පට්ටිපොලින් නික්මුණු විගස හමු වූ එළවලු පාත්තියක්.. |
පට්ටිපොළ
දුම්රිය ස්ථානයෙන් නික්මුණු පොඩි මැණිකේ, තව දුරටත් සිය සුපුරුදු වේගයෙන්ම ඉහල
නගින්නට වූවාය. අවට පරිසරය කාලය තුල නැවතී ඇති සෙයක් දිස් විය. මේ අප ගමන් කරන්නේ
මහ එලිතැන්න රක්ෂිතය හරහාය. එබැවින් අප වනාන්තරයක් තුලින් දුම්රිය ගමනක යෙදෙන්නාක්
වැනි හැගීමක් අපට දැනුනි..
හදිසියෙන්ම
අකිල අයියාගේ කටහඬ අවධි විය.
“ඔන්න සමිට් ලෙවල් එක තියනවා ගන්නවා ගන්නවා....”
“ඔන්න සමිට් ලෙවල් එක තියනවා ගන්නවා ගන්නවා....”
සමිට් ලෙවෙල් එක පසු කරන එන්ජිම.. |
අපි වහ වහාම කැමරා අතට ගෙන සූදානම් වූයේ ලොව එතෙක් මෙතෙක් පුළුල් ආමාන මාර්ගයක් ගිය
ඉහලම උන්නතාංශය වන අඩි 6226ක උස සටහන් වන ස්ථානයේ සිටුවා ඇති පුවරුවේ සේයරූ සටහන්
කරගැනීමටයි. මාගේ විශ්වාසනීය කැමරාවට පිං සිදුවන්නට පොඩ්ඩි එය පසු කර යනු දෙවරක්ම
කැමරාවට ගත හැකි විය..
පාකිස්තානයේ
දැනට භාවිතා නොකරන දුම්රිය මාර්ගයක් හැරුණු විට, වැඩිම උන්නතාංශයක් කරා ගමන් ගන්නේ
අප උඩරට දුම්රිය මාර්ගයයි. එම ගමනේ වැඩි හරියක්, අඩි 44ට එකක් වූ තියුණු නැග්මක
පිහිටා ඇත. අනික් පසින් එවැනිම තියුණු බැස්මකි. කඳු හෙල් අතරින්, අසීරු භූ ප්‍රදේශ
හරහා, ඉතා කෙටි දුර අතර සීඝ්‍ර බෑවුම් සහිත මෙම මාර්ගය, එකල “Railway to the Moon” යනුවෙන් අන්වර්ථ නම් ලබා ඇත..
ඉහලට නැගීම අවසන් කරන නැරඹුම් මැදිරිය.. |
සමිට්
ලෙවල් එක පසු කල පොඩ්ඩි, දැන් සිය ගතික තිරිංග (Dynamic brake) භාවිතා කිරීමට පටන් ගනී.. මෙතැන් පටන් බදුල්ල
දක්වාම ඇය ඉදිරියට යන්නේ තිරිංග සහිතව අවදානම් ගමනකි. පැයට සැතපුම් 20ක වේගයක්
තරයේම ඇය වෙත පවත්වාගැනීමට, රියදුරු මහතා සිය දක්ෂතාවය සමග එක් වූ අත්දැකීම්
සමුදාය භාවිතයට ගනී.
මෙකට් ටනල් එකට සම්බන්ධයි. මේ ආරුක්කුව ඇවිල්ලා මෙතනින් ඉහල දේවාලයකට සහ පන්සලකට යන්න තියන පාර. |
තවත්
ටික දුරකින්, සුප්‍රකට අංක 18 බිංගය අප හමුවේ දිස් වේ. සමිට් ටනල් ලෙස හැඳින්වෙන
මෙය, කලක් දුම්රිය දෙපාර්තමේන්තුවට මහා කරදරයක්ව පැවති ස්ථානයකි. අධි බල ගැරට්
එන්ජින් වලින් නිකුත් වූ වාෂ්ප පහර නිසා, මෙහි ඇතුලත ලයිනින් එක කැඩී, ඇතුලට මඩ
පිරෙන්නට විය. අවසානයේ, 1981 වර්ෂයේ ප්‍රියාල් ද සිල්වා ඉංජිනේරු මහතා යටතේ කෙරුණු
අලුත්වැඩියා කටයුතු සාර්ථක විය.
මෙම
බිංගය සතුව තවත් විශේෂත්වයක් ඇත. ඒ, පට්ටිපොළ දෙසින් උඩරට තෙත් කලාපයේ සීතල,
වැසිබර කාලගුණය අත් දකිමින් බිංගය තුලට ඇදී යන දුම්රිය, ඉන් එලියට එන විට, දීප්තිමත්
හිරු බැබලෙන උඩරට වියලි කලාපයට එක් වරම ප්‍රාදුර්භූත වීමයි.. නානුඔය දෙසට වර්ෂා
දිනවලදී මෙම කාලගුණ වෙනස ඉතා හොඳින් අත් විඳීමට ලැබේ..
