහම මරු
Deleteතෑන්ක්ස් වේවා!!
Deleteඅපිත් දැම්මේ කිරිල්ල ගෙඩි බං.. කිරිල්ල ගෙඩිය සිදුරට තියලා මිටෙන් පොඩි තට්ටුවක් එහෙම දාලා ලෝඩ් කරගන්නෙ :D
Deleteඅන්න අපිත් එහෙම තමා කඩදාසි ලෝඩ් කරෙත්. බටේ හීනියට වගේ පිපුරුවම හුලන් ටික යන්න කලින් වෙඩි තියන්න ඕනේ.
Deleteකිරිල්ල ගෙඩි නේද ඊය කියන්නේ? මේ පැත්තේ දාන්නේ ඒවා... ආයේ උණ බට තුවක්කුවක් හදා ගන්න ආස හිතුනා මේක දැකලා
ReplyDeleteහදාගමු හදාගමු.. ඔය උඩින් ඉන්නේ මේ ශිල්පයේ කෙල පැමිණි කස්ටිය.. ඊළඟ ගෙට් එකේදී මෙව්වයින් යුද්දයක් කරන්න බැරුවය.. :D
Deleteහිහි උණ බට තුවක්කුව...
ReplyDeleteඅපි නං යූස් කලේ කිරිල්ලයි කරදාසි පොගවලා හදපු ගුලියි...
වැදුණහම කාගෙ හරි එක්කො අපි දුවනව...
නැත්තං අපි දුවනව..
හිහි
අපි පාරවල් වලට එහෙම තියනවා ඉස්සර ගස් උඩ ඉඳල.
Deleteබොහෝ වෙලාවට අපි අපිම තමා තියාගන්නේ.
මම ඉස්සල්ලා දැක්කේ ඔයාට වී භාගයක් තියෙනවා කියලා. :)
ReplyDeleteමටත් දැන් මොන වගේ හරි කමක් නෑ තුවක්කු ටිකක් ඕනි වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට අඟහරුවා අහුවුණා වැඩේට. :D
හෆ්ෆා පොඩ්ඩි අක්කා... වෙලාවට පස්සේ හරියට දැක්කේ නේද.. :D
Deleteදෙන්නම් දෙන්නම් කිසි ප්‍රශ්නයක් නෑ.. ඕනේ බෝර් එකයි ගානයි එවන්න..
දැන් ඉතිං අහල පහල උන් වසලා හමාරයි.මට ආරංචිය ආවා මලයා ඔය තුවක්කුව දහම්පාසලේ උගන්වන්න යනකොටත් ගෙනියනවා කියලා... කතාව ඇත්තේයි :D
ReplyDeleteපීසුද.. අහල පහල උන්ට තියන්නේ නෑ ඒකෙන්.. ඒක දැන් කෞතුක භාණ්ඩයක් වගේ.
Deleteදහම්පාසලට තුවක්කු ඕනේ නෑ..
ඔන්න භාණ්ඩේ. ඉස්සර ඉස්කෝලේ ගෙනියලා පලු නගින්න වෙඩි තියන්නේ , බට ගස් වලින් තමයි හදන්න පුළුවන් සිරාම තුවක්කු
ReplyDeleteබට ගහක් මෙහෙ දකින්නවත් නෑ දැන්.. මගේ ගාව තියන තුවක්කුව අද ෆයර් කරනවා දැකල අත්තත් කිව්වේ ඕව ඉස්සර බට ගස් වලින් හදනවා කියල..
Deleteබට ගස් තියනවා තාම..බං හවසට පාරෙ යනවා ස්කිනි එහෙම ගහං .. :D
Deleteඔය කොයි පළාතේද?
Deleteපොඩි කාලෙ ම්න් ගාවත් එකක් තිබුනා..
ReplyDeleteමේකත් මම 6 වසරේදී හදපු එක. තව සෑහෙන ගානක් හැදුව.. ඒවා සමහරක් ඒ දවස් වලම රීප්ලේස් උනා. අනික්වා එක්කෝ බට පිපුරුව. නැත්තම් වැටිලා එහෙම කැඩුන. ඉතුරු උනේ ඕක.
Deleteඅඩේ අපිටත් එහෙම අතීතයක් තිබුනා නේද කියලා මතක් වුනා..
ReplyDeleteවර්තමාන දරුවන්ට අහිමි ඒ සුන්දර ළමා කාලය...
Deleteකිරිල්ල,කොන්කිරීඤ,අමු ගම්බිරිස් ඇට,ලපටි දම් ගෙඩි තමා අපේ ප්‍රියතම උණ්ඩ..කිරිල්ලයක් කකා නොවෑ විදින්නෙත්..කඩදාසි ගැන දැනන් හිටියත් පාවිච්චි කරලා න හෆ්ෆා...අපිට උණ්ඩ හිගයක් තිබුනේ නැ නොවෑ ඒ කලේ..
