Saturday, September 26, 2015

සොඳුරු ගමනක ඇරඹුම- බදුලු චාරිකාව..

දිනය- 2012 සැප්තැම්බර් 26.
වෙලාව- උදෑසන 6.30.
          

          දුරකතනයේ එලාම් එක වැදෙනු ඇසී දඩිබිඩි ගා ඇඳෙන් බැස්සෙමි. පාන් ටික ටෝස්ට් කරගෙන, කිරි හදාගෙන, නාගතිමි. උදේ ආහාරය ගෙන අප්පච්චිට වැඳ ස්ටේෂන් එකට දුවන විට රේල් ගේට්ටුවත් වසා ඉවරය. ස්ටේෂන් ඒකෙ මා එන තුරු අකිල අයියා සිටියේය. එකල පොඩි මැණිකේ දුම්රිය ගෙලිඔයේ නතර නොකෙරුණි. ඒ නිසා, අප උදේ කාර්යාල දුම්රියෙන් පේරාදෙණිය හන්දිය වෙත ගමන් කළෙමු.
උදෑසන කාර්යාල දුම්රිය..
                         
           පේරාදෙණියේදී අපේ තවත් මිත්‍රයෙක් වූ රුචිර වත්තෙතැන්න නම් මාගේ පාසල් මිතුරා හමු විය. එකල පොඩි මැණිකේ දුම්රියට උදේ සහ හවස සම්බන්ධක දුම්රියක් මහනුවර සිට පැමිණි අතර, පොඩි මැණිකේ පේරාදෙණිය හන්දියෙන් හැරී ගියාය. මහනුවර යන මගීන් සම්බන්ධක දුම්රියෙන් ගමන් කල යුතු විය.
පේරාදෙණිය සන්ධිය ලංකාවේ පැරණිම දුම්රිය ස්ථානයකි. එය 1867 වසරේ මුලින්ම භාවිතයට ගෙන ඇතත්, දැන් පවතින දුම්රිය ස්ථානය ගොඩ නැගුනේ 1875දී, නානුඔය වෙත දුම්රිය මාර්ගය ඉදි වන සමයේ ය. මුහුදු මට්ටමේ සිට අඩි 1553ක් ඉහලින් පිහිටි මෙය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 70කුත් දම්වැල් 67ක් දුරින් පිහිටා ඇත.
           පෙර කාලයේ කොළඹ සිට පැමිණෙන දුම්රියක් හරවා යැවීම ඉතා අපහසු වීම නිසා, මෙම දුම්රිය හන්දිය ගොඩ නැගී ඇත. ප්‍රධාන දුම්රිය මාර්ගය මෙතනින් බදුල්ල දෙසට හැරෙන අතර, මහනුවර දුම්රිය ස්ථානය දැන් මාතලේ මාර්ගයට අයත් සේ සලකනු ලබයි.

            අප දෙදෙනා ප්‍රවේශ පත්‍ර මිලදීගෙන, වේදිකාවට වී සිටියෙමු. ටික වෙලාවකින් පහත සඳහන් නිවේදනය ඇසෙන්නට විය.. -

"කොළඹ කොටුවේ සිට, බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ සීග්‍රඝාමී දුම්රිය, තව ස්වල්ප වෙලාවකින් දෙවන වේදිකාවට ලඟා වනවා ඇත.. මෙම දුම්රිය නවත්වන්නේ ගම්පොල. ගම්පොල සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...

Podi Manike express train from Colombo Fort to Badulla will arrive onto number 2 platform shortly. She will be stopping at Gampola, and all the stations beyond…."

