Monday, January 1, 2018

තවත් අවුරුද්දක් ගිහින්...



අවුරුද්දක් ගිහින්.. දැනුනෙවත් නැති තරම්..
අවුරුද්ද රිවීව් කරන්න කියල බැලුවම මතක් උනේ- මේ අවුරුද්ද ආවට වඩා ඉක්මනට ගියා නේද කියල. ඉස්සරවෙලාම අවුරුද්ද පටන්ගත්තේම ට්‍රිප් එකක් වගේ එකකින්. ඉස්කෝලේ මෝටර් යාන්ත්‍රික විද්‍යාව කරපු ළමයි ටික එක්කරගෙන රත්මලානේ යන්න සෙට් උනා.
ඒ ගමන ඉවරලා ස්පෝර්ට්ස් මීට්. වාරයක් කට්ට කෑවා. ඉස්කෝලේ එන කාලේ වගේ නෙවේ වැඩ කරන කාලේ. ඒ කාලේ නම් කට්ටියත් එක්ක සෙට් වෙලා ෆන් එකේ කරනවනේ ඔය වැඩ. කොහොමින් කොහොම හරි, ඒ ඉලව් ඉවර වෙද්දීම හැරෙන්නවත් කාලයක් නෑ වාර විභාග.
6 වසරට බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රය හදලා ඒක අමාරු වැඩි වෙලා ජංජාලයක් වෙලා තිබ්බා. ඒ කතාව මම අවුරුදු පෝස්ට් එකේ ද කොහෙද කිව්වා. පේපර් මාර්ක් කරන දවස් වල ඒ අස්සේ ෆෝන් එකේ හෙඩ්සෙට් ජැක් එක වැඩ කරන්නේ නැතුව ගිහිං වොරන්ටි ක්ලේම් කරා.
නිවාඩුත් ලැබිලා, ඔන්න යන්න සෙට් උනා කොළඹයි අරහෙයි මෙහෙයි ටිකක් ඇවිදින්න. රවුම ඇවිදලා කට්ටියත් හම්බ වෙලා, ගෙදර ආවා. දවස් තුනක රවුමක්. රේල්වේ කට්ටිය, හිටපු රේල්වේ කට්ටිය, එතකොට යාළුවෝ මාළුවෝ ඔක්කොම බලලා, තමා ඒ ආවේ.
ඊට පස්සේ මෙන්න හැරෙන්නත් කලින් වෙසක්. කූඩු පහක් හදල තිබ්බා. ඇලෙව්වා ටාර් ගාලා. බල්බ් සෙට් එක හදල දැම්මා. ඔච්චර තමා ඉතිං අපිට වෙසක්. පන්සලේ දහම් පාසලේ පන්තියේ සෙට් එක වෙසක් කූඩුවක් හැදුවා. එකටත් පොඩි හෙල්ප් එකක් දුන්නා. 


දන්සල

වෙසක් ඉවරල පොසොන්. භක්ති ගීත වැඩසටහනක් ඉල්ලලා දාගත්තා දහම් පාසලේ සෙට් එක. ඕකට අනවුන්සින් වලට කට්ටියක් නෑ කියල අන්තිමේ දවස් 4ක් විතර අරගෙන ඒකටත් සෙට් එකක් හැදුවා. වැඩේ නම් ලෙසටම ගියා. ඒ වැඩේට හැබැයි දහම් අවසානේ පන්තියේ කට්ටියගෙන් මාර හෙල්ප් එකක් ලැබුනා. 


