ඉදල්ගස්හින්න
පසුකොට පොඩි මැණිකේ ඉදිරියට ඇදෙන විට, මට සිහි වූයේ මා සාමාන්‍ය පෙළ කරන කාලයේ
ජාතික රූපවාහිනී නාලිකාව විසින් විකාශය කල “උඩරට මැණිකේ” නම් වැඩසටහනයි. එහි මෙම
මාර්ගයේ, විශේෂයෙන් නානුඔයෙන් ඉහල කොටසේ සුන්දරත්වය අපූරුවට විස්තර විය. නානුඔය
හරියේදී අශාන් නිකමට මෙන් මෙම කොටසේ පා ගමනක් යාමට කල යෝජනාව, මා සිතින් අනුමත
කලෙමි.
ඉදල්ගස්හින්නෙන්
පිටත් වූ දුම්රිය, තේ වතු මැදින් සුරපුරයක් බඳු පෙදෙසක් හරහා හෙමිහිට ධාවනය වූවාය.
මෙම මාර්ගයේ අපට හමු වන අංක 36 බිම්ගෙය පසු විය. එය කෙටි එකකි. බිම්ගෙය පසු කොට මද
දුරක් ගිය විට දිස් වූයේ, මෙම මාර්ගයේ ආනතිය සලකුණු කොට තිබුණු පුවරුවකි. එයට අනුව,
එම ස්ථානයෙන් දෙපසට අඩි 44ට එකක් සහ අඩි
46ට එකක් වශයෙන් තියුණු බෑවුමක් ඇත. ඒ නම්, මෙම දුම්රියේ නැරඹුම් මැදිරිය එන්ජිමට
වඩා අඩි 6ක උසකින් පිහිටයි!
ආනතිය දැක්වීම (Gradient marker) |
මෙම
මාර්ගයේ පිහිටි තේ ප්‍රවාහනයට ඉදි වූ දුම්රිය වේදිකා (Estate platforms) ගැන මා
මීට කලින් සඳහන් කලෙමි. මෙම කොටසේ අපට ඉතා හොඳින් සංරක්ෂණය කල එවැනි වේදිකාවක් හමු
වේ. ඒ, ග්ලෙනනෝර් (Glennanore)
වේදිකාවයි.
අද මෙහි දුම්රිය නතර නොවුනත්, මෑතක් වන තුරුම මෙම වේදිකාව භාවිතා වී ඇත.
ග්ලෙනනොර් දුම්රිය වේදිකාව. (ඇඩිෂාම් බංගලාවට යන අතරතුරදී ගත් සේයාරුවකි) |
මෙහි
සේයාරුවක් ගැනීමට දුරකථනය අතට ගතිමි.. නමුත්.. මාගේ නොසැලකිලිමත් කැමරා භාවිතය
හේතුවෙන්, එහි බැටරිය අන්තිම කට්ටටම බැස තිබුණි. දැන් ඉතිං කල හැකි දෙයක් නැත..
මෙතැන් සිට සෙයාරූ ගැනීම අකිල අයියාට සහ අශාන්ට භාර කලෙමි. මා පාපුවරුවට වී නිදහසේ
ගමන රස වින්දෙමි. මෙතැන් පටන් ඇතුලත් වන සෙයාරූ එක්කෝ අකිල අයියා විසින් ගත් ඒවා
වන අතර, නොඑසේ නම් අප ආපසු පැමිණෙන අතරතුර ගත් ඒවාය.
ග්ලෙනනොර්
වේදිකාව පසු කරනවාත් සමගම ඉතා මනස්කාන්ත භූමි දර්ශනයක් අප නෙත් මානයේ දිස් විය. ඒ,
පහල නිම්නය හරහා ඈත කඳු දක්වාම පැතිරුණු භූමියේ දර්ශනයයි. එය වචනයෙන් විස්තර කල
නොහැකි අලංකාරයකි.
තවත්
මද දුරක් ගමන් කල මැණිකේ, තේ වත්තක් මැදට පෙරලී ගිය භාණ්ඩ ප්‍රවාහන ගැලක් පසු
කළේය. එහි විවිධ දේශපාලුවන්ගේ නම් කොටා තිබුණි. එය පසුකොට සුළු වෙලාවකින්, අප
හපුතලේ දුම්රිය ස්ථානය වෙත ලඟා වුනි.
