Tuesday, June 17, 2014

A Walk to Remember... කඳුකරයේ පහසින් සිත සුවපත් කිරීම....

Photo and caption by- Kanchana Athurupane.



              ජීවිතේ කියන්නේ, හරි කෙලින් ගලා යන දෙයක් නෙවෙයි.. එක්තරා විදියකට බැලුවම, ජීවිතේ හරියට රේල් පාරක් වගේ... සමහර විට කඳු අහු වෙනවා.. සමහර ඒවා ලොකු කඳු, බොහෝ දුර විහිදෙන ඒවා. තවත් වෙලාවල් වලට පල්ලම් අහු වෙනවා.. ජීවිතේ කියන්නේ මේ හැම දේකම එකතුව කියල තේරුම් යන්න, මම අත්දැකීම් සෑහෙන්න ලබල තියනවා... ඒ වගේම, සමහර වෙලාවට කරදර පාත් වෙන්නේ, හරියට හෙණ ගහන්නා වගේ. කොහෙන්ද, මොකද්ද, මොනවද කියල වත් හිතාගන්න නොදී.. ඉතින්, මේ පහුගිය සතියක විතර කාලේ මටත් අන්න එහෙම කරදර කාලයක් උනා.. මිනිහෙකුට නෙවේ කාට උනත් දෙයක් උහුලාගෙන සාමාන්‍ය තත්වේ ඉන්න පුළුවන් සීමාවක් තියනවා. ඒකට ලං වෙද්දී, කරන්න තියන්නේ හිත නිදහස් කරගන්න එක. අලුතෙන් හිතන එක..  ඉතින්, මමත් හිතුවා මේ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න, භාහිර ලෝකයේ පීඩනයෙන්, සම්බන්ධතා වලින් තාවකාලිකව හරි ඈත් වෙලා, කොහේ හරි ගිහිල්ල එන්න.
          ඒ ගමනට, මගේ පාසල් මිතුරෙක් වෙන කාංචන, දුම්රිය සම්බන්ධ ගමන් වලදී නිතරම මගෙත් එක්ක ඉන්න අශාන්, සහ තවත් මිතුරෙක් එකතු උනා.. මේ, ඒ කෙටි, එහෙත් සොඳුරු පා ගමනේ මතක සටහන්... මේ සටහන ලියවෙන්නේ, අශාන් විජේකෝන් මිත්‍රයා මගෙන් කල ඉල්ලීමක් හැටියට...
           වෙනදා උඩරට මාර්ගයේ ඉහල කොටසට යන එකේ මේ පාර කඩුගන්නාව- ඉහල කෝට්ටේ අතර ඇවිදින්න තීරණය කලේත් ගමනේ අරමුණ හිත නිදහස් කරගැනීම නිසාමයි. උදේ පාසැල් දුම්රියෙන් පේරාදෙණියට පැමිණි මම, එතනින් කාංචන සහ කසුන් සමග කඩුගන්නාව බලා පිටත් උනා.

කඩුගන්නාව දුම්රිය ස්ථානයට දිස් වූ ඩෝසන් කුලුන..
           කඩුගන්නාවට අපි එනකොට උදේ හත හමාරට විතර ඇති. කන්නත් දේවල් ටිකක් කඩුගන්නාවෙන් ගන්න උනා. මොකද ඔලුවේ තිබ්බ දේවල් නිසා ඊයේ ගෙනියන්න ගත්ත බිස්කට් එක අමතක වෙලා ආපු නිසා.. ඉතින් ඒවත් අරගෙන හෙමීට පල්ලම් බහින්න පටන් ගත්තා..


අලට කන්න බැරි- අලගල්ලේ කන්ද....
බතට කන්න බැරි- බතලේගල කන්ද...
හුනට කන්න බැරි- හුන්නස්ගිරි කන්ද...
මේ තුන් හෙලට අධිපත-සිරිපාකන්ද....

අඳුර තුලින් ආලෝකය දැකීම....
        අපි ඉතින්  වටේ සිරි බල බලා, කතා කර කර හෙමීට ඉස්සරහට ගියා.. සිංහ මුඛය එහෙම පහු කරාම අහු වෙනවා බිංගයක්.. එකක් නෙවේ සෑහෙන තියනවා මේ ටිකේ. මේ එයින් එකක්..  
                          
සෙන්සේෂනල් රොක් නම් ස්ථානයට පිවිසීමට පෙර මද විවේකයක් සහ "වේපස්" කෑම සඳහා නතර වී සිටි අතර ගන්නා ලද සේයාරුවකි.

          කන්න අපි හැමෝම වගේ ගෙනාවේ බිස්කට්. වතුර එහෙමත් හැමෝම ගෙනාව මොකද වතුර පහසුකම් නැති නිසා.. මග දිගට ඒවා කකා බිබී තමා ඉතින් ගියේ..
                                    
සෙන්සේෂනල් රොක්..

             ඔන්න බලාගන්නකෝ සෙන්සේෂනල් රොක් කියන එක. මෙතනින් පහලට අඩි 1000ස් ගානක තනි කෙලින් ප්‍රපාතයක් තියන්නේ.. රේල් පාර හදල තියන්නේ කැපුමක් උඩ.
ඔය ළඟදීම අපිට මෙන්න මෙයා හම්බුනා.. මේ උඩහට යන උඩරට මැණිකේ..



       මේ ගමන් යනකොට මේ පැත්තේ පාලු ස්වභාවය එක්ක එකතු වෙච්ච නිහඩ බව වගේම අවට සුන්දරත්වය හිතට මාර නිදහසක් එකතු කරනවා.. ඉඳ හිට ධාවනය වන දුම්රියකින් ඇරෙන්න ඒ නිහඩ බව නොබිදෙන තරම්...
                                          
මීයන්ඇල්ල දුර්ගය හරහා වැටී තිබූ පැරණි දුම්රිය මාර්ගයේ කොටස..
මීයන්ඇල්ල හරහා වැටී තිබ්බ දුම්රිය මාර්ගය බලන්න ගිය ගමන්..
            
       මේ ගමන යන අරමුණ උනේ හිත නිදහස් කර ගැනීම උනාට, මම තවත් අරමුණක් හිතේ තියාගෙන ආව. ඒ තමා, කලින් රේල් පාර ගිහිල්ල, දැන් අතැරලා දාල තියන මීයන්ඇල්ල දුර්ගය දැකබලා ගැනීම. අපි ඒ පැරණි මාර්ගය මතින්, ඒ කියන්නේ අංක 5A දරණ බින්ගෙයට පිටින් මද දුරක් ගමන් කළා..(මීයන්ඇල්ල දුර්ග මාර්ගය හා ඒ ආශ්‍රිත තොරතුරු ගැන සටහනක් මට හමු උනා. එය බැලීමට මෙතනින් යන්න.)

තවත් එක බිංගයක්..


උඩරට මාර්ගයේ ගමන් කරන විට දිය ඇලි විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. මේ එයින් පොඩි එකක් පමණයි...



අද දවසේ අපිට යන්න පුළුවන් උපරිම දුර උනේ ගංගොඩ දුම්රිය ස්ථානය. මේ එය ඉදිරියේ ඇති පොකුණ.
ඔන්න අපි හතර දෙනාම එකට.. මේ ගංගොඩඋප දුම්රිය ස්ථානය ඉදිරිපිට.
                ඔය හතර වටේ බල බල, ඕප දූප කියව කියව ආව අපි ගංගොඩ වෙනකල්. එතනින් එහාට යන්න ගියොත් උඩට එන කෝච්චිය මිස් වෙයි කියල අපේ නඩේ ගුරා වෙච්ච අශාන් කියපු නිසා, ගමන මෙතනින් නතර කරා.. පොකුණ ගාවට වෙලා කාල එහෙම, බංකුවක් උඩට වෙලා කතාවක් දාගෙන හිටිය ආපහු යන්න දුම්රිය එනකල්..
             ආපහු එනකොට, හිතේ තිබ්බ කරදර ගතිය, මහන්සිය අඩු වෙලා තිබුනත්, එකක් පස්සේ තව එකක් වගේ දැන් ආපහු එකක් පත්තු වෙලා... ඒ කොහොම වෙතත්, මේ ගමනේදී මගෙත් එක්ක හිටිය හැමෝටමත්, කරදර වෙලාවේ හොයල බලපු පොඩි කුමාරිහාමි අක්කටත්, කාංචන, අශාන්, නිපුන අයියා, ගෙහාන් අයිය, තූර්ය අයිය ඇතුළු කී නොකී හැමෝටමත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.. එහෙම යාළුවො ඉන්න එක ගොඩාක් වටිනවා.
             

30 comments:

  1. දැක්කම ආස හිතෙනවා.එන්න බැරි උනානේ.ඉළග පාර අනිවා මාත් එනවා මල්ලි..

    ReplyDelete
    Replies
    1. ආසයි නම් තමා.. මේ පාර නම් මම ඇත්තෙන්ම ගියේ මේ පරිසරයට තියන කැමැත්ත නිසාමයි. එන්නකෝ ඊළඟ පාර..

      Delete
  2. හොඳ සටහනක්....

    ReplyDelete
  3. අගහරු පැත්තට ඇවිත කමෙන්ටුවක් කොටපු පළවෙනි දවස් ඈ ,සැහෙන ලොකු රොකට් එකක අවේ ,එල ඈ
    ජය

    ReplyDelete
    Replies
    1. රොකට් එක නාසා එකෙන්ද හැදුවේ??
      සාදරයෙන් පිලිගන්නවා එහෙනම් අඟහරු අඩවියට!

      Delete
  4. අඩේ අපි ඉතින් ආයේ කොහොම මෙහෙම ගමන් යන්නද.. එල එල..

    ReplyDelete
    Replies
    1. ඇයි අෆ්ෆා ඒ? වෙලාවක් හදාගෙන යමු දවසක...

      Delete
  5. හිතට සැනසුම දෙන ගමනක්...ඒක නම් ඇත්ත. හරිම සුන්දරයි. ඒ වගේම සාන්ත පාටයි. (හැබැයි අර හිටගෙන ඉන්න කට්ටිය අයින් කරන්ට වෙනවා...) හී හී...විහිලුවට හොඳේ.

    ජීවිතේ රේල් පාරක් වගේ නම් පීලි දෙක මොනවද? මට අන්න ඒ ප්‍රශ්නේ හිතට ආවා.

    ReplyDelete
    Replies
    1. සැනසුම කොච්චරද කියනවා නම්, මට මේ පලාතෙන් ඉඩමක් අරගෙන, ගෙයක් හදාගෙන පදිංචි වෙන්න හිතුනා අක්කා!
      ජීවිතේ රේල් පාරක් වගේ කියන්නේ, අක්ක, මගේ යාලුව කාංචනත් කියපු විදියට, ජීවිතේ දුවන්නේ අපි කරන, අපිට වෙන හොඳ නරක සිදුවීම් දෙක උඩ. සමාජයේ අපි හොඳ විතරක් කරොත්, එතනිනුත් වැටෙනවා, ඒ වගේම නරක විතරක් කරොත්, ඒත් වැටෙනවා.. ජීවිතේ කියන කෝච්චිය දුවන්න, හොඳ, නරක, කියන පීලි දෙකම ඕනේ වෙනවා...

      Delete
    2. කාංචන හරි දාර්ශනිකයෙක්නේ. :)

      ඔය විදියට ජීවිතය දිහා දැන්මම බලන්ට පුරුදු වෙන එක කොච්චර දෙයක්ද...

      Delete
    3. එයා නම් එක්තරා විදියක දාර්ශනිකයෙක් කියන්න පුළුවන් තමා.. ඇත්තෙන්ම ඒ වගේ යාලුවෙක් වටිනවා සෑහෙන්න. විශේෂෙන් මේ වගේ කරදර වෙලාවලදී..

      Delete
  6. අපුර සටහනක්...
    ඔයිට කලිං රුක්ෂිලා වෙත්තමුනි ලියල තිබ්බ මියන් ඇල්ල ගැනයි ඒකටවුනේ මොකද්ද කියලයි ඔක්කම... එදා ආස හි.තුන ඔතෙන්ට ගිහින් එන්න ඒත් තාම චාන්ස් එකක් ආවෙ නෑ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒකත් හොයාගෙන ගිහින් කියෙව්වා! ස්තුතියි ඔත්තුවට!
      දැන් නම් දිය ඇල්ලක් තිබ්බද කියලවත් හොයන්න නෑ.. ඒක විතරක් නෙවෙයි ඒ කාලේ වතුර සෑහෙන්න ගලාගෙන ගියා කියල හිතන්න පුළුවන් තැන්, ලොකු වතුර පාරවල් බහින්න හදපු තැන් එහෙම මේ වෙනකොට නිකම්ම වේලිලා ගිහිල්ල..

      Delete
  7. මරු ගමන බං අඟහරුවො,

    ප්‍රශ්ණ අමතක කරන්න පුළුවන් හොද ක්‍රමයක් තමා ඔය.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කොහොමත් මම රේල්ලුවට ආස එකේ, මෙහෙම ගමනක් යද්දී මම අනික් ප්‍රශ්න ඔක්කොම අමතක කරනවා.. හැබැයි ඉතින්, ප්‍රශ්නෙකින් පැනල යන්න බෑ කියන එක තේරෙන්නේ, කොහේ ගියත් ආපහු හැරිලා අතෙන්ටම එන්න වෙනකොට..

      Delete
  8. අර ගුහාවේ පොඩි පින්තුරේ හෙන ගති...

    ReplyDelete
    Replies
    1. ගුහාවේ?? ආ බිංගේන් එලියට එන එක... වත්පොතේ මැසේජ් එකක් දැම්මොත් එවන්න පුළුවන් තව ඔය වගේ ගත්තුවා.

      Delete
  9. අගහරුවෝ සුපිරියි මචෝ.... ලෝබකමේ බෑ මේව දකිනකොට....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නලීන් අයියේ! හැමදාම මෙහෙ ඇවිල්ල කියවල බලල යනවට!
      තව ටික දවසකින් මේවා නැති වෙන්නත් පුළුවන් වගේ...

      Delete
  10. කරදර මැද උනත් නියම ගමනක්නෙ ගිහිල්ල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කිව්වොත්, කරදර මැද යන ගමන්ද කොහෙද නියම ගමන් වෙන්නේ...

      Delete
  11. අපූරු ගමනක් අඟහරුවට පිංසිද්ධ වෙන්ඩ මම දන්නෙ නැති ගොඩක් දේවල් මම දැන ගත්තා ස්තූතයි අඟහරුවෝ

    ReplyDelete
    Replies
    1. එක මැසේජ් එකෙන් ගමනට සෙට් වීම ගැන සතුටුයි! ඒ වගේම නොදන්නා දෙයක් කියල දෙන්න ලැබීමත් සතුටක්!

      Delete
  12. මම ඔබට ප්‍රශංසා කරන්නේ මෙන්න මේ කාරණා නිසයි. ඔබ හැමදෙනාම මෙවැනි ගමනකට සුදුසු ඇඳුම් සහ පාවහන් ඇඳ සිටීම. නිවැරදි හැඩයේ ගමන් මළු රැගෙන යාම. මෙවැනි ගමන් යන බොහෝ දෙනෙක් පලකරන ලිපිවල ඔවුන් ඇඳ සිටින්නේ රබර් සෙරෙප්පු, අතපය නිදහස් නැති ඇඳුම්, නොගැලපෙන ගමන් මළු.

    ReplyDelete
    Replies
    1. ප්‍රශංසාවට ස්තුතියි විචාරක තුමනි...
      මම ඉතින් පුළුවන් හැම ගමනකටම මේක තමා අඳින්නේ.. වැඩියෙන්ම යන්නෙත් මේ වගේ ගමන්ම තමා...

      Delete
  13. හදිසියේවත් අඟහරුවාට කෝච්චියේ අඟහරුට යන්න හිතුනොත් . කෝච්චියක් යන වෙලාවට බින්ගෙයක් ඇතුලේ ඉඳලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අඟහරු වලට කෝච්චි පාරක් දැම්ම නම් හොඳයි වගේ තමා.,
      පීරිසියේ වියදම ඉතුරුයි..
      එක පාරක් ඉඳල තියනවා.. ආය නම් ඕන්නෑ ඒක..

      Delete
  14. අනේ අගහරුවෝ.....ඉරිසියා හිතෙනවා ....
    පරිසරය හෙන ලස්සනයි නෙහ් ?

    ඇයි ඔයා ඔච්චර කෝච්චිවලට කැමති.... :)

    ReplyDelete
    Replies
    1. ඊරිසියා කරන්න එපෝ...
      ලස්සනයි කියන්නේ අක්කා, මට මේ පැත්තෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදාගන්න හිතෙනවා..
      කෝච්චි වලට කැමති.... අනේ මන්දා අක්කේ ඒක කොහොම කියන්නද කියලා..

      Delete