Thursday, April 13, 2023

අලුත් අවුරුදු...

 

ආ ළමයි...

කොහොමද ඉතිං කස්ටිය..

බ්ලොග් එක ලියන්න පටන් අරගෙන, ලියවෙන 10 වෙනි අලුත් අවුරුදු පෝස්ට් එක.. 2013 මට මතකයි මහා ධාරානිපාත වැස්සක් මැද තමයි අවුරුදු පෝස්ට් එකක් කියල එකක් ලිව්වේ. සෝයා එකක් හදලා ඒ රෙසිපි එක තමා දැම්මේ.

මෙතනින් ගිහිං බලන්නකෝ කැමති නම්..

මේ අවුරුද්දේ නම්, කෑම හදන්න තියා වේල් තුන හරියට කන්න වත් නැති තත්වයක් තමා තියන්නේ. සෝයා එකක් හරියට හදල කාපු කාලයක් මතක නෑ ඇත්තම කිව්වොත්. ඇත්තටම ඒ 2013 තිබ්බ අවුරුදු සරුව වත් නෑ මේ පාර නම්.

මගේ පැත්තෙන් ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ආධුනික පුහුණුවකට ගිහිං ඒකෙ අන්තිම හරියේ ඉන්න නිසාත්, හරියට ආදායමක් ඒ කාලේ නොලැබුන නිසාත්, ඇත්තටම ලොකු දෙයක් කරගන්න හැකියාවක් තිබ්බෙත් නෑ. ඒ අතින් නම් 2013 – 2023 කියල වෙනසක් නෑ. රවුමක් කැරකිලා ආපහු එකම තැනට ඇවිත් වගේ.

ගෙවිච්ච මාස තුන හමාර ගැන නම් රිවීව් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මේ පාර. අවුරුද්දටම අන්තිමේ රිවීව් එකක් ලියන නිසා. මේ ටිකේ ෆේස්බුක් එක පැත්තේ කට්ටියක් ජැක්සන් ඇන්තනි මහත්තයාගේ ඉරණම ගැන හිටු කියල කෙස් පැලෙන්න තර්ක ඉදිරිපත් කරනවා. රිය අනතුරකට මුහුණ දීලා අන්තරාය අඩියක දීර්ඝ කාලයක් එහෙම යන්ත්‍ර වලින් ඉන්න එක ගොඩ දෙනෙක් ට ප්‍රශ්නයක් වෙලා තියනවා.

ඒ අතරේ අලුත්ම කතාව තමා චීනෙට අපේ රටේ රිලව් පටවන්න තියන සූදානම. ලංකාවේ මේ වෙද්දී රිලව් ලක්ෂ 30ක් විතර ඉන්නවලු (බුදු අම්මෝ...). ඒකෙන් ලක්ෂයක් චීනෙට එවන්න කියල එහෙ බලධාරීන් ඉල්ලුවා කියල කතාවක් යනවා. මේකට පක්ෂව සහ විපක්ෂව ඉතිං සෑහෙන ලොකු දාර්ශනික, පරිණාමික, විද්‍යාත්මක වගේ පැතිකඩ හරහා වාද විවාද යනවා.

හැබැයි ඉතිං කෑගල්ල පැත්තේ එහෙම මිනිස්සු ගෙවල් වල උයන බත් මුට්ටිය පවා උස්සගෙන යන තරමට මේ රිලා ගහණය ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ පැත්තටත් දැන් දැන් රිලව් 20-30 එන්න අරං. ඔය අතරේ චීනෙන් අපිට රේල් පීලි 10,000 කුත් දෙන්න කැමති වෙලා ලු. එක පීල්ලක් රිලව් 10 ට පාඩුත් නෑ හැබැයි. කොච්චර සල්ලි ඒකක ආවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය තාම අභාවයට ගිහිං නැද්ද කොහෙද.

