Saturday, September 5, 2015

පොඩ්ඩිත් එක්කලා ගිය ගමනක සටහන..

             මාස ගණනක නිහැඬියාවකින් පසුව, යලිත් බ්ලොග් අඩවියට එන්නට සිතුනි. බ්ලොග් ලිවීම, කියවීම සහ සම්පූර්ණයෙන්ම අතහැරී ගියේ කාලය නැති කමක් නිසා නොව, ඩේටා නැති කමත්, පෙර මෙන් අන්තර්ජාලය වෙත පිවිසීම සඳහා භාවිතා කල හැකි ජංගම දුරකතනයක් නැති වීමත් හේතුවෙනි. ඒ දවස් වල නොකිඅ 2730c සහ 6220c, පසුව 6720c දුරකථන වලින් 100MB දත්ත ප්‍රමාණයක් දවස් තුනක් වත් භාවිතා කල හැකි විය. ඒ නමුත්, දැන් ඇති ඩොන්ගල් එකට එම දත්ත ප්‍රමාණය සෑහෙන්නේ පැය 4-5 කට පමණි. ඒ හේතුවෙන් මා අන්තර්ජාලය භාවිතා කිරීම අවම විය.
             බ්ලොග් අඩවියට නැවත සටහන් එක් කිරීමට සිතමින් සිටි පසුගිය කාලයේදී, චාරිකා සටහන් පෙළක් ඇරඹීමට මගේ සිතේ ආශාවක් ඇතිවිය. ඒ අතරතුර, පාසල් මතකයන් ද මා සිත තුල විටින් විට හොල්මන් කරන්නට විය. විශේෂයෙන් උසස් පෙළ විභාගය නිම වී ගත කල කාලය, එම කාලය තුල කල සංචාර ගැන මතකයන් මතු වන්නට විය.
මෙසේ සිටින අතරවාරයේ, බදුල්ල බලා ධාවනය වන අංක 1007 දුම්රියෙන් කොළඹ සිට මහනුවර බලා පැමිණීමට අවස්තාවක් ලැබුණි. ඉස්සර උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රිය සමගින් ධාවනය වූ M6 පන්තිය පසෙකට වී චීනෙන් ආ අලුත් මනමාලයන් සමගින් එම මැණිකෙලා දැන් කඳු අතරට පැමිණේ. නමුත් එදා ගමනින් පසු, M6 පන්තියත් සමග ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ මා ගිය සුන්දර සංචාරයන් මා හට සිහිනයෙන් පවා පෙනුනි..
             සංචාරක සටහන් පෙළක් ගැන සිතමින් සිටි මට, අපූරු අදහසක් සිතට නැගුණි. ඒ නම්, පොඩි මැණිකේ දුම්රියේ මා 2012 වර්ෂයේ පොඩි මැණිකේ සමගින් බදුලු ගිය ඒ සොඳුරු සංචාරය සටහන් කල හැකි නොවේද අදහසයි..                                 

            ඉතින්, මේ ඇරඹෙන්නේ එම සටහන් පෙළයි. මෙය ඇරඹුණේ, ජංගම දුරකතනයේ අදටත් පවතින මෙම කෙටි පණිවිඩයෙනි- 

“ Aiya, api Podi Manike Badullata gihin emuda? Nawathinna thanak thiyanawada?” 

             මෙය මා විසින් අප සංචාරය සාර්ථක කරගැනීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් අකිල කරුණාරත්න අයියා වෙත යවන ලද්දකි. මෙතැන් පටන්, ඉන්නට තැනක්, යන දුම්රිය, යන්නේ කවුද, යන්නේ මොකේද, එන්නේ මොකේද යනාදී බොහෝ මාතෘකා පිලිබඳ විවිධ අය සමග කෙටි සාකච්ජා පවත්වා, උදේ පොඩි මැණිකේ දුම්රියේ යන්නටත්, ඊළඟ දවසේ පොඩි මැණිකේ දුම්රියෙන්ම එන්නටත් සාකච්ජා විය...
එතැන් පටන් ගමනේ තොරතුරු, මෙම ගමන සිදු වූ සැප්තැම්බර් 26 වැනිදා සිට බලාපොරොත්තු වන්න.....


22 comments:

  1. ඊලග නැකතද අගහරුවෝ 26 වෙනිදට උදාවෙන්නේ????

    ReplyDelete
    Replies
    1. නැකතත් හූනාටම ය කියා කියමනක් අසා ඇත.

      Delete
    2. නැකැත් බලබල හිටියොත් නලින් අයියේ අපිට වෙන වැඩක් කරන්න වෙන එකක් නම් නෑ..

      Delete
    3. නෑ නෑ නැකතක් නෙවේ 26 වෙනිදා එක්ක මේ පෝස්ට් ඒකෙ සම්බන්ධයක් තියනවා.. ඒ පෝස්ට් එකෙන්ම ඒක කියන්නම්කො...

