ගම්පොලින්
ගමන් ඇරඹු පොඩි මැණිකේ, වල්ලහගොඩ, තැඹිලිගල ආදී නැවතුම් පසු කරමින් වේගයෙන් ධාවනය
වේ. දැන් නම් බලවේග කට්ටලයකින් ධාවනය වන පොඩි මැණිකේ තැඹිලිගලත් නතර වේ. නමුත් එකල
පොඩි මැණිකේ නැවත නතර වන්නේ උලපනේ ය.
උලපනේ දුම්රිය ස්ථානය.. |
උලපනේ
අලංකාර දුම්රිය ස්ථානයකි. පාෂ මාර්ග දෙකකින්, එක් වේදිකාවකින්, බඩු ගබඩාවකින් සහ
උසට ඉදි කල සංඥා කුටියකින් සමන්විත මෙම හුදෙකලා දුම්රිය ස්ථානය මලින් ගැවසී ඇති
අමුතුම ආකර්ෂණයක් සහිත ස්ථානයකි. මෑතදී (1960 දශකයේ) ඉදි වූ ටකරං වහලය නොවන්නට මෙය
මුල් කාලයේ දුම්රිය ස්ථානයම වන්නට තිබුණි.
උලපනේ පාෂ මාර්ගයේ සිට ගත් සේයාරුවක්.. |
උලපනේ
දුම්රිය ස්ථානය වෙත පැමිණිය යුතු වන්නේ කලින් ද සඳහන් කල අඩි 50ට එකක් වූ තියුණු
නැග්ම පසු කරමින්ය. මෙවැනි තියුණු ආනතියක් තැබීමට හේතු වී ඇත්තේ, ඒ වන විට ඉදි
කෙරෙමින් තිබුණු බිංගයක භූමියේ සහ පසේ ස්වභාවය හේතුවෙන් එය අත්හැර දැමීමට සිදු
වීමයි.
මෙම ආනතිය තරණය කිරීම වඩාත් අපහසු වී ඇත්තේ දැන් නොව වාෂ්ප එන්ජින් යුගයේ ය. වාහනයක ඉදිරි ගමනට ඝර්ෂණය බාධා කරන්නාක් මෙන්ම, දුම්රියට අඩු ඝර්ෂණය විටෙක බාධාවක් වේ. මෙය ජයගැනීම සඳහා අධික බලයකින් යුතු දුම්රිය එන්ජින් ගෙන්වීමෙන් පලක් නැත. දුම්රිය එන්ජිමේ රෝද සහ පීල්ල අතර ඝර්ෂණය රඳවාගත යුතුය. එසේ නොවුනහොත් රෝද එක තැන කැරකීම සිදු වේ.
වාෂ්ප
එන්ජින් වල බර අඩුය. එම නිසා ඝර්ෂණයත් අවමය. මෙවැනි දුම්රියක්, අධික බරක් සමගින්
ආනතියක නවතා, නැවත ගමනාරම්භ කිරීමට නම්, ඉතා හොඳ පළපුරුද්දක් අවශ්‍ය වේ.
කෙසේ
වෙතත්, අද ඩීසල් යුගයේදීත්, මැදිරි 8කට වැඩි දුම්රියක් සඳහා සැම විටම වාගේ
පසුපසින් සහායක එන්ජිමක් යෙදවේ. මෙම සහායක එන්ජිමේ රියදුරු සහ ප්‍රධාන එන්ජිමේ
රියදුරු අතර සම්බන්ධතාවය තබාගන්නේ එන්ජිමේ නළාව සහ තිරිංග පීඩනය මගින් ය. ඉතිරිය
සම්පූර්ණයෙන් අත්දැකීම සහ පළපුරුද්ද මත තීරණය වේ.
ගම්පොල
දෙසින් කන්ද නැගගෙන එන දුම්රිය, එක් වරම මද බෑවුමකට යොමු වෙමින් දුම්රිය ස්ථානයට
ඇතුළු වේ. පසුපසින් සහායක එන්ජිමක් යොදවා ඇත්නම්, මෙවිට එන්ජින් දෙකම ත්වරණය නොකර
ධාවනය වීමට හැර තිබේ. උලපනේ නොනවත්වන්නේ නම්, ප්‍රථම වශයෙන් ඉදිරි එන්ජිමේ රියදුරු
කෙටි නලා හඬක් නංවයි. එය ඇසී, පසුපස එන්ජිමේ රියදුරු මහතා ඔහුගේ එන්ජිම ත්වරණය
කරයි. ඉදිරි එන්ජිම ත්වරණය කරන්නේ ඉන් අනතුරුවය. මෙම ක්‍රියාන්විතය වැරදුනොත් පීලි
පැනීමකට ලක්වීමේ අවධානමක් ඇත.
