Thursday, December 31, 2015

ආපසු හැරී බැලීම...

           ඔන්න තවත් අවුරුද්දක් ඉවර වෙලා.. ඒ කියන්නේ අපි තව අවුරුද්දකින් වයසට ගිහිං.. මේ බ්ලොග් එක තව අවුරුද්දක් පරණ වෙලා...              

           මේ අවුරුද්දේ නම් වැඩිය කියන්න දෙයක් නෑ ඉතිං. වැඩිය ට්‍රිප් ගියේ එහෙමත් නෑ.. වැඩිය කියන්නේ ගියේම නැති තරම්. ගල්බොඩ දිය ඇල්ල බලන්න දෙවතාවක් ගියා, බ්ලොග් ගෙට් එකට ආවා.. ආ රේල්වේ ෂෙඩ් ටික බලන්න ගියා. ඔච්චරයි. ගෙදරටම ගෙවිච්ච අවුරුද්දක් කියන්න පුළුවන්.. 

කේ වී එස් 12 සෙට් එකක් ගිය වැඩිම උස- ගල්බොඩ..
           මේ අවුරුද්දේ යන්න හම්බුන වැදගත් ගමන් වලින් එකක් තමා විශ්‍රාමික දිස්ත්‍රික් පරීක්ෂකවරයෙක් වන තිබ්බොටුමුනුව මහතා හමුවෙන්න යන්න ලැබීම. ඒ ගමනෙන් මම පැරණි දුම්රිය එන්ජීන්, ඒ කාලේ මෙහෙයුම් කටයුතු, ධාවන කටයුතු ගැන බොහෝ දේ දැනගත්තා.. ආපහු ඒ පැත්තේ යන්න ඕනේ.. 

           මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ බ්ලොග් ගෙට් එකක් නෑ. ඒක නම් ටිකක් අවුල්. ඒ උනාට සයිබර් අවුරුදු උත්සවයට මම ආවා. ඒ ගැන මීට කලින් පෝස්ට් එකක් ලියල තියනවා. ඒකෙදි හමු උනා හොඳ මිතුරුමිතුරියන් ගොඩක්. එයින් සමහර දෙනෙක් අදටත් කතා බහ කරනවා.. තවත් සමහරක් නම් ආ ගිය අතක් නෑ.. 

බ්ලොග් ගෙට් එක.. ලබන අවුරුද්දේ නම්....
          ඊළඟට, මට මේ පාරත් අපේ යකඩ යකා ගෙට් එක මිස් උනා. මේ පාර ඉතාම හොඳ වැඩ සටහනක් සංවිධානය කරලා තිබුනත්, මේ අවුරුද්දේ වැටිච්ච එකම විභාගය ඒ කාලෙටම වැටිලා තිබුන නිසා ඒ ගමන යන්න බැරි උනා. ඒ විභාගය නම් .... හාපෝ... සබ්ජෙක්ට්ස් දෙකක් ආයෙත් ලියන්න උනා දෙසැම්බර් වල. 
යකඩ යකා ගල්බොඩ ට්‍රිප් එක..
        වෙන අවුරුදු වල හෝ ගාලා රට වටේ අවිද්දට, මේ පාර යන්න උනේ එකම එක රේල් හයික් එකයි. ඒ නානුඔය- ග්‍රේට් වෙස්ටර්න් අතර ගිය එක. ඊට පස්සේ හයික් යන්න බැරි උනා, මොකද මම වෙනද හයික් යන යාලුවා, අශාන් විජේකෝන් පියාඹන හමුදාවට බැඳුනු නිසා.  
        ඒ වගේම, මට පාසල් කාලයේ ඉඳන් හිටිය හොඳම මිත්‍රයෙක් වුන කාංචන අතුරුපාන මිත්‍රයා, ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත උනා.. ඒක නම් මට සෑහෙන පාඩුවක්. මොකද මට ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම එයා මගෙත් එක්ක හිටියා.. කොහොම උනත්, මම ඔහුට සුභ පතනවා..!

