මේ ටිකේ තම තමන් කම්පියුටර්, ෆෝන් පාවිච්චි කරන්න ගත්ත හැටි ගැන ලියවුන සටහන් කීපයක්ම දැක්කා මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන්.. මම කලිං මගෙ ෆෝන් කතාව ගැන බ්ලොග් එකටම ලියල තිබ්බට, කම්පියුටර් ගැන එහෙම ලියන්න උනේ නෑ..
අද හවස් අතේ, කාලෙකට කලිං ලිව්ව වාර්තාවක් හොයන්න මං පරණ හාඩ් එකක් ඇද්දා. ඒක හොයාගෙන යද්දි මට හම්බුනා පරණ ෆොටෝ එකක්. ඒකත් එක්ක, පොඩි කතාවක් ලියල තියන්න හිතුනා.
මං මුලින්ම කම්පියුටර් එකක් කියල එකක් අටවගනිද්දි, මං ඒ ලෙවල් පළවෙනි අවුරුද්දෙ (2010). ඒ දවස් වල අප්පච්චිගෙ යාලුවෙක් අතෑරල දාපු කම්පියුටර් එකක කෑලි ටිකක් මෙහෙ තිබ්බා. ඒකෙ තිබ්බ කෑලි වලිං ගන්න පුලුවන් තත්වෙක තිබ්බෙ මොනිටර් එකයි මවුස් එකයි, සීඩී රොම් එකයි විතරයි.
ඔය දවස් වල මං සුලු සුලුවෙන් එක එක තැන් වල කම්පියුටර් වල, ෆෝන් වල දෝෂ සමනය කරන්න පටං අරං තිබ්බා (තිබ්බ සුලු ඉලෙක්ට්‍රොනික්ස් දැනුමයි, කර කර හිටිය කම්පියුටර් හාඩ්වෙයා කෝස් එකේ දැනුමයි යූස් කරල).
මේකෙදි අතෑරල දාපු කෑලි, එතකොට සුලු සුලු ගණං වලට නුවර පුරා ඇවිදල එකතු කරගත්ත පාවිච්චි කරපු කම්පියුටර් කෑලි අනංමනං එකතු කරල තමයි පළවෙනි කම්පියුටර් එක අටවගන්නෙ. ඔය දවස් වල නුවර ටවුන් එකේ ත්‍රිකුණාමල වීදියෙන් පටන් ගත්තම, උඩ පාරේ යොවුන් එක ගාව ඉඳන් දොඩම්වල හන්දියට එනකල්, ඊට පස්සේ ගුඩ් ෂෙඩ් එක ගාව තිබ්බ කම්පියුටර් පාට්ස් කඩවල් ඔක්කොගෙම කට්ටිය මාව දන්නවා. ඒ සමහර කඩවල් වල තිබ්බ පාට්ස්, එයාලගේ සිස්ටම් එක, මුදලාලිටත් වඩා මම දන්නවා..
මේකෙ මුල්ම ස්පෙක්ස් මෙහෙමයි-
ප්‍රොසෙසර් එක - පෙන්ටියම් 4 , LGA 775 socket - 2.8GHz
රැම් මතකය - 256MB + 512MB (DDR1)
හාඩ් ඩිස්ක් එක - 80GB (IDE)
ඔප්ටිකල් ඩ්‍රයිව් එක - 48x CD ROM
මදර්බෝඩ් එක - Dell Optiplex 280.
මවුස්/කී බෝඩ් - පරණ එකෙන් ගත්ත PS/2 Ball Mouse + Keyboard
ස්පීකර් - නොකියා 2730c එකේ ඉයර්ෆෝන් එක
මොනිටර් - පුපුර පුපුර වැඩ කරපු පරණ එකේ CRT මොනිටරේ.
UPS - උඩ ගෙදර අයියගේ කම්පියුටර් එකේ යුස් කරලා මෙහෙ තියල තිබ්බ 2003 එකක්.
![]() |
මදර්බෝඩ් එකත් එක්ක කොටස් ටිකේ සමීප ජායාරූපයක්.. ඔය හාඩ් එක අර අප්පච්චිගේ යාළුවගේ එකේ තිබ්බ එකක්. |
මේකෙ දුවවපු OS එක වින්ඩෝස් Xp සර්විස් පැක් 2. පස්සෙ අර විජය පරිගණක ටික බලාගෙන, ඒ එක්කම වින්ඩෝස් 98 ඩුවල් බූට් කරා. මේකට තව OS එකක් හම්බුනා SLITAS කියල ලිනක්ස් එකක්. MB30 ක OS එකක්. පෙන් එකකින් බූට් කරන්න පුළුවන්. හැබැයි දාන්න හදපු දෙපාරම එරර් එකක් ඇවිත් මගින් නවතිනවා. තාම පෙන් එකේ ISO එක තියනවා.
