Monday, June 26, 2017

වන අරණක ගෙවුණු දිනයක්..




ඔන්න ඇතුල්වීම..
         දවස් තුනක් ගෙදර ඉන්න නිවාඩු හම්බුනා. ඒ වගේම අද හිටු කියල වහිනවා. මෙලෝ වැඩක් කරන්න හිතෙන්නේ නෑ. කම්මැලිකමේ ඉන්නකොට මතක් උනා යකෝ බ්ලොග් එකක් කියල එකක් තියනවා නේද කියල. මේ ඇවිල්ල ඒකට දාන්න කියල සති දෙක තුනකට කලින් ලියපු පෝස්ට් එකක්, ටිකක් විතර සංස්කරණයට ලක් කරලා.. 
බිම්මල්...

          මම පාසලෙන් අයින් වෙලා දැනට අවුරුදු 5ක් වෙනවා. ඒ කියන්නේ 2012 තමා මම හුචස් පෙළ විභාගය ලියල, දෛනික පාසැල් ගමන නතර කලේ. හැබැයි, පාසැල් ගමන නතර කළා කියල, ඒ කාලේ යාළුවො එහෙම අතෑරියේ නැහැ කීයටවත්. සමහර අය නම් දැන් එක එක එක එක රටවල් වල ගිහිං. ඒ අතරින් අපේ එක වසරේ පන්තියේ ඉඳන් ඒ ලෙවල් පන්තිය වෙනකල්ම වගේ අපේ සෙට් එකේ හිටපු ඩබලක් එක්ක මට පොඩි ටුවර් එකක් සෙට් උනා. මේ ඒකෙ විස්තරය.  


ඔන්න අපි තුන්දෙනා..

          මගේ පාසැල මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (රැකියා ස්ථානයත් ඒකම තමා). එහෙමයි කියල, රටේ හතර කොනේ ඇවිදලා තිබ්බට, මේ අල්ලපු වැටේ තියන උඩවත්ත කැලේ පළාතේ පස් පාගල තිබ්බේ නෑ කියන්න පුළුවන්. මේ සති දෙක තුනකට වගේ උඩ දී, ඔය උඩ කියපු යාළුවො දෙන්නගෙන් එකෙක්, ජනිත්, කියනවා කොහේහරි සෙට් වෙමු කියල. මමයි අනික් යාළුවා චිරංගයි හා කියල සෙට් වෙන්න තැනක් බැලුවා. 

අපිත් එක්ක ජනිත්ගේ මල්ලිත් ආවා. ඔන්න හතර දෙනාම..
          එයාල එහෙ පන්සලට දානයක් දෙනවා, ඒ වෙලාවේම සෙට් වෙමු කියපු නිසා, ඔන්න අපිත් ඉතිං ගියා. අපේ ඉස්කෝලේ ගාවදි සෙට් වෙලා, ත්‍රී වීල් දෙකකින් ගේට්ටුව ගාවට ගිහින්, එතන ඉඳන් අපි සෙට් එක පයින් ගියා.  


යෝධ පුස් වැල

          පාර හොයන් එක එක ඒවා ගැන කයිය ගහගෙන, මග දිගට ෆොටෝ ගහගෙන අපි පන්සල කිට්ටුවට ආවයි කියමුකෝ. මේ ආරාමේ වැඩ ඉන්නේ ජර්මන් ජාතික හාමුදුරු නමක්. භාවනානුයෝගිව ඉන්න ඒ හාමුදුරුවෝ ඇත්තෙන්ම අපේ හාමුදුරුවරුන්ට වඩා වෙනස් විදියට ලෝකය සහ බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මය දකිනවා කියන එක වටහාගන්න, මට වැඩි වෙලාවක් ගියේ නැහැ.
          ඉංග්‍රීසි භාෂාවෙන් උනත්, භාවනාව (කියන වැඩි දෙනෙක්ට අල්ලන්නේ නැති) මාතෘකාව ගැන බොහොම හරවත්, ඒ වගේම අපි නොදන්නා කරුණු බොහොමයක් ඇතුලත් දේශනාවක් කළා. ඒකාග්‍රතාව වර්ධනය කරන්න පොඩි අභ්‍යාසයක් කියල දුන්න. ඒක ඇත්තටම ප්‍රතිපලදායකයි. 


