ඇල්ල දුම්රිය ස්ථානයෙන් නික්මුණ පොඩි මැණිකේ,
නැවතත් බදුල්ල දෙසට පල්ලම් බැසීම ආරම්භ කලාය. ඇල්ල දුම්රිය ස්ථානයේ ස්ටාර්ටර්
සංඥාව පසු කර ටික දුරක් යන විට, මෙම ගමනේ අපට හමු වන අංක 40 බිම්ගෙය හමු විය.
දෙමෝදර ආරුක්කු නවයේ පාලමට පිවිසෙන පොඩ්ඩි.. (සේයාරු අනුග්‍රහය- අකිල කරුණාරත්න) |
තරමක් කෙටි බිම්ගෙයක් වූ එයින් නික්මුණ පොඩි
මැණිකේ, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය පසු කරන අනර්ඝතම ඉදිකිරීමක් පසු කලාය. ඒ,
දෙමෝදර ආරුක්කු 9 පාලමයි. යකඩ යොදා නොගෙන, කළුගල් ආදිය පමණක් යොදාගෙන නිම කොට ඇති
මෙම පාලම, එකල ඉදිකිරීම් තාක්ෂණයේ විශ්ෂ්ඨ නිර්මාණයකි. ඉදිකරන සමයේ “නැගෙනහිර දිගම
වයාඩක්ට් පාලම” ලෙසින් හැඳින්වුණු මෙම පාලමෙහි ඉදිකිරීම් පසුපස බොහෝ කතා ඇති වී
ඇත.
නමුත්, මෙම පාලමෙහි සැලැස්මක් බ්‍රිතාන්‍ය
කෞතුකාගාරයේ ඇති අතර, මෙවැනි පාලම රැසක් මෙයට කලින් ලොව ඉදි වී ඇත. එහෙත්, මෙය ඉදි
කිරීමට දේශීය කම්කරුවන් සහ බාස්වරුන් දැඩි සහයක් දක්වන්නට ඇති බව නම් නිසැකය.
පොඩි මැණිකේ නැරඹුම් මැදිරියට පෙනෙන දෙමෝදර පාලම. |
මා සතුව කැමරාවක් නොතිබුණු බැවින්, අශාන්ට සහ
අකිල අයියාට සිත් සේ ජයාරූප ගැනීමට ඉඩ දී, රුචිර සහ මම, මෙම දැවැන්ත පාලම තරණය කරන
පොඩි මැණිකේගේ ගමන රස වින්දෙමු. පාලම පසු කර තවත් කෙටි දුරකින්, අප මෙම ගමනේ හමු
වන අංක 41 වන බිම්ගෙය පසු කළෙමු.
පොඩි මැණිකේ නැරඹුම් මැදිරියේ සිට ආපසු බැලීම.. අංක 41 බිම්ගෙය. |
බිම්ගෙයින් පිටතට පැමිණි අප අවතීර්ණ වූයේ, තරමක්
වනය වැවුණු පෙදෙසකටය. උඩරට තෙත් කලාපයේ ලක්ෂණ දැන් නොපෙනෙන තරම් අඩු වී ඇත. ගහ
කොළද පයිනස් ආදී වෘක්ෂ නොව, සාමාන්‍ය අපට හුරු පුරුදු ශාක විය.
නවීකරණය වන දුම්රිය මාර්ගය. |
සැතපුම් තුනක කෙටි ධාවනයකින් පසු, පොඩි මැණිකේ
නැවතත් දුම්රිය ස්ථානයකට ඇතුල් විය. ඒ, දෙමෝදර දුම්රිය ස්ථානයයි. කොළඹ අන්ත්‍ය දුම්රිය
ස්ථානයේ සිට සැතපුම් 171ක් සහ දම්වැල් 77ක දුරින් පිහිටි මෙම හුදෙකලා, එහෙත් රමණීය
දුම්රිය ස්ථානය, මුහුදු මට්ටමේ සිට අඩි 2993ක උසකින් පිහිටා ඇත. දෙමෝදර දුම්රිය
ස්ථානය විවෘත වූයේ, 1921 වසරේ මාර්තු 21 වැනි දිනයි.
පාෂ මාර්ග කිහිපයකින්, ගබඩා කිහිපයකින් සමන්විත
අංගනයක්ද සහිත මෙම දුම්රිය ස්ථානය, තවමත් නවීකරණයට ලක් නොවී පවතින එක් දුම්රිය ස්ථානයකි.
