Tuesday, August 19, 2014

ආක්‍රමණිකයා වෙත....




උඩරට ආක්‍රමණය කල චීන නිල් මකරා...
වසර දෙකකට පෙර,
අලංකාර මනාලියක වේශයෙන්,
නීල වර්ණ දිය දහරක විලාසයෙන්,
කඳුකරයට පැමිණ,

සිය හැඩකාර ආඩම්බරකාර ගමන් විලාසය පාමින් අවසාන වතාවට සිංහල අවුරුදු නෑගම් යන උඩරට මැණිකේ... 
                                   
ඉන් මාස කිහිපයක් ඉක්ම ගිය තැන,
ප්‍රතාපවත් වූ උඩරට මැණිකේ සතු වූ ඒ,
ආඩම්බරකාර නමුත්,
සුන්දර, හැඩකාර ගමනත්,
පොඩි මැණිකේ සතු වූ
අලංකාර, හැඩකාර නෙත්කළු
ගමන් විලාශයත්,
ඔවුන්ගෙන් උදුරාගෙන,
ඔවුන් අමු අමුවේ දූෂණය කොට,
ප්‍රමාද දෝෂය සැමදා අත්විඳින්නට සැලැස්වූ,
"චීන නිල් මකරා"
නම් විරුදාවලි ලත්,
බ්‍රේක් නැති, කෑලි වැඩි නමුත් මෙලෝ රහක් නැති,
දුම්රියේ ලාලිත්‍ය තියා මෙලෝ ලස්සනක් නැති,
දෙපසින්ම තෙල් බොන,
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය
උඩයටිකුරු කල,
 එස් 12 හිපාටුව-

ඔබේ තතු හැඳින්නෙමි,
අත්දැකීමෙන්, ආරංචියෙන්..
ඉන්දියානු ප්ලාස්ටික් තරම් නොවුවත්,
ජර්මානු යක්ෂයාට, කැනේඩියානු කුමරාට,
අසලකින්වත් තැබිය නොහැකියි ඔබ..

ආවාට ස්තුතියි!
ඔබ අපට ඇති තරම් කරදර,
දුක් වේදනා,
ප්‍රමාද දෝෂයන් දායාද කර ඇත..
නැවත නාවාට කමක් නැත.. ...

Poddi before being severely raped..
මෙයට,
පොඩ්ඩිගේ දූෂණය වී සිදුවුණු වියෝවෙන් තැවෙන,
එක්තරා මගියෙක්...

35 comments:

  1. මොකද බං බොරු කියන්නෙ.... ඕක දැම්මට පස්සෙ වෙච්ච අමුතු පරක්කුව මොකද්ද කියපං බලන්න...

    ReplyDelete
    Replies
    1. ඉස්සර පොඩි මැණිකේ හරියට 9 වෙද්දී අපේ ගෙදර ගාවින් යනවා. හවස 4.25- 4.30 අතර පහලට යනවා.. දැන් හැමදාම බුක් ටයිම් එකට වඩා අඩුම විනාඩි 20ක්වත් පරක්කුයි..
      උඩරට මැණිකේ පහලට යන එක කවදාවත් 12.50ට නුවරින් යන්නේ නෑ..

