ඉදල්ගස්හින්න දෙසට ඇදෙන පොඩි මැණිකේ.. |
ඔහිය දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ නැවතත් අවතීර්ණ වූයේ වනාන්තර පෙදෙසකටයි. උඩරට වියලි කලාපයට ආවේණික ලක්ෂණ පෙන්නුම් කල වනාන්තරය තුලින් වැටී තිබුණු මග ඔස්සේ ඇය ගමන් කලේ, අඩු වේගයකිනි. එක් විටම පැරණි වෙඩි බෙහෙත් ගබඩාවක් පසු විය. එය නම් සේයාරු ගත කිරීමට මට නොහැකි විය.
නාය යාම් සහ ගල් කඳු කඩාවැටීම් ගැන අනතුරු අඟවා තිබුණු අයුරු. |
මෙම කොටස දැඩි බෑවුමකින් යුතුය. මෙම
බෑවුමත් එසේ මෙසේ බෑවුමක් නොව, අඩි 44ට එකක ආනතියකින් යුතු බෑවුමකි. පොඩි මැණිකේ දුම්රිය
සාමාන්‍යයෙන් මැදිරි 6කින් සමන්විතය. එක මැදිරියක් ටොන් 28ක් පමණ බරය. ඒ අනුව මුළු
දුම්රිය (එන්ජිම රහිතව) ටොන් 168ක් බරය! මෙම මැදිරි වල මුළු බරත්, මගීන්ගේ සහ
අනෙකුත් අවශේෂ බරත් එකතු වූ විට ටොන් 175ක පමණ බරක් එකතු වනු ඇත. මෙම සියලුම බර
දරා සිටිය යුත්තේ ටොන් 89ක් බර එන්ජිමක තිරිංග පද්ධතියයි.
උඩරට වියලි කලාපය තුලින් බෑවුම ඔස්සේ.. |
යම් හෙයකින් තිරිංග ගිලිහී යාමට ඉඩ
හළොත්, බණ්ඩාරවෙලට දුම්රිය ලඟා වන විට පැයට සැතපුම් 100කට එහා වේගයක් දුම්රිය සතු
වනු ඇත! මේ නිසා, මෙම කොටසේ ධාවනය වන සියලුම දුම්රිය වෙත පැයට සැතපුම් 20ක උපරිම
වේග සීමාවක් පනවා ඇත. මෙම වේගය පවත්වාගැනීමට, ඩයිනමික් හෙවත් ගතික තිරිංග මහෝපකාරී
වේ. අප ඔහිය දුම්රිය ස්ථානයෙන් පිටත් වූ තැන් පටන් දිගටම, ඩයිනමික් තිරිංග
පද්ධතියට අදාළ පංකාව වේගයෙන් ක්‍රියා කරන හඬ අපට එන්ජිමේ හඬ පරදවා අසන්නට ලැබුණි.
අප මෙම ගමන් කරන කොටසේ එක් විශේෂතාවයක්
ඇත. පාරිසරික සුන්දරත්වය මෙන්ම, උඩරට දුම්රිය මාර්ගයට ලාක්ෂණික වූ බිංගෙවල් එම
විශේෂත්වයයි. ඒ, යාබද දුම්රිය ස්ථාන දෙකක් අතර හමු වන වැඩිම බිංග සංඛ්‍යාවක්
ඇතුලත් කොටස මෙය වන බැවින්ය. අංක 22 බිංගයෙන් ආරම්භ වී, එකක් පසුපස එකක් ලෙසින් අංක
36 වන බිංගය දක්වා අපට මෙම කොටසේදී හමු වේ. සමහර ස්ථාන වලදී, දුම්රිය එකවර බිංග දෙකක් තුලින් ගමන් කරයි.
එකක් පසුපස එකක් ලෙස පිහිටි බිංග 14න් දෙකක්. (දුම්රිය පා ගමනක් අතරතුරදී ගත් සේයාරුවකි) |
මෙම බිංගෙවල් වඩාත්ම කතා බහට ලක්වූයේ, අද
නොව වාෂ්ප එන්ජින් යුගයේ ය. ගල් අඟුරු එන්ජිමට සෑම වෙලේම ගල් අඟුරු දමන්නේ නැත.
ෆයර්මන්වරයා විසින් එය කරන්නේ ක්‍රමානුකූලවයි. ඔහුට මාර්ගය ගැන හොඳ දැනීමක් තිබීම
අත්‍යවශ්‍යය. බිංග තුලදී චිමිනියෙන් පිට වන දුමාරය අවම වන සේ ඔහු කටයුතු කල යුතුය.