අංක 18 බිංගයට ඇතුළු වන පොඩ්ඩි.. |
මේ
අයුරින් පට්ටිපොළ බිංගය පසු කල පොඩි මැණිකේ, දැවුණු වෘක්ෂ සහිත කලාපයක් පසු කළේය.
ඒ ආසන්න කාලයකදී දැවුණු වනාන්තරයෙන් ඉතිරි වූ ගස් අප දුටුවෙමු. ඒවායේ පිටපොත්ත
දැවී, ඇතුලත කඳ ඉතිරි වී තිබුණි.
“ඔය
ගින්නෙන් වැටිච්ච ගස් ඔතනම සුද්ද කරලා අරං රේල් පාරේ පිච්චුන කොට වෙනුවට කොට හදලා
දැම්මා..” ඒ, මගේ වදන්ය.
තවත්
ටික දුරක් යන විට, මෙම ගමනේදී අපට හමු වන අංක 19 බිංගය හමු විය. තරමක් කෙටි
බිංගයක් වූ එය පසු වී, අප මෙම මාර්ගයේ ඇති වැඩිම දුරක් තනි කෙලින් පිහිටි බිංගය වන
අංක 20 බිංගය වෙත ඇතුළු වූයෙමු. මෙම බිංගය ආරම්භයේ සිට අවසානයටම තනි කෙලින්
පිහිටියේය!
එය
පසුකොට, තවත් මද දුරක් ඇය ගමන් ගත්තාය. එන්ජිම, සිය ඩයිනමික් තිරිංග භාවිතයෙන්
නිපදවෙන විදුලිය පුළුස්සා දමන ප්‍රතිරෝධක සිසිල් කිරීමට, සිසිලන පංකාව වේගයෙන් ක්‍රියා
කරවන හඬ, අපට මැදිරි වල සිටම ඇසීමට හැකි විය.. තවත් පාලමක් පසු විය. ඒ සමගම,
බිංගයක් පසු කල පොඩි මැණිකේ, ඔහිය දුම්රිය ස්ථානයට අවතීර්ණ වූවාය..
ඔහිය
දුම්රිය ස්ථානය වනාහි, මෙම දුම්රිය මාර්ගයේ ඇති කුඩා, එහෙත් දර්ශනීය දුම්රිය
ස්ථානයකි. ශ්‍රී ලංකාවට වඩා, යුරෝපයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඇති දුම්රිය ස්ථානයක
සිරිය උසුලයි. මුහුදු මට්ටමේ සිට අඩි 5877ක උසින් පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ
අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 143ක් සහ දම්වැල් 30ක දුරින් පිහිටියේය.
පාෂ
මාර්ග දෙකකින්, ඉපැරණි බවක් දිස් වූ පැරණි දුම්රිය ස්ථානය වට කරගත් නවීකරණය කෙරුණු
ගොඩනගිල්ලකින් සමන්විත මෙම දුම්රිය ස්ථානය, එකල වඩාත් ප්‍රසිද්ධ වූයේ, හෝටන් තැන්න
වෙත යා හැකි පහසු මාර්ගය ලෙසයි..
ඔහිය දුම්රිය ස්ථානය අද.. |
විනාඩියක
කාලයක් ඔහිය දුම්රිය ස්ථානයේ නැවතී සිටි පොඩි මැණිකේ, නැවතත් බදුල්ල බලා පිටත්
වීමට සූදානම් වූවාය. නලා සංඥා දුන් ඇය, හෙමිහිට තිරිංග මුදාහලෙන්, නැවත බදුල්ල
දෙසට ඇදී යාමට පටන් ගත්තාය..
දැන්නම් පල්ලම් බහින තත්වයක් තියෙන්නේ දිගටම. උඩරට මාර්ගයේ ලස්සනම දර්ශන බොහොමයක් පට්ටිපොල පහු කරල පහලට යනකොට දකින්න ලැබෙනවා.
ReplyDeleteඔව්. මෙතන ඉඳල තමා ලස්සනම හරිය පටන් ගන්නේ. අපි මේ ටිකේ පයින් හිටං ගියා..
Deleteදවස් දෙකක්ම ඇඟේ අමාරුවටත් එක්ක ගියානෙ 18 බිංගෙ අතුලෙ පයින්. අප්පා මැදට ගියාම මාරම feeling එකක් එන්නෙ. පට්ට කලුවරයි නෙ.