පීලිපැන තේ වත්තක නතර වූ භාණ්ඩ ප්‍රවාහන ගැල. |
හපුතලේ
දුම්රිය ස්ථානය, මෙම මාර්ගයේ එක් කලෙක ප්‍රධාන දුම්රිය ස්ථානයක්ව පැවතුනි. අදටත්
මෙතනින් අවසන් වන දුම්රිය දෙක තුනක් ධාවනය වේ. මුහුදු මට්ටමේ සිට අඩි 4653ක උසකින්
පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 153ක් සහ
දම්වැල් 43ක දුරකින් පිහිටා ඇත. පාෂ මාර්ග කිහිපයක අංගනයක්, ගබඩාවක් සහ විශාල වතුර
ටැංකියක් සතු මෙම දුම්රිය ස්ථානය සතුව, අතීතයේ එන්ජින් දෙකක් සඳහා ධාවනාගාරයක්
පැවතී ඇත. අද ඔබ කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දකින B9- 135 එන්ජිම,
එක් කලෙක මෙම දුම්රිය ස්ථානයට අනුයුක්තව තිබී ඇත.
හපුතලේ වේදිකාව. |
හපුතලේ
වෙත දුම්රිය මාර්ගය ලඟා වූයේ 1893දීය. මෙම මාර්ගය තැනීමේදී, මෙතෙක් අනුගමනය කල
පුද්ගලික කොන්ත්‍රාත් ක්‍රමය වෙනුවට, රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් ඉදිකිරීම් කටයුතු
සිදු කෙරී ඇත.
හපුතලේ
දුම්රිය ස්ථානයේ විනාඩියක් නැවතී සිටි පොඩි මැණිකේ, නැවතත් සිය තිරිංග මුදා හලේ,
දියතලාව බලා යාමටය...
ඔය හපුතලේ රනිංශෙඩ් එකේ කෑලිවත් නෑ නේද හොයාගන්න දැං?
ReplyDeleteනෑ. එහෙම එකක් තිබ්බද කියලවත් කියන්න බෑ දැන්.
Deleteමමත් ආවා. ගමනේ සුන්දරත්වය හිතේ මැවෙනවා. යමු යමු තව ටික දුරයි නේද.
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට! ඔව්. තව බොහොම පොඩ්ඩ දුරයි..
Deleteඅඩේ පට්ට බන්...
ReplyDeleteවෙන මොනා කියන්නද....
ස්තුතියි! ලිපිය ගැන උනත් අදහසක් දෙන්න අවුලක් නෑ.
Deleteඅගහරුවෝ................. දැන් අපි තේ වලට සීනි දානවා. දියකරද්දි උඹ අපේ ගෙවල් ලග......... අර ග්ලැනෝර් වේදිකාව හම්බෙන්නේ හපුතලේ ඉදලා ඉදල්ගස්හින්න යන දුම්රිය මාර්ගයේ. ඒ පැත්තෙන් නෙමෙයි අැඩිෂම් යන්නේ............ මොනවා වුණත් අවුලක් නැහැ...... ඉක්මනට වරෙන්. ඒන්ජින් ඩ්‍රයිවර්ට කියහං ඊළග ස්ටේෂමේ ටික වෙලාවක් ඉන්න වෙනවැයි කියලා..... හැක්
ReplyDeleteසීනි ටිකක් වැඩි කරල දියං. එතකොට මූට ඉක්මනට හඳට ගියෑකි. හැක්...
Deleteඔව් ප්‍රසා අයිය්.............. දැන් මේකා අතළග ඉන්නේ........... පීල්ලක අැණයක් ගැලෙව්වොත් බිම දාගන්න වුණත් අැහැකි..... හැක්
Deleteකුරුටු- ඔය පැත්තෙනුත් යන්න පුළුවන් නේද? අපි 2013 රේල් පාර දිගේ ඇවිත් ඇඩිශම් ඒකත් බලාගෙන ආපහු රේල් පාරට ඇවිත් හපුතලේට පයින් ගියා. බලන්න ඒ සටහන ඇති බ්ලොග් ඒකෙ. චාරිකා සටහන් යටතේ.