මේ පාර අවුරුද්දේ නම් චාරිත්‍ර නැකත් වත් බලන්න තරම් වත් උනන්දුවක් නෑ. වෙනදා නම් ඉස්කෝලේ කාලේ වාරේ අන්තිම දවසෙත්, පස්සේ අප්‍රේල් ක්ලාස් දවසක හවස එහෙමත් ගිහිං ඇඳුම් අරං ආවත් (2017 ට කලින් අප්පච්චිගෙන් සල්ලි ඉල්ලං), ඒ දවස් වල මම සෑහෙන ඇඳුම් සෙට් එකක් ගත්තා. ඩෙනිමක්, ත්‍රී ක්වාටර් ෂෝර්ට් එකක්, ටී ෂර්ට් දෙකක් වගේ අනිවාර්ය අංග ටිකක් තිබ්බා. මේ පාර උග්‍ර ආර්ථික අර්බුධයක ඉන්න නිසාත්, අවුරුදු කියල මහා ලොකුවට නොදැනිච්ච නිසාත් මම එක ටී ෂර්ට් එකක් විතරයි ගත්තේ (ඒකත් ට්‍රේනිං කාලේ අවුල් ගිය දෙකකට රීප්ලේස් කරන්න). හැබැයි මම නොගත්තැයි කියල ඇඳුම් කඩවල් වල පෝලිම් නම් අඩු වෙලා තිබ්බේ නෑ. තිලකවර්ධන එක එහෙම පැත්ත පළාතේ යන්න බෑ ඊයේ හවස් වෙද්දීත්.

ආ.. අවුරුදු වලට මුකුත් හැදුවේ නැත්තෙමත් නෑ. ඊයේ හවස් අතේ අප්පච්චියි මමයි ට්‍රයල් එකක් විදියට උඳුවැල් හැදුවා (සමහර පැති වල පැණි වළලු කියන්නේ).. හිතුවට වඩා හොඳට ආවා හැබැයි. අන්තිම ටිකෙන් ඉතිං මට සුපුරුදු පරිදි විකාර අදහස් ටිකක් පහල වෙලා අඩු සීනි වර්ෂන් එකක්, මුරුක්කු ටිකක් හදාගත්තා. එයින් ටිකක් හපන ගමන් තමා මේ සටහනේ මුල් ටික ලිව්වේ. 

එන්න ළමයි උඳු මුරුක්කු කන්න.. 

රෙසිපි නම් දාන්න දෙයක් නෑ ඉතිං දැන් එකසිය ගානට යූ ටියුබ් චැනල් වල ඕවා තියනවා නේ.. තව පොඩ්ඩක් ඉතුරු උනා නම් හැබැයි චොකලට් උඳුවැල් ටිකකුත් හදල තමා නතර වෙන්නේ..

මේ පාර රතිඤ්ඤා එහෙම ගන්න එපා කියල සෑහෙන කතා බහ යනවා දැක්කා. ඇත්තටම මේ පාර පුපුරන සද්ද සෑහෙන්න අඩුයි. මමත් රතිඤ්ඤා පෙට්ටියක් ගෙනාවා හැබැයි. අවුරුද්දට දාන්නත් වඩා රිලවුන්ට දාන්න. ඒකත් දැන් 600 ගාණක්. නූල් කොටයි අඟල් භාගෙටත් වඩා.

මේ  අවුරුද්දට හරි යනම බ්‍රෑන්ඩ් එක..
 

ආ.. ගණන් ගැන කියද්දී මතක් උනේ.. අපේ රටේ තියනවා නේ ඇඳුම් එහෙම සේල් කියල ජාතියක්.. ඔය උත්සව කාලෙට තමා හෝ ගාලා හතු පිපෙන තාලෙට මතු වෙන්නේ. හැබැයි අර බුවාලන්තේ ලියපු තිස්ස කරුණාසේකර කියපු විදියට ම, අපේ බුවාලන්තේ සේල් කියල කියන්නේ විකුණගන්න බැරි වෙච්චා ගොඩක් අඩු ගාණට ඇඟේ ගැහීම කියන එක තමා ඇත්ත කතාවේ එක පැත්තක්.

අනික් පැත්ත තමා, ලංකාවේ ජඩ ව්‍යාපාර සංස්කෘතියේ කතාව. ඒ කියන්නේ, උත්සව කාලෙට කලින් 1500 ට තිබ්බ නම් කමිසයක්, ඕක උත්සව කාලේ ලං වෙලා ලේබල් කරනවා 2750 ට විතර. ඊට පස්සේ සේල් කියල ගහනවා 10% වගේ අඩු කරලා. ඕක 20% කරත් අත උඩින් ලාබයි. අපේ මිනිස්සුත් උත්සව කාලෙටම රෙදි ගන්න දත කැට මැදගෙන ඉන්න නිසා, මම හිතන්නේ රෙදි කඩ කාරයෝ ඔය කාලේ බිල් ගේට්ස් ටත් වඩා හොයනවා.

