හරියටම අවුරුදු 10කට කලින් වගේ, එක දවසක ඉරිදා
දහම් පාසැල් ගිහිං බලද්දී පංතියටම දෙන්නයි. මෙච්චර අඩු උනාමයි. කරුමෙට එදා ආචාර්යය
මණ්ඩලයේ පැමිණීමත් එහෙමමයි. ඉතිං ලොකු හාමුදුරුවෝ මාව දැම්ම ගිහිං 6 වසරේ පන්තියකට
උගන්නන්න කියල. ඔන්න ඔහොමයි ශිෂ්‍ය නායක විදියට කොනකට වෙලා හිටපු මම, ගුරුවරයෙක්
වීමේ පළමු පියවර තිබ්බේ.
ඔතනින් පස්සේ සාපෙ ඉවර උනාම 12 වසරට ගිහාම
කෙලින්ම ස්ටාෆ් එකටම ගත්තා අවුරුද්දකින්. එතන ඉඳන් ඉතිං මේ වෙනකල් ගුරු සේවයේ තමා.
අවුරුදු අටක් ස්වේච්ජා ඊට පස්සේ 2016 ඉඳන් ඉස්කෝලේ ගුරුපත්වීමක් ලැබුනා.
කොහොමින් කොහොම හරි, ඔය ගුරු සේවයේ ඉද්දි තියන
හොඳම දේ තමා ළමයි එක්ක වැඩ කරන්න සෙට් වෙන එක. ඒකත් එක වයස් මට්ටමේ වෙද්දී ශෝක්.
දහම් පාසලේ නම් කොහොමත් නංගි නැත්තම් මල්ලි කියල නේ කතා කරන්නෙත්. ඉස්කෝලේ නම් කට
හුරුවට සර් කියනවා. මට නම් එයාලටත් මල්ලි කියවෙන වෙලාවල් නැතුවම නෙවේ..
කොහොම හරි, දහම් පාසලේ මම 2012දී ටික කාලයක් නොයා
ඉඳල, 2013 ආපහු ගියහම, දාන්න කෙනෙක් නැතුව හිටි 6 වසරේ පන්තිය මට බාර දුන්නා. මමත්
හා කියල ගියා. අම්මෝ මෙන්න ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ 30ක් විතර මගේ දිහා කන්න වගේ
බලාගෙන. මමත් ඉතිං ඒ කාලේ කටේ පුරුද්දට ගුඩ් මෝනිං කිව්වා. එක්කෙනෙක් කට හෙල්ලුවේ
නැහැ. පස්සේ ආපහු කට්ටියව නැගිට්ටවල ආයුබෝවන් කියල, රෙජිස්ටර් එකට නම් ටික එහෙම
අරං වැඩ පටන්ගත්තා.
දහම්පාසලේ පන්තිය |
අවුරුද්ද ඉවර වෙද්දී ඒ ක්ලාස් එක තමා වැඩිම
රිසල්ට්ස් පෙන්නපු ක්ලාස් එක. පහුගිය අවුරුදු 4ම ඕකට මම ම උගන්නන්න සෙට් උනා. ඒකත්
එක්කම පැරලල් ආපු 2016 11 පංතියත් මගෙත් එක්ක සෙට් උනා ක්ලාස් ටීචර් නොවුනත්.
ඒ ගමන්ම, 2016 ඉස්කෝලෙට ගියාම ඒ අවුරුද්දේ 6H 6I පන්ති දෙකටත් මම රිලීෆ් වැටිලා, සුපර්විෂන්
වැටිලා, බුද්ධාගම උගන්නලා සෙට් උනා. ඉස්කෝලෙට මුලින්ම ගියේ සාමාන්‍යය පෙළ යාන්ත්‍රික
තාක්ෂණවේදය උගන්නන්න. එතන හිටියේ ළමයි තුං දෙනයි. හරියට ක්ලාස් එකක් වගේ බාර උනේ
ඔය 6 H, I දෙක තමා
වාර විභාගේ කාලේ.
එක්සෑම් අස්සේ වෙන වැඩ.. |
මේ වගේ ක්ලාස් එක්ක ෆිට් වෙන එකේ හොඳ වගේම නරක
පැතිත් තියනවා. මේ අවුරුද්ද මුලදී මාව ක්ලාස් ටීචර් කෙනෙක් හැටියට වැටුනා 8I එකට.
