Saturday, October 24, 2015

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඳුකරයට පිවිසීම...



           නාවලපිටියෙන් පිටත් වූ පොඩි මැණිකේ, ගිනිගත්හේන මහාමාර්ගය දුම්රිය මාර්ගයට උඩින් යන පාලම පසු කල විට පිවිසෙන්නේ තරමක බෑවුමකටය. මෙම බෑවුම අවසන් වන්නේ නාවලපිටිය දුම්රිය ස්ථානයට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි කුඩා පාලමකින්ය. 

පාලම වෙත පිවිසෙන පොඩ්ඩි..

           පාලම පසු කරන පොඩි මැණිකේ, සිය කඳුකරය වෙත යන ගමන නියමාකාරයෙන් ආරම්භ කරයි. මාර්ගය ඉතාම කෙටි දුරකදී, උපරිම ආනතිය වන අඩි 1කට 45ක නැග්ම අත්කරගනී. නාවලපිටියට පසු මාර්ග කොටස  විවෘත කලාපයකින් ආරම්භ වුවත්, ටික දුරක් යන විට රූස්ස ගස් වලින් යුතු වනාන්තරයක් තුලට අවතීර්ණ වේ.. මේ තුලින් ඇදී යන දුම්රිය, විටින් විට කුඩා පාලම් වලින් එතෙර වේ.. විටින් විට පෙරලී ගිය දුම්රිය වැගන මාර්ගය දෙපස දක්නට ලැබේ.. වනාන්තරය තුලින් දකුණුපසට වන්නට අලංකාර ජල පහරක් දක්නට ලැබේ.  



දුම්රිය ඉතිහාසයේ අඳුරු මතකයන් සඟවාගත් මෙවැනි පෙරලී ගිය ගැල්, මැදිරි, මෙම මාර්ගය දෙපස බොහෝ විට දැකිය හැකිය.


          මාර්ගයේ මෙම කොටසේ, නාවලපිටියත් ඉඟුරු ඔයත් අතර මැදට වන්නට කුඩා දුම්රිය නැවතුමක් හමු වේ. ඒ නමින් හයින්ෆෝර්ඩ් (Hyndford) නම් වේ. මෙවැනි කුඩා දුම්රිය නැවතුම් එකල ඉදි වූයේ තේ ප්‍රවාහනය පහසුකිරීමටයි. ආසන්න වත්තේ නමින්ම මෙන් නම් කෙරුණු මෙවැනි කුඩා දුම්රිය ස්ථාන වෙත තේ කොළ ලී පෙට්ටි වල පටවා ගෙන එන ලදී. 


හයින්ඩ්ෆෝර්ඩ් දුම්රියපොළ. මෙය අදටත් භාවිතයේ පවතී.


          එකල උඩරට මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය විශාල වශයෙන් ධාවනය විය. කෝපි, තේ ආදී වැවිලි ද්‍රව්‍ය පහළටත්, සහල්, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉහළටත් වශයෙන් මේවායින් ප්‍රවාහනය කෙරුණි. සිය වත්තට අවශ්‍ය වූ ද්‍රව්‍ය ලැයිස්තුව කොළඹින් හෝ මහනුවරින් ඇනවුම් කොට, මෙම දුම්රිය නැවතුම් වලින් දුම්රියෙන් බාගන්නා ලද අතර, සේවකයන්ගේ කර මතින් ඒවා එතනින් ප්‍රවාහනය විය. 
           වර්තමානයේදී මෙම නැවතුම් ප්‍රයෝජනයට ගන්නේ මෙම ප්‍රදේශයේ පාසල් යන දරුවන් විසින්ය. ඒ සඳහා උදෑසන සහ හවස මැදිරි දෙක තුනකින් යුතු කුඩා දුම්රියයන් ධාවනය කෙරේ. මෙම ප්‍රදේශය වෙත අනෙක් ප්‍රවාහන සේවා බොහෝ අඩු අතර, දුම්රිය නැති දාට පා ගමනින් ගමන් කල යුතුය.. 


ඉඟුරු ඔය වෙත නොනවත්වා ධාවනයක යෙදෙන පොඩ්ඩි..