එයිට අමතරව මේ කාලේ වෙන තව දේවල් තමා නරක වෙච්ච/ කල් පැනපු අමුද්‍රව්‍ය දාලා එක එක ඒවා හදන එක. මේකේ ශෝචනීය වගේම භයානක පැතිකඩ තමා ආහාරත් මේවට ඇතුලත් වෙන එක. මේ ලඟදි මම දැක්කා කල් පැනපු කිරි එහෙම තොගයක් නෙවේ සම්පූර්ණ ගබඩාවක් අල්ලලා. අයිස්ක්‍රීම් හදන්න විකුනන්න ලු. අනේ ඉතිං මේවා කන මිනිස්සුන්ට හැදෙන ලෙඩ වලට බෙහෙත් කොයි ලෝකේ හොයන්න වෙයි ද කියල.

ඔච්චර තමා ඉතිං අවුරුද්දට ලියන්න තියන්නේ. දහම් පාසලේ අවුරුදු උත්සවේ තිබ්බේ නෑ 2019න් පස්සේ. බ්ලොග් ගෙට් එකක් තියන්න සූදානමක් තිබිලත් මොකද්ද එකක් උනා ඒකට. මොකද්ද උනේ කියල මටත් තාම හරියටම තේරුමක් නෑ. නැකත් පායෙන් දීපු නැකත් පතේ බලද්දී අවුරුදු උදාව තියන්නේ හෙට හවස. එහෙනම්, ලියන කියවන හැමෝටම,

ලබ්බවන්නා වූ නව වසර සාමය සතුට කෙසේ වෙතත් පණ ගැටගහගෙන ජීවත් වෙන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!

 

Sunday, January 1, 2023

වියෝග, විප්ලව එක්ක ගෙවුන වසරක සමාලෝචනය

 

අවුරුද්දක් අවසානයටත් ඇවිත්.. සෑහෙන දේවල් සිද්ධ උන අවුරුද්දක්. රටේ වගේ ම මගේ පැත්තෙන් ගත්තත්.. රිවීව් එකක් ලියන එක මම සාමාන්‍යයෙන් කරන දෙයක් උනත්, මේ පාර ලියන්න දේවල් ගොඩක් නිසා, රටේ ලෝකේ වෙච්ච දේවල් වලින් අහුමුළු වල උන දේවල් ගැන වැඩිය කතා නොකර ඉන්න හිතුවා.

මේ සැරේ ජනවාරි මාසේ අවුරුද්ද පටන් ගත්තේ අවුරුදු දෙකක විපිරියාස වලින් පස්සේ තරමක් සාමාන්‍ය විදියට. හැබැයි ළඟ එන දරුණු ආර්ථික අවපාතයක ඉඟි ටිකක් එක්කම.. පහුගිය අවුරුදු දෙකේ කොරෝනා එක්ක කල් පැනපු අධ්‍යයන වර් (පාසල්/ විශ්වවිද්‍යාල) එක්ක, 2021 සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග පවා කල් ඇදිලා මේ අවුරුද්දට වැටුනා. ඒ නිසා අපි 2021 පටන් අරගත්ත 11R කියන පන්ති ක්‍රමවේදය මේ වසරටත් එහෙම ම අරගෙන එන්න උනා. ඔය අතරම, 10 වසර උඩට ඇවිත් මම වසර දෙකකින් පස්සේ නැවතත් පන්ති භාර ගුරුවරයෙක් උනා, 10F පන්තියේ. 

ගුවන් විදුලි වැඩසටහනකට යන්න අවස්තාව ලැබුනා. ඒකත් මේ බ්ලොග් එක නිසා..

අවුරුද්ද පටන් ගනිද්දිම ඉතිං කොරෝනා ඉන්ජෙක්ෂන් ගහන්නයි, ඊට පස්සේ ඒ කාලේ රටේ තිබ්බ අර්බුධ එක්ක පවර් කට්, ප්‍රවාහන කේස් අනංමනං එක්ක තමා අවුරුද්දේ මුල හරිය ඇදුනේ. ස්පෝට්ස් මීට් එක එහෙමත් කරා හැබැයි වැඩිය අවුලක් නැතුව. ඔහොම යද්දී තමා අරගල පටන් ගත්තේ. මුලින්ම එක පළාතකට පවර් අවුට් වෙන්නේ නැති එකට පටන් ගත්ත අරගල ගැන ගොඩක් තැන් වල ගොඩක් විස්තර ලියවුන නිසා ආයෙත් මෙතනත් කතා කරන්නේ නැහැ. 

