Friday, April 14, 2017

මෙදා පාර අවුරුදු..



ආ කට්ටිය... කොහොමද..?
මාස තුනකින් වගේ මේ පළාතේ ආවේ. තවම කට්ටිය ඉන්නවද.. හා ඉස්සෙල්ලම එහෙනම් කට්ටියටම-
                                 


ජනවාරි වල අන්තිම පෝස්ට් එක දැම්මට පස්සේ මේ පළාතේ ආවේ නැත්තේ ඇයි කියල අහන්න එපා. සමහරු නම් පණිවිඩ එවල අහල තිබ්බ තාම පණ පිටින් ද කියලත්.
මේ අවුරුද්දේ ආපහු ඉස්කෝලේ කාලේ පරණ ටයිම් ටේබල් එකටම වැඩ කරන්න වෙච්ච එක තමා හේතු උනේ නිශ්ශබ්දතාවයට. අවුරුදු පහක් අයින් වෙලා ඉඳල ආපහු ඒ ටයිම් වලට වැඩ කරන්න හුරු වෙන එක ටිකක් අමාරුයි. සමහර වෙලාවට ඒ කාලේ නොකරපු විදියටත් වැඩ කරන්න උනා. මොකද දැන් යන්නේ උගන්නන්න නේ..
මාස තුනේ සෑහෙන දේවල් ටිකක් නම් උනා. ස්පෝට්ස්මීට් එක, එතකොට 100 වෙනි බිග් මැච් එක.. මේවට අවුරුදු ගානක් ගියේ ශිෂ්‍යයකු විදියට. දැන් ගුරුවරයෙක් විදියටත් යන්න ලැබුනා. ඒ කාලේ ඔය අපි ගිහින් නටපු පිස්සු වලට සර්ලා ටීචර්ස්ලා බැන්නම අපිත් හිත යටින් අමතනවා. හැබැයි දැන් තමා ඉතිං තේරෙන්නේ.
මහා ක්‍රිකට් තරඟය. මේක නම් වැස්ස නෑවා.
මේ පාර වැදගත්ම කියල මම දෙයක් කරේ මුල්ම වතාවට මගේම මහන්සියෙන් උපයාගත්ත සල්ලි වලින් අප්පච්චිට, අත්තම්මට අත්තට අවුරුද්දට තෑගී (වෙන දාන්න වචනයක් නෑ) ගන්න පුළුවන් වෙච්ච එක. මම දීපුවා ගන්නකොට ඒ කට්ටියගේ මූණේ තිබ්බ සන්තොසෙයි මට විස්තර කරන්න බැරි හැගීම් ටිකයි දැක්කම මුළු වාරෙම මහන්සිය නැති වෙලා ගියා.. අම්මපා.

          ආ තව දෙයක්. මේ පාර වාර විභාගෙට පේපර් එකක් හදල ඒක අමාරු වැඩි වෙලා (ලු). කට්ටියට ලකුණු තිබ්බ සූ ගාලා. හැබැයි ඉතිං පෙළ පොතෙන්ම තමයි හැදුවේ නම්. ලබන වාරේ මොකක් හරි කේස් එකක් යයි කියල නිකමට හිතෙනවා.  


පේපර් එක.
දෙවෙනි කොටස.

          ඊළඟ එක ඉතිං හැමදාම කියන එක. මේ පාර මම අහස් කූරු ටිකක් ගෙනාවා. ඊට වඩා හොඳයි කොස් ඇට කාලා *ඩ්ඩා නම්. ඇයි යකෝ.. උඩ යන්නෙත් නෑ. පුපුරනවා පත්තු කරපු ගමන්. එකත් පොහ් ගානවා. එච්චරයි. අර හූ කියන අහස් කූරක් ආසාවට ගන්න කියල බැලුවා. යකෝ 5ක් රුපියල්ම 300යි. නටහන් කියලා ආවා.
මෙදා පාර අවුරුදු පෝස්ට් එක මෙච්චරයි ඈ.. එහෙනම් හැමෝටම සුබ මෙව්වා එකක් කිව්වා ආයෙත්..  

10 comments:

  1. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අඟහරුවෝ
    හොද අහස්කූරු ගන්නවනම් ඉතින් කිඹුලාපිටියෙන්ම තමයි

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාර හිටියොත් එහෙන්වත් ටිකක් අරගන්න ඕනේ..

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. අවුරුද්දටවත් අඟහරු ලෝකෙන් බිමට බැස්ස මදැයි.
    සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. බලමු දැන් ඉඳන්වත් සුපුරුදු විදියට මේක ලියන්න.
      එසේම වේවා!

      Delete
  4. සුබ අලුත් අවුරුද්දක් අඟහරුවෝ. රස්සාව එහෙම හොඳින් යනවද?

    ReplyDelete
  5. apo රතිඤ්ඤා wala sadde madine, clamore hari anti tank bomba genath dannada elaga para???
    ;)

    ReplyDelete
    Replies
    1. අන්න එවන්න ටිකක්. RPG උනත් කමක් නෑ..

      Delete