           කෙටි වංගු පසු කරමින්, නොනවත්වා නළාව හඬවමින් පොඩි මැණිකේ ඉහලටම ඇදෙයි. මාර්ගයේ දකුණු පසින් ඇති සෙමෆෝ සංඥා කණුවක සංඥා අත පහත් වී තිබුනේ, ඇයට ඉඟුරු ඔය නම් දුම්රිය ස්ථානයට ඇතුළුවීමට අවසර ලබා දෙමින්ය. නාවලපිටියේ සිට ගෙන ආ ටැබ්ලට් එක ඉඟුරුඔය දුම්රිය ස්ථානය වෙත භාර කෙරුණි.  


ඉඟුරු ඔය දුම්රිය ස්ථානය වෙත පිවිසීම...

           ඉඟුරු ඔය දුම්රිය ස්ථානය, මෙම මාර්ගයේ හමුවන කුඩා දුම්රිය ස්ථානයකි. දුම්රිය දෙකක් මාරු වීම සඳහා පාෂ මාර්ගයකින් පමණක් සමන්විත මෙය, සිය අතීතයේ උරුමයන් ඒ අයුරින්ම වාගේ ඉතිරි කරගෙන ඇත.. මුහුදු මට්ටමේ සිට අඩි 2176ක උසින් පිහිටි මම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් අනූවකුත් දම්වැල් 70ක දුරකින් පිහිටා ඇත.   


ඉඟුරු ඔයෙන් නික්මයාම...

30 comments:

  1. Night mail scheduled crossing එකත් ඉඟුරුඔය, ප්‍රමාණයෙන් කුඩා වුණාට වැදගත් බවේ අඩුවක් නෑ...

    ReplyDelete
    Replies
    1. ආ ඔව්. ඒ බුක් ක්‍රොසින් එක ඉඟුරු ඔය. ඒ උනාට දැන් බොහෝ විට ගන්නේ ගල්බොඩ. මේ පරණ දුම්රිය ස්ථාන පිහිටල තියන්නේ කොහොමත් මොකක් හරි වැදගත් දෙයක් නිසා. හැම එකම එහෙමයි.

      Delete
  2. දිගටම ලියන්න මල්ලි. ගොඩක් වැදගත් තොරතුරු තියෙනවා. කියවන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. බදුල්ලට යනකල්ම යනවා අයියා! ස්තුතියි අදහසට!

      Delete
  3. එදා එකේ ඉතුරු ටික වගේ.. බොහොම වටිනව මල්ලි. දිගටම මේ විස්තරය දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා. බදුල්ලට යනකල්ම හැම සතියකම එක කොටසක් විදියට දානවා.

      Delete
  4. //මෙම ප්‍රදේශය වෙත අනෙක් ප්‍රවාහන සේවා බොහෝ අඩු අතර, දුම්රිය නැති දාට පා ගමනින් ගමන් කල යුතුය.//
    ඒ මිනිස්සු කොච්චර අපහසුතා විඳිනවද කියල හිතුන.

    ඉතුරුටිකත් ලියමු.

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු සෑහෙන දුකක් විඳිනවා. විශේෂයෙන් වැස්ස දවස් වලට එහෙම.

      Delete
  5. නාවලපිටිය හා හැටන් අතර බොහෝ ප්‍රදේශ වලට පහසුම ප්‍රවාහන ක්‍රමය දුම් රිය ප්‍රවාහනයයි

    ReplyDelete
    Replies
    1. පහසුම සහ බොහෝ විට එකම ප්‍රවාහන ක්‍රමය දුම්රිය.

      Delete
  6. ගෙදර යද්දි හැමදාම ඔතන පහු කරනවා අගහරුවෝ..............

    ReplyDelete
    Replies
    1. කොහෙද ඔබතුමා ඉන්නේ ඇත්තට? මේ ගමන හැමදාම වගේ යන්න තියනවා නම් කොච්චර අත්දැකීම් ගන්න පුලුවන්ද?

      Delete
  7. කතාව දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සතියකට වතාවක් මේ පැත්තේ ආවොත් කියවන්න පුළුවන්..

      Delete
  8. එල එල ඉතිරි ටිකත් ඉක්මනට ලියපන්.

    ReplyDelete
    Replies
    1. ඉක්මනට බෑ ඉතිං.. ඔය හරියේ කෝච්චිය යන්නෙත් හෙමීටනේ.. ඉතිං අපිත් හෙමීට ඉස්සරහට යමු..