      Delete
    2. කෝච්චිය පරක්කු වෙන එකේ වගකීම එන්ජිමට බාරදෙන්න බෑ. ඒක මෙහෙයුම් කටයුතු බාරව ඉන්න අයගේ ප්‍රශ්නයක්. කෝච්චිය අලුත් උනාට, අම්බානක ස්පීඩ් ලිමිට් තියෙන, ටැබ්ලට් ක්‍රමයට දුවන පාරක වැඩිපුර ඉස්ටේසන් ගානක නවත්තලා ඒ අස්සට තවත් කෝච්චි දාලා අඩු වෙලාවකින් දුවන්න කිව්වට දුවන්න බෑ. එක එක්කෙන්නාට පුද්ගලිකව අදාල ගැටලු (ගතිය වගේ දේවල්) තිබ්බත් දුර ගමන් යන මගීන්ට කලින් ගියාට වඩා පහසුවක් මේකෙ තියෙන බව අත්දැකීමෙන් කියන්න පුළුවන්. විශේෂයෙන් ම නුවරට යන එන මගීන්ට කරදරයක් නැතුව නුවරට යන්න එන්න පුළුවන්, මගින් මාරු නොවී. ලෝකය දිනෙන් දින වෙනස් වෙනවා ඒ වගේම හැමදේකම හොඳත් තියෙනවා නරකත් තියෙනවා. එවත් අපට බාරගන්න වෙනවා (අළුතෙන් එන දෙවල් හැමදේම හොඳ පමණක් නම් මේ ලොකේ සුරපුරයක් වෙයි). සැබෑ දුම්රිය ලෝලියෙක් නම් ඒක තේරුම් අරගන්න පුළුවන් වෙන්න ඕන කියන එකයි මගේ අදහස. මොකද දුම්රිය ලෝලින් කරන්න දුම් රියට ආදරය මිස වෛරය නොවේ.

      Delete
    3. නුවරට on time එන්න පුළුවන් නම්, ගෙලිඔයට එතකොට විනාඩිවිස්සක් පරක්කුයි නම් ඒක එන්ජිමේ ප්‍රශනයක් වෙන්න බෑනෙ කොහොමටවත්. තූර්ය කියල තියෙන කතාව හරි. මේක මෙහෙයුම් දෝෂයක් මිසක් එන්ජින් දෙකක් තියෙන මෙච්චර බලසම්පන්න Power set එකට ඒ වැරැද්ද නං දාන්න බෑ... ගතිය වගේ දේවල් පුද්ගලික දේවල් අර කිව්ව වගේ... නිපුන

      Delete
    4. හැමදේකම හොඳ වගේම නරකත් තියනවා අන්න ඒ කතාව හරි. හැබැයි මෙහෙමත් එකක් තියනවා. උඩරට මැණිකේ/ පොඩි මැණිකේට කලින් දුවපු සෙට් යනකොට පල්ලමේ ආපු වේගෙට වඩා සෑහෙන අඩු වේගෙකින් තමා දැන් එස් 12 ධාවනය වෙන්නේ. ඒ මොකද, මේකේ බ්රේක් පද්ධතිය ගැන විස්වාසයක් නැති නිසා. පෞද්ගලිකව මම මේකේ හෑන්ඩ් බ්රේක් පවර් එකේ තරම දන්නවා. අත්දැකීමක් නිසා. ඒ ගැන මේකේ කලින් ලියල තියනවා. සුවපහසුව කියන්නේ, ඇත්තෙන්ම කිව්වොත් එස් 12 එකේ අඩි 50 මැදිරි වලට වඩා රුමේනියානු අඩි 45 මැදිරියේ ඉඩපහසුකම් වැඩියි. (භෝජනාගාර මැදිරියේ හැර). එස් 12 මැදිරියේ ඉඩ අනවශ්‍ය ලෙස නාස්ති කරලා තියනවා..
      ඒ වගේම, එස් 12 එකේ පඩිපෙළ තියන විදිය නිසා, තැඹිලිගල, උලපනේ වගේ තැන් වල එහෙම බහින්න ඉන්න කට්ටිය බැහැගන්න බැරුව නාවලපිටියට ගිය අවස්ථා තියනවා. ඒ වගේම මේකේ ජනේල ගැනත් තියන්නේ අප්‍රසාදයක්.. මහනුවර යන මගීන් මාරු වීමකින් තොරව යාමේ පහසුව තිබෙනවා තමා. නමුත් ඒ වෙනුවෙන් කොළඹ බලා යන මගීන් අවම විනාඩි 20ක් නිකරුනේ වැය කරනවා..
      මගේ කෝච්චි ගැන කිසිම වෛරයක් නෑ.. මොකද මගේ බාප්පාගේ බූදලයක් නෙවේ නේ.. මම උඩරට මැණිකේ/ පොඩි මැණිකේ එක්ක යන්නෙත් නෑ. ඒ උනාට අවස්තාවක් ආවොත් නොයා ඉන්නෙත් නෑ ඒක එස් 12 කියල. මම මෙතෙන්දි තේරුම් කරන්න ගියේ වෙච්ච වෙනස සහ ඒ ගැන මගේ හැගීම. ඒ මිසක් වෙන දෙයක් නොවේ.. පුද්ගලිකව මම එස් 12 එකට වැඩි කැමැත්තක් නෑ ඒක ඇත්ත. එම් 6 එකෙන්/ එම් 2 එකෙන් ඇදපු උඩරට මැණිකේගේ තිබ්බ ලස්සන නෑ කියන මතයේ නම් මම ඉන්නවා. එස් 12 එකට කවදාවත් ඒ වගේ සේවයක් දෙන්නත් බෑ..
      මෙහෙයුම් පද්ධතියේ දෝෂ තියනවා. ඒ උනත්, මග හිර වීම්, ත්රොට්ල් අවුල් වගේ දේවල් ගැනත් සලකන්න වෙනවා. ඒ වගේම, එස් 12 එකේ මැදිරි 8ක් සඳහා එන්ජින් දෙකක් යොදාගන්නවා. එම් 6 එකේ මැදිරි 7ක් සඳහා එක එන්ජිමයි.. ලෝකප්‍රසිද්ධ එන්ජිනේරු මහතෙක් වෙච්ච රම්පාල මහතා කියල තිබ්බ දෙයක් තමා සාර්ථකව බදුලු දුම්රියක් ධාවනය කරන්න අශ්ව බල 1500ක එන්ජිමක් හොඳටම සෑහෙන බව. ඒ බවත් මා මෙතන සිහිපත් කරනවා..
      එස් 12 එක on time යන වෙලාවල් නැතිව නෙවේ. ඒ උනත් ප්‍රමාද වෙන දවස් ඊට වඩා වැඩියි..

