Friday, December 25, 2015

උඩරට දුම්රිය මාර්ගයේ උප ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත...

          ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වූ පොඩි මැණිකේ, උස ගස් වලින් සමන්විත පෙදෙසකට අවතීර්ණ විය. මාර්ගයේ ඇති තියුණු නැග්ම නිසා, ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වී සුපුරුදු වේගය ගැනීමට ඇයට සුළු වෙලාවක් ගත විය. 

රූස්ස ගස් වියන තුලින්...
       
   C අකුරේ හැඩයට පිහිටි විශාල වංගු දෙකක් පසු කල පොඩි මැණිකේ, ඉන් අනතුරුව තේ වතු අතරට එකතු වූවාය.

තේ වතු අතරින්....
           ඒ අතරින්ම පිහිටි කුඩා පාලමකින් එතෙර වී, නැවතත් තියුණු වංගුවකින් දකුණට හැරුණු ඇය පිවිසියේ, මෙම ගමනේදී හමුවන තවත් නැවතුම්පොළක් වන රදැල්ල දුම්රිය නැවතුම වෙතයි.. 

රදැල්ල දුම්රිය නැවතුම.
          රදැල්ල දුම්රියපොළ අවට තේ වතු ආදියට සේවා සපයන කුඩා දුම්රියපොලකි. දුම්රිය කිහිපයක් පමණක් නවත්වන මෙහි ටැබ්ලට් ආදිය නැත. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 125කත් දම්වැල් 58ක දුරකින් පිහිටි මෙම කුඩා දුම්රියපොලින්, එදා මගීන් බොහෝ පිරිසක් බැස ගියහ. 
තේ වතු අතරින් නානුඔය බලා..
          රදැල්ල දුම්රියපොලින් පිටත් වූ පොඩි මැණිකේ, තවත් මද දුරක් ගමන් කලේ අලංකාර පරිසර කලාපයක් තුලිනි. එක පසෙකින් තේ වත්තක් ද, අනෙක් පසින් තරමක දල බෑවුමක් ද පිහිටි මෙම ප්‍රදේශය, දිඹුල දිස්ත්‍රික්කයේ මනරම් දසුන් පෙළක් ඇස් මානයේ දක්වයි. එම දර්ශනපථය ශ්‍රී පාදස්ථානය දක්වා විහිදෙයි..  
උඩරට එළවලු වගාවන් අතරින්..

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය සහ දිඹුල නිම්නය..
          මෙම කොටසේදී අපට මෙම ගමනේ හමුවන අංක 17 බිංගය හමු වේ. එය හමු වී, මද දුරක් ගමන් කරන දුම්රිය, තවත් පාලමකින් එතෙර වේ. ඈතින් දුම්රිය ස්ථානයක් දිස් වේ. 

පා පුවරුවේ ගමන් කිරීම දරුවන් ලැබිය හැකි වරදකි..
          තවත් පාලමකින් එතෙරවන දුම්රියට ලැබී තිබුණු සංඥාව අනුව, ඇය වේගය බාල කරමින් තවත් ප්‍රධාන දුම්රිය ස්ථානයකට ඇතුළු වූවාය.. 


    
නානුඔය පිවිසුම..
      
නානුඔය වේදිකාවට ඇතුළු වීම සඳහා Inner Home සංඥාව ලැබී තිබුණු අයුරු..
       ඒ, ලංකාවේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන නානුඔය දුම්රිය ස්ථානයයි. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 128ක් සහ දම්වැල් 5ක දුරින් පිහිටි මෙම ඉපැරණි, එහෙත් මනස්කාන්ත දුම්රිය ස්ථානය, මුහුදු මට්ටමේ සිට අඩි 5291ක උසකින් පිහිටා ඇත. එක් කලෙක මෙම දුම්රිය ස්ථානය උඩරට මාර්ගයේ අන්තය වශයෙන් ද, සුන්දර උඩු පුස්සැල්ලාව මාර්ගය බෙදී යන මංසන්ධිය වශයෙන් ද පැවතුනි. 