ජර්මන් හාමුදුරුවෝ එක්ක.. මට මුන් හරියට කිව්වේ නෑ පන්සල් එනවා කියල. ෂර්ට් එකක් වත් දාන් එන්න බැරි උනා.

          වෙලාව පහු වෙලා නිසා අපිට දානය පිළිගන්වන්න අවස්තාවක් ලැබුනේ නැහැ. අපි ආරාමයෙන් පිටත් වෙලා කැලේ ඇතුලට ටිකක් ඇවිදන් ගියා. ජනිත්ට ගල් ලෙනක් බලන්න උවමනාවක් තිබුන. 

ජනිත් බලන්න ඕනේ කිව්ව චිත්ත විශුද්ධි ගුහාව.
          අපි එතනට ගිහින්, වැඩි වෙලාවක් නොතිබ්බ නිසාත්, අපි කිසි කෙනෙක් කාල නොහිටි නිසාත්, ආපහු හැරුනා. 

වනාන්තරේ අඩි පාර දිගේ...

දිය පොකුණ. මේකේ තමා අර සෙම්බුවක් මතු වෙනවයි කියන්නේ..
          ආපහු ඇවිත්, අපි තුං දෙනා නුවර KFC එකට රිංගුවා. හැබැයි මම ඔහොම මස් කන්නේ නෑ නේ. ඉතිං කන උන්ට කාපල්ලා කියල මම ගත්තා පොටෙටෝ චිප්ස් එකක්. ඕකත් කාල, තව පරණ කයිවාරු කියව කියව ඉඳල, අපි ගියා සිටි සෙන්ටර් එකට. එතනින් එන්න යද්දී ආව පොඩි එකාගේ ආසාවක්. කන්න දෙයක් බලල ගත්ත චොකලට් ෆින්ගර්ස් එකක්! ඕකත් පැත්තකට වෙලා කාලා, මම ආපහු එන්න ආවා.
          මේ වගේ පරණ යාළුවො හම්බෙන්නේ සෑහෙන කාලෙකින්. අපි හැමෝම එක එක්කෙනාගේ ජීවිත එක්ක, රාජකාරි එක්ක, අධ්‍යාපනය එක්ක, පුදුම විදියට කාර්යයබහුල වෙලා. ඉස්කෝලෙන් යනකොට මගහැරෙන්නේ නැහැ කිව්වට, අපි ගොඩක් අයට අපිව මගහැරිලා. හැබැයි, මේ වගේ අහම්බෙන් හෝ හමු උනහම, ඒ පැරණි මතකයන් ආයෙමත් අලුත් වෙනවා. එදා මට ඒක හොඳටම දැනුනා..  

ඔන්න මුළු ටුවර් ගෘප් එකම..

8 comments:

  1. ට්‍රිප් එකයි යාලුවෝ සෙට් එකයි හොඳයි. පින් අතේ වැඩකටත් අටහ්ගහන්න පුළුවන් වෙලා තියනවා ඒ කියන්නේදඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං වැඩක් කරොත් එහෙම තමයි..

      Delete
  2. මොකක්ද බං කිසිම පිළීවෙලක් නෑ ලිවිල්ල.. කැලේ මොන වගේද කියල හොයන කොටත් පෝස්ටුව ඉවරයි.. හැක්හො

    ReplyDelete
    Replies
    1. ලොකු විස්තරයක් ලියන්න හිටියත් කම්මැලි හිතුන අෆ්ෆා..

      Delete
  3. බොලාට ඔහොම හරි යලුවො හිටියට අපේ පන්තියෙ හිටපු උං හොයාගන්න එක බොහොම අමාරු වැඩක්.
    තව ටිකක් විස්තර තිබුණනං හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. අපෙයි කියලත් ලොකු වෙනසක් නෑ ඉතිං.. එහෙමත් එකෙක්ව තමා අල්ලගන්න පුලුවං..

      Delete
  4. හපෝ ඉස්කෝලේ යාලුවෙක් හම්බ වෙනවා කියන්නේ දැන් නම් හරියට දවල්ට තරු පායනවා වගේ අහඹු සිද්ධියක්. මෙහෙමවත් හම්බ වෙන එක ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත . දවල් තරු පායනවා වගේ තමා..

      Delete