Sunday, August 18, 2013

විභාගය, තවත් දේ සහ තව තවත් දේ..

    අන්තිමට ලියපු චිත්‍රපටි කතාවෙන් පස්සේ සෑහෙන කාලයක් නිහඬව ඉන්න සිද්ද උනා.. මොකද මම උසස් පෙළ ලියපු නිසා.

   ඒ හේතුව නිසාම මගේ පරිගණකය පැත්තකට දාල තිබ්බ නිසා බ්ලොග් කියවන්න/ කමෙන්ට් දාන්න උනේ ෆෝන් ඒකෙන්. ඒක නොකියා  6720c එකක්. සිංහල නෑ. ඉතින් කමෙන්ට් කරේ සිංග්‍රීසි වලින්. ඔය හේතුව නිසා බ්ලොග් ලියන අය මගෙත් එක්ක පුෂ්පය පන්නගෙන හිටි බව මම දන්නවා!! 
   මේ පාර නම් උසස් පෙළ ගිය පාරට වඩා ටිකක් අමාරුයි කියන්න තමයි තියන්නේ... ටිකක් නෙවේ හුඟක් අමාරුයි මට නම්.. ඇත්තෙන්ම කිව්වොත් සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියන එක මම තාම හිතනවා...                        
                                        

     

   