නානුඔය නතර කරන පොඩ්ඩි..
          නානුඔය දුම්රිය ස්ථානයේ විශේෂතා කිහිපයකි. විශාල අංගනයක්, එන්ජින් 4ක් සඳහා ධාවනාගාරයක් මෙන්ම ක්‍රියාකාරී තත්වයේ හැරවුම් මේසයක් මෙන්ම, සියලු පහසුකම් සහිත විශාල දුම්රිය ස්ථානයක් මෙහි ඇත. කලක් නානුඔය උඩරට දුම්රිය මාර්ගයේ අන්ත්‍ය දුම්රිය ස්ථානය වශයෙන් පැවතුනි. මෙකල නාවලපිටිය- නානුඔය අතර ධාවනය වූ දුම්රිය සඳහා වැඩි බලයකින් යුත් එන්ජින් අවශ්‍ය විය. ඒ සඳහා 4-6-0 ඇක්සල් සැකැස්ම සහිත එන්ජින් ආනයනය කොට, ඒවා මෙම දුම්රිය ධාවනාගාරයට එක් කෙරුණි. නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථාන කේතය NOA ආශ්‍රයෙන් එම දුම්රිය එන්ජින් NOA පන්තිය ලෙස හැඳින්වුනි.
නානුඔය දුම්රිය ධාවනාගාරය.
            එමෙන්ම, මෙහි වේදිකා දෙක පිහිටා ඇත්තේ දුම්රිය මාර්ග අතර පිහිටි දූපතක් ආකාරයටය ( Island platforms). දුම්රිය ඉංජිනේරු කාර්යාලය දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටා ඇත. 

දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලය (ඉහල දිස්ත්‍රික්කය)
            එක් කලක් මෙම දුම්රිය ස්ථානය උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය සමග මංසන්ධියක් නිර්මාණය කළේය. එකල මෙම පටු මාර්ගයට අයත් වේදිකාව, වර්තමාන 1, 2 වේදිකා අතර (Bay platform) පිහිටියේය. මෙම මාර්ගය ආරම්හ වූ ස්ථානයේ තිබුණු සැතපුම් 0 කනුව (Zero mile post)  අදටත් එතැන දැකිය හැකිය.
එකල උඩුපුස්සැල්ලාව මාර්ගය ආරම්භ වූ ස්ථානයේ ඇති සැතපුම් 0 කණුව.
           නානුඔයෙන් ආරම්භ වූ උඩුපුස්සැල්ලාව මාර්ගය අධික ආනතියක් ඇති මාර්ගයක් ඔස්සේ ගමන් ගනී. මෙම මාර්ගය වැටී තිබුණු ඉසව්ව අදටත් දැකිය හැකිය. එහෙත් අද නම් එය අඩි පාරකි. 

උඩුපුස්සැල්ලාව මාර්ගය නානුඔය මංසන්ධියට ඇතුළු වූ ස්ථානය.
          1960 දශකයේ නානුඔය දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන්ම නවීකරණය විය. අද දක්නට ඇත්තේ එම නවීකරණය වූ ගොඩනැගිල්ලයි. එහෙත් පැරණි සිහිවටන තැනින් තැන දක්නට ලැබේ. 

          නානුඔය දුම්රිය ස්ථානය මෙම ගමනේ තවත් වැදගත් ස්ථානයකි. එනම්, ඉහලට යන පොඩ්ඩි සහ පහලට එන පොඩ්ඩි මුණ ගැසෙන්නේ මෙතැනදීය. වර්තමානයේ එය ග්‍රේට් වෙස්ටර්න් වලදී සිදු වුවත්, එකල එම මාරු වීම සිදු වීමට නියමිත වූයේ නානුඔය දුම්රිය ස්ථානයයි. මෙදිනත් අප පහලට එන පොඩ්ඩි එනතුරු මද වෙලාවක් රැඳී සිටියෙමු. ඒ අතර අප ජයාරූප ගත්තෙමු. මා නානුඔයට පැමිණියේ වර්ෂ 1997 පැමිණියායින් පසුවය. 

කොළඹ බලා ඇදෙන පොඩ්ඩි..
         පහලට ආ පොඩ්ඩි ආ පසු, අප වෙත නැවතත් ඉහලට ගමන් කිරීමට අවසර ලැබුණි. දුම්රියට ටැබ්ලට් ලබා දුනි. සංඥා පහත් විය. හැටන් වලදී මෙන්ම, පහලට යන පොඩ්ඩිගෙන් නලා හඬක් ඇසුනි. ආචාර සමාචාරයෙන් අනතුරුව, අප රැගත් පොඩ්ඩි, සොඳුරු කඳුකරයට යන ගමන නැවත ආරම්භ කලාය...  
නානුඔයෙන් එලියට යන පොඩි මැණිකේ දුම්රිය ඇතුලත.. (තුන් වන පන්තිය).
(සේව් කොට තිබු පෝස්ටුව අවසාන වෙනස්කම් රහිතව පෝස්ට් වී තිබීමෙන් සිදු වූ අපහසුතාවයට කණගාටුව.)

