පොඩි
මැණිකේ නානුඔයෙන් පිටත් වූ පසු, අප දිවා ආහාරය ගැනීම සඳහා වාඩි වූයෙමු. බොහෝ මගීන්
පිරිසක් නානුඔයෙන් බැස ගොස් තිබු නිසා, දුම්රිය ආසන සෑහෙන තරම් හිස් විය. අප සිව්
දෙනාට එක ළඟ අසුන්ගත හැකි විය.
මා
මෙම ගමන සංවිධානය කරන විට හැමෝටම කී දෙයක් නම්,
“කන්න ගේන දෙයක් අතේ නොගෑවෙන්න කන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ... නැත්තම් අත්
හෝදගන්න හතර වටේ යන්න වෙයි..”
යන්නයි. එම නිසා, අපේ දිවා ආහාරය, කඩල, පාන් ආදියෙන් සමන්විත විය. මා මගේ “විශේෂ” ක්‍රමයකට සෑදු පොල් සම්බෝල් දමා පාන් ටෝස්ට් කරගෙන අරං ගියෙමි.
පොඩි
මැණිකේ මුල් කාලයේ ධාවනය වූයේ නානුඔය දක්වා පමණි. ඒ, M2 හෝ M6 එන්ජින් වලින් නොව, S3 පන්තියේ බලවේග කට්ටල පවර් කාර් 2ක් එකිනෙකට පසුපස
සිටින සේ සම්බන්ධ කොට, ඒ පසුපසින් මැදිරි 9ක් එකතු කිරීමෙනි. අශ්වබල 1700ක බලයක්
සහිත වූ මෙම ද්විත්ව කට්ටලය, උදැසන කොළඹින් පිටත් වී දහවල් වනවිට නානුඔයට පැමිණ,
නැවතත් හවස් වන විට කොළඹ ආවාය.
එහෙත්
1970 දශකයේ මැද වන විට, S3
බලවේග කට්ටල
වල කාර්යය W2 පන්තිය භාරගෙන තිබුණි. පොඩි මැණිකේට නැරඹුම්
මැදිරියක් එකතු වී තිබුණි. 1970 දශකයේ අග වන විට, ඇය ක්‍රමයෙන් බණ්ඩාරවෙලට සහ
අනතුරුව බදුල්ලටම යාමට පටන්ගත්තාය..
යමු යමු පෙරමුණ බලා... |
පැරකුම්පුර ඇති පටු ආමාන මැදිරිය. |
අප
දිවා ආහාරය ගන්නා අතරතුරේ, පොඩි මැණිකේ සෑහෙන තරමක දුරක් පැමිණ ඇත. තරමක වන
ලැහැබක් තුලින් ගමන් ගත් පොඩි මැණිකේ, නැවතත් විවෘත අඩවියකට ලඟා විය.. ඒ, අප බලා
සිටි අවස්ථාවකි. ඒ නම් එල්ජින් ඇල්ල දර්ශනය වන්නේ මෙම අඩවියටයි. මාගේ විශ්වසනීය
ජංගම දුරකථනය සිය කැමරාවෙන් එහි දර්ශන දෙකක්ම සටහන් කරගැනීමට සමත් විය..
එල්ජින් ඇල්ල. |
දැන් දැන් තේ වතු අතරින්ම උඩරට එළවලු වගාවන් දක්නට ලැබුණි. ගෝවා, ලීක්ස් සහ මට
හඳුනාගත නොහැකි වූ එළවලු වර්ග ඒ අතර තිබුණි.
මේක නම් වැවක්ද මොකද්ද දන්නේ නෑ.. |
අලුතෙන් සිටවූ එළවලු පාත්තියක්.. |
තවත් මද දුරක් ගමන් කල පොඩි මැණිකේ, සුප්‍රසිද්ධ
නානුඔය පාලම තරණය කලාය. එකල පොඩි මැණිකේ සතු වූ නියම ලස්සන දිස් වූයේ මෙවැනි පාලම්
ආදිය හරහා ගමන් කරන විටය.. අප එම අවස්ථාවද කැමරා වලින් සේයාරු ගත කළෙමු..