ගල් අඟුරු දුමාරය හුස්ම ගැනීම අපහසුතා ඇති කරන බැවින්, බිංගය තුලට පිවිසෙන දුම්රිය
එහි ඇතුලත දුමාරය අවම වන පරිදි බිංගයට කලින් ලිප හොඳින් දල්වා වාෂ්ප පීඩනය ඉහල දමා
තිබිය යුතුය.
නැවතත් තේ වතු කලාපය වෙත.. |
එකක් පසුපස එකක් පිහිටි බිංග 14 තරණය කල
පොඩි මැණිකේ, නැවතත් තේ වතු පෙදෙසකට අවතීර්ණ වූවාය. මදක් ඈතින් සංඥා කුළුණක් දිස්
විය. ඒ, ඉදල්ගස්හින්න අවුට් හෝම් සංඥාවයි. තරමක විශාල වංගුවක් පසු කල පොඩි මැණිකේ,
අතහැර දමනු ලැබූ පුංචි කෝච්චි මැදිරියක් පසු කොට, ඉදල්ගස්හින්න වෙත සේන්දු වූවාය..
ඉදල්ගස්හින්න වෙත පිවිසෙන පොඩ්ඩි.. (සේයාරු හිමිකම- අකිල කරුණාරත්න) |
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය, ශ්‍රී
ලංකාවේ පිහිටි සුන්දරතම දුම්රිය ස්ථාන අතරින් එකකි. මුහුදු මට්ටමේ සිට අඩි 5464ක
උසකින් පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුමරිය ස්ථානයේ සිට සැතපුම් 148ක්
සහ දම්වැල් 74ක දුරකින් පිහිටියේය. පාෂ මාර්ග දෙකක් සහිත තරමක කුඩා දුම්රිය
ස්ථානයක් වූ මෙහි, ඈත කාලයේ එක් වාෂ්ප එන්ජිමක් ස්ථානගත කර තිබුණු බව පැවසේ.
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. |
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය පිහිටියේ,
දෙපසින්ම දැඩි බෑවුම් සහිත කඳු මුදුනක් වැනි අඩවියකයි. මෙම දුම්රිය ස්ථානයේ
විශේෂත්වය නම්, වහලට වැටෙන වැසි ජලය, එක් පසෙකින් මහවැලි ගඟටත්, අනෙක් පසින් වලවේ
ගඟටත් එකතු වීමයි! පැහැදිලි දිනයකදී මෙම දුම්රිය ස්ථානයේ සිට දකුණු මුහුද දක්වාම
දැකිය හැකිය! රාත්‍රී කාලයේ දෙවුන්දර ප්‍රදීපාගාරයේ එලිය මෙම දුම්රිය ස්ථානයේ
වේදිකාවට දර්ශනය වන බව කියවේ..
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ වේදිකාවට පෙනෙන දර්ශනය.. |
වෙලාවට විනාඩි දෙකක් කලින් මෙහි ලඟා වූ
බැවින්, අපට අවට සිරි නැරඹීම පිණිස විනාඩි දෙකක අමතර කාලයක් ලැබුණි. මාගේ ජංගම
දුරකථනයේ බැටරිය අන්තිම කට්ටේ තිබුනත්, සේයාරු දෙකක් සටහන් කරගතිමි. හරියටම
වෙලාවටම පොඩි මැණිකේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹීය...
හොඳයි හොඳයි. ඔහොම යං.
ReplyDeleteතව පොඩ්ඩ දුරයි..
Deleteඔන්න මමත් ආවා. ඔහොම යමු ඉතිරි ටිකත්. ජය වෙවා...!
ReplyDeleteස්තුතියි! තව පොඩ්ඩයි..
Deleteඅළුත් පෝස්ට් එක දැකල ගොඩ උනා මේ පැත්තට. ඉදල්ගස් හින්න තරමක් දුශ්කර ප්‍රදේශයක් ඒත් හරිම ලස්සනයි. කලින් පෝස්ට් එක බලන්නත් බැරි උනා ඒකත් බලලම යන්නම්.
ReplyDeleteහරි! අපි ඔය ප්‍රදේශය හරහා පා ගමනක් ගියා. හරිම ලස්සන පලාතක් තමා.
Deleteයමු යමු, අපිත් එල්ලුනා කෝච්චියේ.