      Delete
  9. බොහොම වටිනවා අඟහරුවෝ...

    ReplyDelete
  10. මම ලංකාවේ කෝච්චියක ගිහින් නෑ... මේ විස්තර ආසාවෙන් කියවනවා මලේ ස්තූතී ...

    ReplyDelete
    Replies
    1. වෙලාවක ඇවිල්ල මේ ගමන යන්න. මේක ලෝකේ හොඳම දුම්රිය චාරිකා 10 අතරින් එකක්.

      Delete
  11. අර ඉඟුරුඔය ස්ටේෂන් ඒක ළඟ, කරේ දිග බෑග් එකක් දාගෙන ඉන්නේ, ලයින්ස්මන් කෙනෙක්ද? අද කාලේ ඒ අයගේ රාජකාරි මොනවද?

    ReplyDelete
    Replies
    1. ලයින්ස්මන්/ පැට්‍රොල්මන් කෙනෙක්. එයාලගේ අද රාජකාරිය තමා එයාලට අදාළ මාර්ග කොටසේ පා ගමනින් ගමන් කරමින් මාර්ගයේ තත්වය පරීක්ෂා කිරීම. සමහර වෙලාවට මේගොල්ලෝ පීල්ල ඔයිල් කරනවා. ඒ කිව්වේ, තියුණු වංගු සහිත ප්‍රදේශ වල දුම්රිය රෝදයේ Wheel Flange කොටස දුම්රිය පීල්ලේ ඇතුළු පැත්තේ තදින් ඇතිල්ලීම නිසා පීල්ල ගෙවී යනවා. එය වැලක්වීමට පීල්ලේ තෙල් ආලේප කරනවා. ඒ රාජකාරිය කරන්නෙත් මේ අයම තමා. මෙහෙම කෙටියෙන් කිව්වට මේ අය විශාල රාජකාරියක් ඉටු කරනවා.

      Delete
    2. අපි 1960 දශකයේ දියතලාවේ ශිෂ්‍යභට පුහුණුවට යද්දී වල් වැඩක් කරනවා. ඔය එක්කෙනෙක් රේල් පර අයිනේ ඉන්නකොට කෝච්චියේ ඉස්සරහ හරියේ පෙට්ටිවල ඉන්න අපේ කොල්ලෝ (සම්පූර්ණ කෝච්චියම ශිෂ්‍යභටයන්ට පමණයි) එයාට අතවනනවා මාමේ කියලා. එයා ඒ පැත්ත බලාගෙන අත වනද්දී, පස්සෙන් තියන පෙට්ටියක එන අපි, සීතල වතුර බාල්දියක් ගහනවා මිනිහට. මිනිහට මල පැනලා, සරම උස්සලා පෙන්නනවා. (ඒ කාලේ ඒ මාමලා යටට මොකුත් අඳින්නේ නැහැ) අන්න එහෙම හොඳ ළමයි අපි.

      Delete
    3. පවු ඒ මිනිස්සු.. ඒ දවස් වල විචාරක තුමාලගේ ගෙවල් වල උදවියට සෑහෙන්න හෙම්බිරිස්සාව එහෙම තියෙන්න ඇති නේද?

      Delete
  12. කතාවත් එක්කම දාන ෆොටෝ ටිකත් හරිම ලස්සනයි අඟහරුවෝ. ඒවාවලින් කෝච්චියේ යන ආසාව තවත් වැඩිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ ඇගයීමට! ඔය ෆොටෝ ටික ගත්තෙත් ඔය ගමන අතරතුරදීම තමා. ලංකාවට ආපු වෙලාවක නොවැරදීම මේ ගමන යන්න.

      Delete
  13. Is that Mahaweli River bridge, also known as SELAM BRIDGE you are telling about??,
    Any way this is an excellent post.....

    ReplyDelete
    Replies
    1. I think yes, but I'm not so sure about the name. Thanks for the comment and appreciation!

      Delete
  14. And you may be right saying those are small streams, but they flow to the Mahaweli river, which is close by, and goes with railway line all the way from Gampola to Galboda.

    ReplyDelete
    Replies
    1. Yeah. And water from the Galboda Falls also joins this stream somewhere close to Galboda, and yes, this is really like a small river.

      Delete