මෙම දුම්රිය ස්ථානයේදී මට හැඟී ගියේ, කිසියම් අද්භූත බලයකින් මෙන් මෙම දුම්රිය අප
සමගම කාල තරණය කොට විසිවැනි සියවසේ මුල භාගයට අප රැගෙන ආ බවකි.. විශේෂයෙන් වැසිබර
දිනයක ඔබ මෙම දුම්රිය ස්ථානයේ සිටියහොත්, නිසැකයෙන්ම ඔබට එංගලන්තයේ පිටිසර දුම්රිය
ස්ථානයක් සිහි වනු ඇත.
වසර 90ක් ඉක්මවූ දෙමෝදර දුම්රිය ස්ථානය. |
දෙමෝදර, මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ සුවිශේෂී
දුම්රිය ස්ථානයකි. ඒ, ඕනෑම දුම්රියක්, මෙම දුම්රිය ස්ථානය දෙවරක් පසුකර යා යුතු
බැවින්ය. අපට ඊළඟ නැවතුම වෙත යන ගමනේදී එය අත් දැකීමට ලැබෙනු ඇත. දෙමෝදර විනාඩි 2ක
පමණ කාලයක් නවත්වා තැබුණේ , එකල පොඩි මැණිකේ පාර්සල් ප්‍රවාහනය කල බැවින්, එම
කටයුතු සඳහාය.
පැරණි ගේට්ටු ක්‍රමය.. |
සියලු පාර්සල් පටවා අවසන් වී, දුම්රිය
ස්ථානාධිපති සහ නියාමක් වරුන්, දුම්රිය ඉදිරියට යා හැකි යයි එන්ජිමට සංඥා නිකුත්
කලෝය. සුළු තිගැස්මක් සහ නලා හඬක් සමග, ඇය නැවතත් සිය ගමනට අවතීර්ණ වූවාය..
තව ටිකයි නේද තියෙන්නේ. ඒ ටිකත් යමු හෙමින්සීරුවේ. ජයවේවා.
ReplyDeleteතව සති දෙකයි.. ස්තුතියි දිරි ගැන්වීමට..
Deleteඅර ජටාවෙ කතාව මාත් අහලා තියෙනවා. මමත් හිතන්නේ ඒක ජනප්‍රවාදයක් කියලා.
ReplyDeleteජටාව ගැන ලබන සතියේ කියන්නම්කො..
Deleteදෙමෝදර පිහිටීම් ගූගල් සිතියමක් දමා පැහැදිලි කරන්න.
ReplyDeleteදෙමෝදර තේ කම්හල අසලම තිබෙන වතු බංගලාවක් ආශ්‍රිතව, මම යුද හමුදා කඳවුරක් පිහිටුවාගෙන හිටියා 1989 දී. ඒ කාලේ ජවිපෙ විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් විශාල ගණනක් ගිනිතබා විනාශ කළා. ඒ නිසා සෑම තේ කම්හලකටම හමුදා ආරක්ෂක මුරයක් යොදවන්න සිදුවුණා.
ඔය කාලේ හමුදාවෙන් පැනගිය කෝප්‍රල් වරයකු, ජවිපෙට බැඳී විනාශකාරී ක්‍රියාවල යෙදුනා. අහිංසක මිනිසුන් කීපදෙනෙක් ඝාතනය කිරීමටද ඔහු ක්‍රියාකර තිබුනා. මට ඉහලින් උපදෙස් ලැබුනා, ඔහුව පණපිටින් අල්ලාගන්න හෝ බැරිනම් මරාදමන්න කියලා. ඔහු 'අහස් නවයේ පාලම'
(ඒ පැත්තේ අය කියන්නේ එහෙමයි. මේ පාලමේ සැලැස්ම සිංහල බාස් උන්නැහේ කෙනෙකුගේලු. පළමුවැනි ලෝක යුද්ධ කාලේදී හදලා තියෙන්නේ. යකඩ හිග නිසා තමයි ගලෙන් බැඳලා තියෙන්නේ.)
මතින් රෑට ගමන් කරන බවට ඔත්තුවක් ලැබුනා. මම සොල්දාදුවන් හයදෙනෙක් සමග කළුවර වැටුනට පසු කැලෑ පාරවල් වලින් ගොස්, ඔය පාලම අසල රැක සිටියා දවස් තුනක්. තුන්වෙනි දවසේ රාත්‍රී දෙකට විතර, කවුරුන් හෝ රේල් පාර දිගේ එන බව, තරු එළියෙන් පෙනුණා. අපේ එක්කෙනේකුහේ තුවක්කුව අතට ගන්න යනවිට නැගුන ශබ්දයක් නිසා, ඔවුන් අපේ පැත්තට වෙඩි තිබ්බා T 56 තුවක්කු වලින්. නමුත් අපේ ප්‍රහාරය ඉක්මන් වුන නිසා, ඔවුන් තිදෙනාම වෙඩි කා, පාලම පල්ලට වැටී මියගියා. අර කෝප්‍රල් වරයාත් එතන හිටියා.