       ඒ අතරේ වෙච්ච තව තව සිදු වීම් ගොඩාක් තියනවා. අලුත් දුම්රිය නිසා උඩරට දුම්රිය කාල සටහන ජංජාලයක් වෙලා. හවස 4.30ට කාර්යාල වලින් එන මිනිස්සු දුම්රියේ ගෙදර යන්න ඕනේ නම්, ඒ කිව්වේ නාවෙලපිටිය පැත්තට, 4.45 වෙනකොට මහනුවර දුම්රිය ස්ථානයට එන්න ඕනේ.. ඒ කිව්වේ ඉස්සර හවස 5ට හැටන් ගිය එක දැන් යන්නේ 4.45ට! යකාගේ දුම්රියක් තමයි එක. පොඩ්ඩක් හරි මග පරක්කු උනොත් දිගටම පරක්කු වෙන්න ගන්නවා දැන්..
     ආ... කෝච්චි ගැන කියනකොට තව එකක් මතක් උනා.. මම විභාගේ ලියපු පලවෙනි දවසෙම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න උනා. ඒ තමයි ගැහැනියක් දුම්රියට අසු වී කුඩු වෙන හැටි බලන් ඉන්න වීම. මම එදා විභාගේ කරලා එද්දී දුම්රිය ස්ථානයෙන් කිව්වා අපේ කෝච්චිය ප්‍රමාදයි කියල. ඉතින් මම එවෙලේ පේරාදෙණියට ගිය දුම්රියේ ආව මොකද එතන ඉඳන් ගෙදරට යන්න දෙන්න ඕනේ නුවර ඉඳන් බස් එකට දෙනවට වඩා බාගයක් අඩුවෙන් :-)
    ඒත් මම පේරාදෙණියෙන් ගිහින් ඇහුවම කිව්වා කඩුගන්නාවේ තියන්නේ, දැන් එයි කියල. ඒ වෙද්දී වෙලාව 4.25යි. ඉතින් තව වෙලා තියනවනේ කියල ඉද්දි ඔන්න පොඩි මැණිකේ ආව දෙවෙනි වේදිකාවට. මමත් ඔකේ නැග්ග පිටිපස්සෙන්. නුවර අපේ සෙට් එක ඉන්නවනේ.. පොඩි මැණිකේට දැන් යන්නේ අර අලුත් බලවේග දුම්රියක්..
ඔය ඉන්නේ.. මෙයාටම තමා එදා හැප්පුනේ..
    ඉතින් මෙයාගේ දිග වැඩි නිසා වංගුවකදී පිටිපස්සේ ඉන්න අයට ඉස්සරහ හොඳට පේනවා. අර C අකුරේ වගේ.. මමත් හිටියේ පිටිපස්සේ නිසා මටත් පේනවා. දැන් මේක ප්‍රමාද වෙලා නිසා කඩාගෙන යනවා 80ට විතර. හෝන් එක ගහගෙන ගන්නෝරුවේ ක්රොසින්ග් එක පහු කලා විතරයි උසාවිය හරියේදී ගෑනු කෙනෙක් තිබ්බ නේද පාරට අඩිය.. චස් ගාල වැදුනා. ඒ වැදිච්ච හැටියට ආය ඉතුරු වෙන්න දෙයක් තිබ්බේ නෑ. කුඩේ පැටලිලා බ්රේක් හෝස් එකක් ගැලවිලා තිබ්බ. පහු කරගෙන ගිහින් නතර උනා. ආය ඉතින් මොනවද.. මිනිහෙක්ද බල්ලෙක්ද ඌරෙක්ද කියලවත් හොයාගන්න බෑ. කෑලි කෑලි අඩි 15ක් විතර පාර පුරා.. කට්ටිය රැස් වෙලා සිටි සිටි ගාල ෆොටෝ ගහනවා. මගේ අතෙත් ෆෝන් එක තිබ්බත් මේවා ෆොටෝ කරලා කන්නද කියල බලල විතරක් ආවා..... ඒක දැකල නම් සංසාරේ එපා උනා.. ඒත් අපි හැටන් කොච්චියේදීත් කතා උනා මෙහෙම කෑලි ගොඩක් වෙලා මැරෙන්න මොන තරම් පව් කරපු කෙනෙක් වෙන්න ඇතිද කියල..
   පස්සේ ගෙදර ආවම තමා සිද්දිය දැනගත්තේ.. මේ ගෑනි ඇවිල්ල අරක්කු විකුනපු එකියක්.. ගමකටම බොන්න දීපු පවට මෙහෙම දෙයක් වෙන්න ඇති කියල මට නිකමට හිතුනා.. ඇයි යකෝ ඔය බීම නිසා පවුල් කීයක් කඩාකප්පල් වෙන්න ඇතිද? ඒ පව තමා ඔය වදින්න ඇත්තේ.. මේ ඉතින් මට හිතිච්ච විදිය..
   තව කියන්න තියන්නේ මම දහම් පාසල් අවසානේ ධර්මාචාර්ය විභාගෙත් ලිව්වා.. ඒ විභාගේ අන්තිම දවසේ ආරංචියක් ආව බුද්ධගයාවට බෝම්බ ගහල කියල කාලකන්නි ටිකක්. මමත් ඉතින් පොඩ්ඩක් ඇහැ දාල බැලුව මොකද වෙලා තියන්නේ කියල. වැඩිය විනාසයක් වෙලා නම් නෑ.. ඒත් ඕවගේ පලියත් වදියි ඉතින් වැදිය යුත්තාට...
    මේ රටේ බලපුවාම නම් එකක් පස්සේ එකක් කතා කල යුතු මාතෘකා ඇති උනා.. ඒ උනාට... ඒවා ගැන ගොඩාක් බ්ලොග් වල එක එක දෘෂ්ටි කෝන වලින් පෝස්ට් දැකපු නිසා, ආය මෙතන නම් කියවන්න ඕනේ නෑ කියල හිතල මුකුත් දාන්නේ නෑ....
     ඒත් ඇන්කර් කාරයෝ කරපු වැඩේ නම් වැරදියි.. උන් යකෝ උන්ගේ නවසීලන්තේ මව් සමාගමෙනුත් පිළිගත්ත ඉලව්ව නෑ කියන්න තව දැන්වීමුත් දානවනේ.. එක්කෝ කට පියාගෙන ඉන්න ඕනේ.. මේ කිරි ගැන ඇත්තම කිව්වොත්, මේ ලෝකේ කිරි බොන වයස පහු වෙලත් කිරි බොන එකම සත්තු ජාතිය තමා මිනිස් සතා.. එක බොන්නෙත් තමන්ගේ ජාතියෙන් නෙවේ වෙන, පහත කියල සලකන ජාතියක දරුවෙකුට දෙන්න එරෙන කිරි ටික උදුරාගෙන.. ඒ සත්තුන්ට කොහොම දැනෙනවා ඇද්ද? අනික, මම ඉගෙනගෙන තියන හැටියට, මිනිසාට කිරි දිරවගන්න (හරියට දිරවගන්න) පුළුවන් පොඩි කාලේ විතරයි. ඊට පස්සේ ඒ හැකියාව අඩු වෙනවා. කිරි පෝෂ්‍යදායකයි තමයි.. ඒත් ඒ වෙනුවෙන් තව සතෙකුගේ පෝෂණ අවශ්‍යතාවය බිල්ලට දෙන එක හරිද?? එක අතකට අර මේ ලෝකේ මනුසතා විතරක් ජීවත් උනා නම් ඇති, අනිත් උන්ට හෙන ගැහුනත් කමක් නෑ කියන දර්ශනය උඩ දුවන මේ ලෝකේ, මම මේවා කියෙව්වයි කියල වෙන වැඩකුත් නෑ..