ReplyDeleteඑල්ලුනාට කමක් නෑ ෆුට් බෝඩ් යැම දරුවන් ලැබිය හැකි වරදක් ඈ..
Delete1. මීටවඩා වැඩි දුම්රිය මැදිරි ගණනක් යොදවා, ධාවනය කරන්නට සුදුසු දුම්රිය එන්ජින් ලෝකයේ කොහෙවත්ම ගන්න නැද්ද? උඩරට මැණිකේ පොඩිමැණිකේ දෙකේම මැදිරි මදි. මගීන්ට කරදර වැඩියි.
ReplyDelete2. මේ දුම්රිය මාර්ගය මීටවඩා තාක්ෂණික අතින් ඉහළ තත්වයකට ගන්න කුමක්ද කලයුත්තේ?
3. සෑම දුම්රිය මාර්ගයකම තිබෙනවා, දුම්රියට පමණක් අදාළ, විවිධ සංඥා පුවරු. ඒවා ගැනත් විස්තර කරන්න.
1. මීට වඩා වැඩි මැදිරි සංඛ්‍යාවක් යොදවා ධාවනය කල හැකි එන්ජින් තිබෙනවා. ඇමරිකාව, කැනඩාව, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ආදී රටවල් වල සමාගම් එවැනි එන්ජින් අදාළ මාර්ග සහ රටවල් වල තත්වයන්ට අනුකූලව නිපදවනවා. (උදා- M2c 626/627 එන්ජින් දෙක මෙරට කඳුකර මාර්ගය සඳහාම විශේෂයෙන් ජෙනරල් මෝටර්ස් සමාගමෙන් නිපදවා ඇත). නමුත් එවැනි තත්වයෙන් ඉහල එන්ජින් මිල අධික මෙන්ම ලැබෙන කොමිස් එක ඉතා අවම මට්ටමක පවතින බැවින් කිසිඳු රජයකින් එවැනි පියවරක් නොගනී. උඩරට මැණිකේ ආරම්භක යුගයේ ධාවනය වූයේ මැදිරි 9ක් සහිතව වන අතර, S3 පවර් කාර් දෙකකින් ඇරඹී පොඩි මැණිකේ, එම පවර් කාර් දෙකේ ඉඩ ද සමග මැදිරි 11ක් විය!
Delete2. මෙම දුම්රිය මාර්ගය තාක්ෂණික අතින් ඉහලට නොගන්නා තරමට හොඳ ය! මන්ද යත්, තාක්ෂණය ගන්නවා නම් මෙහි පැරණි ශේෂයන් නොනැසෙන පරිදි, ඉහල තත්වයේ තාක්ෂණය යෙදවිය යුතුය. අපට මෙවැනි තාක්ෂණ ගන්නට වෙන්නේ ඉන්දියාවෙනි, නැතහොත් චීනයෙනි. (ලංකාවේ කුමන තාක්ෂණයක් තිබුනත් ඒවා කෙරෙහි අවධානයක් නැත). ඉන්දියානු තාක්ෂනය පිලිබඳ අත්දැකීම් ඔබට උතුරු මාර්ගයේ සේවය කරන දුම්රිය සේවකයින්/ නිලධාරීන්ගෙන් අසා දැනගත හැකිය.
3. දුම්රිය සංඥා පද්ධතිය එක පොස්ටුවකින් දෙකකින් ආවරණය කල නොහැකි විශාල මාතෘකාවකි. මා ඒ පිලිබඳ උසස් පෙළ ව්‍යාපෘතිය සිදු කල අතර, පරිගණකය ලැබීමට පෙර අතින් ලියා පිළියෙළ කල පිටු සහ සටහන් පමණක් ඒ4 කොළ 80ක් තිබුණි!
බිංගය යන වචනයේ බහු වචනය කුමක්ද?
ඔබේ පිළිතුරු වලින් පැහැදිලි වන්නේ ඇත්තටම අවශ්‍යතාවයක් ඇත්නම් මේ දුම්රිය මාර්ගය මීට වඩා දියුණු තත්වයකට පත්කොට වඩාත් කාර්යක්‍ෂම සේවයක් මහජනතාවට ලබාදිය හැකි බවයි. මා හිතන්නේ අපිට අපේ ජීවිත කාලය තුල දකින්නට නොලැබුනත්, අනාගතයේදී එය සිදුවීමට ඉඩ ඇති බවයි.
