හොරෙක් කියන්නේ නියම හොරෙක්.. |
ජායාරූපයක් ගන්න තියන මහන්සිය දන්නේ ඒ ගන්න එක්කෙනා විතරයි. ඇත්තෙන්ම කිව්වොත් ඒක දිහා බලන එක්කෙනා වත්, කමෙන්ට් කරන කට්ටියවත් දන්නේ නෑ. ඒ දේවල් අවස්ථාව අනුව වෙනස් වෙනවා. එහෙම මහන්සි වෙලා ගත්ත එකක් අනුන්ගේ නමක් යටතේ අවසරයකින් තොරව වැටෙනකොට ඉතින් කොහොම හිතෙනවද කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..
මේකෙම තව පැත්තක් තියනවා. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ඒක මේ බ්ලොග් අවකාශේ වෙන දෙයක්. මෙන්න ලින්ක් දෙක.
1. මේ ඔරිජිනල් එක.
2. මේ හොර කොපිය.
ඔය ලින්ක් වල තියන්නේ සයිට් දෙකක්. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. ඒ උනාට එකක් අනික් එකේ සටහන එහෙම පිටින්ම කොපි පේස්ට් කරලා දාල. මේවා උනත් දේපොළ යටතේ වැටෙන දේවල්. බුද්ධිමය දේපල. ඒ කියන්නේ මේකත් හොරකමක්. බලන්න මම පහලින් දාන ස්ක්‍රීන් ෂොට් තුන. මේ ටික මට එව්වේ ඉහලින් දාපු ඔරිජිනල් එක ලියන තූර්ය ඔවිටිපාන අයිය.
බලන්න දෙපැත්ත. |
මේකෙත් එහෙමයි. එකම එක. පොඩ්ඩක් වෙනස්.. |
අවශ්‍ය තොරතුරු අරන් එක්කෝ තමුන්ගේ විදියට වත් ලිව්වා නම්.. |
මේ කාලකන්නි තේරුම් ගන්න ඕනේ මේ වගේ තොරතුරු අරගන්න ඒ පෝස්ට් එක ( හෝ මොකක් හෝ වේවා) ලියන කෙනා කොච්චර මහන්සියක් වෙනවද කියන එක. ඒ වගේම තමුන්ටත් ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නම්, හරි වෙන දෙයක් කරන්න නම්, තමුන්ට ඕනේ තොරතුරු මහන්සි වෙලා හොයාගන්න තමුන් දැනගන්න ඕනේ. එහෙම නැත්තම්, උපුටාගැනීමක් අවශ්‍ය නම් ඒ අදාළ අයිතිකාරයගෙන් අවසර අරන් ඉන්න ඕනේ. එහෙම නැත්තම් මම මේක ගත්තේ මෙතනින් කියල වත් කියන්න තරම් සදාචාරාත්මක වෙන්න ඕනේ.. මේ වගේ අය නිසා තමා වැඩක් කරන්න හැකි, කරන්න ආස අයත් කිසි දෙයක් නොකර නිකා ඉන්නේ..
අන්තිමට කියන්න තියන්නේ ජාති ජාතිත් මේ වගේ උන් නොදකින් කියල තමා..