   **************************************************************************

     බ්ලොග් ලෝකේ පැත්තෙන් බැලුවමත් සෑහෙන දේවල් වෙච්ච කාලයක්..
මට බ්ලොග් ලෝකේ පලවෙනි රිප්ලයි කමෙන්ට් එක දාපු පොඩි කුමාරිහාමි විවාහ ජීවිතේට ඇතුල් වෙලා, මාරයා තුමා උයල දිනලා, තව වැඩ කෝටියයි.. ඒ අතරේ මගේ මේ බ්ලොග් කටුවටත් අවුරුද්දක් පිරුනා! ඒ වෙනුවෙන්වත් පෝස්ට් එකක් දාන්න වෙන්නේ අද! ඉතින් මෙච්චර කලක් මගෙත් එක්ක රැඳිලා හිටපු, මම දාපු ට්‍රයල් පෝස්ට් එකේ හිටන් පෝස්ට් කියවපු, කමෙන්ට් කරපු, රිප්ලයි කරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි!! ඒ වගේම, දිගටම මගෙත් එක්ක ඉන්න!!!


16 comments:

  1. Ayeth digatama liyanna. obata Jaya!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! ඉක්මනට සනීප වෙන්න ඒ වගේම පරෙස්සම් වෙන්න!
      දිගටම අපිත් එක්ක ඉන්න!!
      ජය වේවා!

      Delete
  2. මේ සැරේ විභාගෙ නං සිරාවට ම අමාරු යි තමයි. හැම විෂයයක් ම වගේ අමාරු යි කියලා තමයි ආරංචි! හ්ම්ම්, කරන දේවල්වලට පව් ගෙවන්න ඕනෙනේ. දැන් ඉතින් විභාගෙත් ඉවර එකේ දිගට ම ලියමු. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව්! හැම එකක්ම අමාරුයි කියල කිව්වා මටත්. එනවා එනවා දැන් දිගටම ලියනවා. ඒ වගේම කියවන්නත් එනවා.. මෙහෙත් එන්න හොඳේ..

      Delete
  3. අපි උදේ ගියපු දවසක ගාලු කුමාරි එකෙත් කොල්ලො දෙන්නෙක් බයික් එකකින් කොග්ගලදි වැදුනා.. බලන්න දෙයක් නෑ.. හැබැයි ලේ පොඩ්ඩක්වත් නෑ... කෝච්චි වලට වැදුනම ලේ එන්නෙ නැතිලු...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. කෝච්චියට වැදුනහම ලේ එන්නේ නෑ. හැබැයි වැදිලා බේරුනොත් නම් එන වෙලාවල් තියනවා. මම එහෙම එකක් දැකල තියනවා.ඒ කියන්නේ අයිනක වැදිලා ඇදිල ගිහින් තුවාල උනොත් එහෙම. මෙවුන්ට මැරෙන්න ඕනේ නම් කෝච්චි වලට පනින්නේ නැතුව වෙන විදියක් ඇත්තෙම නැද්ද මන්ද..

      Delete
  4. දිගට ම ලියමු එහෙනම්...විභාගෙ අමාරු නම් ආයෙ කරන්න බැලුවොත් මොකද?