ඒකත් අර කලින් කියපු H I දෙක එකට කරලා ආපු ක්ලාස් එකක්. ජනවාරි මාසේ ඉස්කෝලේ පටන්
ගත්තම මමත් පොර සේ ගියා ඉස්කෝලේ. ගිහිං ඔන්න ක්ලාස් වලට ළමයි ටික තෝරනකොට මමත්
ගිහිං හිටියා. මට ඇහෙනවා ඔන්න ළමයි අස්සෙන් කවුදෝ අහනවා “කවුද අපේ ක්ලාස් ටීචර්”..
පහල ඉඳන් එකෙක් ඩිම් වෙලා වගේ කියනවා “ධනසේකර සර්..” කියල. මට තනියම හිනා ඉතිං..
ඔහොම පටන් අරගෙන, ඒ මාසේ නියමෙට වැඩ කරගෙන ආවා.
කොහොමත් ඉස්කෝලෙට ගිය අවුරුද්දේ මම රිලීෆ් වැඩ කරන්න ඔය ක්ලාස් දේකට ගියාම අනංමනං
පොතට එළියෙන් උගන්නපු හින්ද ක්ලාස් දෙකම සෙට් මගෙත් එක්ක. දවසක් මට නිකා ඉන්න
බැරුව ඔය ක්ලාස් දෙකට පෙට්‍රල් එන්ජින් එක කියල දුන්නා. ආය දවසක් හොල්මං ගැන කතා
කරා. ඔය නිසා ක්ලාස් දෙකම මගෙත් එක්ක හොඳට හිටියා.
එක්සෑම් සුපර්විෂන් යද්දිත් මම සහනශීලී නමුත්
නූලට තිතට නීතියට වැඩ කරපු නිසා ළමයි ටික මගේ වෙලාවේදී සද්ද නොකර හිටිය වගේම මගෙත්
එක්ක කෝපරේට් කරා. ඉතිං ඔය ඔක්කොම එක්ක මේ අවුරුද්ද වෙද්දී එයාලට මාවයි මට එයාලයි
හරියට අයියල මල්ලිලා ගානට සෙට් උනා. කොහොමත් මම ඉස්කෝලේ ඕල්ඩ් බෝයි නේ. ඉතිං අනික්
ටීචර්ලා එක්ක සර්ලා එක්ක නොකියන දේවල් මගෙත් එක්ක එයාල කියනවා.
ඔය අහු අස්සේ ඔය
ක්ලාස් දෙක එක්කං ක්ලාස් ට්‍රිප් එක යන්නත් සෙට් උනා. ඉස්කෝලේ කාලේදී මම අන්තිමට
ට්‍රිප් එකක් ගියේ 2008. ඉතිං මටත් ඒක අර පාසැල් කාලෙට ආපහු ගිය ගමනක් වගේ උනා.
ළමයි ටිකත් හරි හොඳ වෙච්ච එකෙත්, මම ඉස්කෝලේ හිටිය ක්ලාස් එක වගේම මේකත් ඉංග්‍රීසි
මාධ්‍යය වෙච්ච නිසාත්, හරියට මගේ 8 වසරේ පන්තිය එක්ක ගියා වගේ තමා. සිංදු කියල,
ෆොටෝ ගහල, කතා කරලා ළමයි ටික එයාලගේ සතුට අරගත්තා. මමත් ට්‍රිප් එකේ රසය වින්දා.
පළමු වෙනි වාරේ වාර විභාගෙන් පස්සේ, දවස් දෙකයි
ඉතුරු උනේ. ඒත් ඒ දවස් දෙකත් මම කරේ පංතියට වෙලා, බුද්ධාගම පිළිතුරු පත්‍ර බලපු
එක. මම කරේ අදාළ ළමය ලඟට අරන්ම පිළිතුරු පත්‍රය බලපු එක. එතකොට කෙලින්ම ඇයි ලකුණු
අඩු වෙන්නේ, කොහොමද ලකුණු හැදෙන්නේ කියන එක දකින නිසා. ඔය වැඩේට ළමයිත් බොහොම
කැමති උනා. නිවාඩු ලැබෙන්න කලින්ම බුද්ධ ධර්මය ලකුණු දීල ඉවර කරගන්න පුළුවන් උනා.
නිවාඩුවෙන් පස්සේ කාලය ටිකක් අවුල් ගියා කිව්වොත්
තමා හරි. වැඩ ටිකක් වැඩි උනා, කරන්න අමාරු වෙන තරමට. ඒ අස්සේ, අලුතෙන් එන 12 වසරේ
කට්ටියට දාන්න ක්ලාස් ටීචර්ල හොයද්දි ඉස්කෝලේ පොඩි අවුලකට මුහුණ පාලා වගේ. මොකද,
එක පාරටම මාව අර 8 වසරේ පන්තියෙන් ඇදල දැම්මා 12 වසරට. ඒකත් වාණිජ ධාරාවේ. කවද
කාපු ටකරං ද කිව්වලු.