ReplyDeleteඋන ගහට වඩා බට ගහ තමා හොද..සද්දේ වැඩි...මම නම් ගත්ත්තේ කොපි කොටුව
කෝපි ගස් අපි ගත්තේ දුනු ඊතල හදනකොට. කිතුල් කෝටු වලින් අපිට අඩුවක් තිබ්බේ නෑ.. කොහෙන් හරි එකක් සෙට් උනා. අපි නම් කඩදාසි තමා පාවිච්චි කරේ වැඩියෙන්ම.
Deleteබට ගස් නෑ අෆ්ෆා ලේසියට හොයාගන්න. ලඟම තිබ්බේ උණ.
හෙවනක මිටි වෙලා මෝරපු රත්මල් කෝට්ට , කැට කෑල කෝට්ට , එව්වත් ගත්ත හැකි
Deleteහිට පිය මම දැං එකක් හදනව
Deleteහදමු හදමු. පුළුවන් නම් ඕව ටිකක් හදාගෙන එමු ඊළඟ ගෙට් එකට. ඇවිල්ල තියමු කට්ටියට නිල් වෙන්න.. :D
Deleteමම ගෙනත් පැලකරපු පොඩි බට පදුරක ගස් හතරක් පහක් තිබුනා බං , කෙල්ලටත් හෙන පංපෝරියක් ගහල එකක් කපල බලනකොට ඒක හරියන්නේ නැ . ඒක අර හිල පොඩි ජාතියේ මල් බට පදුරක් .
Deleteහිටහං මම කොහෙන් හරි හොද බට ගහක් හොයාගන්නව
හොයමු හොයමු හොයල හදාගෙන ෆොටෝ ටිකක් එහෙම දාමුකෝ හදන හැටිත් එක්කම..
Deleteබොහොම හොඳයි බොහොම හොඳයි. අද කාලේ ළමයි අහලා දැකලා නැති, අපි පොඩි කාලේ 'මහා සටන් කල' මේ තුවක්කුව ගැන අද ලෝකයට කියාදීම ගැන බොහොම ස්තුතියි.
ReplyDeleteඅද ඉන්න දරුවන්ට ඉස්කෝලෙන් කිව්වොත් පැවරුමක් ලෙස මේ තුවක්කුවක් හදන්න කියලා තාත්තා තමයි හදන්නේ. ළමයා දන්නෙත් නෑ හදලා දෙනකල්. නැත්නම් දන්නා කෙනෙකුට සල්ලි දීලා හදවාගන්නවා. ඉතින් කොහෙද ප්‍රයෝගික දැනුමක් ලැබෙන්නේ.
අනිවාර්යෙන් අනිවාර්යෙන්.. දැන් ඉන්න උන් කුරුම්බැට්ටි මැෂිම හදන්න දන්නෙවත් නෑ. තුවක්කු ගැන කුමන කතාද...
Deleteමට මේ සටහන ලියනකොට විචාරක තුමාව මතක් උනා අර කාලතුවක්කු ටික එක්කම. ඒ උනාට කොහෙද ඉතින් මේකේ මෙන්ෂන් කරා කියල නොටිෆයි වෙයි කියලය..
උන බට තුවක්කු, කුරුම්බැට්ටි මැෂින්, පැපොල් බට නලා වලින් සෙල්ලම් කරපු අන්තිම පරම්පරාව අපි...
මම ඔබව මගේ බ්ලොග් රෝලට දාගත්තා. මීට පස්සේ මගහැරෙන එකක් නැහැ. අටම් තමයි පාර කිව්වේ.
Deleteබොහොම ස්තුතියි විචාරක තුමනි! ඒ වගේම අටම්ටත් ගොඩාක් ස්තුතියි පාර කිව්වට!
Deleteදැක්කමත් ආසයි බං.
ReplyDeleteඔව්.. සහතික ඇත්ත. එකනේ වැඩ කරන එකක්ම තියාගෙන ඉන්නේ...
Deleteපාර කිව්වේ අටමා.. මාත් පොත් බෑග් එකේ ඔබාගෙන ඉස්කෝලෙ ගෙනිච්චා ඕක..සාක්කු දෙකේ බුලට්. :D
ReplyDeleteමමත් බෑග් එකේ තමා අරගෙන ගියේ.. පන්තියට එහා පැත්තේ ටැප් එකක් තිබ්බ හින්ද උණ්ඩ ප්‍රශ්නයක් උනේ නෑ..
Deleteදැක්කමත් ආයිමත් හිත පොඩිකාලෙට ගිහිං ආවා............ඔය කාලේ උන්ඩයක් කොයි වෙලෙත් කටේ දාං හිටියේ කෙල වලිං තෙත් කරං නැත්තං හදිස්සියට වතුර හොයං ලෑස්තිවෙනකොට අනිත් එකා අපිට තියලා ඉවරයි
ReplyDeleteඅපි නම් ඉතින් ගෙවල් වල ඉඳලමනේ යුද්ධ කරන්නේ. වතුරේ ප්‍රශ්නයක් තිබුනේ නෑ ඒක නිසා..
Deleteඕකට තව හරියටම හරි දං ගැට. ඉදෙන්න කලිං කොල පාටට තියෙන දං ගැට ඔය විදිහට කටෙන් බස්සනකොට වැඩි කොටස කැඩිල අයිං වෙනවා .
ReplyDelete