Wednesday, October 16, 2013

හොරුන්ගෙත් හොරු..

    අද ලියන්නම් කියල ආවේ නම් වෙන දෙයක්. ඒ උනාට නෙට් ඇවිල්ල මූණු පොත දිහාට ගියහම දැක්ක දෙයින් ලොකු කලකිරීමක් ඇති උනා මේ රටේ මිනිස්සු ගැන. හැමෝම නෙවෙයි. සමහරක් ගැන.  සමහර මිනිස්සු ඉන්නවා අනිත් අය ගැන කිසිම හැගීමක් නෑ. ඒ අය හිතන් ඉන්නේ කොහෙන් හරි කමක් නෑ වෙන එකෙක් කරපු දෙයක් උස්සලා හරි තමුන්ගේ වගේ දැම්මම තමුන් පොර කියල. ඒ මදිවට සමහර අය මේ පොර මානසිකත්වේ නිසා නොකළයුතු වැඩත් කරනවා. මේ ඒ වගේ එකෙක්. මෙන්න මූ.. 
හොරෙක් කියන්නේ නියම හොරෙක්..
    මේ මනුස්සයා අපෙන්, තව සෑහෙන කට්ටියක් ගත්ත ෆොටෝ හොරකන් කරලා ඒවායේ නම් මකල තමුන් ගත්තුවා වගේ අප්ලෝඩ් කරනවා.. ඒ මදිවට තමුන්ගේ නමත් ගහගන්නවා එකේ. හොඳම වැඩේ කියන්නේ මම ගත්ත ෆොටෝ එහෙක (දුම්රිය එන්ජිමක බෝගිය) දාල තිබ්බ YY- SLR කියන එක මකල නැතුව උගේ නම ගහගෙන. මම හිතන්නේ මෙයා හිතන්න ඇති ඒක බෝගියේ ගහල තිබ්බ එකක් කියල :D 
    ජායාරූපයක් ගන්න තියන මහන්සිය දන්නේ ඒ ගන්න එක්කෙනා විතරයි. ඇත්තෙන්ම කිව්වොත් ඒක දිහා බලන එක්කෙනා වත්, කමෙන්ට් කරන කට්ටියවත් දන්නේ නෑ. ඒ දේවල් අවස්ථාව අනුව වෙනස් වෙනවා. එහෙම මහන්සි වෙලා ගත්ත එකක් අනුන්ගේ නමක් යටතේ අවසරයකින් තොරව වැටෙනකොට ඉතින් කොහොම හිතෙනවද කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..
  මේකෙම තව පැත්තක් තියනවා. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ඒක මේ බ්ලොග් අවකාශේ වෙන දෙයක්. මෙන්න ලින්ක් දෙක.
1. මේ ඔරිජිනල් එක.
2. මේ හොර කොපිය.

   ඔය ලින්ක් වල තියන්නේ සයිට් දෙකක්. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. ඒ උනාට එකක් අනික් එකේ සටහන එහෙම පිටින්ම කොපි පේස්ට් කරලා දාල. මේවා උනත් දේපොළ යටතේ වැටෙන දේවල්. බුද්ධිමය දේපල. ඒ කියන්නේ මේකත් හොරකමක්. බලන්න මම පහලින් දාන ස්ක්‍රීන් ෂොට් තුන. මේ ටික මට එව්වේ ඉහලින් දාපු ඔරිජිනල් එක ලියන තූර්ය ඔවිටිපාන අයිය.

බලන්න දෙපැත්ත.

මේකෙත් එහෙමයි. එකම එක. පොඩ්ඩක් වෙනස්..

අවශ්‍ය තොරතුරු අරන් එක්කෝ තමුන්ගේ විදියට වත් ලිව්වා නම්..