ස්ටාටර් සංඥාව කියන්නේ මොකක්ද? අම්මපා උඹ මගෙන් ගුටිකනවා කොල්ලෝ ඔය නොතේරෙන දේවල් ලිව්වොත්? :D
තව එකක් අමතක වුණා. ඇත්තටම ඔය පාලම දෙමෝදර පාලම නෙවෙයි. ඔය පාලමට කියන්නේ 'ගොටුවල පාලම' කියලා. ඒ ගමේ නම. දෙමෝදර පාලම තියෙන්නේ දෙමෝදර දුම්රියපොළ ළඟ. ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කල, 'දෙමෝදර පාලම' නමැති චිත්‍රපටියේ දර්ශන ඔය පාලම් දෙක මතදී ගත්තා. අපිට සිද්ධ වුනා මැරීගෙන ආරක්ෂාව සපයන්න.
Deleteදෙමෝදර පාලම නිර්මානය කර ඇත්තේ මෙරට විසු ඉංග්‍රීසී ජාතික සිවිල් ඉංජිනේරුවරයෙකි. මුලදී මෙය යකඩ වලින් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතත් පසුව ලෝක යුද්ධයත් සමග ඇතිවු දුශ්කරතාවයන් නිසා මෙය කෝන්ක්‍රීට් ගල් වලට මාරූ කර ඇත. මෙහි නිර්මාන කටයුතු කර ඉංගීසී ජාතික සිවිල් ඉංජිනේර්වරයා විසින් ඉදිරිපත් කරන ලද පත්‍රික්‍රාවක්- ලංකා ඉංජිනේරූ සංගමයේ පුස්ථකාලයේ තවමත් සුරැකිව ඇත.
Deleteමෙම පාලම සදහා පුර්ණ ශ්‍රම දායකත්වය ලංකාවේ කම්කරුව්න්ගෙනි.
වැඩිමත් ලෙස ආරුක්කු පාලම් යනු ලෝකයේ ඉපැරණිම පලාම් වර්ගයක් වන අතර එය රෝම් ශිෂ්ඨාචාරය දක්වා දිව යයි..
තනා නිම කරන තුරු බෙහෙවින් අස්ථාවර මෙම පාලම්, තනා අවසන් කල අහවර වු පසු ඉතාම ස්ථාවර ගණයේ පාලමක් වෙයි.
මේකද විචාරක තුමා අර කියනවයි කියපු කතාව? දෙමෝදර දුම්රිය ස්ථානයේ පිහිටීම ගූගල් සිතියමක් ආශ්‍රයෙන් ඊළඟ සතියේ පැහැදිලි කරන්නම්. ඒක අපිට ඉස්සරහට හම්බවෙන්න තියන නිසා තියාගෙන හිටියා.
Deleteස්ටාටර් සංඥාව- සංඥා ගැන පෝස්ට් එකේදී ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.
ඇත්ත. මේකට දෙමෝදර පාලම කියනවට වඩා ගොටුවල වයාඩක්ට් පාලම කියන එක තමා හරියන්නේ. ඒ උනාට මේක ප්‍රසිද්ධ වෙලා තියන්නේ දෙමෝදර අහස් නවයේ පාලම කියල නිසා මම ඒ නම යෙදුවා.
ඔය දෙමෝදර පාලම කියන ෆිල්ම් එක කරන්න යොදාගත්ත W2 පන්තියේ එන්ජිම අද භාවිතයේ නෑ දන්නවද?
මයියා- ඔව්. ඒ සිතියම ගැන තමා මං කියල තියන්නේ. ඒකෙ ජායාරූපයක් මගේ ගාව තිබ්බා. ඒ උනාට ඒක දාන්න පැහැදිලි මදි. නැත්තම් දානවා. ස්තුතියි මේ පැහැදිලි කිරීමටත්!
Deleteඇත්තටම උඩරට මාර්ගයේ තියෙන අද්විතීය නිර්මාණයක් තමයි ඔය පාලම.
ReplyDeleteඉතුරු ටිකත් ඔහොම යං බලන්න.
ඔව්. මේ පාලම ගැන වෙනම පෝස්ට් එකක් දාන්න පුළුවන් තරමට දැන් මගේ ගාව කරුණු තියනවා.. තව සති දෙකයි...
Deleteනියමයි තව ටික ඔනාට ලස්සන තැන් ගොඩයි නේද??
ReplyDeleteඉතිරි ටිකත් බලමුකෝ.....