ReplyDeleteහප්පා.. මටත් ඕක අස්සෙන් යන්න ආසාවක් තියනවා.. දවසක් ගිහිල්ල අනික් පැත්තෙන් එලියට එද්දී රිසල්ට්ස් වගේකුත් ආවයි කිව්වා නේද?
Deleteමීට ඉහලින් පිහිටි summit level ගණනාවක් තියෙනවා නේද?
ReplyDeletehttps://en.wikipedia.org/wiki/List_of_highest_railways_in_the_world
ඒවා පටු හෝ සම්මත ගණයේ ඒවාද? විස්තරය ලස්සනයි වෙනදා වගේම.
ඔව්. ඔය ඔක්කොම එක්කෝ නැරො ගේජ්, නැත්තම් ස්ටෑන්ඩර්ඩ් ගේජ්. අපේ රටෙත් ඔයිට වඩා උස සමිට් එකක් තිබ්බා. අඩි 6316ක් උසින් තිබ්බ කඳපොල. ඒත් නැරො ගේජ්.. ස්තුතියි ඇගයීමට!
Deleteඊලග කොටසත් ඉක්මට දාමු.අපි ඔය පැත්තේ රවුමක් දාලා එන්නයි හිතාගෙන එන්නේ මට ගොඩක් වැදගත් මේ විස්තර ටික. ජය වේවා!
ReplyDeleteඑහෙම ඉක්මන් කරන්න බෑ ඉතිං.. ලබන සතියේ තමා. කෝච්චිය හෙමීට යන්නත් එපාය... රවුමක් දාන්න යනවා නම් මේ තමා හොඳම කාලේ.. හරිම ලස්සනයි. අපිත් 2013 ජනවාරි වල ගියා ඔය පැත්තට. ඒ සටහන කියවල බලන්න. බ්ලොග් ඒකෙ ඇති චාරිකා සටහන් යටතේ.
Deleteබොහොම වදග්ටැහැ වටිනා විස්තර ටිකක් ලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteඊළඟ කෑල්ල තවත් රවත් ඇති කියල හිතනවා...
ඊළඟ කෑල්ල තවත් රසවත්.. හරියට හරි!
Deleteඑක කාලයක් තිබුණා, දුම්රිය වැඩ වර්ජනයක් සහ දුම්රිය ගමනාගමනයට ප්‍රහාර එල්ලවෙතැයි යන සැකයක්, 1980 ගණන් වලදී. ඒ කාලේ දුම්රිය මාර්ගය දෙපස ආරක්ෂාව සඳහා, හමුදාව යෙදෙව්වා. ආරක්ෂක මුරයක් දුම්රියේ ගමන් කළා. මා කීපවිටක්, නාවලපිටිය - හපුතලේ අතර ඒ විදිහට දුම්රිය එන්ජිමේ ගමන් කර තිබෙනවා. බොහොම සුන්දර අද්දැකීමක්. ආරක්‍ෂක මුරය පරීක්ෂා කරන්නට, ඔය මාර්ගයේ පයින් ගිහින් තියනවා බොහෝ වාරයක්. බිම්ගෙවල් තුළින් යාම, අමුතුම අද්දැකීමක්.
ReplyDeleteඔබ තවමත්, සිංහල භාෂාවේ නැති 'බිංග' යන වචනය යොදන්නේ කුමන පදනමකින්දැයි මට තේරෙන්නේ නැහැ.
ඒ වෙනුවට යොදන්න පදයක් තවමත් මට හමු වුනේ නෑ.. එහෙම වචනයක් දන්නවද? ඉංග්‍රීසියෙන් Tunnel කියන එකට සිංහල වචනය මොකද්ද?
Deleteඋඩරට දුම්රිය මාර්ගයේ එන්ජිමක/ නැරඹුම් මැදිරියක ගමන් කිරීම කෙනෙක්ට ලැබිය හැකි චමත්කාරජනකම අත්දැකීමක්. අනික් එක, මේ මාර්ගයේදී, එකම අත්දැකීම කිසිම ගමනකදී ලැබෙන්නේ නෑ..
බිංගේ කියා යොදන්න ඒක හරි.
Deleteහරි!
Deleteනියමයි, දැං ඉතිං බහින එකනෙ තියෙන්නෙ.
ReplyDeleteකොච්චර හෝටන් තැන්නට යන්න සෙනග ආවත් ඔහිය කියන්නෙ බීම බෝතලයක් ගන්න කඩයක් නැති තැනක්.
ඒක හොඳයි. නැත්තම් එතනත් ඉවරයි.. ඔව් දැන් බදුල්ල බලාම බහින කලාව තමයි..
Delete1994 කාලෙත් ඔහියෙ තේ කඩයක් තිබුන. දැන් එතන නවතින්න කාමරත් තියනවලු.