            ස්වල්ප වෙලාවකින්, පේරාදෙණිය දුම්රිය ස්ථානය පසුකොට බදුල්ල දෙසට ධාවනය වී සංඥා කුලුන අසල නතර වූ දුම්රිය පසුපසට ගැනීමට දුන් නලා හඬ ඇසුනි. M6 දුම්රිය එන්ජිමකින් බලය ලැබූ පොඩි මැණිකේ දුම්රිය, ටිකින් ටික වේදිකාවට සේන්දු වූවාය. එහිදී, රඹුක්කන සිට පැමිණි අපේ අනෙක් මිතුරා, අශාන් විජේකෝන් අප සඳහා පා පුවරුවක් අල්ලාගෙන සිටියේය.
තවත් නිවේදනයක් යකඩ කටින් නිකුත් විය.-
පොඩ්ඩි කඳුකරය වෙත ගමනාරම්හ කිරීමට සූදානමින්...
“ දෙවන වේදිකාවේ නවතා ඇති පොඩි මැණිකේ දුම්රිය දැන් බදුල්ල බලා පිටත් වේ.. එම දුම්රිය නවත්වන්නේ ගම්පොල. ගම්පොල සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.....”

             ඒ සමගම, තියුණු නලා හඬක් නිකුත් කල පොඩි මැණිකේ, බදුල්ල බලා ගමන් ඇරඹුවාය..
                  
            පේරාදෙණිය දුම්රිය හන්දියක් බැවින් එක දුම්රියක් සම්පූර්ණයෙන්ම ගමන් දිශාව ආපසු හැරවිය හැකිය. ඒ බැවින්, කොළඹ සිට පැමිණෙන විට කොළඹ දෙසට මුහුණ ලා තිබුණු නැරඹුම් මැදිරිය, දැන් මහනුවර දෙසට මුහුණ ලා සිටී..

පේරාදෙණිය පසු කල පොඩි මැණිකේ, කොස් හින්න, අප චාරිකාව පටන්ගත් ගෙලිඔය, වැලිගල්ල ආදී දුම්රිය ස්ථාන වේගයෙන් පසු කොට මහවැලි ගඟ අද්දරින් වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ කහටපිටිය බිංගය තුලින් ගම්පොල වෙත සේන්දු වූවාය. මෙම කහටපිටිය බිංගය අප චාරිකාවේ අපට හමුවන ප්‍රථම බිංගයයි..  

22 comments:

  1. සුන්දර චාරිකාවක මතකාවර්ජනයක් නේද අගහරුවෝ.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. ගියපු සුන්දරම චාරිකාවක්..

      Delete
  2. අගහරුවෝ.............. කොළඹ ඉදලා ඒද්දි පේරාදෙණියෙන් හැරෙව්වාම හරි නුවර ගිහින් අාපහු අැවිත් පේරාදෙණිය පහු කරද්දි හරි බොහොමයක් දෙනෙක්ට උඩ යඩ මාරු වෙනවා.... මොකක්ද වෙන්නේ කියලා හරියට හිතා ගන්න බැහැ.....

    අනික තමා බිංගෙවල්.... හැටන් පහු කරලා උඩහට අාවාම තමා බිංගෙවල් හරියට පටං ගන්නේ.. මං මෑතකත් ගණන් කරා ඔහිය සහ ඉදල්ගස්හින්න අතරද කොහෙද වැඩිම බිංගෙවල් තියෙන්නේ... ඒ පාරේ බිංගෙවල් විතරමයි තියෙන්නේ.... 13 ක් හරි 17ක් හරි තියෙනවා... හරියට ම මතක නැහැ..... ඒකක් පහුවෙන කොට තව ඒකක්..... අාය ඉතින් කියලා වැඩක් නැහැ සුන්දරත්වය නම්.....

    ReplyDelete
    Replies
    1. ඔය උඩ යට මාරු වෙන එක නම් සහතික ඇත්ත. සමහරු හිතනවා ආපහු හරවාගෙන කොළඹ යනවා කියලත්.
      වැඩිම බිංග ගානක් තියන්නේ ඔහිය- ඉදල්ගස්හින්න අතර. 14ක් තියනවා. ඒ සෙක්ෂන් ඒකෙ පයින් ගියා මම. ඒ සටහන කලින් මේකේ දැම්මා. තව විස්තර අරං එන්නම් ඒ කොටසට එද්දී..