      Delete
  2. මැණිකේ එක්ක හනිමුන් ගිහිල්ලා වගේ. කොහොම නමුත් අද දවසේ පරණ මිත්තරයෝ කීප දෙනෙක්ම පෝස්ට් කමෙන්ට් දාල තියනවා දැක්ක එකත් සතුටුයි. ලියමු ලියමු ආයිමත්.

    ReplyDelete
    Replies
    1. 26 වෙනිදා ඉඳන් සතියට එක ගානේ දාන්න ඉන්නේ. බලන්නම්කෝ ආපහු දිගටම එන්න මේ පැත්තේ.. මේ ඩේටා නැති ප්‍රශ්නේ නොවෙන්න මම මේ වෙද්දී තව පෝස්ට් 10ක් වත් දාලා..

      Delete
  3. මෙ පොස්ට් බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ නෑ. මම මේක දැක්කෙත් රජාගේ එකෙන්. හේතුව මාත් දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරියටම දන්නේ නෑ නලීන් අයියා. මමත් බ්ලොග් එකක් කියෙව්වේ නෑ සෑහෙන කාලෙකින්. බලන්නම් මොකද්ද අවුල කියල.
      ස්තුතියි කිව්වට!

      Delete
  4. මොක කොරන්නත් ඉස්සරලා මේ තීම් එක වෙනස් කොරහන්

    ReplyDelete
    Replies
    1. ඔන්න කරා.. වෙලාවක හෙමීට හොඳ එකක් හදල දාන්න ඕනේ.

      Delete
  5. අඟහරු ලෝකෙට ගියා වගේමයි පෝස්ට් එකට ආව හැටිය දැනෙනෙනේ. පොඩ්ඩිත් එක්ක ගියා කීවාම දුවගෙන ආවා බලන්ට. :P

    ආයේ ලියන එක ගැන නම් සතුටුයි අඟහරුවෝ...:)

    ReplyDelete
    Replies
    1. ආය ඉතින් දන්නවනේ අක්ක අපි කොහේ ගියත් ජාතික අනන්‍යතාවය තියාගෙන ඉන්නවා.. :D
      පොඩ්ඩි කිව්වට අවුලක් නෑ නේ?
      ආය ලියන්න නම් හිතක් තිබ්බේ නෑ මුලදී නම්..

      Delete
  6. එහෙනං අපිත් 26 වෙනිද එඤ්ඤංකො බොලත් එක්ක බදුලු යන්න.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.. කන්නත් මොනවා හරි අරගෙන එන්න.!

      Delete
  7. රතු පාටට ඇස් දෙක රිදෙනවා සහෝ ටෙම්ප්ලට් එකේ වෙනසක් කරපන් කෝ 26 එන්නම් කෝ

    ReplyDelete
    Replies
    1. ඔන්න වෙනස් කරා.. එන්න එන්න.. 26 වෙනිදට අනිවා එන්න..

      Delete
  8. අගහරුවෝ................. ඔ්ක පට්ට ගමන... සුන්දර ම පේරාදෙණියෙන් පස්සේ.... තවත් සුන්දර නාවලපිටියෙන් පස්සේ.. ඔය ගමනේ සුන්දරම තැනක තමා අපි ඉන්නේ.. මේ දැනුත් බදුල්ලට කෝච්චියක් යනවා... ගෙදර ඉදන් බලද්දි පේනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.. මමත් බදුලු මාර්ගය අද්දර තමා ඉන්නේ.. ජනේලෙන් එලිය බැලුව ගමන් රේල් පාර තමා පෙන්නේ.. උඩරට මාර්ගය කොහොමත් ලස්සනයි..

      Delete
  9. අඩුම ගණනේ 50 වතාවකට වැඩිය ගිහින් තියනවා, විශේෂයෙන් රාජකාරි කටයුතුවලට අදාලව. නමුත් කොච්චර ගියත් එපාවෙන්නේ නැති ගමනක්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත විචාරකතුමා.. කොච්චර ගියත් එපා වෙන්නේ නැති ගමනක්. මම නම් සම්පූර්ණ ගමනම ගිහින් තියන්නේ එක පාරයි. දැන් නම් යන්න හිතෙන්නෙත් නෑ මේ මැණිකෙලා චීන්නුන්ට බන්දල දුන්නට පස්සේ. ඉස්සරහ එන කොටස් වලදී ඔබතුමාගේ අත්දැකීමුත් දාන්න කියල ආරාධනා කරනවා!

      Delete
  10. චීන මනමාලයෝ එක්ක පොඩි මැණිකේ දැන් කෙළගෙන ආවට ඉස්සර පරණ කෝච්චියේ තිබ්බ ගතිය නෑ :/

    ReplyDelete