Deleteටික ටික හරි දුම්රිය මාර්ග සංඥා ගැන ලියන්න. එක ලිපියකින් සංඥා තුනක් කියාදෙන්න.
බිම්ගේ, තොරණ, කඩපිල, වැනි වචන වල, ඒක වචනයත්, බහු වචනයත්, එකම රූපයෙන් භාවිත කිරීමේ වැරද්දක් නැත.
මෙම දුම්රිය මාර්ගයේ පිහිටි බිම්ගේ විවිධ දිගින් හා උසින් යුක්තය.
මෙම දුම්රිය මාර්ගයේ පිහිටි බිම්ගෙවල් විවිධ දිගින් හා උසින් යුක්තය.
ඔය වාක්‍ය දෙකම හරි.
අවශ්‍යතාවයක් ඇත්නම් අනිවාර්යයෙන්ම එය කල හැකියි. පිටරටවල මීට වඩා පැරණි දුම්රිය මාර්ග පමණක් නොව, ඉපැරණි දුම්රිය එන්ජින් පවා ඒ අයුරින්ම නවීන තාක්ෂණය මුසුකොට ධාවන තත්වයෙන් සංරක්ෂණය කොට තිබෙනවා. ළඟදී අලුත්වැඩියා කොට සේවයට එක් වූ Flying Scotsman දුම්රිය එන්ජිම එවැන්නක්.
Deleteදුම්රිය සංඥා ගැන ලියන්නම්. ලිපි පෙළක් සකස් කොට සරලව දාන්නම්..
ස්තුතියි උපදේශයට! ඉදිරි පෝස්ට් වල ඒ අයුරින් වෙනස්කම් කරන්නම්..
ඔහොම ඒමු................. අපි වතුර උණු කරන්නයි යන්නේ...... තේ ඒකක් බීලාම යමු...
ReplyDeleteතැන්ක්ස් ඈ! මට සීනි ටිකක් අඩුවෙන් දාන්න හොඳේ..
Deleteඅගයි අගයි තව ටික දුරයිනේ...
ReplyDeleteතව පොඩ්ඩයි.. එතනින් මේකත් ඉවරයි..
Deleteඉදල්ගස්හින්න මං මෑත කාලෙ ටෙලි දෙකකම දැක්ක. කොහොම හරි කතාව ඒ පැත්තට හරවලා ලියාගෙන ඉදල්ගස්හින්න යනව. හරියට පරණ හිංදි චිත්‍රපටි වල කොහොම හරි සිම්ලා යනව වගේ. ඒ උනාට ඔය පරිසරයෙ සුන්දරත්වය දෑහින් දැක්ක වගේ දකින්න ඒ දෙකෙම්ම බැරි උනා...
ReplyDeleteමම නම් ටෙලිනාට්‍යය බලන්නෙම නැත. ඒවා බලාගෙන ඉන්න පුළුවන් ඒවත් නෙවෙයි, වැඩි හරියක් ආදරේ කියල එකක් හිඟන්න යන කතා තියන්නේ. බඩ දඟලනවා බලනකොට.
Deleteඇහින් දකිනවා වගේ වෙන කිසිම දේකින් දෙයක් බලන්න අපිට බෑ.. ඒක නම් සහතික ඇත්ත.
නියමයි මල්ලි. මේ අපූරු විස්තරය බොහෝ දෙනෙක්ට වටිනව. ඔයාට හැමදාම වගේ මගේ ස්තුතිය මේ සඳහා.
ReplyDeleteඅදහසට ස්තුතියි අක්කා! මේ විස්තර වටිනවා නම් තමා. ඒත් වැඩි දෙනෙක් සැලකිල්ලක් නෑ..
Deleteවාෂ්ප එන්ජින් යුගයේ කඳු නගින්න වගේම කඳු බහින්නත් සැහෙන දක්ෂතාවයක් අවශ්‍ය වෙන්න ඇති.
ReplyDeleteකලින් කමෙන්ට් නොකලත් දිගටම පෝස්ට් බැලුවා. බදුල්ලට යනකල්ම අනහරුවා එක්ක එනවා.
ඔබට සුබ පතනවා.
අනිවාර්යයෙන්ම. ඩයිනමික් බ්‍රේක් කියල දෙයක් ගැන අහලවත් නැති ඒ කාලේ, මේවා සෑහෙන අමාරු වැඩ ඉතිං. ස්තුතියි අද කමෙන්ට් කරලා අගය කලාට! තව පොඩ්ඩ දුරයි..
Delete