Deleteඑතන කඩයක් නම් තියනවා තමා. 1910 පලවෙච්ච පොතක තියනවා රෙස්ට් හවුස් එකක් ගැන. ඒකේ නම් කෑලි වත් තියනවද දන්නේ නෑ හැබැයි..
Deleteඅපි පට්ටිපොල ඉදන් ඔහියට රේල් හයික් එකක් ගිහින් තියනව. අංක 18 බිංගෙට අතුල් වෙද්දි පොද වැස්ස අනික් පැත්ත හොදටම පායල මැද ඉදල බැලුවහම පට්ටිපොල පැත්තෙ වතුර බේරෙනව පේනව අනික් පැත්ත වියලියි. අපි නැවතුනේ ඔහිය දුම්රිය ස්ථානධිපති තුමාගෙ නිල නිවසෙ. කළු ගලින් හදපු ලස්සන ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ නිවසක්.
ReplyDeleteඔහියෙ ඉදන් ලෝකාන්තය බලන්න ගියෙත් කැලේ පාරක,
අපිත් ඔය රේල් හයික් සෙට් එක ගියා. පට්ටිපොළ- ඔහිය, ඔහිය- ඉදල්ගස්හින්න, ඉදල්ගස්හින්න-හපුතලේ. නියම ගමන් ටික. අපි නම් නයිට් මේල් ඒකෙ ගියා, පොඩි මැණිකේ ආපහු ආවා..
Deleteඔන්න මාත් ආව පොඩි විවේකයක් ලැබුන අතරේ. සීතල කඳුකරයේ පාරිසරික සුන්දරත්වයට මමත් හරි ආසයි. කෝච්චියේ ගමනටත් ඒ වගේම ආසයි. පට්ටිපොල ගැනත් යම් මතකයක් තියෙනව.මතකය අළුත් කරගන්න ඒ පැත්තේ චාරිකාවක් යන්නයි හිතෙන්නේ මේ විස්තර කියවපුවහම. එහෙනම් ජයෙන් ජය.
ReplyDeleteවිවේක වෙලාවට ඇවිත් ඔක්කොම පෝස්ට් ටික කියවන්න. මම කලින් 2013 මේ පැත්තේ චාරිකාවක් ගියා. නියම ගමන. ගිහිං ඇවිත් ඒ විස්තරත් කියන්නකෝ!
Deleteඑල එල, එහෙනම් අපි දැන් පල්ලම් බහිමු.
ReplyDeleteඔව්.. එන්න අපි පල්ලම් බහිමු! :D
Deleteඅදයි ඇවිත් යන්න ආවේ. ලස්සනයි
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා අඟහරු අඩවියට! ස්තුතියි ඇගයීමට!
Deleteලංකාවෙ උන්න නම් හිතුණ ගමන් දුවන් යනවනෙ. හරිම ආසයි මේ සටහන් පෙළට.
ReplyDeleteහෑ මෙයා රටත් ගියාද? දිගටම එන්න එහෙනම් මේ පැත්තේ.. තව කොටස් කිහිපයයි තියන්නේ..
Deleteඅද ගිහිං ආයෙ අවුරුද්දකින් ආවත් මේකේ කෝච්චියක් :D
ReplyDeleteආය අවුරුද්දකින් ආවට වැඩක් නෑ. මේ පෝස්ට් සීරීස් එකෙන් පස්සේ බ්ලොග් ලියන එක නතර වෙනවා.. :D
Deleteඅඟහරු ලෝකෙට ගියා වගේ දැනුනු තැන් එහෙම නැද්ද? පයින් ගිය තැන් ගැනත් ලස්සන විස්තර ලියන්ට. මම කීවේ කෝච්චියෙන් බැහැලා. :)
ReplyDeleteගොඩක් කොටස් මග ඇරුනා අඟරුවෝ. හිමින් බලන්නම්.
හරි අක්කේ.. හෙමීට කියවලා බලන්නකෝ. පයින් ගිය තැන් වල විස්තර ටික වෙනම ලිව්වා! ඒ පෝස්ට් කලින් දාල තියේ.. අඟහරු ලෝකේ වගේ තැන් නම් අහු උනෙම නෑ අක්කා..
Deleteඅළුත් පෙස්ට් එක බලල මේකත් බලන්න ආව සුබ ගමන්
ReplyDeleteRailway to the moon! අලුත් දේ ඉගෙනගනිමින්.
ReplyDeleteඒක නෙවෙයි අඟහරුවා. ඔය broad gauge, narrow gauge and standard gauge track වල පුදුම වෙනස්කම් තියෙනවනේ රටින් රටට. එහෙම එක ප්‍රමිතියක් නැති එකත් මාර ලෙඩක් තමයි අන්තර්ජාතිකව.
සහතික ඇත්ත. එකනේ අපේ කැළණි වැලි ලයින් එකටත් උනේ.
Delete