පේරාදෙණිය තෙල් පෝලිම.. 

අරගල කතා.. 

ඔය අරගල එක්ක සමහර විට ඇඳිරි නීති වැටුනා, ඒ අස්සේ එක පාරට බස් එහෙම ස්ට්‍රයික් ඇවිත්, වෑන් වල එහෙම යන්න නැතුව, දුම්රිය නිලධාරීන් එක්ක කතා කරලා මැදිරි ඇදගෙන දුම්රිය හදාගෙන ආපු දවසුත් නැතුවාම නෙවෙයි. 

දුම්රිය පහසුකම් සාදාගෙන ගෙදර ඒම..

 

පා පැදියෙන් පාසලට..

ඔය අහු අස්සේ අපරාදේ පොත් වල සල්ලි - හුචස් පෙළ (2021 විභාගේ ඈ) ඉවර වෙලා අවුරුදු කිට්ටු වෙද්දී තමා මිනිස්සුන්ට අර් බුධය දැනෙන්න ගත්තේ ටිකක්. මොකද අවුරුදු දෙකක් ගෙවල් වලට කොටු වෙලා ඉඳලා ටිකක් සමරන්න පුළුවන් අවුරුද්දක් ආවම ඒක කරගන්නත් බෑ නේ. කෑම, ඇඳුම් එහෙම කෙලින්ම ෆයර් මැතමැටික්ස්.. ඔන්න කස්ටිය බැස්සා පාරට. කොහොම හරි වෙසක් එහෙම පහු වෙලා ජූලි වගේ වෙනකොට ආණ්ඩුවක් ජනාධිපති එක්කම ගෙදර යන්න වෙන තරමට මේක ප්‍රබල උනා. ඒ කතා වීඩියෝ අනංමනං එක්කම හතර වටේ ගියා නේ.. 

අරග ලේ..

බයිසිකලේ ට අවුරුදු.. ඩයිනමික් බ්‍රේක්

සුළුවට රඟපාන්නත් චාන්ස් එකක් වැදුනා.. ඉස්කෝලේ පන්තියේ යාලුවෙක් නිසා..

හැබැයි ඔය අහු අස්සේ මගේ වැඩ නම් නැවතුනේ නැහැ. ඉස්කෝලේ ස්පෝට්ස් මීට් එකෙන් පස්සේ පිරිත, ඊට පස්සේ දහම් පාසලේ වැඩ, විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පාඨමාලාවේ වැඩ එහෙම වෙනද වගේම කෙරීගෙන ගියා. ඉස්කෝලේ වාර විභාග තිබ්බා, ප්‍රශ්න පත්‍ර බැලුවා, දෙමාපිය හමු තිබ්බා, ඔයිට අමතරව දැනට අවුරුදු කිහිපයක ඉඳන් හදාගෙන එන බුද්ධ ධර් උපකාරක කෙටි සටහනත් මේ පාර ටිකක් වැඩි වැඩ එක්ක ළමයි ටිකක් එක්ක සම්පූර් කරලා, සාමාන්‍ය පෙළ (2021 අවුරුද්දේ විභාගේ තිබ්බේ මැයි) ළමයින්ට දීගන්න පුළුවන් උනා. 

ලේ ත් දුන්නලු..

මගේ ඉංජිනේරු පාඨමාලාවට අදාළ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා මාස 6ක් අනිවාර් යය ක්ෂේත්‍ර පුහුණුවක් ලබාගත යුතුයි. මේක 2019 අවුරුද්දේ කරන්න හිටියත් ලෝකල් බින් ලාඩන්ලයි ඊට පස්සේ චීනෙක්ට වවුල් සුප් බොන්න හිතිලා ඊට පස්සේ අවුරුදු දෙකෙයි කරගන්න බැරි උනා. මේ අවුරුද්දේ ඒ ගැන වැඩ පටන් ගත්තා ජූලි මාසෙන් පුහුණුව පටන් ගන්න බලාගෙන. 