Deleteප්‍රසන්න- අපෝ මම සීනි අඩුවෙන් බොන්නේ... :D
ජාතික රූපවාහිනියෙ මම බලපු හොඳම වැඩසටහන තමයි උඩරට මැණිකේ.
ReplyDeleteහපුතලෙත් පහුකරල එහෙනං යමුකො බලන්න.
මමත් බලපු හොඳම වැඩ සටහනක්. සැරිසර වැඩසටහනත් නියමයි. උඩරට මැණිකේ වගේ තව වැඩසටහනක් කරන්න තියන්නේ කැළණි වැලිය ගැනත්.
Deleteඉතා සාර්ථක ලිපියක්. මේ වගේ කෙටියෙන් ලියන්න. තාක්ෂණික කරුණු තවත් පැහැදිලි කරන්න. බලන්න, අර දුම්රිය මාර්ග සංඥාව නිසා අපි මෙතෙක් නොදැන සිටි දෙයක් ඉගෙනගත්තා. දුම්රියේ එක පැත්තක් අනික් පැත්තට වඩා උසින් පිහිටන බව ඇත්තටම අපි හිතන්නේ, තේරුම්ගන්නේ, මෙහෙම කිව්වමයි.
ReplyDeleteහපුතලේ සහ ග්ලෙනනොර් ප්‍රදේශය සීතල අතින් හරිම ඉහලයි. හපුතලේ 'ඇඩිෂම් බංගලාව' බලන්න ගියේ නැද්ද?
ස්තුතියි අදහස් වලට! දුම්රිය සංඥා පිලිබඳ ලිපි කිහිපයක් සැකසෙමින් පවතිනවා. මේ සටහන් පෙලට පසුව ඉදිරිපත් කරන්නම්.
Deleteඇඩිශම් බංගලාව බලන්න අපි ගියා 2013. ඒ ආපහු ආවෙත් පොඩ්ඩි එක්කම තමා. ඒ සටහන ඇති චාරිකා සටහන් ලේබල් එක යටතේ. පොඩ්ඩක් ඇවිත් බලන්න.
http://angaharuwa.blogspot.com/2013/01/blog-post_21.html
මෙන්න ලින්ක් එක. සීතල ගැන නම් කියලා වැඩක් නෑ.. අපි පට්ටිපොළ ගියා ඕකට පස්සේ. එදා සෙල්සියස් 14යි තිබ්බේ!
හිහ් හිහ්, 14c ත් සීතලක්ද මල්ලී කිව්වලු. හිතාගන්න පුලුවන්ද ඒ කාලේ අපි එක දිගට මාසයක් පිදුරුතලාගල රූපවාහිනී මධ්‍යඨානයේ මුරය කරගෙන යනකොට තිබුණු සනීපෙ? මම ඉඳලා තියනවා 4c තියෙද්දී. (පාන්දර 2 - 4 අතර එහෙම තිබුණේ)
Deleteබුදු අම්මෝ 4ක්... මම දවසක් ඔය පවර් සෙට් එක නානුඔයට විතරක් දුවනකොට ගියා නානුඔයේ. එදා හෙන වැස්ස. පට්ට සීතලයි. එදා මම ඕක ආපහු එනකල් එන්ජිමේ එක්ස්හෝස්ට් එක ගාවට වෙලා හිටියා රස්නෙට.
Deleteඑහෙනම් දියතලාවෙදි හම්බුවෙමු ඈ.
ReplyDeleteආ තව එකනෙ. එල එල..
Deleteදියතලාවට එනකම් තමයි බලාන ඉන්නේ..
ReplyDeleteඒ මොකෝ අල්ලන් නෙලන්න වත් ද?
Deleteබ්ලොග් බලන අස්සේ මේ පැත්තටත් එබුනා. එළ.....
ReplyDeleteස්තුතියි ඔලුව දැම්මට!
Delete