Friday, December 14, 2012

පිටසක්වල යානා..



අපේ එකක් නම් නෙවේ ඔන්න..
මේ දවස් වල ඉතින් රතු වැහි උල්කා වැහි අර වැහි මේ වැහි වලින් කෙළවරක් නෑ.. වහින වැස්සේ වතුර බනිදු වලටත් වඩා වැහි තොගයක් ලංකාවට වහිනවා.. ඒ අස්සේ මතු වෙච්ච අලුත්ම කේස් එක තමා පියාඹන පීරිසි කේස් එක. පියාඹන පීරිසි කිව්වට අමුතු එලි කියල තමා කතාව එලියට ආවේ. මේ වෙනකොට උඩරට කඳුකරයෙන් ඇරෙන්න රටේ අනිත් හතර දිගින්ම මේ ගැන වාර්තා වෙලා තියනවා. (මම හිතන්නේ පීරිසි වලට කඳු අදින්න බැරුව ඇති එක්කෝ නැත්තම් කඳු වල හැප්පෙයි කියල බය ඇති)

මේක නම් ඇත්තටම ගත් එකක් කියල කියන්නේ.. අනේ මන්දා....
කොහොමින් කොහොමින් හරි පළවෙනියට පුත්තලමෙන් පටන් ගත්තු එලි කතාව මේ වෙනකොට ගාල්ල, ගම්පහ, අකුරණ වගේ හැමතැනටම ගිහින්. ඔයාලට මතක ඇති සමහර විට 2001කේ එහෙමත් අනුරාධපුර පොලොන්නරුව පැත්තේ මේ වගේම පාතින් යන නිල් පාට එලි වගයක් ගැන කතාවක් ගියා. ඒක ගැන ප්‍රවෘති වලට හිටන් පෙන්නුවා. කට්ටියක් පරාක්‍රම සමුද්‍රය හරියට වෙලා ගවේෂනයකුත් කරාලු. එකේදී එයාලටත් මොනවදෝ අමුතු එලි වගයක් දකින්නන ලැබුන කියල තමා මේ පැත්තට ආරංචිය ආවේ.

ඒ මේ කොහොම වෙතත් කව්රුත් නොහිතන පැත්තකුත් මේ කතා ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ තමා දියුණුයි කියල කියාගන්න රටවල් අනික් රටවල් වල කටයුතු හොයා බලන්න දාපු අපූරු උපක්‍රමයක් වෙන්නත් පුළුවන් මේක. මොකද මේවා දැකපු ගමන් සාමාන්‍ය මිනිස්සු දුවල හැන්ගෙනවා. හමුදාවක් උනත් වෙඩි තියන්න නිර්භීත වේවි කියල හිතන්න අමාරුයි.  එන්න ඒ නිසා අර වගේ වැඩක් වෙන්න හොඳටම ඉඩ කඩ තියනවා.

ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කල රේඩාර් වලට අහු නොවෙන ගුවන් යානයක් වන F117- Night Hawk යානය.
ඇමෙරිකාවේ ප්ලේන් හදල තියනවා මොනම රේඩාර් උපාංගයකට වත් අහු නොවෙන. ඉතින් අපේ ලෝකෙම එහෙම දේවල් තියද්දි මේවා රේඩාර් වලට අහු වෙලා නෑ කියලා මෙහෙම දේවල් නෑ, ඕව බොරු කියල අහක දාන එකත් එච්චරම හොඳ නෑ.

අනික තව සමහර අය කියන දෙයක් තමා මේ අරන් තියන පින්තූර බොරු, ඒවා නිකම්ම බල්බ් එහෙම අරන් ෆොටෝ ෂොප් වගේ එව්වලින් එඩිට් කරලා දාපුවා කියල. එකේ වරද්දකුත් නෑ මොකද එහෙම කරන අයත් ඉන්න නිසා. ඒත් එක එහෙමයි කියල හැම ජායාරූපයක්ම එහෙම නෙවෙයි නේද?
 තව සමහරු කියනවා ඒවා කැමරා වල කාච දෝෂ, ජල වාෂ්ප, දූවිලි නිසා හැදුන ඒවා කියල. ඒකට නම් මම එකඟ නෑ මොකද ඉස්සෙල්ල ඇහින් දකලානේ පස්සේ වීඩියෝ කරන්නේ..
අනික ගොඩ දෙනෙක් එක වර දැකපු තැනුත් තියනවා.. ඒ හැමෝගෙම ඇස් වල එකම වෙලාවේ එකම දොශේ එන්න අමාරුයි නේද??

ඉතින්...
මේ ගැනතවත් මම කතා කරලා වැඩක් නෑ.. මම මේ සටහන අවසන් කරන්නම් ඉංග්‍රීසි නාට්‍ය රචක ශේක්ස්පියර් මහතාගේ නාට්‍යකින් උපුටාගත් කොටසකින්..
"හොරෙශෝ.. ඔබගේ දර්ශනයට හසු නොවන බොහෝ දේ ස්වර්ගයේත් මහා පොළොවේත් ඇත.."

3 comments:

  1. මලේ මේ බ්ලොගේ දිගටම ලියාගෙන පලයන්. නවත්ත්වන්න එපා ජයවෙවා..

    ReplyDelete
  2. රතුරට අයියා- බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට!! දිගටම මගෙත් එක්ක ඉන්න හොඳේ.. අතේ පණ තියෙන තුරු ලැපා මා ළඟ සිටින තුරු ගූගලා තියෙන තුරු මෙය ලියමි.

    ReplyDelete
  3. රතු රට අයියා මෙතන ඔයාගේ බ්ලොග් එකට ලින්කුවක් දෙන්නකෝ..

    ReplyDelete