නිවේදක සංසඳය

ඊට පස්සේ නම් ඔන්න ටික දවසක් ෆ්‍රී ඉන්න හම්බුනා. එත් ඉස්කෝලේ එක එක වැඩ නිසා එහෙමට කියල ඉතිං නිදහසක් නම් තිබ්බේ නෑ. විවාද පුහුණු කරන්නයි, තව එක එක එව්වට උදව් කරන්නයි, පේපර් හදන්නයි, ඒවා බලන්නයි ආය හදන්නයි අන්තිමේ ජුලි අග වෙද්දී ආපහු විභාග. ඇති යන්තම් මේ පාර හදපු පේපර් වල කිසි අවුලක් උනේ නෑ. ලකුණුත් එහෙමෙහෙ කරන්න ඕනේ උනේ නෑ.
ඔය ටික ඔහොම වෙද්දී, දුම්රිය අනතුරු දෙක තුනක් වාර්තා උනා. සැලකිය යුතු මට්ටමේ එව්වා. අර කොටගල දී නයිට් මේල් එක පීලි පැනපු එක එහෙම. නිවාඩු දීපු ගමන්ම වගේ ගියා ඒ පළාතේ රවුමක් දාලා එන්න. හැටන් කොටගල නාවලපිටිය පැත්තේ ඇවිදලා, ඒ තොරතුරු අරගෙන සටහනක් තිබ්බා. ඔය ඔක්කොම වෙද්දී, මේ පාර දහම් පාසැල් තරඟ පුරුදු කරන්නත් සෙට් උනා. මේ පාර නම් යන්නේ නෑ කියල හිතාගෙන හිටියට, අන්තිමේ කථික ටිකයි රචනා ටිකයි මට බලන්න උනා. කථික සෙට් එකට අලුතෙන්ම පුරුදු කරන්න උනා. ඒ වැඩේට දහම් පාසලේ මල්ලි කෙනෙකුයි, අපේ ඉස්කෝලේ විවාද කණ්ඩායමේ කැප්ටනුයි ගොඩක් උදව් කරා.
තරඟ ඉවර වෙද්දී තව ඉලව්වක්- මට කැම්පස් එකේ එක්සෑම් පෝලිමක් සෙට් උනා. ආය හැරෙන්නවත් බෑ. ඒ අස්සේ ධර්මාචාර්ය එකත් දාල තිබ්බා. එකත් ඔය අහු අස්සටම වැටුනා. එක දිගට එක්සෑම් ලියල අන්තිමේ ඔලුවත් අප්සට් ගිහිං ඒ මූඩ් එකෙන් දෙතුන් දෙනෙක්ට අමතලා එක්කෙනෙක් තරහත් උනා..
ඔය අස්සේ ඉස්කෝලේ විවාද සංසඳය අරගෙන එහෙ මෙහෙ විවාද වලට යන්න උනා. පළවෙනියට කණිෂ්ට විවාද කණ්ඩායම කතා කරපු ටූනමන්ට් එකේ එයාල අර්ධ අවසන් පූර්ව වටය දක්වාම ආවා. ඒ ගැන ඉතාමත් සතුටුයි. 


කණිෂ්ට විවාද සංසඳය

ඔහොම ඉතිං අවුරුද්ද ගෙවිලා ගියා. මම ටිකක් කලින් සිලබස් ඉවර කරපු නිසා, අන්තිම දවස් වල නහින්න ඕනේ උනේ නෑ. පේපර් හදන්න තිබ්බ එව්වත් කලින්ම හදලා දීලා තිබ්බ නිසා, විභාගේ දවස් වෙද්දී නම් ඔලුවේ බරක් තිබුනේ නැහැ. උත්තර පත්‍ර ටිකත් ගානට බලල දුන්නා. 


පේපර් මාකිං විත් ටිපිටිප්..

දෙසැම්බර් නිවාඩුව නම් ඉතාම කෙටියි. සති තුනක් වගේ. ඔකේ පලවෙනි දවසෙම රෑ ක්‍රිස්මස් එකට ඩිනර් එකක් තිබ්බා. ඒකට ගිහිං එන්න ක්‍රමයක් නැති නිසා නොයන්න හිටියත්, අන්තිමේ අපේ ස්ටාෆ් එකේ මල්ලි කෙනෙක් මාව ගෙනල්ල දාන්නම් කිව්ව නිසා ආවා. නිවාඩුවේ ඉතිං ගිය පලවෙනි ගමන තමා අර ඔටෝමෝටිව් සෙට් එක අරගෙන ගිය ෆීල්ඩ් විසිට් එක. ඊට පස්සේ සතියේ ගියා නානුඔයට රවුමක්. 