අවුරුදු 12ක ට එහා ඉඳන් මගෙන් ඉගෙනගත්ත ගෝලයෝ දෙන්නෙක් ට ශිෂ්‍ය නායිකා පදවි හම්බුන දවස.. ඇත්තටම ගුරු සේවයේ ඉද්දි මේවා තමා සතුටු වෙන්න එන අවස්ථා..

යාන්ත්‍රික ඇඳීම පිලිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය 

මෝටර් යාන්ත්‍රික සංගමයේ අවසාන රැස්වීම..

අවසන් සේවා දිනය..

හැබැයි ඉතිං ලාංකේය දුම්රිය සේවයේ කාර් යක්‍ෂම නිලධාරීන් නිසා (ඇත්තටම නිලධාරීන් දෙන්නෙක් නිසා), ඒ කටයුත්ත පටන් ගැනීම අගෝස්තුත් පහු වෙලා ඔක්තෝබර් වෙනකල් ම ඇදුනා. කොහොමින් කොහොම හරි, ඉස්කෝලෙන් මාස 6ක් නිවාඩු අරගෙන, ජීවිතේ එක හීනයක් වෙච්ච ශ්‍රී ලංකා දුම්රිය සේවයට අනුයුක්ත වීම (පුහුණුවන ශිල්පියෙක් හැටියට හරි) සැබෑ කරගන්න හැකි උනා. මේ සටහන ලියවෙද්දීත් මම ඉන්නේ එතන. 

අමු වැස්සේ නව සේවා ස්ථානයට.. ශ්‍රී ලංකා දුම්රිය සේවය- ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව- රත්මලාන.

 

පළමු පරීක්ෂණ ධාවන චාරිකාව - S8 - 840 සමග අලුත්ගම වෙත..

රත්මලාන දුම්රිය කර් මාන්තශාලාව වෙත පැමිණි තාක්ෂණවේදය විෂයය හදාරන සිසු පිරිස.

 

ඊට අමතරව ඉස්කෝලේ ළමයි අරගෙන වෝටර් රොකට් කම්පිටිෂන් වලට ගියා, විවාද තරඟ වලට ගියා (සමහර ඒවාට මමත් විනිශ්චය මණ්ඩලයේ ඉඳන් සහයෝගයක් දුන්නා), රත්මලාන දුම්රිය කර් මාන්තශාලාවට ෆීල්ඩ් විසිට් එක්ක ගියා, වාග් ප්‍රතිභා විවාද තරඟයත් තිබ්බා. ඒ වගේම මෙතන විස්තරයක් නොලියවුනාට, 2012 වසරේ අශාන් එක්ක ගිය බලන- රඹුක්කන හයික් එක රිපීට් කරා, ඉස්කෝලේ සර් කෙනෙක් එක්ක (සහන සර්) පූජාගල නැග්ගා, තව අශාන් එක්කම නානුඔය- ග්‍රේට් වෙස්ටන් හයික් එකක් ගියා. මේ අවුරුද්දේ තමා වැඩිම කොළඹ - නුවර ගමන් ප්‍රමාණයක් ගියේ. ඒ වගේම, මගේ කෝච්චි සීසන් එකට තව ගමනාන්තයක් එකතු උනා. 

වාග් ප්‍රතිභා - 2022

 

ජල රොකට් තරඟය..

පූජාගල 

මෙහෙත් ගියා ලු...

බලන -රඹුක්කන පා ගමන..  

මැදවල විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කථික වැඩමුළුවක්..

ඕවා ඔහොම වෙද්දී, එංගලන්තේ මහා රැජින - දෙවෙනි එලිසබෙත් රැජින, මේ ලියන වෙලාවේ දැනගත්ත විදියට දහසය වෙනි බෙනඩික් හිටපු පාප් වහන්සේ වගේ ලෝක නායකයො, ගෞරවනීය පුද්ගලයෝ අපි අතරින් සමුගත්තා. තව පාපන්දු ලෝක කුසලාන තුනක් ජයග්‍රහණය කරපු කණ්ඩායම් නියෝජනය කරපු එකම ක්‍රීඩකයා- පේලේ ත් ඊයේ ලෝකෙන් සමු අරගෙන තිබ්බා.