50 comments:

  1. නියමයි, දවසක මගෙත් ආසාවක් තියෙනවා කඳුකරයට කෝච්චියේ යන්න.

    ReplyDelete
    Replies
    1. යන්න යන්න.. මේ ගමන නියමයි.. මේ පෝස්ට් ටික කියවලම යන්න.

      Delete
  2. උඹේ බ්ලොග් චාරිකාව නම් ඇත්තටම ලස්සනයි බන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! දිගටම එන්න. මෙතන ඉඳන් තමා හොඳම හරිය..

      Delete
  3. නානුඔයට දුම් රියෙන් ගොස් නුවර එළියට මම කීප වතාවක් ගිහින් තියෙනව. ඒක හරිම සුන්දර අත්දැකීම් බහුල ගමනක්. එහෙනම් ඉතිරිටිකත් ලියන්න අපි ඇවිත් යන්නම්.

    ReplyDelete
    Replies
    1. මට ඒ ගමන යන්න තවම බැරි උනා. උඩුපුස්සැල්ලාව මාර්ගය තිබ්බ නම් අනිවාර්යෙන් ගිහිං හැබැයි.. දිගටම එන්න!

      Delete
  4. ඔහොම යං. ඔහොම යං..

    ReplyDelete
  5. ආයෙත් දවසක ඔතනට යන්න ඔනේ.
    මී පුර වැසියා වත් බලාගෙන එන්න

    ReplyDelete
    Replies
    1. මටත් යන්න ඕනේ. වැසියා බලාගෙන එන එක කෙසේ වෙතත් අඩුම ගානේ ගිහිං එන්නවත්..

      Delete
  6. අර කිව්වැහේ, දැන් තමා හොඳම හරිය එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. මෙතනින් එහාට තමා ලස්සනම හරිය. දෙමෝදරට යනකල්..

      Delete
  7. //පා පුවරුවේ ගමන් කිරීම දරුවන් ලැබිය හැකි වරදකි// මක්කිව්වා............? අම්මපා එහෙම දේවලුත් වෙනවද?

    නානුඔය දුම්රිය ස්ථානය කවදාවත් අමතක වෙන්නේ නැත්තේ, හමුදාවට බැඳීමෙන් පසු, පළමුවරට සේවා ස්ථානයට වාර්ටා කිරීම සඳහා දුම්රියෙන් ගිහින් බැස්සේ, නානුඔය දුම්රිය ස්ථානයේ නිසයි. රාත්‍රී තැපැල් දුම්රියෙන් ගොස්, මර හීතලේ නානුඔය බැහැලා, වෙවුලමින් හිටිය්හැටි අදත් මතවෙනකොට සුන්දර අත්දැකීමක්.

    නානුඔය සිට නුවරඑළියට යන මහා මාර්ගයට සමාන්තරව පැරණි දුම්රිය මාර්ගයේ නටබුන් අදත් දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එකක් අමතක වුණා. හැරවුම් මේසය අද තිබෙන දුම්රිය එන්ජින් වලටත් භාවිත කරනවාද?

      Delete
    2. රාත්‍රී තැපැල් දුම්රියෙ "වැඩේ "වික්කද ගත්තද දුන්නාද [වඩේ නොවෙයි]

      Delete
    3. මේ සරල කාරණාව නොතේරෙන අය මෙතන ඉන්නවද? මේ සරල කාරණාවට එකඟ නොවන අය මෙතන ඉන්නවද?

      Delete
    4. විචාරක- හැරවුම් පාලම පාවිච්චි කලේ එන්ජිමේ කොට පැත්ත ඉදිරියට සිටින සේ ධාවනය කිරීමටයි. ගල් අගුරු එන්ජින් සදහා මෙය අනිවාර්‍ය දෙයක් උනා. (ඩීසල් එන්ජින් වලත් කොට පැත්ත ඉදිරියට සිටිනසේ ධාවනය කල යුතුයි කියා නීතියක් තිබ්බ ). පස්සෙ කාලෙක ආපු 'හිතාචි' එන්ජිම උඩරට මාර්ගයේ නිත්‍ය එන්ජිම උනාට පස්සෙ හැරවුම් පාලම් වැඩක් ගන්නෙ නැතිව ගියා. දැන් ආයෙත් වැඩ ගන්නව.

