Friday, October 12, 2012

අලුත්ම බඩුව..

     මේ දවස් වල ලංකාවට සූ ගාල ආධාර ලැබෙනවා.. විදේශ ආධාර, ණය ආධාර, බස් ආධාර, ප්‍රථමාධාර, මූල්‍යාධාර, අර ආධාර, මේ ආධාර කිව්වට ඉවර කොරන්න පුළුවන් ලිස්ට් එකක් නෙවෙයි ඒක..
     මේ අතරේ ලැබෙන එක ආධාර වර්ගයක් තමයි ණය ආධාර වශයෙන් ලැබෙන දුම්රිය ආධාර.
මම ඉතින් හිතුව මේක ගැනත් මොනවා හරි කුරුටු ගාල තිබ්බොත් හොඳයි කියල...

      මේ තියන්නේ මෙහාට ආපු අලුත්ම දුම්රිය ආධාරේ..
Class S12..
      මෙයාව හම්බුනේ චීනෙන්. අවුරුදු පහළොවකින් ගෙවන්න මැක්සිම් බැංකුවෙන් ණය ආධාරයක් යටතේ තමා මෙව්වා අපිට දීල තියන්නේ.. ඇත්තම කියනවා නම් මෙව්වා තවම ලැබෙමින් පවතිනවා.. දුම්රිය දෙපාර්තමේන්තුව කියන විදියට නම් මෙව්වා ගෙනල්ල තියන්නේ උඩරට මාර්ගයේ (ඒ කිව්වේ කොළඹ- මහනුවර- බදුල්ල එහෙම) දුවන්නයි කැළණි වැලි මාර්ගයේ  (ඒ කිව්වේ කොළඹ- අවිස්සාවේල්ල) දුවවන්නයි.. කලින් ඉන්දියාවෙන් එහෙමත් මේ වගේ S පන්තියේ එකක් (S- 11) ගෙනල්ලා හෙන කට්ටක් කාලා එපා වෙලා හිටපු නිසා අපේ අය මේක චීනෙන් එද්දී සෑහෙන බලාපොරොත්තු තියන් හිටියා කිව්වොත් ඒක බොරුවක් නෙවේ.. අනික මේ වගේම, මේ සමාගමෙන්ම හදපු තවත් බලවේග කට්ටලයක් දැනට ඇති සාර්ථක ලෙස ධාවනය වෙන නිසා ඇත්තටම මේ ගැන කස්ටිය ආසාවෙන් බලන් හිටියා..
     මේකේ ඉතින් කෑලි බෑලි ගොඩාක් වැඩියි.. උඩරට මාර්ගයේ ධාවනය කරන්න ගෙනාපු එව්වගේ 3න් වන පන්තියේ මැදිරි 3ක්, 2වන පන්තියේ මැදිරි 3ක්, 1 පළමුවන පන්තියේ වායු සමීකරණය කල මැදිරියක්, 3න් වන පන්තියේ භෝජනාගාර මැදිරියක් තිබෙනවා. ඒ කියන්නේ පෙට්ටි 8ක් තිබෙනවා. මේ දුම්රිය කට්ටලයේ දෙපසින් අශ්ව බල 2000ක් බැගින් ඇති එන්ජින් 2ක් තිබෙනවා.ඕනේ අය මේකේ තාක්ෂණික විස්තර මෙතනින් ගිහින් බලාගෙන එන්නකෝ..
      නමුත් මේකේ කියන්න තියන දේ තමා මේක ආවත් ආව තවම උඩරට මාර්ගයේ දෛනික ධාවනයට එකතු වුනේ නම් නෑ.. මට මතක විදියට මේක මෙහාට ගොඩබැස්සේ මේ අවුරුද්දේ ජූලි මාසේ විතර. නමුත් එදා ඉඳන් උඩරට මාර්ගයේ ප්‍රථම පරීක්ෂණ ධාවනය කරේ නෑ 2012හෙ අගෝස්තු 19 වෙනිදා වෙනකල්. ඔය දාල තියන ජායාරූපෙත් ගත්තේ එදා මහනුවරදී තමා.