නානුඔය පාලම හරහා.. |
ඈතින් දිස් වූ එම පාලම |
තවත්
ටික වෙලාවකින්, ඉපැරණි බවක් දිස් වූ සැමෆෝ සංඥා කණුවක් දිස් විය. ඒ, අඹේවෙල
දුම්රිය ස්ථානයේ අවුට් හෝම් සංඥාවයි..
අඹේවෙල අවුට් හෝම් සංඥාව. |
ඒ
සංඥා අනුව, පොඩි මැණිකේ සිය හදවතට මද විවේකයක් ලබාදෙමින් අඹේවෙල දුම්රිය ස්ථානයට
ඇතුළුවී මදක් ගිමන් හරින්නට වූවාය..
අම්බෙවෙලට එන පොඩ්ඩි.. පේනවා නේද කට්ටිය හෝ ගාලා ෆොටෝ අල්ලනවා.. |
අඹේවෙල
දුම්රිය ස්ථානය, මුහුදු මට්ටමේ සිට අඩි 5995ක් උසින් පිහිටියේය. ඒ, නානුඔයට වඩා
අඩි 700ක පමණ උසකි. මෙම උස නැගීමට දුම්රිය මාර්ගය සැතපුම් 9ක දුරක් ගෙවා ඇත. ඒ
නම්, අඹේවෙල දුම්රිය ස්ථානය කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 137කුත්,
දම්වැල් 08ක් දුරින් පිහිටියේය.. අඹේවෙල දුම්රිය ස්ථානයද, පැරණි උඩරට දුම්රිය
මාර්ගයේ දුම්රිය ස්ථාන ආකෘතියට අනුව, පාෂ මාර්ග කිහිපයක්, බඩු ගබඩාවක් සහ තනි
වේදිකාවකින් සමන්විත, මනරම් දුම්රිය ස්ථානයකි.
අඹේවෙල දුම්රිය අංගනය සහ ගබඩාව. |
මෙම දුම්රිය ස්ථානය පිහිටියේ එල්ක් තැන්න නම් අඩවියේ ය. එල්ක් තැන්නට නම වැටීමට
එල්ක් නම් මුව විශේෂය හේතු වී ඇත. එහෙත් කණගාටුවට කරුණ වන්නේ, අධිරාජ්‍යවාදී සමයේ මෙන්ම
පසු කාලයේද සිදු වූ සීඝ්‍ර දඩයම් කිරීම නිසා, මෙම සතුන් දැන් මෙම අඩවියේ
බෙහෙතකටවත් සොයාගැනීමට අසීරු වීමයි..
මෙම දුම්රිය ස්ථානයට යාබදව, සුප්‍රකට අඹේවෙල දියර කිරි කර්මාන්තශාලාව පිහිටා ඇත..
මෑතකදී පලවූ ප්‍රවෘතියක් අනුව, මෙම කර්මාන්තශාලාව සිය නිෂ්පාදන දුම්රිය මගින්
බෙදාහැරීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇත..
අඹේවෙල කිරි කර්මාන්තශාලාව එදින දිස් වූ අයුරු.. |
අඟහරුවා නම් නියම ට්‍රැවලර් කෙනෙක්... මටත් ආසයි ඔහොම ගමනක් යන්න. ලියවිල්ලත් මරු. සුබ පැතුම් ඔයාට.!!!
ReplyDeleteයන්න වෙලාවක. මේ ගමන තොරතුරු දැනගෙන යන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.. ස්තුතියි සුභ පැතුමට!
Deletegood job dude.. keep it up..!!
ReplyDeleteThanks mate!
Deleteආපහු යුරෝපීය දුම්රිය එන්ජින් ගෙනත් උඩරට මාර්ගයට යොදවන කතාවක් නිමල් සිරිපාල උන්නැහේ මේ ඊයේ පෙරේදා කිව්වා. ඉන්දියන් ලදරම් වලට ඔය පාරේ යන්න බැහැ නේද?
