Tuesday, December 31, 2013

ආ මග දෙස හැරී බැලීම- 2013..

       තවත් අවුරුද්දක් අවසානෙට ඇවිල්ලා.. ඒ කියන්නේ අපි හැමෝම තව අවුරුද්දකින්, දවස් 365කින්, වයසට ගිහින්..  ජනවාරි පළවෙනිදා අලුත්ම කියල ගත්ත සමහර දේවල් අන්තිම පරණ වෙලා අවලංගු කාසි වගේ වෙලා ගිහින්..
                                                                    
                                          ගිය අවුරුද්දේ මගේ පැත්තෙන් ගත්තහම නම් පලවෙනි සති දෙක විතරයි වගේ හොඳට ගියේ.. ඊට පස්සේ නම් මෙලෝ රහක් නැති උනා අන්තිම සති දෙක ඇරෙන්න. ට්‍රිප් ටිකක් නම් සෙට් උනා තමා.. ඒ උනාට ඉතින් ජීවිතේ කියන්නේ ට්‍රිප්ම නෙවේනේ.. (අනේ එහෙම වෙනවා නම් කොච්චර එකක්ද....)
     කරපු කරපු වැඩේ කෙලවුනා.. හරි ගිය එවලත් මොකක් හරි හුට්ටප්පරයක් තිබ්බ. එක්කෝ හරි ගියත් හරි ගියේ තව එකක් කෙලවාගෙන. අනේ මන්දා මම ජනවාරි පළවෙනිදා ඇඳෙන් නැගිට්ට නැකත වැරදිද මන්ද..
    නැකත් ගැන කියද්දී මේකත් මතක් උනා.. අර ඉවාන් පවුලුෂා අයියත් කිව්වා වගේ, පෙළක් කස්ටිය දැන්ම ඉඳන්ම දත කට මැදගෙන ඉන්නවා දුවන්න නැකත් හඳහන් බලාගන්න. අද මම මාලිගාවට ගිහින් ආපු ට්‍රේන් එකටත් එකෙක් ඇවිල්ල කෑගගහ ලිත් විකුනනවා.. ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ඇත්ත කියල මමත් විස්වාස කරනවා ඒ උනාට දැන් තියන සෑස්තරේ නම් පට්ට පල් බොරුවක් කියල තමා මට නම් කියන්න තියන්නේ. ඒක බොරුවක් කරගෙන තියන්නේ..
     හරි හරි එවලින් කමක් නෑ.. ගිය අවුරුද්දේ තරමට රිවීව් එක දිග නැති උනත්, මේ අවුරුද්ද නම් මට එච්චර සුභ නෑ.. කොච්චර අසුභාද කියනවා නම් ඊයේ මට මගේ කාමරෙනුත් එලියට යන්න උනා.. මේ ටික ටයිප් කරන්නෙත් සාලේ කොනකට වෙලා ලැප් එක දිගෑරගෙන.. අද හවස පන්සලේ බෝධි පූජාවකට ගියා. ඒ වෙලාවේ කරන්ට් එක නැති වෙලා බෝධි පූජාව විකාරයක් උනා.. ඒකත් කෙලවුනා..
     බ්ලොග් පැත්තෙන් බැලුවොත්, අපේ පොඩ්ඩි අක්කා විවාහ උනා, මමත් බ්ලොග් යාළුවො ගොඩාක් අඳුරගත්ත, සමහර අය මූණටම හම්බුනා.. ඒ වගේම මම කලින් පොස්ට් එකේ සඳහන් කල විදියට බීච් පාටි එකටත් ගියා.. ඒ කිව්වේ මගේ පලවෙනි බ්ලොග් ගෙට්ටුව... 
     මේ අවුරුද්ද ගැන ආපහු මතක් කරද්දී මට මතක් වෙන්නේ 2003 අවුරුද්දත් මේ වගේම නේද කියල. මේ වගේම නැති උනත් මීට බොහෝ සමානයි වගේ... හැබැයි, 2003 ඉවරල 2004දි තමා මම හිතන විදියට ජීවිතේ හොඳම අවුරුදු වලින් එකක් ගත කලේ.. බලමු, මේ 2014ත් 2004 වගේ වේවිද, එහෙම නැත්තම්, අලුත්ම විදියකින් ගෙවිල යයිද කියල...
    කොහොම නමුත්, අවසාන වශයෙන් මේ අවුරුද්ද ගැන මට කියන්න තියන්නෙත් මෙච්චර තමා.. මේ මගේ මූනුපොතේ යාලුවෙක් දාපු ස්ටේටස් අප්ඩේට් එකක්..
"Dear 2013,
You have given me more than enough. Only 8 more days left. Shut your f%&@ing mouth & please go. Thanks for coming and please don't come back again. F&%$ You!
"

