Sunday, October 6, 2013

ලේ දන් දුන්නෙමි..


හෆූ.... මේකේ දැකුළු මලුත් බැඳිලා..
       මේක සතියෙන් සතිය ලියන්න හිටියට මේ ටිකේ අරව මෙව්වා වැඩ ටිකක් සෙට් වෙලා බ්ලොග් ලියන්න තියා කියවන්නවත් බැරි උනා.. වෙලාව නැති කම නිසා නෙවේ.. මට සතියට ලැබෙන මෙගා බයිට් 500න් වැඩ ගොඩක් කරන්න තිබ්බ නිසා.. ඒ අතරේ ලියන්නම්ම කියල හිතන් හිටි මාතෘකා සෑහෙන තොගයක් මිස් උනා.. හරි කමක් නෑ.. මේ ටික වත් ලියන්නම්..
        හරි ඒ කතා ඉවරයි.. අද කියන්න යන්නේ මම කරපු පොඩි පහේ පින් කමක් ගැන. ඔයාල අහල ඇතිනේ ඔය ඇස්, වකුගඩු අරව මේවා දන් දෙන එක ලොකු පින්කමක් කියලා.. අපේ පන්සලේ කලින් හිටිය ලොකු හාමුදුරුවෝ, කරමඩ අරියතිස්ස හාමුදුරුවෝ අපවත් උනා 2007 ඔක්තෝබර් පළවෙනිදා.. ඉතින් ඒ නිමිත්තෙන් එදා ඉඳන් අවුරුද්දකට වතාවක් ඔක්තෝබර් පලවෙනි සතියේ ඉරිදා තියනවා ලේ දන් දීමේ වැඩසටහනක්. ඔතන ලේ දෙන්න මමත් පලවෙනි වතාවට සෙට් උනා.. මේ ඒ ගැන...
මෙන්න වැඩේ..
මේ ලේ දෙන කස්ටිය.. ආ නෑ නෑ ගන්න කස්ටියත් ඉන්නවා..
                                                                              
මේ ලේ දීල ඉවර වෙලා අන්තිම වැඩ ටික කරන ගමන්..
            මම ඉතින් කොහොමත් ඔයවෙලාවේ පන්සලේ ඉන්නවා.. මොකද මම දහම් පාසලේ උගන්වන නිසා. අදත් ඉතින් දහම්පාසලේ වැඩ ඉවරල ආව මමත් පහලට. එතකොට වැඩේ නැගලම යනවා.. හෙට පීනන්න යන්න තිබ්බත් ආය මොකෝ කියල ඔන්න ඔහේ ෆෝම් එකක් පුරවල ඩොක්ටර්ගෙන් අත්සනත් අරන් පෝලිමට එකතු උනා.. පැයක් විතර පෝලිමේ ඉඳල ඔන්න ඇඟිල්ලට විදලා ලේ ටිකක් අරන් මොකද්ද කරලා ප්‍රෙෂරුත් බලල සාමාන්‍යයි කියල එතනින් සිග්නල් දුන්න.. එකරලා මොන මොනවදෝ සෙට් එකක් අතට දීල යැව්වා පෝලිමට ආපහු.
          මම මේ දෙවෙනි පාරට තමයි ලේ දෙන්නේ. ඒ නිසා ටිකක් නුහුරු ගතියකුත් දැනුන. ඒ වගේම වෙන තැනක් වගේ නෙවේ හතර වටේම දන්න උන් පිරිලා :-D මමත් ඉතින් පොර සේ ගිහින් පෝලිමට එකතු උනා..
        


මේ තියන්නේ ඒ දීපු අඬු බඬු ටික තමා..
           ඒ පොලිමේත් පැය භාගයක් විතර හිටියට පස්සේ ඔන්න ඇඳක් සෙට් උනා.. මම 7.45 ට ගෙදරින් කාල ආපු ගමන් නිසා එකසිය ගානට බඩගින්නේ හිටියේ.. ඒ නිසා පෝලිමේ ඉඳිල්ල එපාම වෙලා තිබ්බේ. කොහොම හරි ඔන්න ලේ ටිකත් ගත්තා..
 
මං තුමා ලේ දෙන ගමන්..
     ලේ දීල ඉවර උනහම තමා එලම වැඩේ උනේ.. කට්ට ගලවල අරන් මට කිව්වා එහා පැත්තේ මේසෙන් මොනවා හරි අරන් කාල කිරි එකක් බීල යන්න කියල. මමත් ඉතින් හා කියල ගියා. දකුණු අත වැලමිටෙන් නවාගෙන හිටියේ. මට කෙලින්ම කිරි එකක් දුන්න. ඒක බීල ඉවරල පැකට් එක අයින් කරන්න යද්දී මෙන්න බොලේ තුවාලෙන් ලේ විදිනවා!! දහම්පාසලේ කට්ටියත් බලන් හිටිය මේ මොකෝ මුට වෙලා තියන්නේ කියල.. ඕනේ මගුලක් කියල මම එතන හිටි කෙනෙක්ට විස්තරේ කියල ආපහු ප්ලාස්ටර් කෑල්ලක් අලවගත්ත..
   කොහොම හරි මගෙන් පයින්ට් එක හමාරක් විතරම අද ලේ ගියා අන්තිමට. පයින්ට් එකක් බැංකුවට බාගයක් කමිසෙට :-D
   මමත් ඕනේ එකක් කියල ආව එන්න ගෙදර. ඇවිත් නිදාගත්තා පැයක්.. හවස බයිසිකලෙන් ටවුමටත් ගිහින් ආව.. තාම නම් වැඩි අමාරුවක් නෑ..

