Thursday, February 15, 2018

විවාහ මගුල් සහ මළ මගුල්..

                                         

          පහුගිය දවසක පාසලේ 8 ශ්‍රේණියේ පන්තියකට බුද්ධ ධර්මය විෂයය යටතේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන ඉගැන්වීමට තිබුණි. එම පාඩම කරන අතරවාරයේ ඔලුවට ආ කරුණු සුවල්පයක් මෙසේ අකුරු කර තබන්නෙමි. 

          ඊයේ දිනයේ ලංකාවේ මතු නොව ලොව බොහෝ රටවල වැලන්ටයින් නම් දිනයක් විශේෂයෙන් තරුණ පරම්පරාව විසින් සමරන ලදී. එයට තව වචනයක් භාවිතා වේ. එනම්, ආදරවන්තයින්ගේ දිනය යන්නයි. අද මෙම සටහනින් මා කතා කරන්නේ ආදරය ගැන ය. හැබැයි ඉතිං, මෙකී වැලන්ටයින් දිනය සමරන්නේ ද, කාගේදෝ ආදරය වෙනුවෙන් වූ මරණයක් වෙනුවෙනි. එනම්, මෙය මගුලක් නොව මළ මගුලකි. 

          තරුණ කාන්තාවක් සහ පුරුෂයෙක් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම සරලව ආදරය ලෙස අර්ථකථනය කෙරේ. නමුත්, අද දින පත්තරයේ පලවන මංගල යෝජනා තීරයන් විශ්ලේෂණය කර බැලීමේදී ඉහත නිර්වචනය අභියෝගයට ලක් වන අයුරු ද දක්නට හැකිය. 

          මේ ගැන කියන්නේ නම්, අද ලංකාවේ පුවත්පත් වල පලවන විහිලු කතා තීරයන්ට වඩා විහිලු මේවායේ තිබේ. එක් දිනක් ෆේස්බුක් අඩවියේ පළවූ මංගල යොජනාවක මෙසේ සඳහන් වී තිබෙනු දක්නට ලැබුණි- 

“............................. උගත් රූමත් කාන්තාවට වාහනයක් ගැනීම අදහස බැවින් විවාහයට රියදුරු මහතෙක් සොයති.......” 

          බඳින එකාට ඉතිං බුදු සරණයි දෙවි පිහිට තමා ය. ඒ අස්සේ තවත් වර්ගයක් ඇත. ඔවුන්ගේ දැන්වීම් පොදුවේ මෙම ආකෘතිය ගනී- 

“.................. උගත් බුද්ධිමත් චරිතවත් දියණියට මතින් දුමින් තොර අහිංසක සුකුමාල සහකරුවෙක් සොයයි.. (සුළු වරදකින් දරුවෙක් සිටී).....” 

          තවත් පාර්ශවයක් ඇත. ඔවුන් සියලු වස්තූන්ගෙන් සපිරි දිව්‍යසම දිවියක් ගෙවන අතර, ජීවිතයේ පාළුව කාන්සිය නිවාගැනීමට තරුණ කාන්තාවක් සොයයි. මෙහි කිසි අවුලක් නැත. නමුත් අවුල මතු වන්නේ මොවුන්ගේ වයස දුටු විටය. මට හමු වී ඇති සමහර දැන්වීම් වලදී මෙය වයස 80 පමණ වූ අවස්ථාද දැක ඇත්තෙමි. 

          මේ සියලු ආතබූත බලාගෙන යන විට, මංගල යෝජනා තීරය - මංගල විහිලු තීරය ලෙස සංශෝධනය කිරීමේ වරදක් මා නොදකිමි. 

          කෙසේ හෝ කොහෙන් හෝ සහකරු/සහකාරිය හමු වූ විට, මීළඟ කාරිය වන්නේ කසාඳ බැඳීමයි. අද ලංකාවේ කසාඳය හෙවත් විවාහය වනාහී, අදාළ පවුල් මතු නොව අදාළ නැති අහක සිටින මිතුරු මිතුරියන් පවා මූල්‍යමය වහනයකට ලක් විය හැකි අති භයංකාර කටයුත්තකි. 

          උදාහරණයකට, අද කාලයේ මගුලක් ගැනීමේදී එය හෝටලයක (ගෙස්ට් හවුස් එකක) නොගතහොත් එය “පොෂ්” මදි බව කියවේ. මෙයින් එකක සාමාන්‍යයෙන් කෑමට හැකි අයුරින් සැකසූ ආහාර පිඟානක් අඩුම 4000ක් වත් වේ. සිතා බලන්න- සෙනග 100ක් පමණ පවුල් දෙකෙන්ම ආවොත් 100 x 4000 = 400000කි. රුපියල්ම 400000ක් ආහාර වලට පමණක් වියදම් ය!! මේ අවශේෂ වියදම් නැතුව ය. 