මේක ඉතිං අර පරණ එකේ කේසිං එකට දාන්න බැරි නිසා (ඩෙල් ඔප්ටිප්ලෙක්ස් බෝඩ් ස්ටෑන්ඩර්ඩ් AT/ ATX කේසිං වලට තියන්න බෑ) මේසෙ උඩ මේ විදිහට තමයි තියල තිබ්බෙ. පවර් ස්විච් එක වෙනුවට ඒ පින් දෙක නියනකින් ෂෝට් කරල තමයි ඔන් කරන්නෙ. මේකෙන් හැබැයි සෑහෙන්න යමක් ඉගෙනගත්තා හාඩ්වෙයා පැත්තෙන්.
මේකෙ තිබ්බ සොෆ්ට්වෙයා ගත්තම, ඔෆිස් 2007, Winamp, නීරෝ, ජෙට් ඕඩියෝ, VLC ප්ලේයර්, අවාස්ට් ඇන්ටිවයිරස්, ෆයර්ෆොක්ස් වගේ කීපයක් තිබ්බා. ඒ දවස් වල මං ඩිස්ක් එකක් තියං හිටියා සොෆ්ට්වෙයා දාලා දෙන්න එහෙම ඉල්ලන අයට. එතකොට මම කරන්නේ ඔය ඩිස්ක් එක එක්ක Xp ඩිස්ක් එක අරං ගිහිං සිස්ටම් දාලා, සොෆ්ට්වෙයා ටිකත් දාලා දීලා එනවා. (නෙට් එකෙන් සොෆ්ට්වෙයා බාන වැඩේ තවම ලොකුවට ඇවිත් තිබ්බෙ නෑ). මේ කාලේ අලුත්ම වින්ඩෝස් එක තිබ්බේ විස්ටා. ඒක එච්චර හොඳ ප්‍රතිචාර තිබ්බ එකක් නොවෙන නිසා, ගොඩක් අය Xp ම යූස් කරා. 2010 අග වගේ තමා වින්ඩෝස් 7 මෙහෙ කම්පියුටර් වලට එන්න ගත්තේ.
මේක නිකංම එළියෙ තිබ්බ නිසා හාඩ්වෙයා දෝෂ සෑහෙන්න එනවා. දූවිලි අනංමනං එක්ක. මේ කාලෙ අපෙ ගෙදරත් හදන ගමන් තිබ්බෙ. එතකොට ඒවත් බලපෑවා. එක්කො රැම් බුරුල් වෙනවා, මදර්බෝඩ් එක උඩ දූවිලි රැඳෙනවා අනංමනං. එහෙම උනාම ඉතිං මදර් බෝඩ් එක එලියට අරං ගිහින්, ෆෑන් එකේ ඉඳන් ගලවලා සුද්ද කරලා, CMOS බැටරි ඒකත් ගලවලා ආය දාලා සෙට් කරාම On වෙනවා.
මේ කාලෙ අපෙ ගෙදර වයරිං එකේ Earth නෑ. ඉතිං කොහෙ හරි ලෝහ කෑල්ලක අත පය ගෑවුනාම ආය නෑ වදිනවා දුං විසික් වෙන්නම කරන්ට්.. කොටිංම මේකෙන් වැඩක් කරගන්න එක බෝම්බයක් නිශ්ක්‍රිය කරන තරමෙ වැඩක්. ඒ එක්කම, අටවපු කෑලි වීම නිසාම එන දෝෂත් තිබ්බා. එක දවසක් නිවාඩු දවසක මේක On කරාම කියනවා “Operating System not found” කියල. කාලා වරෙන්කො ඉතින්..