ඉස්කෝලේ මාව ප්‍රසිද්ධ ටිකක් සැර, නීතියට වැඩ කරන
සර් කෙනෙක් හැටියට (එකේ ඇත්තක් නැත්තේමත් නෑ ඉතිං). පාසැල පටන්ගත්ත ගමන් මේක
දැනුම් දුන්නත්, මම හිතුව ඕක කොහෙන් හරි කැරකිලා මාරු වෙයි කියල. ඉතිං පළවෙනි සති
දෙක වගේ මම මගේ පාඩුවේ වැඩ කරන ගියා. ලකුණු සටහන් හදන වැඩේ ට සහය ඉල්ලුවම, සෑහෙන
ගානක් කැමැත්තෙන්ම ඇවිත් වැඩ ටික නූලට තිතට කරගන්න උපරිම සහයක් දුන්නා. අන්තිමේ
බලද්දී, සම්පූර්ණ ලකුණු සටහන හදල තිබ්බේ මගේ පන්තිය විතරයි.
මොනිටර් පැනල් එක |
ඔය වැඩ ටික ඔහොම යද්දී, උප විදුහල්පතිතුමා, මගේ
මාරු වීම ස්ථිර කරා. ඕක ළමයින්ට මම ඉතිං අන්තිම සතියේ සිකුරාදා කිව්වා. දැක්කා
කට්ටියගේ මූණු ටික දෙක වෙනවා. වෙන එකක් තියා, අවුරුදු 10ක් විතර එක එක පන්ති වලට
උගන්නල තිබ්බ මටත් ටිකක් නෙවේ සෑහෙන අවුලක් උනා අන්තිමට කතා කරන්න ගියාම.
8I පන්තිය.. |
පන්තියේ අයට ගහල බැනල එලවල තිබ්බට, විභාග වලදී
ලකුණු කපල, අඩු කරලා, කතා කරාට බැනල, ලකුණු අඩු කරන්න කියල ලියල තිබ්බට, “අනේ සර්
තව විනාඩියක්..” කියද්දී වෙලාවට පිළිතුරු පත්‍රය අරගෙන තිබ්බට, ඒ ළමයි ටිකටත් මම
අයින් වෙලා යන එක ලොකු අවුලක් කියල කට්ටියගේ මූණු වලින් දැක්කා. මම ඇත්තටම හිතුව
මම යන එකට මුන් ටික මාර හැපී එකේ ඉඳී කියල. එත් ඇත්තටම උනේ ඒකෙ අනික් පැත්ත.
කොහොමින් කොහොම හරි, මම ඉගෙනගත්ත ඉස්කෝලේ වැඩ
කරන්න අරං බාරගත්ත පළමුවෙනි පංතිය මාස 5කින් වගේ අතාරින්න උනා. කරන් ආපු වැඩ ටිකක්
මග නතර උනා. අලුත් තැනකින් අලුත් විදියකට වැඩ පටන් ගත්තා. කොහොමත් පාසලකට කියන්නේ
විද්‍යායතනයක් කියල නේ. ඒ කියන්නේ පොතේ පතේ දැනුම විතරක් නෙවේ. කෙනෙක් සමාජයට
මුහුණ දෙන හැටිත් උගන්නනවා. හමුවීම, එක් වී වැඩ කිරීම, නීතියට එකඟව වැඩ කිරීම, ඒ
වගේම වෙන්වීම් මේ අවුරුදු 14 ඇතුලත උගන්නල ඒ පුද්ගලයා සමාජයට හැඩගැස්වීම පාසලෙන්
කරන ලොකුම ඉගැන්වීමක්. ඒක මම උනත් තාම ඉගෙනගනිමින් පවතිනවා.
මගේ අවුරුදු 10ක් වෙන
ගුරු ජීවිතයේ අත්දැකීම් කිහිපයක් තව ඉස්සරහට මේකේ ලියන්න බලාපොරොත්තු වෙනවා. රස
කතා, දුක හිතෙන කතා, විහිලු කතා වගේම, යකා නගින කතාත් ඉස්සරහට එයි. ඒවා ඉතිං, යථා
කාලයේදී තථා අයුරින් සිද්ධ වෙයි..