  කොහොම උනත්, ගිය දේ ගිය නිසාත්, හෙට අලුත් වසරක් නිසාත්, ඒ උදාවෙන නව වසර, බ්ලොග් කියවන ලියන, ඔබ සෑම සියලු දෙනාටම අඟහරු වැසියන් වෙනුවෙන් මම මෙහෙම ආසිරි පතන්නම්!
සාමය සතුට සපිරි,
සෞභාග්‍යමත්,

සතුට පිරුනු,
සුභ නව වසරක් වේවා....!
                                     




27 comments:

  1. ඔබටත් සියලු පැතුම් සඵල වන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අයියා! අයියල වගේ යාළුවො ඉන්න එක නම් මාර වටිනවා! අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  2. Replies
    1. තැන්කු වේවා!
      ඔයාටත් එසේම වේවා යාලුවා!

      Delete
  3. ලබන්නා වූ 2014 නව වසර සාමය, සතුට, සපිරුනු නීරෝගමත් සුභ නව වසරක් වේවා!!!!!!
    Wish u a Happy New Year 2014 !!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා!
      අයියත් එසේම වේවා!
      සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!

      Delete
  4. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. ලස්සන කවි සංකලපනාවක් සචි!!
      ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා!
      කිරියෙන් පැණියෙන් ඉතිරේවා!
      සියලු පැතුම් ඉටු වේවා!
      ජයෙන් ජයම වේවා!

      Delete
  5. බලපං ගින්දර වගේ මේ අවුරුද්ද සුභ වෙන්නේ නැද්ද කියලා

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා!
      පුමාටත් ගින්දර වගේ සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  6. සුහ නව වසරක් වේවා මචෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වේවා!
      ඔයාටත් එසේම වේවා!!

      Delete
  7. සියලු සුබ පැතුම් ඉටුවෙන කිරියෙන්, පැණියෙන් පිරුණු, නව වසරක් අඟහරුටත්!!! :)

    ReplyDelete
    Replies
    1. ආ අක්ක කුකුළා අතින් අරන් ඇවිල්ල තියන්නේ!
      පොඩ්ඩි ඇතුළු වලව්වේ සියලුම දෙනාට මා ඇතුළු අඟහරු වැසියන්ගෙන් සුභ නව වසරකට ආසිරි!

      Delete
  8. සියළු දේ සාර්ථක වේවා මචං..

    ගෙට්ටුවට නාව නිසා බොලාව මිස් වුනා..

    මේ වසරේ සැට්වෙමු..

    ReplyDelete
    Replies
    1. ගේට්ටුවට ආවේ නැති එක නම් අපරාදේ..
      අනිවා මේ අවුරුද්දේ සෙට් වෙමු!
      ජයෙන් ජයම වේවා!

      Delete
  9. Replies
    1. එසේම වේවා!
      අප්පා හරියට අර කනට ගැහුවා වගේනේ.. මේක ටිකක් දික් කරමු නේද?

      Delete
  10. මේ අවුරුද්ද සුභම සුභ වෙලා ඔයාගේ මගහැරුණු කටයුතුත් එක්කම සාර්ථක වේවා කියලා මම පතනවා...!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අක්කා! අක්කටත් කරන සියලු කටයුතු සාර්ථක වේවා කියල පතනවා!

      Delete
  11. 2013 අවුරුද්දටම මම උබම බලන්න ආවට උඹ මාව බලන්න ආවෙ නෑ :D

    සුභ නව වසරක්! :)

    ReplyDelete
    Replies
    1. ඈහ්?? මොකෝ මම නාවේ? මම ආව.. ෆෝන් වලින් කමෙන්ට් කරන්න එපා කියනවා නේ.. ඉතින් කොහොමද කොරන්නේ?
      එසේම වේවා!

      Delete
  12. අඟහරු ලෝකයටත් සුබම සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් අයියා! අපේ අවුරුද්දට තව කල් තියනවා.. ඔයාලගේ දවස් වලින් ගත්තොත් තව අවුරුද්දක් වගේ එහෙම්මම තියනවා.. ඔයාලටත් ලබාපු අවුරුද්ද සුභ නව වසරක් වේවා!

      Delete
  13. ස්තුතියි නලීන් අයියා! 2013 යම් තරමකට හෝ හොඳ අවුරුද්දක් කරන්න අයියත් එක හේතුවක් උනා!

    ReplyDelete
  14. අපිත් අඟහරු බලලා යන්න ආව ඔන්න

    ReplyDelete
    Replies
    1. ආ සාදරයෙන් පිලිගන්නවා! හැමදාම මේ පැත්තට එන්න!

      Delete