මේකෙන් හැබැයි, අප්පච්චිගෙ ලියුම් ටයිප් කරල දෙන එක, මගෙ ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකේ මුල් අදියරේ වැඩ ටික කරන එක, වින්ඩෝස් වල අහුමුලු වල තිබ්බ දේවල් ඉගෙනගන්න එක, ගේම් ගහන එක වගේ ගොඩක් දේවල් කරගත්තා. නුවර නබීෂා කම්ප්ලේක්ස් එකේ යටම තට්ටුවේ තිබ්බා ගේම්/ සොෆ්ට්වෙයා විකුණන කඩයක්. තාම තියනවා මම හිතන්නේ. ඔතනින් අරන් එන ඒවා මුලින්ම ටෙස්ට් කරෙත් මේකේ. මීට අමතරව ඔය කෝස් එකේ කියපු, පත්තර වල ගිය ආටිකල් වල තිබ්බ දේවල් අත්හදා බලන්නත් මේක යූස් කරා. ඕවර් ක්ලොක් කරන්න ට්‍රයි කරෙත් මේකෙන් තමයි. මේ කාලෙ ප්‍රොසෙසර් වල තර්මල් ත්‍රොට්ලිං කියල එකක් නෑ. ඕවර්හීට් උනොත් ප්‍රොසෙසරේ ලෙප්ට්..
ඕක ඔහොම 2016 වගේ වෙනකල් අපෙ දිහා තිබ්බා. පස්සෙ මගෙ යාලුවෙක් බෝඩ් එක අරගත්තා. ඒ අතර ඉතිං මේකෙ රැම්, ප්‍රොසෙසර් අප්ග්‍රේඩ් උනා, ග්‍රැෆික්ස් කාඩ්, සවුන්ඩ් කාඩ් එකතු උනා, පවර් යුනිට් එක මාරු උනා (පුපුරලා), ඔප්ටිකල් ඩ්‍රයිව් එක DVD රයිටර් උනා, හාඩ් එක 160GB උනා.. අන්තිමට මොනිටර් එකකුත් දාගන්න පුලුවන් උනා.
ඔය අතරෙ 2011 අගට වෙන්න මට ලැප් එකක් හම්බුනා. ඒ කියලත් ඔය අරහෙන් මෙහෙන් හම්බෙන ගේම්ස්, සොෆ්ට්වෙයා දුවවන්න, ෂුවර් නැති පෙන්, ඩිස්ක් අනංමනං ගහන්න ඕක තමයි යූස් කරේ. කොටින්ම ලැප් එක රිස්ක් කරගන්න බැරි දේවල් වලට මේක යූස් කරා.
අදටත් මේකෙන් ඉතුරු උන සමහර කෑලි මං ගාව තියනව. මේකට පස්සෙ හම්බුන ස්ටෑන්ඩර්ඩ් ATX බෝඩ් එකත් එක්ක පරණ “රෙට්රො” පීසී එකක් ගෙදර තියං ඉන්නව හද්දා පරණ ගේම්ස් එහෙම දුවවන්න. දැන් තියන ලැප් එකේ හොඳ ස්පෙක්ස් තිබ්බත්, NFS2, Desert Storm වගේ මම පොඩි කාලෙ ගහපු ගේම්ස් එහෙම කාලෙකට සැරයක් හරි සෙල්ලම් කරන්න, අතිධාවනකාරී වර්තමානයෙන් පොඩ්ඩකට හරි මිදිල, පරණ කාලෙට එස්කේප් වෙන්න ඒක හොඳ ක්‍රමයක්..
මෙතැනදී, මම විශේෂෙන් මතක් කරන්න ඕනේ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඔය කාලේ FB අනංමනං නෑ නේ. ඉතින් මට කම්පියුටර් ගැන උපදෙස්, මගපෙන්වීම් දුන්නේ මගේ කසින් කෙනෙක් වෙන පුලතිසි අයියා, එරංග අයියා, තව මාත් එක්ක ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට බැහැල හිටිය දහම්පාසලේ යාලුවා විරාන්, ගෙවල් ළඟ අකිල අයියා, තව කෝච්චි සෙට් එකේ අකිල අයියා, මෙන්ඩිස් අයියා, ගයාන් අයියා එහෙම තමා අහන අහන ප්‍රශ්න වලට උත්තරයි, තව සොෆ්ට්වෙයා එහෙමයි ගෙනත් දුන්නේ/ කියල දුන්නේ. ඊළඟට ඔය කාලේ ඉස්කෝලේ අපිට GIT උගන්නපු මායා කරුණාතිලක ටීචර්. මොකද, මේ බෝඩ් එක තිබ්බ තත්වේ එක්ක හැම සතියකම මොකක් හරි දෝෂයක්. සොෆ්ට්වෙයා පැත්තේ එකක් නම් අහන්නෙම ඔය ටීචර්ගෙන්.
ප.ලි - ෆේස්බුක් එකට දාන්න මේක මුලින් ලිව්වේ. ඒකට දාන්න පුළුවන් තරමට වඩා දිග උන නිසා, තව විස්තර ටිකක් එක්කම, බ්ලොග් එකට දැම්මා.