  මේ කාලකන්නි තේරුම් ගන්න ඕනේ මේ වගේ තොරතුරු අරගන්න ඒ පෝස්ට් එක ( හෝ මොකක් හෝ වේවා) ලියන කෙනා කොච්චර මහන්සියක් වෙනවද කියන එක. ඒ වගේම තමුන්ටත් ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නම්, හරි වෙන දෙයක් කරන්න නම්, තමුන්ට ඕනේ තොරතුරු මහන්සි වෙලා හොයාගන්න තමුන් දැනගන්න ඕනේ. එහෙම නැත්තම්, උපුටාගැනීමක් අවශ්‍ය නම් ඒ අදාළ අයිතිකාරයගෙන් අවසර අරන් ඉන්න ඕනේ. එහෙම නැත්තම් මම මේක ගත්තේ මෙතනින් කියල වත් කියන්න තරම් සදාචාරාත්මක වෙන්න ඕනේ.. මේ වගේ අය නිසා තමා වැඩක් කරන්න හැකි, කරන්න ආස අයත් කිසි දෙයක් නොකර නිකා ඉන්නේ..
අන්තිමට කියන්න තියන්නේ ජාති ජාතිත් මේ වගේ උන් නොදකින් කියල තමා..

27 comments:

  1. හොරු ගැන නං කතා කරල වැඩක් නෑ මල්ලි. මල්ලිම කිව්ව මගේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නෙ මුන්ට. කම්බ කියන්නෙ මොනවටද කියල වත් මුන් දන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. සිරාවට. මේ යක්කු නම්.. අනේ මන්ද කොහෙන් මේ ලෝකෙට ආවද කියල.

      Delete
  2. ඕවා ගැන කතා කරල වැඩක් නැහැ බං. මොකද ඒ කාලේ ඉදලම, පුරාණයේ ඉදලම හොරු හිටියා. දැනුත් ඉන්නවයි කියන එක කජ්ජක් නෙමෙයි.. සද්ද නැතිව හිටිය නං ඉවරයි වගේ මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව ඉන්න හිතෙන්නේ නෑ මෙව්වා දැක්කම දේශක තුමා.. අනික ඉල්ලුව නම් නොදෙන දෙයක් නෙවේනේ..

      Delete
  3. මේ දවස්වල සෑහෙන්න හොරු ඉන්නවා තමයි! අන්න ඊයේ ඉවාන් අයියත් හොරු ගැන දාල තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ධාරා.. හොරු හොරු එව්රි වෙයා කිව්වලු. ;/

      Delete
  4. මේ දවස්වල හොරු වැඩද මන්ද අප්ප... මං හිතන්නෙ ඔය වැඩේ වෙනවා feed share sites හින්දත්... සින්ඩි වලින් එහෙම.. එයාලා ලින්ක් එක දැම්මට බලන අය ලින්ක් බලන්නෙ නෑ නෙ.. ඉතිං දැක්ක ගමන් ඩෝර් ගාලා උස්සලා තමන්ගෙ වගේ දාගන්නවා... මං නං ඕවා එච්චරම ගනං ගන්නෙ නෑ... ෆොටෝ වලට නං අයින් කරන්න බැරි වෙන්න වෝටර් මාක් එකක් දානව.. එච්චරයි...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ වෝටර් මාක් වලින් තමා අක්කේඅර පලවෙනි තක්කඩියා අහු උනේ. ඒ යකා හොරකම අහු වෙලා ඒක නවත්තන්න කියද්දීත් ඒ කමෙන්ට් මකල හොර වැඩේ දිගටම කරන යනවා..

      Delete
  5. ස්තූතියි මේ ගැන ලිපියක් පළ කලාට. මේ හොරුන්ට කොච්චර ලැජ්ජ නැද්ද කියනවනම් හොරකම පෙන්වලා දෙද්දිත් තව දුරටත් ඒකම කරන එක, එක්කො ඒක පෙන්වල දුන්න පුද්ගලයට පහර ගහන එක. උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද අරින්න බෑලු නේ. පේජ් එකට ලයික් එකක්, පෝස්ට් එකට කමෙන්ට් එකක්, සයිට් එකට හිට් එකක් හිඟාකන්න තමා ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ. අනුකම්පා කරන්න තමා තියෙන්නේ ඔය වගේ උන්ට.