ෆීල්ඩ් විසිට් එක

රත්නපුරේ ගමන නම් මිස් උනා. හඟුරන්කෙත ගිහිං ආවා, ඊට පස්සේ කොළඹ ගියා. ඒ එද්දී, මගේ දෙවෙනි ලැප්ටොප් එක අරගත්තා. මේ පාර ඩෙල් එකක්ම ගන්න ගියත්, ඒක අතට අරං බලද්දී ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් ආපු නිසාත්, ඇසුස් එකේ ටිකක් හොඳ ඔප්ෂන් එකක් අඩුවට තිබ්බ නිසාත්, මේ පාර ඒකකට යන්න තීරණය කළා.
ඒකත් අරගෙන, අලුත් මාතලේ කොච්චියෙ, ඩබ්ලිව් 2 එන්ජිමක් එක්ක ගෙදර ආවා. ඒ ඇවිත් තමා මේ සටහන තිබ්බේ. අවුරුද්ද දිහා බලද්දී, ගොඩක් දේවල් ඉගෙනගත්ත අවුරුද්දක්. ඉස්කෝලෙන්, යාලුවන්ගෙන්, නෑයින්ගෙන් එහෙම. තමන්ගේ වැඩ අනික් අයට පවරලා අයිස් ගහන්න බලං ඉන්න කීප දෙනෙක්ම අඳුරගන්න ලැබුනා. ඒවා තමා ජීවිත පාඩම්.
ඒ වගේම, අවුරද්ද පටන් ගත්තේ දරුණු විදියට අපේ අත්තා අසනීප වෙලා. ඇත්තෙන්ම කිසිම බලාපොරොත්තුවක් නෑ කියන තැනටම ආවා. ඒත් දැන් සනීපෙන් ඉන්නවා. ඒ දීපු ඉඟිය එහෙමම ක්‍රියාත්මක වෙලා, මේ අවුරුද්ද තමා මළ ගෙවල් වැඩියෙන්ම ඇහිච්ච අවුරුද්ද මම හිතන්නේ. දන්න ගොඩ දෙනෙක්ගේ නෑයෝ, යාළුවො, දරුවෝ, මවුපියෝ නැති උනා. 





ඊළඟට ඉතිං කතා කරන්න තිබ්බේ වැස්ස ගැන තමා. අප්පෝ මතක් වෙද්දීත් වෙව්ලනවා. ඇයි යකෝ අවුරුද්දේ වැඩිය වැස්සේ නැති උනාට වැහැපු ටික දුන්නනේ තෙමිලා දිය වෙලා නැති වෙලා යන්නම.. දේශපාලනේ නම් කිසි දෙයක් ලියන්නේ නෑ මම. ඒ මේ කොහොම වෙතත්, මම මේ අවුරුද්ද අවසන් කරන්නේ තරමක් අසනීපයෙන්. ඒ වගේම, ඩේටා නැති නිසා, මේ සටහන දාන්න වෙන්නේ පළවෙනිදා. එහෙනම්, කියවන ලියන හැමෝටම, මේ අලුත් අවුරුද්ද,
සුභ නව වසරක් වේවා!!

11 comments:

  1. ආ ලැප් එකක් ගත්තද..ඇති යන්තම්

    ReplyDelete
    Replies
    1. ඔව්.. එකක් ගත්තා. අනික කොයි වෙලාවෙද කියන්න බෑනෙ.

      Delete
  2. අඟහරුවා කරමඩ පැත්තද ඉන්නෙ ?

    ReplyDelete
  3. අඟහරුවා ඇතුලු අඟහරු වාසී සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  4. මළ ගෙවල් නම් අම්බානක උනා තමයි. කොටින්ම අවුරුද්දේ අන්තිම සති දෙකේ මට ගේ අවටම මල ගෙවල් නවයකට යන්න උනා. 23 සෙනසුරාදා හවස් වරුවේ විතරක් මල ගෙවල් හතරකට යන්න උනා.. කොහොමත් දෙසැම්බර් වල ටිකක් මරණ වැඩියි හැම අවුරුද්දෙම වගේ..

    2018 වැඩ අඩු නිදහස වැඩි සුභ වසරක් වේවි! ජයවේවා! :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ එහෙම වෙනවා නම් කොච්චර එකක්ද.. මළ ගෙවල් අඩු උනොත්නම් හොඳයි වැඩ කෙසේ වෙතත්. මගුල් නම් ඕනෙම නෑ..

      Delete
  5. 2018 ඔබට සුබ නව වසරක් වේවා
    විචාරක දියණිය

    ReplyDelete