      Delete
    5. බොහොම ස්තුතියි කම්මලේ, ඒ දැනුවත් කිරීමට. මා කුඩා කාලයේ දැක්කාට පසු දැකලා නැහැ, ටර්න් ටේබල් එකේ එන්ජිමක් හැරවීම.

      Delete
    6. විචාරකතුමා- ඔව් ඔව් ඇයි අර ගම්පහ කියන්නේ දෙවෙනි පන්තියේ ටිකට් නැතුව නැග්ගහමත් දරුවන් ලැබෙනවා කියලා..
      ටර්න් ටේබල් එක තාම පාවිච්චි කරනවා. නුවර එක නම් දිනපතා පාවිච්චි වෙනවා. ඒ වගේම, නානුඔය, බදුල්ල එහෙමත් පාවිච්චි වෙනවා. ඩීසල් එන්ජින් (විශේෂයෙන් M2. M6 පංති) ෂෝට් හුඩ් එක ඉස්සරහට හිටින්න තමා දුවවන්නේ..

      Delete
    7. කම්මලේ- එහෙම නීතියක් නෑ. ඒ ස්ටීම් එන්ජින් වල. බොයිලර් එක ඉස්සරහට හිටින්න දුවන්න කියල තිබ්බේ. ඩීසල් වල ඩබ්ලිව් ක්ලාස් ඒකෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් M6, M2 වගේ පංති වල දිග වැඩි නිසයි, ලෝන්ග් හුඩ් එක ඉස්සරහට යනකොට පෙන්නේ නැති වෙන නිසයි හරවනවා. M5 ගෙනාවෙත් ඔය ප්‍රශ්නයට විසඳුමක් හැටියට (හරවා හරවා ඉන්න ඕනේ නෑ. දෙපැත්තටම දුවන්න පුළුවන්) තමා. ඒත් ඒක ටිකක් අසාර්ථක එන්ජිමක්.

      Delete
  8. You are lucky,
    I just have one memory of going with PM when she ran with 7 compartments, love to go with like that again. M6-791 and we reached Colombo at 8.15pm (50 min late) in 2012, I stil think it is an achievement coz she worked amidst heavy rains, starting from Bandarawela, stil without any backup engine.... LOVE HER...

    ReplyDelete
    Replies
    1. Yeah, I'm extremely lucky to be able to travel with Podi Manike when M6 hauled on 2 occasions, without any delays. On this journey, we were before time for almost all the stations, both Up and Down.
      M6 experience heavy wheel slip on damp days. So it's an achievement yes. And she is 3 decades old!

      Delete
  9. Sometimes in those days UP & DOWN PM crossed at Great Western, Up one is usually late, down usually on time or slightly late, Down UM definitely late for 20 mins to Nanuoya, very rarely she came on time. In one day around November 2012 when she came right at us, I stil remember some local people loose the train, and SM is mocking them saying train is at 9.20, not after that.....

    ReplyDelete
    Replies
    1. Once back in 2011, Down UM came and halted right infront of our house. There was some electrical issues. Traction Motors were not getting power they said. After some attempts, they shut the dieselmotor down and re-started it. That solved the problem and she left after 20 minutes. She was already late by 30 minutes or so.

      Delete
  10. One another thing, there had been a slight accident around Ohiya, dont know about details, but it was coz of break loose, after that as a precaution at Nanuoya they check and adjust brakes for all trains passing by, up & down. Dont know wheather it is still doing with S12 (i think they should, S12 always had low brakes than M6).

    ReplyDelete
    Replies
    1. Oh I will try to find more details on that accident.. S12 hand brakes are not enough. I know that by personal experience. But they don't do brake tests at NOA on their way up or down.

      Delete
  11. ලස්සනයි අගහරුවෝ................... මේ සතියෙත් ඔය පාරෙන් ගියා..... ජය...

    ReplyDelete
    Replies
    1. මම ඉතිං මේකේ පාමුල කොටසේ හැමදාම යනවා එනවානේ.. ස්තුතියි ප්‍රතිචාරයට!