ඇත්ත. මේ කොටස තමා ලස්සන තැන් වැඩි හරියක් තියන කොටස.
Deleteදෙමෝදර නේද අර බිංගෙත් එක්ක පාලම හම්බ වෙන්නේ. කන්ද වටේ කැරකිලා පහලට යන්න තමයි පාර හදල තියෙන්නේ.
ReplyDeleteහරියට හරි. කන්ද වටේ කැරකිලා යන්නේ ඊළඟ සතියේ.
Deleteදෙමෝදර කෝච්චිය යනවා ඉස්සරහා කන්දේ ඉදලයි බලන්න වටින්නේ.... පට්ට
ReplyDeleteසහතික ඇත්ත. මම ෆොටෝ දැකල තියනවා එතන ඉඳන් ගත්ත. ඒ පැත්තේ යන්න නෑ නේ...
Deleteමං දුම්රිය මාර්ග ලැන මෙලෝ දෙයක් දන් නෑ මල්ලී නිසා තමා දැන ගන්නේ ජය! පොඩ්ඩෝ
ReplyDeleteආ කිඹුලිත් ඇවිත් ඉන්නේ.. කියල දෙන්න ලැබීම ගැන සතුටුයි!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදෙමෝදර ස්ටේෂම ගැන මේ වගේ ගමනකදී ලියවෙන්නම ඕන, නියමයි මේ සටහන
Deleteදෙමෝදර ගැන තව පොඩි කෑල්ලක් ලබන සතියේ එනවා..
Deleteකාලෙකින් මේ පැත්තෙ ආවෙ. හරිම ලස්සනයි ලියවිල්ල.දවසක මාත් එනවා ට්‍රිප් යන්න හොදද?
ReplyDeleteඒකනේ.. මොකෝ දකින්න නොහිටියේ? ස්තුතියි අදහසට!
Deleteඑන්න එන්න. කිසි ප්‍රශ්නයක් නෑ.
හරිම ලස්සනයි. තව පොඩ්ඩක් දිගට ලිව්වනම් කියල හිතුනා
ReplyDeleteකෙටි නම් තමා අක්කා. ඇත්ත. තව ටිකක් ලියන්න තිබ්බා කියල මටත් හිතුන දැන් කියවල බලද්දී.
Deleteඅද කතාව කෙටියි. අර පැරණි යුරෝපීය ගැමි පරිසරය ගැන හැඟීම මටත් ඇති වෙනවා, අපේ කඳුකරයෙ සැරිසරන කොට.
ReplyDeleteඇත්ත. මටත් දැන් කියවද්දී තේරුනා කතාව කෙටි කළා වැඩියි කියල. ඒ4 2 හමාරකට ටයිප් කරේ. පස්සේ දිග වැඩියි කියල කෙටි කරා.
Deleteඒ පරිසරයට, ඒ හැගීමට මම නම් ආසයි.
සිරාවට මාත් ආසයි. වදරිං හයිට්ස් වගේ ඈ...
Deleteඒ මොකද්ද?
Deleteඑමිලි බ්‍රොන්ටෙ ගෙ වදරිං හයිට්ස් කතාව. ඒකෙ පරිසරයත් ගොඩක් දුරට අපේ කඳුකරය වගේ...
Deleteඒක නෙමෙයි. සිරා කතාවක් තිබුණ ට්‍රානිසිල්වේනියා බ්ලොග් එකේ.
http://transyl2014.blogspot.ca/2015/01/blog-post_14.html
ඒ කතාව නම් කියවල නෑ. ඒක මොකක් ගැනද?
Deleteලින්ක් එක බලන්නම්.. ස්තුතියි ඔත්තුවට!
අනිවාර්යෙං කියවපං. අර කාලෙක ඉඳං උඹ මාව කන්ඩ හදන්නෙ ලියහං ලියහං කියල. ආං ඒ ජාතියෙ කතාවක්...
Deleteකියෙව්වා! හා හා ලින්ක්ස් දීලා බේරෙන්න බෑ.. ලියන්න ඕනේ හොල්මන් කතාවක්.
Delete/*විශේෂයෙන් වැසිබර දිනයක ඔබ මෙම දුම්රිය ස්ථානයේ සිටියහොත්, නිසැකයෙන්ම ඔබට එංගලන්තයේ පිටිසර දුම්රිය ස්ථානයක් සිහි වනු ඇත.*/ ඈ යකෝ... උඹ හිතුවද අපි මේ එංගලන්තෙ ගිහින් ආපු මිනිස්සු කියල? :v
ReplyDeleteඑහෙම ආපු අයට තමා කිව්වේ.
Delete