       එදා පරීක්ෂණ ධාවනය නම් අතිසාර්ථකයි මම දන්නා විදියට. තව ටිකක් කල් ඉඳලා තවත් ධාවනයක් සිදු කරා.. ඒක නම් පට්ටිපොලත් පන්නල ගියා කියල තමයි ආරංචිය. මම ඒකත් අල්ලගත්ත උලපනේදී. තව එකක් මේ ළඟදී දවසක නවෙලපිටිය බලා ගියා. මේ දෙක අතරේ මාතර හෝ ගාල්ල බලා පරීක්ෂණ ධාවන 2ක් සිදුකරලා තියනවා. අද (2012/10/12) දිනත් බදුල්ල බලා ධාවනයක් සිදු කරා. නමුත් එක ලෙඩක් හරියනකොට තව ලෙඩක් මතුවෙන එක ඇරෙන්න මේ ධාවන වලදී සිදු වෙච්ච දෙයක් නෑ කියල තමයි පේන්න තියන්නේ.. මුලින්ම කිව්වා බෙයාරිංග් ගියා කියලා. පස්සේ කිව්වා හෑන්ඩ් බ්රේක් මදි කියල. දැන් මේ පාර මොනවා කියයිද දන්නේ නෑ..
        උඩරට සෙට් එකේ කතාව එහෙම උනත් කැළණි වැලි සෙට් 4 නම් මේ වෙනකොට ධාවනයට එකතු වෙලා.. ඒ උනත් ඒවත් නිතරම මග හිටීමේ දෝෂයට ලක් වෙන බව තමයි අහන්න ලැබුනේ.. එව්වගේ තියන වැඩ කෑලි නිසා කියලත් කියනවා සමහරු කියනවා කලින් එව්වා තරම් ඉහල තත්වෙක නෑ කියලත්. ඒ මේ කතා කොහොම වෙතත් කවදත් වගේ අන්තිමට උඩරට මාර්ගෙට අලුත් දෙයක් උනේ නෑ.. වෙලාවකට හිතෙනවා මෙව්වා ගෙනාවේ ට්‍රයල් දුවන්නම විතරද කියලත්.
        ඒ අතරේ ඇහෙන තව කතාවක් තමා මේ අලුත් එව්වයෙන් උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුවවන්න යනවා කියල. පොඩි මැණිකේ නම් පටන් අරන් තියන්නෙත් බලවේග කට්ටලෙකින් කියල තමා දැනගන්න තියන්නේ.. ඒ උනත් දැන් බලවේග කට්ටල ආවොත් නැරඹුම් මැදිරිය අයින් වෙනවා.. ඒකට නම් ගොඩක් අය ඒ හැටි කැමැත්තක් නෑ.. අනික මේකේ තියන 1වෙනි පන්තියේ මැදිරිය පෞද්ගලික අංශයට දුන්නොත් දුම්රිය සේවයේ සේවකයන්ට දීල තියන බලපත්‍රය පාවිච්චි කරන්න බැරි වෙනවා.. ඒ නිසා එයාලත් මේකට ඇතුලෙන් කැමති නැතිව ඇති. මමනම් කියන්නේ තියන එව්වා එහෙම්මම තියල මෙව්වයින් අලුත් දුම්රිය සහ ඉස්සර දුවල එන්ජින් නැති කමෙන් අයින් කරපු දුම්රිය නැවත පටන් ගන්න ඕනේ.
      මේ මොන කතාව කිව්වත් උඩරට දුම්රිය මාර්ගයට සෑහෙන කාලෙකින් එන අලුත් සඟයා පිළිගන්න අපි ලෑස්තියි.. ඉස්සරහට බලමු එයාගේ වැඩ කොහොමද කියල. හැබැයි කවදා එයිද කියන සැකය තමයි මට තියන්නේ....
                          .............කවදා හෝ ඔබ එනතුරු අපි බලන් ඉන්නවා.........................