          කලකට පෙර පොඩි කුමාරිහාමි නම් බ්ලොග් එකේ හාට් ඇටැක් හැදෙන ආකාරයේ මගුල් සැලසුමක් දුටිමි. නමුත් අද සමහර මගුල් දකින විට, ඒවා මොනවද යයි සිතේ. පෙර මංගල්‍යයෙන් අනතුරුව ගත් එක් සේයාරුවක් වෙනුවට, දැන් ප්‍රී ෂූට්, වෙඩින් ෂූට්, හෝම් කමින් ෂූට් ආදී නානාප්‍රකාර ෂූට් වර්ග හැටහුටාමාරක් ඇත. මේවාට යන ගණන් බැලීමේදී තුවක්කුවක් ගෙන බුලට් ෂූට් කරගැනීමට නොසිතීමම පුදුමයකි. 

          ඈත ඉතිහාසයේ තමන් කැමති කාන්තාවගේ හිසට පොල්ලකින් තඩි බා සිය වාසස්ථානයට ඇදගෙන ආ විවාහ ක්‍රමයක් තිබුණු බව කියති. ඒ ක්‍රමය පසුව වෙනස් වී, අද කාලයේ විච්චූර්ණ විකාරය වෙත විකාශය කෙසේ වෙතත් විනාශය වී ඇත. ඒ මේ සියලු වැඩකිඩ දමා ලියාපදිංචි කරන විවාහය, මාසයකින් හමාරකින් අවසන් කොට කෙල්ල පැත්තකටත්, කොල්ලා අනෙක් පසටත් ගොස්, දෙදෙනාම තරඟයට සිය “සෙකන්ඩ් ෂයි” එක කිරීමට වලි කෑමත් අද සුලභ දර්ශනයකි. 

          පෙර යුගයේ විවාහයකට ආරාධනා ලැබුණු විට පවුලම සහභාගී විය. ආරාධනාවද පවුලටම ලැබුණි. එසේ නොයාමට නම් හොඳ හේතුවක් තිබිය යුතු වූයේ, නොගියේ  නම් අදාළ අය තරහා විය හැකි බැවිනි. නමුත්, සත්‍යය නම්, අද කාලයේ ආරාධනා කර නොගොස් සිටීමෙන්, සංවිධායකයින්ට විශාල වාසියක් වන බවයි. මේ මගුල් වලදී සිදු වන රසකතා බොහොමයකි. එයින් කිහිපයක් කලකට පෙර දුමී අයියා මෙසේ සටහන් කර තිබුණි.. 

          විවාහ ගැන කතා කරද්දී හඳහන හෙවත් නැකත් පත්‍රය ගැන කතා නොකරම බැරිය. බොරු හඳහන් සෑදීමේ සිට, විවිධ මගඩි සම්‍යක් ප්‍රයෝග සමග හඳහන බැඳී පවතී. කැමති කෙල්ල සමග විසි පොරොන්දම් නොගැලපෙද්දී, හඳහන් හදාගෙන හෝ විවාහ වීම ලංකාවේ සිදු වේ. එසේම, කපුවකු මගින් සිදු වන විවාහයකදී වුවත් මෙම නැකත් පත ප්‍රධාන තීරකයක් වේ. 

                           
          වතාවක් මෙසේ මගුලක් කතා කරන්නට යන කපුවකුට, අදාළ නැකත් පත ගෙන යාමට අමතක වුනි. දැන් කිරීමට දෙයක් නොමැති බැවින්, එම අමතක වීම කපු මහතා මෙසේ කවියකින් ගෙදර උදවියට ප්‍රකාශ කළේය.

“ මේ මනමාල මහතාගේ නැකත් පත - අත්වැරදීමකින් අද මෙහි ගෙනත් නැත..” 

          මෙය කන වැකුණු කාමරයේ සැරසෙමින් සිටි මනාලිය, කවියේ ඉතිරි දෙපාදය මෙසේ සම්පූර්ණ කලේ ලු. 

“එහෙනම් අම්මේ ඒ දීගෙන් කමක් නැත- මේ මනමාල මහතාගේ නැකත් පත..”





10 comments:

  1. පත්තරේ මංගල යෝජනා වලනන් හෙන ආතල් යෝජනා හෙනට තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අම්මෝ එව්වල ආතල් දැක්කම හිනා වෙලා බඩ පැලිලා මැරෙනවා..

      Delete
  2. මෙයා හදන්නෙ අච්චර ණය වෙලා හදල තියෙන වෙඩිං හෝල් ටික වස්සවන්නද කොහෙද. හැක්..

    ReplyDelete
  3. මෙහෙම මගුල් තියෙන්නේ අද තමා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඉස්සර තිබ්බ විදිය කොච්චර හොඳ ද..

      Delete
  4. අපේ ගෙවල් පැත්තේ හඳහන් බලන තැනක් තිබුනා "නැකත් පාය" කියල

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බිස්නස් තියෙන්න ඇති?

      Delete
  5. Mokak unath aththa kathawa.. Minissu dangalanna anith minisunta penna rangapanna misak thamange jeewite awabodayen gewanna neme..

    ReplyDelete
  6. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete