Wednesday, December 25, 2013

ජීවිතයේ ගෙවී ගිය සොඳුරුතම හොරා කිහිපයක ආවර්ජනය...



මේ වසරේ සුහඳ හමුව වෙනුවෙන් නිර්මාණය වූ ලෝගෝව..

         අතත්‍ය සයිබර් අවකාශයේ අකුරු කරන සිය ගානක් වූ මිනිසුන් මොනිටර් වලින් සහ යතුරුපුවරු වලින් ඔවුනොවුන් හඳුනාගෙන කතා බහ කරගැනීම බොහෝ කලක පටන් සිදු විය.. නමුත් ඒ සම්බන්දතා තත්‍ය ලෝකයට ගෙන ආ විට එය සුන්දර දවසක කතාවක් ලෙස සිතේ නොමැකෙන සටහනක් තබයි.. ඒ බව දත් පැරණි බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් එකතු වී සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවක් වාර්ෂිකව සංවිධානය කළහ.. වසරින් වසර පැවත ආ ඒ සුහඳ හමුව මෙවර ගල්කිස්ස ජෝ ජෝ’ස් ප්ලේස් හිදී වෙරල අද්දර සාදයක් ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු ලහි ලහියේ සූදානම් විය..
සීතල උඳුවප් මහේ 21 වෙනි සෙනසුරාදා දිනය ලෙස තීන්දු විය.. පිලිගැනීමේ ලිපි බෙදා හැරුණි..

     
කිව්ව විදියටම සොඳුරු සාදයක් උනා.. ඇත්තෙන්ම මම ගිය සුන්දරම එක..



             මෙවර හමුවට බොහෝ කලකට පෙරම නලීන් දිල්රුක්ෂ මහතා මට ආරාධනා කර තිබුණු අතර, ගල්කිස්සේ කියූ බැවින් සිත වෙව්ලමින් පැවතුනි... නමුත්, මුහුණු පොතේ හමු වූ ලබැඳි මිතුරන් බොහෝ දෙනෙකුත් සහභාගී වන බවට පැවසු නිසා, ඕනේ ඇටි කෙහෙලක් කියා මමද ගමන ස්ථිර කලෙමි..
මගේ සාමාජික අංකය ලෙස 118 ස්ථිර විය.. පිළිගැනීමේ ඊය මද පමාවකින් පසු ලැබුණි.. ඉතින් මේ ලෙස, ජීවිතයේ මා සහභාගී වූ හොඳම සාදයට යාමට මග පෑදුනි...
                         
මාතර දුම්රියෙන් ගල්කිස්ස බලා...
                                   
ඔන්න පෝට් එක.. ඔය එන්නේ ගාලු කුමාරි..


             මේ ලෙසින් මට ආරාධනාව පැමිණි අතර, උදේ පාන්දර මාතර දුම්රියෙන් යාමට යෙහෙලියක් සහ යහළුවන් දෙදෙනෙක් එන බව කියූහ. නමුත් අවසානයේ ඔවුන් කොළඹ බලා කලින් ගිය අතර, මා තනිවම උදේ 5.20 දුම්රියේ පා පුවරුවක් අල්ලාගෙන ගල්කිස්ස බලා ගියෙමි... කොළඹදී කෙරෙන එන්ජින් මාරු වීම් ආදියෙන් අනතුරුව 9 ට දහයක් පමණ තියා ගල්කිස්සට ලඟා වීමි..
නලීන් අයියාට කෝල් එකක් දුන් විට කිව්වේ, “ආ ඔහොම්මම රේල් පාර දිගේ ආපහු එන්න. එතකොට තැන හම්බ වෙයි..” ඉතින් මමත් එහෙම්මම රේල් පාරට බැස ආපහු ගියෙමි.. ඇතුලට යනකොටම උණුසුම් පිළිගැනීමක් නලීන් අයියාගෙන් හා තවත් කිහිපදෙනෙකුගෙන් ලැබුණු අතර, ප්‍රවේශ පත්‍රයද ගෙන ඇතුලට ගොස් කොට කලිසමක් දමා ආවෙමි..

                                        
මා පිළිගත් නලීන් අයියා..
                                    
ප්‍රවේශ පත් නිකුත් කරන මුදියා ඇතුළු පිරිස..

                
ප්‍රවේශ පත්‍රය.. මේකේ කොටසක් කෑවා නේ කස්ටිය..
              එද්දීම දැල් ඇදීමක් සෙට් උන අතර, ඒ වැඩ ඉවර වන විට බෝල ගැසීමට සෙට් විය.. ඒ මේ කටයුතු ඉවර වන විට නලීන් අයියා විසින් අප අමතා කණ්ඩායම් ගත කළේය.. එහි නරි, කුකුලන්, පූසන්, බල්ලන් හා එළුවන් විය. මා නරියෙක් කල පසු අපිට නයි නැටි අල්ලන්න කීවේය.. එම තරඟය අනුශූරයන් ලෙස නිම කල පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කළහ.. 
                                     
රජා ඇතුළු අප දැල් අදිමින්..
                                 

නලීන් අයියා වැඩ පටන් ගැනීම..

රජා, සුදීක අයියා, ඇතුළු කණ්ඩායම් නායකයින් පිරිස..
දෑස් බැඳ කණ්ඩායම් ගත කිරීම...
අපිට සෙල්ලම් කරන්න දුන්නේ සිමෙන්ති බෝලයක්!!

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට රැස් වෙමින්..
   
අඟහරුවා වන මම පැමිණියේ අඟහරු ලෝකයේ සිටයි...
                                             

            එහිදී නම් ඉතා විනෝදජනක සිදු වීම් කිහිපයක්ම වූ අතර, මයික් ගැලවී වැටීම, මඩ ප්‍රහාර එල්ල වීම ආදී නොයෙක් දෑ අවසානයේ සියල්ලන් දැන හඳුනාගතිමු..
එයින් පසුව එළඹියේ දෙවැනි ක්‍රීඩාව සඳහා වෙලාවයි.. එය නම් රිලේ එකකි. දිවගොස් කණුවක් අල්ලාගෙන වට පහක් කැරකී ආපසු විත් ඊළඟ පොරට පහක් දිය යුතුය. මෙය ඉතාම විනෝදජනක වූ අතර, සමහරක් කැරකිල්ල වැඩි වී රෝල් වීමද සිදු වූ අතර, තවත් සමහරක් තව පොඩ්ඩෙන් මාලදිවයිනටම යන්නේය.. ඒක නම් අපි දිනුවෙමු.. ලෙසටම ගේම ගියේය..

      
තරඟ අතරතුර විවේකයක්...

               එය ඉවර වන විට ඇසුනේ කන් පිනා යන අනවුන්ස්මන්ට් එකකි.. එනම් කෑම රේඩි කියාය.. පහල ඉඩ නැත්තම් උඩට යන්න කීවත් අපි කෙලින්ම උඩට ගියෙමු. එතනදී තුන් හතර දෙනෙක්ම සෙට් විය. කෑමෙන් පසුව මඩ සහ මතක සටහන් සඳහා ෆොටෝ එකතු කිරීම ඇරඹුණු අතර, කෑම වැඩි වූ අය නෑමටත් නැටීමටත් පටන් ගත්හ..
                
ජර්මනියේ සිට කඩා පාත් වූ වෙනී අයියා.. :D

                                          
කෑම එකත් ලෙසටම තිබ්බා.. මේ කස්ටිය කෑම කන ගමන් චැට් එකක්.. ඔය දිගෑරල තියන එක මම තුමාගේ..

                                   
මතක සටහන්...
 

කාල ඉවරල ගත්තුවා..

                                                                                                   
ඔය ඉන්නේ සෙට් එකම..
                                            
                                                        

නෙරන්ජි අක්කා..
                                                                     
                                             

මෙතන වෙච්ච විහිලුව නිසා එක්කෙනෙක්ගේ ඇත්ත එලි උනාලු :D

                                                    
          

මෙයාගේ ෆෝන් එක තව පොඩ්ඩෙන් මගේ අතින් අභාවප්‍රාප්ත වෙනවා..

                                                                                            
මේ තව සෙට් එකක්..
                                                                                   
බ්ලොග් කාරියෝ සෙට් එක... ආ එක්කෙනෙක්ගේ අක්ක කෙනෙකුත් ඉන්නවා..
                                                                                     
වොලී බෝල ප්‍රහාරයක් එල්ල වන අවස්තාවකදී ගත් සේයාරුවකි..

කාපුවා බහින්නත් එක්ක නටන්න සෙට් වෙච්ච අය..

මේ අයේෂා අක්කා.. මෙයාට හොඳ නමකුත් කිව්වා ඒ උනාට මෙතන දාන එක හරි නෑ වගේ... :D
               ඔය ඔක්කොම සෙල්ලම් අස්සේ වෙනදා ගෙට්ටු එහෙම තිබ්බම මඩ ලොරි පිටින් අරන් එන රජාගේ කැමරාව සහ රාජකීය ෆෝන් කට්ට අභාවප්‍රාප්ත උනා කියල තමා අඟහරු පැත්තේ ආරංචිය ආවේ.. ඒක නිසාද මන්ද දවස පුරාවට රජා නිකම් දාහට අරන් දහයට දුන්නා වගේ හිටියේ..
මේකේ හම්බවෙච්ච යාළුවො යෙහෙළියෝ හැමෝම වගේ මගේ පලවෙනි ගෙට්ටුව උනත් කිසි වෙනසක් නොදක්වා කතා කරලා හිනා වෙලා විනෝද උනා.. එදා එන්න බැරි වෙච්ච අය ගැන නම් ඇත්තෙන්ම දුකයි.. මම බලන් හිටියා හිරු අක්කවයි මාරයා අයියවයි අඳුරගන්න.. බලමුකෝ අවුරුදු උත්සවේ වත්... ඔය ආපු හැම කෙනෙක්ගෙම නම් මට මතක තිබුනෙත් නෑ.. වෙලාවට මෙන්න මෙතන ඔය ඔක්කොලා ගැනම හොඳ පොස්ට් එකක් තියනවා..
ඔන්න මම ගෙදර ආපු කෝච්චිය- සෙන්කඩගල මැණිකේ- වේදිකාවට එන ගමන්... ඔය ප්ලැට්ෆෝම් එකේ පොර කාපු උන් ඇතුලට නගිනකොට මම මොලේ පාවිච්චි කරලා අනිත් පැත්තට බැහැල නැගල සීට් එකක ඉඳගෙනත් ඉවරයි...
       මේ සියලු විස්තර සහිත වීඩියෝවක් අපේ චන්දන ලියන ආරච්චි මහතා විසින් සාදා යූ ටියුබ් අඩවිය වෙත එක් කිරීමට පියවර ගෙන තිබුණි... එය බැලීම සඳහා මෙතනින් යන්න.. 
          එසේ මෙසේ සියලු ෆන් සහිත හොරා 6ක් අවසානයේ දුකින් උවත් මා හට සෙන්කඩගල මැණිකේ ඇල්ලීමට එතනින් සමු ගැනීමට සිදු විය.. සියල්ලන්ටම වගේ කියා, සෙයාරූ කිහිපයක්ද රැගෙන ආපසු රාත්‍රී 8.30 පමණ වන විට නිවසට පැමිණියෙමි..
ඒ... නැවතත් ඒ සොඳුරු මිනිසුන් හමු වීමේ දැඩි අපේක්ෂාවෙනි....

ඔන්න ඔහේ මමත් එකක් කියල ගත්තා..

                                                   

38 comments:

  1. බ්ලොග් අවකාශේ තුන්වැනි සුභාෂ් අඟහරුවාය. ඒ ගැන මගේ ප්‍රසාදය.

    ReplyDelete
    Replies
    1. හෑ ඒකත් එහෙමද... කවුද එතකොට පළවෙනියා? සාදරයෙන් පිලිගන්නවා අඟහරු අඩවියට..!

      Delete
    2. 1 සුභාෂ් ගුනවර්ධන (දුකා)

      Delete
    3. තැන්කු වේවා ලොකු ජෝන්!

      Delete
  2. අහා එල එල ආයේ සෙට් වෙමු ආ එක්කෙනෙක්ගේ අක්ක කෙනෙකුත් ඉන්නවා යකෝ ඒ අක්කා තමයි දැන් උබත් අර බිස්කට් විකුනපු එකා වෙන්න හදනවද

    ReplyDelete
    Replies
    1. කවුද ඒ බිස්කට් විකුනපු එකා? මට මීටර් නෑ නේ...

      Delete
  3. උබත් ආවද බන්. අපරාදේ මට එන්න බැරි උනානේ. ෆන් එකක් ගත්තානම් එ ඇතිනේ. පස්සෙ කාලෙක සෙට් වෙමුකෝ

    ReplyDelete
    Replies
    1. යෑෂ් යෑෂ් මමත් ගියා.. ඒක නේ අපරාදේ එන්න තිබුනේ.. ෆන් නම් උපරිමයි! අනිවා සෙට් වෙමු!

      Delete
  4. ඔයා අට හමාරට ගෙදරද අපි ඒවෙලාවෙත් වෙරළෙම තමා.. සතුටත් වින්දනයක් ලැබුවානං එයයි අපේත් සතුට.. ස්තුතියි මලයා

    ReplyDelete
    Replies
    1. අට හමාර වෙද්දී යාගත්තා.. කෝච්චිය ගිය විදියට මම හිතුවේ 9 වත් වෙයි කියල... මමත් ආසාවෙන් හිටියේ හවස් වෙනකල්ම ඉන්න.. ඇත්තටම ස්තුතියි ඒ සාදය සංවිධානය කිරීම ගැන!

      Delete
  5. පට්ටම ආතල් එකක් ගත්තෙමි

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමමයි.. සතුටුයි අදුරගත්තට..

      Delete
  6. ගාලු කුමාරි එනකොටත් උඹ ඉස්ටේෂමේද බං. කවුද දන්නේ අපිත් ආවේ ඒකෙ නේ ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං අඟහරුවො. :)

      Delete
    2. ගාලු කුමාරි එද්දී මම ජෝ ජෝ'ස් ප්ලේස් එකට ඇවිල්ල. එයාව හම්බුනේ දොර ලඟදි..

      Delete
  7. අම්මාට සිරි යකෝ උඹද අඟහරුවා. එකට නයි නැට්ටේ හිටියත් දන්නේ දැන් තමයි

    ReplyDelete
    Replies
    1. ඌ යෑෂ් මම තමයි අඟහරුවා.. ඒක නේ මමත් පුමා කියල දන්නේ දැන්!

      Delete
  8. එල එල මල්ලි නියමයි

    ReplyDelete
  9. Replies
    1. ආ වැප් මහත්තයා!! හායි කිව්වා!

      Delete
  10. ආයේ සෙට් වෙමුකෝ එහෙනං..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා මහරජතුමනි!
      එකෙන්ම සෙට් වෙමුය!
      ෆෝන් එකට සහ කැමරාවට මාගේ සාතිශය මෙව්වා එක!

      Delete
  11. ඒ වගේ දේකට සහභාගිවීමට බැරිවීම ගැන දුකයි. ඒත් අඟහරු සතුටු උණු එක ගැන සතුටුයි.:)

    ReplyDelete
    Replies
    1. ආ පොඩි කුමාරිහාමි අක්කා!
      අක්ක නම් ටුවර් ගිහින් නේ ලෝකේ වටේම!
      ඒක තමා අපරාදේ එන්න තිබ්බේ..

      Delete
  12. අගහරුතුමා අදුනගන්න ලැබීම සතුටක් හොදේ....

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි ඔබ තුමාවත් අඳුරගත්තට!

      Delete
  13. මූ එතකොට අඟහරු ලෝකෙ ඉඳම්ම කෝච්චියෙන්ද ආවෙ? යකෙක්නෙ බොල!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මම පීරිසියේ ඇවිත් එක මෙහේ දාල මගක් දුර කෝච්චියේ ආවේ. පීරිසිය ගෙනාවේ නා කස්ටිය දුවල තව එකක් වෙයි කියල..

      Delete
  14. නෑ නෑ මම පීරිසියේ ඇවිත් එක මෙහේ දාල මගක් දුර කෝච්චියේ ආවේ. පීරිසිය ගෙනාවේ නා කස්ටිය දුවල තව එකක් වෙයි කියල..

    ReplyDelete
  15. මේ වා දැක්කම ඉලිසියයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ කිව්වේ එන්න කියල..

      Delete
  16. අප්පේ.. මේ ඉන්නේ පිටසක්වලයා! ආයේ සෙට් වමු මචං!

    ReplyDelete
    Replies
    1. ආ මෙයත් ඇවිත් ඉන්නේ... සාදරයෙන් පිලිගන්නවා!
      අනිවා සෙට් වෙමු!

      Delete
  17. හප්පටසිරි මම ත් ඉන්නවා ! එල කිරි ආ !

    ReplyDelete
    Replies
    1. ආ අක්කා කොහොමද? ඔන්න නම දාන්නේ නැතිව ෆොටෝ එක දැම්ම හොඳේ..



      Delete
  18. අදේ.... ඔන්න මලයෝ අදමයි ආවේ... අදුන ගන්න ලැබීම සතුටක්...

    ReplyDelete
    Replies
    1. ආ මෙයත් ඇවිල්ල ඉන්නේ.. වෙල්කම් ටූ අඟහරු කිව්වා!

      Delete