    ReplyDelete
  5. කෝචිචියට අහු වෙලා මැරෙන ඒවා මාත් දැකලා තියෙන නිසා හිතාගත්තෑකි කොහොම දැනෙන්න ඇද්ද කියලා... මට නං මාසයක් විතර ඒ අප්සට් එක තිබ්බා... කෝචිචියට වැදුනම ලේ එන්නෙ නැත්තේ අර යකඩ ‌ගොඩම රත් වෙලා තියෙන හින්දා කියලා කවුද මන්ද කිව්වා.. ඇත්තද බොරුද මන්දා ඕවා...

    //පස්සේ ගෙදර ආවම තමා සිද්දිය දැනගත්තේ.. මේ ගෑනි ඇවිල්ල අරක්කු විකුනපු එකියක්.. ගමකටම බොන්න දීපු පවට මෙහෙම දෙයක් වෙන්න ඇති කියල මට නිකමට හිතුනා.. ඇයි යකෝ ඔය බීම නිසා පවුල් කීයක් කඩාකප්පල් වෙන්න ඇතිද? ඒ පව තමා ඔය වදින්න ඇත්තේ.. මේ ඉතින් මට හිතිච්ච විදිය..
    තව කියන්න තියන්නේ මම දහම් පාසල් අවසානේ ධර්මාචාර්ය විභාගෙත් ලිව්වා.. ඒ විභාගේ අන්තිම දවසේ ආරංචියක් ආව බුද්ධගයාවට බෝම්බ ගහල කියල කාලකන්නි ටිකක්. මමත් ඉතින් පොඩ්ඩක් ඇහැ දාල බැලුව මොකද වෙලා තියන්නේ කියල. වැඩිය විනාසයක් වෙලා නම් නෑ.. ඒත් ඕවගේ පලියත් වදියි ඉතින් වැදිය යුත්තාට...//

    මේ ඡේදෙ ආයිත් පාරක් කියවලා බලන්නකෝ.. මට මාර හිනාවක් ගියානේ... බුද්ධාගමයි ,පලියයි, හිතයි... හි හි

    ReplyDelete
    Replies
    1. හිරු අක්ක පලවෙනි වතාව නේද අපේ අඩවිය පැත්තේ? සාදරයෙන් පිලිගන්නවා හොඳේ!!
      ලේ එන්නේ නැති එක නම් මෙහෙමයි අක්කා..
      අර වදින කම්පනේටයි, කෑලි කෑලි වෙලා මස් වලට ලේ උරන නිසයි, නිපදවෙන තාපයයි නිසා ලේ ටික නැති වෙනවා. අනික තමයි වැදිලා පාර දිගේ ඇදිල යනකොට පාර පුරා ලේ ගෑවෙනවා. මම දවසක් දැක්ක අපේ ගෙදර ඉස්සරහම කෙල්ලෙක් වදිනවා. එයා මරුනේ නෑ ඒත් තුවාල වෙලා තිබ්බ. ටික වෙලාවකින් ලේ ආවේ.
      අර ඡේදේ ගැන ඉතින් මේකයි- මට පලිය කියන තැනට එන්න ඕනේ විපාක කියන එක ක්ලික් උනේ නෑ වැඩිය. අනික ධර්මාචාර්ය ලිව්වයි කිව්වට ඒක ලිව්වේ නෑ වගේ තමා! මොකද අපිට එච්චර හොඳට ඉගැන්නුවා!

      Delete
  6. ඒවට තමයි මලය දිට්ඨධම්මවෙදනීය කර්ම කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයිය! සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්..!

      Delete
  7. කල කම් පල දෙනවා කියන්නේ ඕකට වෙන්න ඇති

    අවුරුද්දට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔව් මම හිතන්නෙත්. හැබැයි එයා නම් ලස්සනට පාරට අඩිය තිබ්බ නුවර පැත්ත බලාගෙන. බොහොම ස්තුතියි සුබ පැතුමට! ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අපේ අඩවියට!

      Delete
  8. මල්ලි අර කෙමෙස්ට්‍රි පේපරේ උත්තරේ නං වැරදියි කොලුවෝ :D 5 නෙමේ 2ක එන්න ඕනි :D

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙමද?? කෙලිය තාප්පෙට එහෙනම් :-(
      එල එල කමක් නෑ ඉතින් ගිය දේ ගියානේ! ස්තුතියි මේ පැත්තේ ආවට!

      Delete