        හරි දැන් ඔය ටිකේ කිව්වෙම මට කරන්න බැරි උන, නැත්තම් අසුභ දේවල් නේ.. රට පැත්තෙන් ගත්තත් මේ අවුරුද්ද මහා අපබ්‍රංස අවුරුද්දක් කියල තමා කියන්න තියන්නේ. මුලින්ම, 2005 ඉඳන් අපේ රටේ ජනාධිපති වෙලා හිටිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනවාරි 5 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පස්සේ ගෙදර ගියා. ඒ වෙනුවට ආවේ රජරට පැත්තේ පසුබිමක් තියන මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. ඔහුට නම් එක පිට එක විරෝධතා එල්ල වෙනවා සෑහෙන්න. ඒවාට ඉතිං එතුමාත් වග කියන්න ඕනේ. දේශපාලනය මම කතා නොකරත්, ඒ ටික නම් මම කියන්න ඕනේ. අරහේ විල්පත්තුවේ කැලේ කපනකොට, හොරු එලියට එනකොට, අනංමනං වෙනකොට නොදන්නා තාලෙට ඉඳලා, කොහෙවත් යන බ්‍රා එකක් දැකපු ගමන් තමා ලයිට් එක පත්තු උනේ.. දැන්වත් එතුමා ඇස් ඇරලා බලන්න පුරුදු උනා නම් හොඳයි කියලයි අඟහරු අපේ අදහස.  
        රට ගැන කතා කරන්න ආපු නිසා, තව එකක් කියන්න ඕනේ. ඉස්සෙල්ලා තිබ්බ සන්ධාන (කොහෙද දන්නේ නෑ මේකේ සන්ධානයක් තිබ්බේ) ආණ්ඩුවක් නේ.. ඔන්න ඔය අගෝස්තු මාසේ (ද කොහෙද) තිබ්බා මැති වරණයක් කියල එකක්. එකෙන් ඔය ආණ්ඩුව පෙරලුනා (ලු). පෙරලිලා දැන් තියන්නේ අච්චාරුවක්. හැබැයි ඉතිං හට්ටි මාරු උනාට මාළුව එකයි වගේ තමා මට නම් පේන්නේ..  

        දේශපාලනයෙන් එලියට ගිහිං බැලුවොත්, මේ අවුරුද්දේ ප්‍රධානම ලක්ෂණය තමා කෙළවරක් නැති මල ඉලව් වැස්ස. අවුරුද්ද පටන් ගත්ත දවසෙත් වැස්සද කොහෙද. මේක ලියන දැනුත් වලාකුල් තියනවා අහසේ. හවසට දෙයිද දන්නේ නෑ.. ඔය ඉලව් වැස්ස නිසා මට හැදුනා හෙම්බිරිස්සාවක් දැන් මාස දෙක තුනකට උඩ දී. තාම තියනවා..

        ආ තව එකක්- මේ අවුරුද්දේ මොනවා නැතත් හොඳ කතා ටිකක් නම් අහගන්න ලැබුනා එහෙන් මෙහෙන්. දැන් මම දන්නවා බස් එකක හිටගෙන යනකොට කොන්දොස්තර ඇවිත් වාඩි වෙන්න කිව්වොත් උත්තර දෙන්න ඕනේ විදිය. මෙන්න මෙහෙමයි-

" ඇයි ඔය සීට් තියද්දි හිටගෙන ඉන්නේ? ඉඳගන්න ඉඳගන්න....."

මෙන්න මෙහෙමයි උත්තර දෙන්නේ-
"උඹ කවුද යකෝ මට ඉඳගන්න කියන්න? උඹ කවුද මාව වාඩි කරවන්න... * ක යා....."  

      හරි.. රට ගැන කිව්වා ඒ  ඇති.. ආය මොනවද ලියන්න ඕනේ කියල බැලුවම මතක් උනේ.. මේ අවුරුද්දේ එකම හොඳ දේකට තිබ්බේ මගේ දහම් පාසල් ගුරු ජීවිතය විතරද කොහෙද. මේ අවුරුද්දේ මම උගන්නපු පංති දෙකම ඉතාම හොඳට කටයුතු කරා. අපි එකතු වෙලා දන්සැල් තිබ්බා, වෙසක් කූඩු  හැදුවා.... හෝ ගාලා වැඩ කරා.. 