      Delete
    5. තිබෙන පහසුකම් වල අඩුවක් නම් පෙනෙන්නෙ නෑ. මම මේකේ පන්ති තුනේම ගමන් කරලා තියෙනවා. කිසිම අපහසුවක් නම් ඇති වෙලා නෑ. බදුල්ලේ ඉඳලා කොළඹටම දෙවෙනි පන්තියේ ආවත් කිසිම අපහසුවක් නෑ. පඩිපෙල් ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ. මේවා මිලදී ගන්නකොට බලන්න ගිය උදවිය ඒවට නම් වගකිය යුතුයි. කොළඹ බලා යන මගීන්ට පහළට යද්දි කාලය නාස්ති වෙන එක අඩුයි රඹුක්කනින් පස්සේ පහු වුණ කාලය අල්ලගන්න හැකියාව තියෙන නිසා. නමුත් නුවරට යාමෙන් ඇදිලා එන මගීන් ගාන වැදගත්. මතක තියාගන්න ඉස්සර පොඩ්ඩි නුවර යනකොට පැයක් විතර නාස්ති උනා. ලස්සනට වඩා වැදගත් වෙන්නේ මේ කෝච්චි දෙකෙන් වෙන සේවය. රම්පාල මහත්මයා මේවා හැදුවේ vintage trains විදිහට නෙවෙයි. රටේ මිනිස්සුන්ට පහසුවෙන් ගමනේ යෙදෙන්න. ඒ නිසා තමයි එදා 1956දීත් අළුත්ම එන්ජින් සහ මැදිරි දැම්මෙ. ඊට පස්සෙත් අලුතෙන් එන්ජින්/මැදිරි ආපු ගමන් මැණිකේට රුහුණට හැමදාම ඒවා යෙදෙව්වේ. පෙට්ටි සෙට් දුවපු අන්තිම කාලේ කෑලි දිරපු පෙට්ටි පහේ උඩරට මැණිකේ එක්ක අම්බානක හිරවෙලා ගියපු හැටි මට මතකයි. ඒ වගේ තත්වෙකට වඩා මේක ඉතා හොඳයි, හොඳම විසඳුම නොවුනත් සාපෙක්ෂව හොඳයි. ලස්සන ඕන අයටත් නොම්මර 7,8 කෝච්චි තියෙනවා. පෙට්ටි 6කට 7කට එක එන්ජිමයි උනාට පෙට්ටි 8ක් උනානම් ඒවටත් එන්ජින් දෙකක් දාන්න වෙනවා. එතකොට තව ඩ්‍රයිවර් කෙනෙක්ටයි ඇසිස්ටන්ට් කෙනෙක්ටයි පඩි ගෙවන්නත් වෙනවා. අනිත් අතට ඒවායේ පෙට්ටි භාග දෙකක්ම ලගේජ් වලට නාස්ති වෙනවා. මෙතනදි සම්පූර්ණ පෙට්ටි 8ක් යන්නේ. එන්ජින් දෙකම එක පාලක මැදිරියෙන් දුවන්නේ. අළුත් තාක්ෂණික ක්‍රම නිසා බලය නිසියාකාරව පාලනය වෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාවත් වැඩියි. අනිත් අතට දෙයක් හඳුන්වා දීපු ගමන් දෝෂ ඇති වෙන එක ස්වාභාවිකයි. කොච්චර සැලසුම් කරලා හැදුවත් ඇත්තටම භාවිතා කරන තත්වයේදී තමා ඒ වගේ දෝෂ හඳුනාගන්න පුළුවන්. ඒ නිසා ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන එකයි වෙන්න ඕන. නැත්තම් ලැබුණ දේත් එපා කියලා ආපස්සට යන එක නෙවෙයි.

      Delete
    6. මේ පවර් සෙට් ආවට පස්සේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය නියමිත කාලසටහනට අනුව සිදුවෙනවා පෙර ට වඩා හොදින්. මට නම් දැනුනේ එහෙමයි.

      Delete
    7. boru kiyanna epa bn, S12 nisa up country wala dumriya dawanaya wenadata wada welawata sidda wenawa. best example eka thamai M6 ekakin adina 07/08 hamadama late. but UM/PM kawadawath ehema late wenne na

      Delete
    8. මෙහෙමයි- නුවර- නාවලපිටිය අතර සහ රඹුක්කනින් පහල කොටසේදී එස් 12 එක වේගවත් තමා. ඒක ඇත්ත. පරක්කුව අල්ලන්නත් පුළුවන්. ඒ උනත්. උඩහ එස් 12 එකට දීල තියන වෙලාවල් වැඩියි කලින් එම් 6 එකට දුන්නට වැඩිය, ඒ වගේම, එස් 12 එකක් උඩහ ෆේල් උනොත් අල්ලගන්න, රෙස්කියු කරගන්න ලෝකෝ එකක් නෑ තව එස් 12 එකක්ම ඕනේ..

      Delete
  2. මේව ගැන ඉතින් උඹලා කිවුවම අහනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් ඔළුවට එන්නේ නැත්තේ නොදන්න හන්දමයි බං..

    ReplyDelete
    Replies
    1. මටත් ඉතින් අදාළ දෙයක් නෙවේ මම ලිව්වේ.. ඔන්න ඔහේ හිතෙන දෙයක් කියල දාමු...

      Delete
  3. කලින් හිටපු මැනිකෙලාට තාමත් මෙහෙම ආදරේ කරන මගීන් ඉන්න එක ගැනත් සතුටුයි. :D

    ReplyDelete
    Replies
    1. /* පොඩ්ඩිගේ දූෂණය වී සිදුවුණු වියෝවෙන් */

      Did you see that?