18 comments:

  1. Oya thuma dhana paramithawak krla tyenne.sadhu sadhu :)

    ReplyDelete
    Replies
    1. එසේය එසේය.. බොහොම ස්තුතිය කමෙන්ටුවට!

      Delete
  2. හොඳ වැඩක් කරලානේ. බයවෙන්ට දෙයක් නෑ. මුකුත් වෙන්නේ නෑ. පින් ගොඩක් එකතු වෙන එක විතරයි වෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. :D ලොකු හාමුදුරුවොත් ඔය ටික කිව්වා.. දැන් නම් අවුලක් නෑ කිසිම. පින් නම්.... අනේ මන්ද... හැමදාම මේ පැත්තේ එනවට බොහොම ස්තුතියි අක්කේ!

      Delete
  3. ලේ දෙන එක මහා පුන්‍යකර්මයක්.. අවුරුද්දට එක පාරක් අනිවා පුරුද්දක් හැටියට දෙන්න.. කවදාවත් පච්ච කොටාගන්න එපා...

    ReplyDelete
    Replies
    1. හණ ගහපු උන්ගේ ලේ ගන්නෑ

      Delete
    2. ආ දේශක තුමාත් ඇවිත් ඉන්නේ.. ඔව් අවුරුද්දකට සැරයක් දෙන්න තමා හිතන් ඉන්නේ නම් දැනට. අම්මෝ පලවෙනි සැරේ අර කට්ටේ සයිස් එක දකිනකොට උඩ ගියා නම් තාම වැටෙනවා..
      පච්ච ගැහුවොත් ලේ දෙන එක කෙසේ වෙතත් ගෙදර එන්න නොලැබෙන එක නම් ෂුවර්.. කෝරලේ මහත්තයට ඔය උත්තරේ දීල නේ...

      Delete
  4. mamath lankaawata enne le denawa kiyala hithan koheda thaama eka sarayakwath karaganna bari wunaa.

    ReplyDelete
    Replies
    1. මේ සැරේ ආවම දෙමු එහෙනම්.. ඔබ තුමා ඉන්න රටේ ලේ දෙන්න බැරිද??

      Delete
  5. මටත් ආස යි, ඒත් කටුව දකිද්දි බයයි නේ :)

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා බය නම් මොකද්ද? ඔන්න පොඩි කුමාරිහාමි අක්ක බය ගැන පෝස්ට් එකක් දාල තිබ්බ.. ඊයෙත් කට්ටියක් පොර සේ (පොර කියන එකේ ගෑනු සතා දන්නේ නෑ) ලේ දෙන්න ගිහින් පලවෙනි වතාවට ඇඳ ගාවට යනකොට දණහිස් වෙවුලුව කිව්වා.. මමත් පලවෙනි සැරේ කට්ටේ සයිස් එක දැක්කම උඩ ගියේ නැති එක විතරයි.. හැබැයි අනිනකොට දැනෙන්නේ වත් නෑ..

      Delete
  6. Oya blood pack 1ka yanagaman anna Dematagoda Shed 1kata deela gihinlu. Deasel urayak kiyala

    ReplyDelete
    Replies
    1. කෙලිය තාප්පෙට! මම කිව්වා ඕක නුවරින් පිට යවන්න එපා කියල.

      Delete
  7. අපේ අම්මයි මලයයි දෙන්නම ඔය හැමතිස්සෙම ලේ දෙන්නෙ.. මං නං තාම පැත්ත පලාතේ ගිහින් නෑ... හි හි.. බයටම නෙවෙයි.. ඒත් ඉතිං එහෙම ඒවා මට සෙට් වෙනව අඩුයි...

    ඔයාගේ බ්ලොග් එකේ මකුළු දැල් විතරයි.. මගේ එකේ නයි පොලොංගුත් පදිංචි වෙලා .... හි හි

    ReplyDelete
    Replies
    1. යන්න ඕනේ ඒ පැත්තේ නයි පොළොංගු ටිකක් අල්ලන් එන්න :D
      "බයටම නෙවෙයි.."
      ඇත්තට?? එහෙනම් ඔය අම්මයි මල්ලියි යන වෙලාවක ගිහින් දෙමු ලේ ටිකක්..

      රහසින්- බයට නේද දෙන්නේ නැත්තේ?? :D

      Delete
  8. මම නං කවදාවත් ලේ දීලා නෑ.....ආසයි දෙන්න.ඒ උනාට ඉතිං එතනට ගියාට පස්සෙ මට ලේ දෙයිද දන්නෙ නෑනෙ.... :D

    ReplyDelete
    Replies
    1. මමත් තවම දෙපාරයි දීල තියන්නේ.. මමත් ඉස්සර හිතන් හිටියේ ඔහොම තමයි. ඒ උනාට ඔය ලස්සනට ගිහින් දීල ආවේ.. ඔන්න ඔහේ වෙලාවක් ගිහින් දීල එන්න.. :D

      Delete