      Delete
  12. නානුඔය දුම්රියපොළේ තිබෙන 0 සලකුණ තමයි එහෙනම් ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ තිබෙන එකම 0 ලකුණ. ඒ වගේ ලංකාවේම තියන එකම එක 0 සැතපුම් කණුව (කි.මී. නෙවෙයි සැතපුම්) තියෙන්නේ කොහෙද කියලා දන්නවද? ඒ තමයි මස්කෙළිය - නොටන්බ්‍රිජ් - කිතුල්ගල මාර්ග හමුවන තැන හෙවත් ඩබල් කටිං double cutting නමැති හන්දියේ බ්‍රිතාන්‍ය මාර්ග ඉංජිනේරුවන් විසින් පිහිටවා ඇති 0 කණුව.

    මේ තියෙන්නේ ඒ ස්ථානය

    ReplyDelete
    Replies
    1. විමලසුරේන්ද්‍ර මහත්තයගෙ සම්බන්ධයක් තියෙනවද 0 කණූවට? මට ඒ වගේ කතාවක් කියවන්න ලැබුණා කාලෙකට කලිං. ලක්ෂපාන හදද්දි පිහිටුවපු කණුවක් වගේ මතකයි...

      Delete
    2. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ වේදිකාවේ තිබ්බා තව එකක්. ඒක නම් දැන් තියනවද නැද්ද දන්නේ නෑ. මහාමාර්ග වල 0 සැතපුම් කනුව ගැන කිව්වට ස්තුතියි! මෙහෙ තිබ්බා 7 කණුව. ඒක පාර හදනකොට වළඳලා අපේ ආර් ඩී ඒ කට්ටිය.

      Delete
    3. ඒ ගැන නම් දන්නේ නෑ වැම්පයර් තුමෝ..

      Delete
    4. @ ඩ්‍රැකී. මම දන්නේ නැහැ විමලසුරේන්ද්‍ර මහත්තයාගේ සම්බන්ධයක් ඒ 0 කණුවට තියනවා කියලා. 1984 දී ලක්ෂපාන විදුලිබලාගාරයේ ආරක්‍ෂාව භාරව ඉඳිද්දී තමයි ඔය 0 කනුව දැක්කේ. ඊට පස්සේ තමා දැනගත්තේ එය bench mark එකක් ලෙසත් පාවිච්චි කරනවා කියලා.

      Delete
    5. විමලසුරේන්ද්‍ර මහත්තයාගේ සම්බන්ධයක් මටත් හිතාගන්න අමාරුයි. හෙව්වත් හොයාගන්න බැරි උනා. පුළුවන් නම් ඒ ගැන කවුරු හරි හොයල බලන්න. මමත් බලන්නම්..

      Delete
  13. හැරවුම් මේසය, අපි ඕකට කිවුවෙ කැරකෙන පාලම. දුම්රිය එන්ජිමක් ධාවනය කරද්දි කොට පැත්ත ඉදිරියට සිටින සේ ධාවනය කල යුතුයි කියා නීතියක් තියනව. ඒක හින්ද තමයි ඔය පාලමේ දාල කරකවන්නෙ.
    අපි පුංචි කාලෙ කෝච්චියෙන් එන්ජිම ගලවගෙන ,පාලමේ කරකවල ආපහු ගෙනිහින් හයි කරනකම් නැගල යනව.
    උඩුපුස්සැල්ලාව මාර්ගය පටන් ගන්න තැන ටිකක් පහුකරල යනකොට හම්බවෙන පලවෙනි වංගුව කෝච්චියක් කොහොම හැරුනද කියල හිතන්නවත් බෑ. තාමත් ඒ කෝච්චිපාරෙ නටඹුන් තියනව.
    නානුඔය දුම්රිය ස්ථානයට ඉස්සර 'හන්ස්ලට්' එන්ජිමක් තිබ්බ. දැන්නම් තියනවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නානුඔය, බදුල්ල වගේම නාවලපිටියෙත් ඉස්සර ෂන්ටින් එන්ජින් එකක් තිබිල තියනවා. දැන් ලෝඩ් එක අඩු නිසා ඒ කිසිම දුම්රිය ස්ථානයක ෂන්ටින් එන්ජින් නෑ. එන එන්ජිමකින් ඒ කටයුතු කරගන්නවා. ඔය උඩුපුස්සැල්ලාව මාර්ගයේ ගියේ බොහොම පොඩි පෙට්ටි. ගිනි පෙට්ටි කෝච්චිය කියලනේ කිව්වෙත් ඕකට. ඒවාට හැරෙන්න පුළුවන්. ඔය පාරේ තිබ්බේ අඩි 10 වගේ වංගු. මමත් නුවරදී ඔය එන්ජිමේ නැගල යන වැඩේ කරලා තියනවා.. ෂෝට් හුඩ් ලීඩ් යවන්න ඕනේ කියන එක නීතියක් නෙවේ. ඒක නොලියවුණු නීතියක්..