ReplyDeleteහප්පෝ.......අඹේවෙල අඹේවෙල අඹේවෙල. ඔය පැත්තේ කොච්චර කරක්ගැහුවද 88 -89 කාලේ. ඒ වගේමයි මූලික හමුදා පුහුණුවේදී ඔය පැත්තේ මර හීතලේ යෙදෙන අභ්‍යාස වගයක් තියනවා. අනෙ අම්මේ මතක් වෙනකොට අදත් හිරිගඩු පිපෙනවා.
ඉන්දියන් ලඩි වලට මේ පැත්තේ එන්න බෑ. ඔය ඇමතිතුමා කිව්වට ඕක ගේනකල් ෂුවර් නෑ. හැබැයි ඉතිං එක පාරකුත් යුරෝපෙන් කියලා ප්‍රංශ රටෙන් එන්ජින් ගෙනල්ලා රේල්වේ එක තාම නානවා.. රේල්වේ එකමත් නෙවේ හැබැයි එව්වා ගෙනාවේ..
Deleteඅඹේවෙල නෙවේ මට නම් සීතල.. පට්ටිපොළ.. දවසක් ගියා. සෙල්සියස් 14යි..
දවසින් දවස කෝච්චියේ බදුළු යෑමේ ආසාව වැඩි වෙනව.
ReplyDeleteඒවගේම,ඉස්සර ගියා වගේ රේල් හයික් යන්නත් ආසයි.
මට නම් ආය රේල් හයික් යන්න ලැබෙන එකක් නෑ.. බදුලු ගිහිං එන්න ඕනේ පුළුවන් උනොත්..
Deleteඅඩෝ අඟහරුවෝ...
ReplyDeleteඋඹේ පොස්ට් කියෝන කියෝන සැරේට කොච්චි ට්‍රිප් එකක් යන්න තියෙන ආසාව වැඩිවෙනවා බන්...
ඉතිං යමුකෝ එකක්.. ගිහිල්ල ලියමු බ්ලොග් පෝස්ට් එකක්..
Deleteඅඹේවෙල පැත්තෙනං කීප වතාවක් ගිහිල්ල තියෙනව ලෝකාන්තෙ යනකොට.
ReplyDeleteඔහොම යංකො තව ඉස්සරහට.
ලොකාන්තේ මම ගිහිං තියනවා, හැබැයි කෝච්චියේ නෙවේ. 2001 ගියා අපිත් ඔය අඹේවෙල ෆැක්ටරි එක එහෙම බලාගෙන.
Deleteනානුඔය පාලම? නානුඔය පාලම කොයින්ද අඹේවෙලට ආවේ?? කෝ එල්ජින් ඇල්ල?? කෝ මේක උඩරට ට්‍රැක් එකේ දිගම සෙක්ෂන් එක කියල නෑනෙ... නිදිමතේද මේක ලිව්වෙ බොලව්???
ReplyDeleteඅඹේවෙලට කලින් බොල පාලම තියන්නේ.. එල්ජින් ඇල්ල බලන්න ෆොටෝ එක ටිකක් සූම් කරන්න වේවි. අපි ගියේ පායන කාලෙක. ඒ කතාව අන්තිමේදී කියන්න හිටියේ. අර දානවයි කිව්ව ඩේටා ශීට් ඒකෙ.. ඔක්කොම එකතු කරලා සමරයිස් කරලා..
Deleteකියන්න හිටියේ...?? අනේ පලයං බං යන්න උඹේ බයිල...
Deleteඅඹේවෙලට කලින් වුණාට ඒක නානුඔයට වඩා අඹේවෙලටයි ළඟ... ඒකට කියන්නෙ අඹේවෙල පාලම කියල... -_- x 9000
අගහරුවෝ................... සුභ අලුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteඑසේම වේවා ඔබටත්!
Deleteමම මේ ගමන කෝච්චියේ ගිහින් තිබුනත් බදුල්ලටම ගිහින් තිබුණේ නෑ. අවස්ථාවක් ලැබුනු වහාම යනවා. එහෙනම් සුභ අළුත් අවුරුද්දක් වේව කියල ප්‍රාර්ථනා කරනගමන්ම ඉතිරි ටිකත් රසවත්ව ලියන්න කියලත් කියන්න කැමතියි.