පෙරවරු
9.22ට උලපනේට ලඟා වූ පොඩි මැණිකේ, දැන් නැවතත් ගමනාරම්භ කරයි. ඒ, උඩරට දුම්රිය
ධාවනයේ කේන්ද්‍රස්ථානය වන නාවලපිටිය බලා පිටත් වීමටයි...
උලපනේ පසු කරමින් ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ.. |
ඔන්න කෝච්චි ගැන උනන්දුවක් ඇති අයට මමත් පොඩි පහේ බ්ලොග් එකක් හැදුවා. ඒ පැත්තෙත් ඇවිත් යන්න. පෝස්ට් එක කියෙවුවා. මමත් හරි ආසයි බදුලු කෝච්ච්යේ මේ ගමන යන්න.
ReplyDeleteඑන්නම් මමත්.. හැබැයි දැන් නම් මේ ගමන මේ විදියටම යන්න බෑ.. මොකද පොඩ්ඩි චීනට දීලා ගොඩක් කල්.
Deleteවිස්තරේ නම් බොහොම වටිනවා....
ReplyDeleteමේකත් එක්තරා ඉතිහාස කතාවක්/...
ස්තුතියි! අනිවාර්යෙන් එක්තරා ඉතිහාස කතාවක්..
Deleteනියමයි ඈ..
ReplyDeleteස්තුතියි!
Deleteපාෂ මාර්ගය කියන එක තාක්ෂණික පදයක්ද? තව ටිකක් විස්තර කරන්න.
ReplyDeleteපාෂ මාර්ගය - Loop line- යනු දුම්රිය දෙකක් මාරු වීමට ඉඩ ඇති දුම්රිය ස්ථානයක, එම මාරු වන දුම්රිය යොමු වන මාර්ගයයි. ඒ නම් ප්‍රධාන මාර්ගයෙන් බෙදුණු අතු මාර්ගයකි.
Deleteවිශේෂ සටහන- කරුණාකර ඔබේ ෆේස්බුක් ගිණුමේ ඉන්බොක්ස් එක බලන්න. අතිශය වැදගත් පණිවිඩයක් ඒවා ඇත.
දැනුත් දියතලාවේ සිට ඔහියට ගිහින් අාවා විතරයි
ReplyDeleteඒ උනාට මේ පොඩි මැණිකේ එක්ක ආය යන්න වෙන්නේ නෑ නේ..
Deleteමේක කියවනකොට සතියක් කෝච්චියක ඉඳගෙන උඩරට සවාරියක යන්ට හිතෙනවා අඟහරුවෝ...:)
ReplyDeleteඅන්න නියම වැඩේ අක්කා. සතියක් ඕනේ නෑ, අර නුවරින් උදේ 3.30ට බදුලු යන කෝච්චියේ ගියා නම් නියම ටුවර් එක. වෙලාවක ගිහිල්ලම බලන්නකෝ..
Deleteඅම්මේ බං... අපි නොදන්න දේවල් කොච්චරක්ද කියල තේරුණා. බලහං ඉතිං උඹ ලියවිල්ල නැවැත්තුවනං වෙන අපරාදෙ.
ReplyDeleteඒ, ඩ්‍රයිවර්ල දෙන්නට ඉන්ටකොම් එකක් වගේ මොකක් හරි නැද්ද අඟහරුස්? මං අහගෙන කොටුවෙ ස්ටේෂමේදි එනවුන්ස් කරලා කියනවා, “දුම්රිය එන්ජින් රියදුරු ප්‍රධාන පාලක මැදිරිය අමතන්න“ වගේ කතාවක්.
ස්තුතියි! අපි උනත් නොදන්නා තව බොහෝ දේ තියනවා. සමහර දන්නා කරුණු උනත් මේ පොස්ට් වලට දාලා නෑ.
Deleteඒ අමතන්න වෙන්නේ ඉතින් තමන්ගේ අතේ තියන ජංගම දුරකතනයෙන් තමා. ඉස්සර නම් සමහර එන්ජින් වල රේඩියෝ සෙට් තිබ්බ. දැන් දැන් ඒවා දකින්න නෑ. මම අන්තිමට වැඩ කරන එකක් දැක්කේ 2008 දී.
නුවර ඉදන් නුවර එළියට විතරයි මං ගිහින් තියෙන්නෙ..
ReplyDeleteආස හිතුන මේ වටේම යන්න කියවන් යද්දි. දවසක යන්න ලැබේවා කියල මම ම පතා ගන්නව මට.
කොහොම වුනත් මල්ලිට ස්තුතියි මේව ගැන කිවුවට.