      Delete
  14. ඇයි කට්ටිය මේ දොරවල් ලඟ හිටගෙන යන්නේ? එලියට විසිවෙන්නේ එහෙම නෑ නේද?

    ලස්සන චාරිකාව. දවසක යන එක යනවාමයි. :)

    ReplyDelete
    Replies
    1. එලියට විසි වෙනවා හරියට අල්ලාගෙන නොගියොත්, නැත්තම් විකාර කරන්න ගියොත්. දොර ළඟ හිටගෙන යනකොට හරියට ඔබ්සර්වේෂන් ඒකෙ යනවා වගේ තමා..
      අනිවාර්යෙන් යන්න අක්කා..

      Delete
  15. අඟහරුවට මතකද දන්නෑ ඩූඩ් ලියල තිබ්බ, කෝච්චියෙ යන්න ආසාවට නුවර ගිහිං ආපහු ආවයි කියල පෝස්ටුවක්. එදා ගල්කිස්සෙ ගෙට්ටුවෙදි ඒ ගැන පොඩි සඳහනක් කළා පොර...

    ReplyDelete
    Replies
    1. එවන්නකො ලින්ක් එක.. මට මතක නම් නෑ.. මමත් ඔය වැඩේ කරා දවසක්. නාවලපිටියට ගිහිං ආපහු ආවා. ඉස්කෝලේ යන දවස් වල.

      Delete
    2. මෙන්න මචං. මේ පළවෙනි කොටස. දෙවෙනි කොටසකුත් තියෙනවා.
      http://bluejeansntshirts.blogspot.com/2014/03/107-1.html

      Delete
    3. ස්තුතියි මේ ලින්ක් එකට!!

      Delete
  16. යූපීආර් ගැන ගවේෂණයක් කරලා දේශනයක් තිබ්බා දවසක් මහාචාර්ය(?) සීවලී මනතුංග මහත්තයා. එයා පරණ ෆෝටෝ එකයි, ඒ තැන ම අද දවස‍ෙ ෆොටෝ එකයි ඉදිරිපත් කරලා හදපු ස්ලයිඩ් ෂෝ එකක් ඉදිරිපත් කළා. දේශනය ඉවර වෙලා මං ගිහිං ඒකෙ කොපියක් ඉල්ලුවම, එයා ඒක රයිට් කරල තිබ්බ සීඩී එකක් මට දුන්නා. ගෙදර ගිහිං හොයලා, මං ඒක තිබ්බොත් උඹට මේල් කරන්නං...

    ReplyDelete
    Replies
    1. නියමයි! ඔය පාර ආපහු හදාගන්න පුළුවන් නම් පට්ට. අඩුම ගානේ නුවර එලියටවත්. ෆේස්බුක් එකට මැසේජ් කරත් කමක් නෑ. එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවා නම් ඒකත් දෙන්නකෝ..

      Delete
    2. ඒ slide show එක you tube එකට දාන්න බැරිද ඩ්‍රැකී?

      Delete
    3. විචාරක,
      අපි බලමු නේද? ඒ වගේම මං දැක්ක තව කෙනෙක් එළකිරි එකේ දාල තිබ්බා යූපීආර් ගැන...

      Delete
    4. අඟහරු,
      මෙන්න එතුමගෙ නම්බර්...
      0718118484, 0812229907

      Delete
    5. ස්තුතියි! ඒ දාලා තිබ්බේ ශිවන්ත අමරසිංහ කියල කෙනෙක්. එයාත් ඔය ලයින් එක හොයාගෙන ගිහිං හරිම වටිනා ලිපියක් ලියල තිබ්බා.

      Delete