Friday, November 30, 2012

බෝඩිමේ ක්‍රමයට මැගී සෑදීම.


සතියකට එක ගානේ ලියන්න හිතාගෙන පටන් ගත්තට බලන් ගියාම එහෙමකට ලියන්න දෙයක් නෑනේ.. හරි හරි එව්වයින් කමක් නෑ අද කතාව කියන්නම්කො.

මේ දවස් වල ඉතින් මම අ.පො.ස. හුචස් පෙළ විභාගෙට ලියල ගෙදර ඉන්න කාලෙනේ.. මේ දවස් වල වැඩේ ඉතින් ඇවිදින එක තමයි. නැත්තම් අඩුම ගානේ නුවර වත් යනවා. එහෙමත් නොගිය දවසට ඉතින් ගෙදර. අදත් ඒ වගේ දවසක්. අදත් නුවර යන්න හිටියට මුණගැහෙන්න ඕනේ කෙනා ඊයෙම දුම්රියෙන් ගම රට බලා ගියා කියපු නිසා මම ඉතින් ගෙදර හිටිය. යකෝ හිටිය වගේ නෙවේ දැන් කන්නත් එපයි දවල්ට.

දවල්ට මෙහෙ උයලත් නැති නිසා, මට තිබ්බ එකම විසඳුම උනේ මැගී නූඩ්ල්ස් එකක් හදා ගැනීම තමා. එත් එව්වා එක පැකට් එකක් කන එක නිකම් අර මොකෙන්ද එකෙන් මොකද්ද ගියා වගේ නිසා දෙකක්වත් ඕනේ. හොයල බලද්දී දෙකක් හම්බුනා.. ඒත් දැන් තව පුරස්නයක්. අපේ ගෙදර තියන්නේ දර ලිපක්. ඕක පත්තු කරගන්නවා කියන්නේ හෙන ගේමක්. එතකොට බඩගින්න ගිහිල්ල තියෙයි.. ඉතින් ඕක ගැන කම්පනා කර කර ඉන්නකොට මතක් උනා ඉස්සර මම පාසලේ 4 වසරේදී බෝඩිමේ ඉන්නකොට ඔය නූඩ්ල්ස් හදාගත්තු විදිය. දැන් හරි.
ටාර් ගාල ගැහුවා හීටරේ.. රත් කරගත්ත වතුර ජෝග්ගුවක්. වතුර ප්‍රශ්නේ හරි. ඉතිරි ටික බොහොම ලේසි. වතුර රත් උනාට පස්සේ හීටරේ ගලවල අයින් කරලා මැටි ගත්ත මැටි මඩක්කුවක්. එකට වතුර දාල මැගී නූඩ්ල්ස් පැකට් දෙක කඩලා එක ඇතුලේ තියන අර අනුපානු පැකට් දෙක දැම්ම වතුරට. දාල හොඳට දිය කරා. ඒ කරලා දැම්ම නූඩ්ල්ස් ටිකත් වතුරට. කියවල හදනවා නම් එහෙම නූඩ්ල්ස් ටික කියුබ් එක පිටින්ම දාන්න එපා දෙක තුනට කඩලා දාන්න. නැත්තම් එක කොටසක් හොඳට ඉවිලා තව කොටසක් බාගෙට ඉවිලා තියෙයි. එව්වා කාල බඩේ අමාරු හැදුනම ඔන්න අපි නෑ...

ඉතින් ඔය කියපු විදියට නූඩ්ල්ස් ටිකත් දාල තව ටිකක් මිශ්‍ර කරලා ඕක වහල තිබ්බ විනාඩි දෙකක් තුනක්. (කොහොමත් 2 මිනිට්ස් නූඩ්ල්ස් කියලනේ කියන්නේ) මම ඉතින් ඕක වහල තියල පොඩ්ඩක් ගේ වටේ එහෙම කැරකිලා ආව. ඇවිත් බැලුවම ගානට ඉදිලා. දැන් ඉතින් වතුර පෙරන්නත් එපයි.. මම කරේ මඩක්කුව පිඟානකින්   වහල දෙකම අල්ලලා උස්සල හරහට නැමුව. එතකොට වතුර බේරිලා අයින් උනා නූඩ්ල්ස් කෑල්ලක් වත් හලන්නේ නැතිව. වතුර ඔක්කොම ගියාට පස්සේ ආපහු අනිත් පැත්ත හරවල ටිකක් කලවම් කරලා ගත්ත පිඟානකට දාල. මේ තියන්නේ ඒක. 
මේස රෙද්දේ ලියල තියන එව්වා ගණන් ගන්න එපා..

                             
   

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඉස්සෙල්ල කියපං ඕක කන්න පුළුවන්ද කියල :D
    අර මේස රෙද්දෙ මොනවත් ලියල තියනව කියල දැක්කෙ නං නෑ කියන කං :P

    ReplyDelete
    Replies
    1. මේකෙ ලින්ක් වලට තියෙන පාට වෙනස් කරහං පේනනෙ නෑ

      Delete
    2. කන්න පුළුවන් නිසා නේන්නම් ඔය හදල පිඟානකට දාල තියන්නේ. හරියෝ හරියො වෙනස් කළෝ..

      Delete
  3. මේස රෙද්දේ මොනවත් ලියලා තියනවාද.....P

    ReplyDelete
    Replies
    1. Mesa redde liyala nathi reddak na!
      Equations, ganan, telephone number.. Thawa boho de..
      :-D

      Delete
  4. The same story with SAMAPOSHA!!! No coconut, just suger and samaposha in the mug and eating like Harak punnakku bonawa.

    ReplyDelete