ඒ වගේම තවත් දෙයක්- අපි හැමෝම ආදරේ කරපු ඇන්ටනොව් - 225 එකම ගුවන් යානය, රුසියා- යුක්රේන් යුද්ධෙට මැදි වෙලා විනාශ උන පුවත අපිට අවුරුද්ද මැද අහන්න ලැබුනා.  

ඇන්ටනොව් - 225 

ඒ වගේම අපේ රටේ  නිහාල් නෙල්සන් වගේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අභාවය, ඉන්දියාවෙන් ආපු දුම්, ධාරානිපාත වැසි, නාය යාම්, එක දිගට දුම්රිය පීලි පැනීම් වගේ ගොඩක් සිද්ධි වාර්තා උනා. සුනාමියෙන් විනාශ උන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නැවත හදන්න උදව් කරපු ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ගේ අභාවය, ඔය මුරලිදරන් එක්ක තිබ්බ අවුල් එක්ක අපේ ඒ කාලේ පරම දුෂ්ටයා ලේබල් එක වැදිලා තිබ්බත් සෑහෙන දැනුන සිදුවීමක් උනා. 

නෑ නෑ පිටසක්වල යානයක් නෙවෙයි.. මේ ඇවිල්ලා මහා රෑ Tamping Machine එකක් බලන්න ගිය එකක්..

තව මේ අවුරුද්දේ ලියන්න තියන්නේ දේවල් දෙක තුනයි (ඈ.... එච්චර ද යකෝ උනේ අහන්න එපා ඉතිං. ජීවිතේ හැම දෙයක් ම මේකේ දාන්න බෑ නේ). එකක් තමා මේ අවුරුද්දේ මම අලුත් ජංගමයෙක් ගත්තා. ඇපල් අයිෆෝන් SE 2 එකක්. තව ෆුට් සයිකල් එකට කෑලි ටිකක් ගත්තා (ගත්තට තාම හයි කරේ නෑ හැබැයි).. ආ ෆුට් සයිකලේ කියද්දී මතක් උනේ. ඔය අවුරුද්ද මැද හරියේ දවසක ගෙලිඔය ටවුම කිට්ටුව මම ගිහිං තුන්සක රියක වැදුනා.. ලොකු අවුලක් උනේ නෑ, ඒත් කාලෙකින් සිද්ධ වෙච්ච රිය අනතුරක මතකයක් එකතු කරා (2012 රත්නපුරේදී පාලමක් පල්ලේ ගියාට පස්සේ ද කොහෙද).

ආය ඉතිං ලියන්න තියන්නේ, මිනිස්සු ගැන තමා. යාළුවො යෙහෙළියෝ, නෑයෝ එහෙම හිටු කියල බැඳගෙන බැඳගෙන ගියා, ඒ මගුල් දෙක තුනකටත් යන්න හම්බුනා. මිනිස්සු ගැන ලියනකොට මෙතනට දාන්න ම ඕනේ කියල හිතුන එකක් ලියනවද නැද්ද කියලත් ඉඳල, ලියල තියන්නම් කියල හිතුවා. 

කේසර මල්ලිගේ විවාහය 

අපි සමහර වෙලාවට අපේ ලඟම නෑයෝ, නැත්තම් අපේම නෑයෝ වගේ ලං කරගන්න යාළුවො/ යෙහෙළියෝ ගැන කල්පනා කරනවා, කවදාවත් අපිට නරකක් නොකරයි, අපිව තනි නොකරයි, අතාරින්නෙ නැති වෙයි කියල. හැබැයි මම හිතන්නේ මේ අවුරුද්දේ ඉගෙනගත්ත වටිනාම පාඩමක් තමයි, ඔය හැමෝම ඉන්නේ තමන්ට උදව් තියනකල් විතරයි කියන එක. ඒ ගැන හොඳම උදාහරණයක් මේ අවුරුද්දේ හම්බුනා. මම සිද්ධිය විස්තර කරන්න නම් යන්නේ නැහැ, හැබැයි මතක තියාගන්න හොඳ දෙයක් තමයි, උදව් ඉවර උනාම සහෝදරකමුත් ලෙප්ට් වෙනවා කියන එක.