දන්සැල.. මේක නම් ලෙසටම ගියා..
      ඒත්, මේ අවුරුද්දෙන් පස්සේ ඒ එක පන්තියක් දහම් පාසල් ඉවර වෙලා යන්නම ගියා. ඒ තමා මම ඉස්කෝලේ ඉගෙනගන්න කාලේ ඉඳලම උගන්නපු අන්තිම පන්තිය. අනික් පන්තිය උනත් මට ආය හම්බවෙන එකක් නෑ.. බොහෝ විට මගේ දහම් පාසල් ගුරු ජීවිතය මෙතනින් ඉවර වේවි..  
10 වසරේ ක්ලාස් ඒකත් එක්ක ගැහුවා ගෘප් ෆොටෝ එකක්..
     ආ තව එකක්- ට්‍රිප් ගියේ නෑ කිව්වට නොගියමත් නෙවේ.. එකක් දෙකක් වැටුනා අහම්බෙන් වගේ. එකක් තමා ඔය කලින් කියපු ගල්බොඩ ඇල්ල බලන්න යන්න සෙට් උන ට්‍රිප් ටික. ගල්බොඩ ඇල්ල ගැන මම මෙතැනයි, ෆේස්බුක් එකෙයි කියපු නිසා ආය කියන්න යන්නේ නෑ. අනික් ට්‍රිප් එක තමා රත්නපුරේ හරහා බලංගොඩ යන්න ලැබුන එක. දවස් තුනක වගේ ගමනක් උනාට, නියමම දවස් තුනක්. එහෙ කට්ටියත් එක්ක වටේ ඇවිදලා, ක්‍රිකට් ගහලා, ෆිල්ම් බලලා නාලා එහෙම ආවා. හැබැයි ඉතිං මගේ අතින් උන (ඔව් මගේ කටට බ්‍රේක් නෑ නේ) වැරද්දක් නිසා දැන් බලංගොඩ කස්ටිය තරහ වෙලා..  

බලංගොඩ ඉඳන් එන ගමන්...
    ඉතිං ඔයින් මෙයින්, 2015 අවුරුද්ද ගෙවිලා ගියා.. මේ අවුරුද්දේ අන්තිම ට්‍රිප් එක විදියට, මට දෙමටගොඩ Hydraulic Locomotive Shed එක බලන්න යන්න අවස්තාවක් හම්බුනා අපේ සහන් ජයසුරිය මලයට ස්තුති වන්ත වෙන්න. එදා මම මගේ තවත් හීනයක් සැබෑ කරගත්තා.. ඒ තමා කාලයක් උඩරට වැඩකාරයා වෙලා හිටිය W2 පන්තියේ එන්ජිමක් දකින එක..
    

ඩබ්ලිව් 2 එන්ජිම සමග අඟහරුවා..
(සේයාරු අනුග්‍රහය- සහන් ජයසුරිය)
     අද පන්සලේ උදේ දානයක් තිබ්බා. ඒකට ගිහිං ඇවිත් තමා මම මේ ලියන්නේ. සාමාන්යෙන් ඔත්තේ අංක වල අවුරුදු මට කොහොමත් ටිකක් අසුභයි. 2014 අවුරුද්ද මම ගෙවපු හොඳම අවුරුදු වලින් එකක්.. බලමු නේද 2016 කොහොම වෙයිද කියලා... එහෙනම් ඔන්න කට්ටියටම, 
  ලබන්නා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා..!!!

17 comments:

  1. කාලන්තරෙකින් සිද්ද නොවෙච්ච අමුතු අමුතු සිද්දි සිද්ද වෙච්ච අවුරුද්දක් තමයි අදින් ඉවර වෙන්නේ...
    -
    උඹටත් සුබම සුබ අලිත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඒක තමා අප්පා. මාර දේවල් නේ මේකේ උනේ.. බොහොම ස්තුතියි සුභ පැතීමට!

      Delete
  2. තව තව කෝච්චි එලවන්න ලැබෙන, කෝච්චියෙන් හුඟක් දුර යන්න ලැබෙන, 'පුළුවන් වුණොත් එන්ජිමට පෙට්ටියක් ඈඳගන්න ලැබෙන' සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අනික් ඔක්කොමත් හරි කෝච්චි පෙට්ටි නම් එපා.. ලයිට් ලොකෝ දුවන එක දාහෙන් සම්පතයි.. :D

      Delete
  3. අඟහරුවාටත් පවුලේ සැමටත් අඟහරු ලෝකෙට එන සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ සුභ පැතුමට!!

      Delete
  4. අඟහරුවා ඇතුලු පවුලේ සැමටම ලබන්නා වූ 2016 කිරියෙන් පැණියෙන් උතුරණ සුබ නව වසරක්ම වේවා

    ReplyDelete
    Replies
    1. පූසාටත් එසේම වේවා! කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!

      Delete
  5. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  6. අඟහරුවාලෝකනය...!

    උඹටත් එසේම වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වේවා! මේ තමා අන්තිම රිවීව් එක...

      Delete
  7. උබ කවුද යකෝ මට වාඩිවෙන්ට කියන්ට..? උබ වාඩිවෙයන් බයියා.. >:(

    සුබ නව වසරක් වෙවා යහලුවේ.. :)

    ReplyDelete
    Replies
    1. බයියා නෙවේ අර මම දාල තියන එක තමා වචනේ.. Word of the year! :D
      එසේම වේවා!!

      Delete
    2. බයියා නෙවේ අර මම දාල තියන එක තමා වචනේ.. Word of the year! :D
      එසේම වේවා!!

      Delete