ReplyDeleteඅනිවාර්යයෙන් බදුල්ලට ගිහිං එන්න. ඒක සෑහෙන වටිනවා.. ඔබටත් එසේම වේවා! හැකි උත්සාහයක් දරන්නම් මම ලියන්න..
Deleteඅද කියවනවා ඔයාගෙ පොස්ට් ඔක්කම :D
ReplyDeleteආ එල එල.. කියවලා එන්නකෝ...
Deleteඅපේ රට මොන තරම් සුන්දරද කියල හිතෙන්නෙ කාණුවක යන වතුරටත් ගඟක් කියන මිනිස්සු එක්ක ඉද්දි.
ReplyDeleteලියවිල්ල නියමයි මල්ලියෙ.
ඒක නම් සහතික ඇත්ත අක්කා. අර මම දාල තියන ෆොටෝ ඒකත් එහෙම එකක්ද දන්නේ නෑ.. හැබැයි ඒක නම් සෑහෙන ලොකුයි.. ස්තුතියි ප්‍රතිචාරයට!
Deleteඋඹේ පෝස්ට් ටික එකතු කරල උඩරට දුම්රිය ට්‍රැවල් ගයිඩ් එකක් ගහල විකුණහං. සිරාවට කියන්නෙ.
ReplyDeleteසමහර විට දැනටත් කවුරුහරි මේ ටික එකතු කරනවා ඇති. මම මේක ලියල ඉවර උන ගමන්ම සමහර විට ඒ පොත ගන්න තියේවි වෙන කාගේ හරි නමක් එක්ක.. නැත්තම් අඩුම ගානේ බ්ලොග් එකකවත් තියේවි..
Deleteඑහෙම වෙයි. ඒ උනාට ඒ මොකාටවත් වඩා හොඳට ඒ වැඩේ කරන්න උඹට පුළුවං. මං කියනවට කරහං...
Deleteමගෙත් අදහසක් නම් තියනවා..
Deleteඅර පටු පෙට්ටියක් තිබ්බෙ. ඒ කාලෙ පටු දුම්රිය මාර්ගයක් තිබිලද?
ReplyDeleteනෑ.. ඒ දවස් වල ඔය කැළණි වැලි එකෙන් අයින් වෙන මැදිරි එහෙම තැන් තැන් වලට ගෙනල්ලා දැම්මා ආයුධ ගබඩා වගේ දේවල් හැටියට ප්‍රයෝජනයට ගන්න. ආයුධ කිව්වේ මේ තුවක්කු එහෙම නෙවේ. පාර හදන්න ඕනේ වෙන දේවල් වගේ.. මේ එයින් එකක්. තව එකක් තියනවා වැලිගල්ල හෝල්ට් එකෙත්. ඉදල්ගස්හින්නෙත් තියනවා..
Deleteනානුඔය සිට අඹේවෙලට ඒ තරම් නැග්මක් නෑ දුම් රිය මාර්ගයේ
ReplyDeleteඔව්. ඒ උනාට ඒක තමා දිගම සෙක්ෂන් එක..
Deleteඊ ළඟ ලිපියෙදි මුදුනටම නගින එකයි තියෙන්නෙ. ඔය දෙපොල හරියෙදි පොද වැස්සක් වැටුන්නැතිව පුදුමයි. අපේ පැටික්කියොයි මායි පට්ට ආතල් එකක් ගත්තා හපුතලේ යද්දි ඔය හරියෙදි. මාර දේශගුණේ බං. ඒ පොද වැස්ස මටනම් අමතක වෙන්නෑ ජීවිතේට.
ReplyDeleteඅපිට නම් මොන වැස්සක් වත් සෙට් උනේ නෑ.. ඔව් මේ අදින ගමන් තමා මේක ටයිප් කරන්නේ..
Deleteආ මේ අර අපි ගියපු පාර නේ . දැනුයි දැක්කේ
ReplyDeleteඕ යේස්.. තැන්ක්ස් ඈ දීපු හෙල්ප් එකට!
Delete