අනික් එක, කොච්චර කල් ආශ්‍රය කරත්, මොන විදියේ බැඳීමක් තිබ්බත් (නෑයෝ/ යාළුවො), මනුස්සයෙක් ට වෙනස් වෙන්න යන්නේ බොහොම සුළු කාලයයි. ඉතිං මේ අවුරුද්දේ ඔලුවට හොඳටම දැනුන පාඩමක් තමයි, කිසිම කෙනෙක් ඕනෙවට වඩා ලං කරගන්න එපා, ඕනෙවට වැඩිය කරන්න යන්න එපා කියන එක. මොකද කිව්වොත් එහෙම ඉඳල වෙනස් උනාම දරාගන්න සෑහෙන්න අමාරු වෙලා, දරුණු තීරණ වලට පවා එළඹෙන්න පුළුවන්.

හරි, එහෙමනම් අවුරුද්දේ සාරාංශය තමා ඔය (ලියපු දේවල් වලට වඩා නොලියවුන දේවල් සෑහෙන්න වැඩියි). අන්තිමට ම, මේ අවුරුද්දේ මාත් එක්ක හිටපු, දුක සැප බෙදාගත්ත හැමෝටම ස්තුතියක් කරන්නම ඕනේ. විශේෂයෙන් ම මට දුම්රිය සේවයට අනුයුක්ත වෙලා පුහුණුව ලබාගන්න උදව් කරපු රකිත අයියා, විරාජ් මහත්මයා, ඒ වගේම රසික අයියා, අරජුන අයියා, දුෂ්‍යන්ත් මල්ලි, පුලස්ති අයියා ඇතුළු යාළුවො ටිකයි, අපේ සුවේන්ද්‍රා නැන්දම්මා, පුහුණු අංශයේ පරිපාලන නිලධාරීතුමිය, ඒ වගේම ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුතුමාගේ ඉඳන් ලංකා ජරමන් දුම්රිය කාරමික අභ්‍යාස ආයතනයේ සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ රත්මලාන කර්මාන්තශාලාවේ අඳුරන, අඳුරගත්ත හැමෝවමයි මතක් කරන්න ම ඕනේ. නම් වශයෙන් ගහන්න ගියා නම් වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා ඒ ලිස්ට් එක.

ඒ වගේම, අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා, උප විදුහල්පතිතුමන් සහ සහෝදර ආචාරය මණ්ඩලයත් මතක් කරන්න ඕනේ මම ඉල්ලපු පරක්කුවෙන් සේවයෙන් නිදහස් කරලා යන්න දුන්නට සහ මගේ වැඩ ටිකත් අමතර බරක් කියල නොසලකා කරට අරං කරගෙන යන එකට..

ඒ වගේම, මාත් එක්ක හැමදාම ඉන්න මිත්‍රයො සෙට් එකයි, ඉස්කෝලෙයි දහම් පාසලෙයි ගෝලබාල සෙට් එකයි මතක් කරන්නම ඕනේ. මොකද මම නැති උනා කියල විෂයය අතාරින්නෙ, පැමිණිලි කරන්නේ මුකුත් නැතුව ඒ බරින් ඔළුව නිදහස් කරගෙන මට මගේ වැඩ ටික කරගෙන යන්න දුන්නට (මම සිලබස් එක ඉස්සරහට ඇදල ගියේ).

ඉතිං ඒ මේ ඔක්කොමත් එක්ක, 2022 කියන්නේ සෑහෙන බරපතල දේවල් සිද්ධ උන අවුරුද්දක්. 2012 ට වඩා සෑහෙන්න වෙනස් අවුරුද්දක්. මගේ බ්ලොග්කරණයටත් දශකයක් දැන්. මම එද්දී ලියවුන බ්ලොග් ඔක්කොම වගේ දැන් අක්‍රීය වෙලා. දිගටම ලියවෙන පරණ බ්ලොග් නැති තරම් දැන්. ඒ අස්සේ ජනෙල් 10ට එන ගිනි නරියා බ්‍රවුසර් එකෙන් බ්ලොග් වලට කමෙන්ට් දාන්න බෑ. මේක ලියන්නෙත් පරණ ලැප් එකෙන්. 

සුබ ගමන් කලු..

 

අපි බලමු, 2023 අවුරුද්ද කොහොම වෙයි ද කියල. එහෙනම්, ලියන කියවන හැමෝටම, සුබ අලුත් අවුරුද්දකට ආසිරි!