    ReplyDelete
    Replies
    1. සිරාවට අයියේ. ඔයාගේ බ්ලොග් එකට කරලා තියන දේ නම් හරිම කැතයි. ඒ පොස්ට් එක එහෙම්මම කොපි කරලා. මම දන්නවා ඔයාල ඒ තොරතුරු ගන්න කොච්චර මහන්සි වෙනවද කියල යකඩ යකා ගෘප් එකේ සාමාජිකයෙක් විදියට. ඔව් මේ වගේ තුට්ටු දෙකේ වැඩ වලින් හිට්ස්/ ලයික් හිඟන්නෙ කොන්දක් නැති අමනයෝ.. අනුකම්පා කල යුතුයි තමා ඒ වගේ ගොබිලන්ට.

      Delete
  6. හොරු කියන්නේ ඉතින් තමන්ගේ දෙයක් කරන්න බැරි මිනිස්සුනේ ....මේ ලෙඩේ දැන් හැමතැනම බෝවෙලා මේ තියෙන්නේ තව එකක් (සයිබර්) හොරු සමග හෙළුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ පැත්තෙත් එනවා මම දිගටම. ඔව් තමුන්ගේ වැඩක් කරගන්න නොහැකියාව වහගන්න අනුන්ගේ දෙයක් උස්සන්න නම් අපූරු හැකියාවක් තියන කාලකන්නි ටිකක්..

      Delete
  7. ඔය ඉආනුත් කියලා තියෙන්නේ ඔය වගේ වැඩක් ගැන....

    අනේ මංදා ඉතිං මේ අයගේ වැඩ....

    ReplyDelete
    Replies
    1. මුන් නම් ඉහේ ඉඳන් හම ගහන්න වටින්නේ..

      Delete
  8. //එහෙම නැත්තම්, උපුටාගැනීමක් අවශ්‍ය නම් ඒ අදාළ අයිතිකාරයගෙන් අවසර අරන් ඉන්න ඕනේ. එහෙම නැත්තම් මම මේක ගත්තේ මෙතනින් කියල වත් කියන්න තරම් සදාචාරාත්මක වෙන්න ඕනේ.. //

    ඇත්ත අඟහරුවෝ, ඒත් ඉතින් මේවා ඒ විදියට කරන්නේ කවුද?

    ඔය ඉවානුත් ලියලා තියෙන්නේ.

    මගේ කකුලක් උලුක්කු වෙලා තිබ්බා අඟහරු. දැන් නම් හොඳයි. ස්තූතියි ඒ ගැන ඇහුවට.:)

    ReplyDelete
    Replies
    1. කුමාරයා (ඩ්‍රැකි කුමාරයා) හැපුවද කකුල....

      Delete
    2. කරන කට්ටියත් නැතුවම නෙවේ පොඩ්ඩි අක්කේ.. (කමක් නෑ නේ පොඩ්ඩි අක්ක කිව්වට?)
      අයියෝ කිව්වා නම් මෙහෙන් බෙහෙතක් එවනවනේ.. :D
      ඉවාන්ගේ පොස්ට් එක මේ බලන ගමන්..

      දේශකයා- ඒක නම් මටත් ෂුවර් නෑ :D

      Delete
    3. ඔව් ඔව්...දෙන්නම හරි. දැන් වැම්පයර්ලා හපන්නේ කකුල්ලුනේ...හී හී...

      Delete
    4. පොඩ්ඩි අක්කා- කුකුල්ලු??

      Delete
  9. ඔව්ව ඔහොම තමා මලයා. මොනව කරන්නද? නොසැලි ඉදිරියට යමු. එතැනයි ජය.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලත් බෑ නේ අයියා. කවද හරි මුන්වත් අහු වෙන්න එපයි.. අපි නම් ඉදිරියට යනවා. අපේ පානේ එළියෙන් අරුනුත් ඒවි..

      Delete
    2. //අපි නම් ඉදිරියට යනවා. අපේ පානේ එළියෙන් අරුනුත් ඒවි..// :)

      Delete
  10. මේ දවස් වල හොරු වැහි වැහැලා.. ඊයේ ඔය අත්දැකීමට මාත් මූණ දුන්නා..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්.. කියල වැඩක් නෑ. හොර තක්කඩි වැහි වැහැලා. මොකද්ද ඔයාගේ අත්දැකීම?

      Delete
  11. කියන්න ගූගල් අය්යට. එයා බලා ගනීවි DCMA GOOGLE

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලින්ක් එකට. කියන්නම්..

      Delete