ප. ලි:-
   මෙම දුම්රිය ඔක්තෝබර් මස 19වන දින සිට උඩරට මාර්ගයේ නානුඔය දක්වා ධාවනයේ යෙදෙන බව සතුටින් සටහන් කරමි.

ප. ප. ලි:-
   මෙම දුම්රියේ තාක්ෂණික විස්තර බලන්න කියල දීපු ලින්කුව වැඩ නෑ කියල කස්ටිය කියනවා. එහෙනම් මෙන්න මේකෙන් බලාගන්න.

ප. ප. ප. ලි:-
මේ දුම්රිය නිසා උඩරට මාර්ගයේ ධාවනය දැන් සහ සම්පූර්නෙම්ම අවුල් වී ඇති බව තමයි දකින්න ලැබුනේ. මෙහෙ විතරක් නෙවේ කැළණි වැලි දුම්රිය මාර්ගේත් ප්‍රශ්න ගොඩයි කියල තමා තේරෙන්නේ. උඩරට මාර්ගේ ප්‍රමාදය අඩු කරගන්න කියල දැම්මට මේක නිසා ප්‍රමාදය වැඩි වෙලා පෙර නොවූ වීරූ අයුරින්. ළඟදීම මේ දුම්රියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම තියනවා..

14 comments:

  1. නැරඹුම් බම්බුව අයින් වෙන එකමයි හොඳ තියෙන ඔක්කොගෙම ඇජස්ටබල් සීට් කැඩිලා ..ඉස්සරහ යන 4 දෙනා විතරයි නරඹන්නේ අනිත් උන් බහින්නේ බෙල්ල දික් වෙලා ...1 ක්ලාස් කියල ගැහුවට ඕකට හරියන්නේ 2.5 ක්ලාස් වගේ එකක් තමයි

    ReplyDelete
    Replies
    1. තැන්කු මේ පැත්තේ ඇවිත් කුරුටුගාල ගියාට.. ඔව් ඒක නම් ඇත්ත තමයි.. ඒත් මේකේ යද්දී ඒ විදියට වත් නරඹන්න වෙන්නේ නැති වෙඉ මොකද ජනේලුත් අමුතු විදිහකටනේ තියන්නේ.

      Delete
  2. ඔව්, කතාව නම් ඇත්ත තමයි...

    ReplyDelete
  3. තැන්කු මේ පැත්තට ආවට.!!

    ReplyDelete
  4. නිදහස් ගමන් බලපත්‍ර ලැබෙන්නෙ දුම්රිය සේවයෙ අයට විතරක් නෙවෙයි. ඕනෑම රජයේ සේවකයෙකුට (තරාතිරම අනුව පන්තිය වෙනස් වෙනවා) තුන් වරක් යාමට හා ඒමට නිදහස් ගමන් බලපත්‍ර ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. දොඩන්- ඔව් ඒකත් ඇත්ත. කොටාගෙන යද්දී ඒක අමතක උනා.. එහෙ නම් ඔය බලපත්තර නෑනේ :-D
      මොනවා උනත් කොමෙන්ටුවක් දැම්මට තැන්කු.. දිගටම මගෙත් එක්ක ඉන්න..

      Delete
    2. කෝ බං මේකෙ follow button එක?

      Delete
  5. බලමු තාම ගෙනාව විතරනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්!! ඒක කොහොම උනත් අයියට ගොඩාක් ස්තුතියි මාව එදා එක්කන් ආවට!!
      දිගටම මමත් එක්ක ඉන්න හොඳේ??

      Delete
  6. තේ වතු මැදින් උඩරට මැණිකේ සමග බදුල්ලේ යන S12 අපිට ළඟදිම දැක බලා ගැනීමට හැකි වෙයි !!!

    ReplyDelete
  7. හැකි වෙයි හැකි වෙයි. අනේ මගේ කට.

    ReplyDelete