      Delete
  3. තුන්වන පන්තියේ ප්‍රවේශපත් ලබාගත් අගහරුවන් දෙවන පන්තියේ ගමන් කිරීම දරුවන් ලැබිය හැකි වරදක් බැවින් අගහරුවන් එසේ කිරීමෙන් වලකින්න -_-

    ReplyDelete
    Replies
    1. දරුවන් ලැබෙනවාලුද?? පෘතුවියේ කට්ටියට ඒක අදාළ නැද්ද එතකොට??

      Delete
  4. මොකක්?............. කිරිහදලා නාගත්තා. ඇයි යකෝ කිරි නාන්න තරම් පෝසතෙක්ද? :D

    හම්මේ ඔය පාරේ යන ගමන් ගැන කොච්චර ලිව්වත් ඉවර කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ විචාරකතුමෝ... කිරි හදල, වතුරෙන් නාගත්තා..
      අනිවාර්යෙන්.. ඔය පාර ගැන ලියනවා නම් ලියන්න පුළුවන් මහාවංශයටත් එහා පොතක්..

      Delete
  5. තාම පටං ගත්ත විතරනෙ ඔහොම යංකො බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හොඳම හරිය තව ඉස්සරහට..

      Delete
  6. අඟහරු ලොවේ සිට බදුල්ලට ගමන් කිරීම

    ReplyDelete
    Replies
    1. හී හී...හරියට හරි.

      Delete
    2. අඟහරු ලොවේ සිට ගෙලිඔය හරහා බදුල්ලට ගමන් කිරීම..

      Delete
  7. අඟහරු ලෝකේ නාන්නේ කිරිවලින්ද? සුන්දර ගමනක ආරම්භය. අපිත් එක්කගෙන යන්ටකෝ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අපි නම් ඔය ඕනේ එකකින් නානවා අක්කා.. එත් පෘථිවියේ සමහරු නම් වතුරෙන් වත් නාන්නේ නෑ ලු නේ...
      හැමදාම ආවොත් ගමන දිගටම යන්න පුළුවන්..

      Delete
  8. ලොකු හයියක් උඹ ආයෙ පටං ගත්ත එක. මං ආසම ස්ටේෂම ඔහිය. එතනිං බැහැලා රේල් පාර දිගේ ආපහු පයිං ඇවිත් උඩට නැගලා ගිහිං තමා අපි ලෝකාන්තෙ යන්න පටං ගන්නෙ ඒ කාලෙ...

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔබතුමාත් දකින්න.. හොල්මන් කතාවක් කියවන්න බලාගෙන ඉන්නවා..
      ඔහිය- ඉදල්ගස්හින්න මමත් පයින් ගිහින් තියනවා. ඒ හරිය පුදුම ලස්සනයි තමා..

      Delete
  9. කෝච්චිය යන්න පටන් ගත්ත විතරයි වගේ නේද...
    එල එල...ඔන්න අපිත් ගොඩවුනා...
    පටන් ගම්මු එහෙනම් කතාව...

    ReplyDelete
    Replies
    1. ආ නගින්න නගින්න... හැබැයි අපි නම් යන්නේ ෆුට් බෝඩ් තමා ඈ...

      Delete
  10. කෝ ගමනේ ඉතුරු ටික..ඊ ලඟට දානවා නේද?

    ReplyDelete
    Replies
    1. සතියට එක කොටසක් තමා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. එන්න දිගටම..

      Delete
  11. අගහරුවා ගෙලිඔයේද? ගෙලිඔය ස්ටේෂන් එක ප්ලැට්ෆෝම් දෙකක් කලාට පස්සේ මම හිතුවා කෝච්චි ඔක්කොම නවත්තයි කියලා. දැන් බැලුවම එහෙම වෙන්නේ නෑ නේ..

    ReplyDelete