      Delete
    2. අප්පා අපි ඒ මැණිකෙලාට තාම ආදරෙයි.. උඩරට මැණිකේට නම් ආදරේට වඩා නිකම් බයක් වගේ එකක් තමා හිතෙන්නේ නම ඇහෙද්දී මට නම්.. පොඩ්ඩිට ඒ නම මම දැම්මෙත් ආදරේ නිසා.. දැන් ඒක නිකම්ම 05 Up නැත්තම් 06 Down..

      @කතන්දර- :D

      Delete
    3. @කතන්දර,

      ඔය කියන්නේ කෝච්චියක් ගැනනේ...:D

      Delete
    4. මටත් මේ පොඩ්ඩිව මතක් වුණා ඒ කෑල්ල දකිනකොටම

      Delete
    5. මේ ටිකේ පොඩ්ඩි අක්ක මාව මතක් කරන්න ඇති එහෙනම් හොඳට.. හෙම්බිරිසාව කිබුහුම් යනවා හිටු කියල, මම එත් බැලුව මොකද කියලා..

      Delete
  4. ඇත්තට මචෝ කිසිම ලල් එකක් නෑ තමා..
    අපි හැටොං ගියා මේ ලේකෙ රහක් නෑ...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝ මමත් ගියා දවසක් වටගොඩ.. හුටස් හුටස්, හුටස් හුටස්... කෑව්ව්ව්....... හුටස් හුටස්, හුටස් හුටස්....... ඔන්න ඕක තමා ඉතින් ඉවර වෙනකල්ම..

      Delete
  5. අපි ඉතිං කෝච්චියක යැවෙන්නෙ පෙර‍ැම් පුරලනෙ. ඒ හින්ද බොලා කියනකං අපි ඔය ගැන දන්නෙ නෑ.
    කොහොම උනත් අර පරණ කෝච්චියක තියෙන ගතිය දැං තියෙන ඒවයෙනං නෑ තමයි. ඒත් ඉතිං අර තූර්ය කියල තියෙනව වගේ කාලෙ හැටියට හැමදේම වෙනස් වෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කාලේ අලුත් තාලේ වෙනස්ලුනේ... ගල් අඟුරු කෝච්චි අයින් වෙලා ඩීසල් ආදේශ වෙනකොටත් මේ මට වගේ අදහස් තිබ්බ අය ඉන්න ඇති...

      Delete
    2. මල්ලි කියන දේ ඇත්ත. එස් 12 මටත් දිරවන්නේ නෑ. අලුත් කෝච්චි කිසිවක් පරණ ඒවා වගේ නෑ. කෝච්චියේ යන එකේ නියම ගතිය නෑ.

      Delete
  6. අනේ මන්දා බං.. අපේ රටේ කෝච්චි ටිකනම් restart කරන්න කාලේ හරි

    ReplyDelete
    Replies
    1. සිරාවට අෆ්ෆා... ඒවා නම් ඔක්කොම රීසයිකල් කරලා, ෆෝමැට් කරලා, ආය රී ඉන්ස්ටෝල් කරන්න වෙනවා..

      Delete
  7. මේ චීන කෝච්චියට නගින බහින පඩි මහා මාරකයක්. ඒවා තියෙන්නේ හරියටම එක යට එක. කකුල තියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් මාරකයක්ම තමා.. දෙතුන් දෙනෙක් දත් සෙට් නැති කරගෙන තියනවා..

      Delete
  8. තූර්ය 100% ක් හරි. මම එකඟයි ඒ අදහසට...

    ReplyDelete
  9. චීන මකරට නෙමෙයි, බැණපං දීන වල්ගමයට...

    ReplyDelete
    Replies
    1. සිරා සිරා... ඒ කතාවත් ඇත්ත මොකද ඉතින් එස් 12 එක හිතල හැදිලා මෙහාට පීනලා ආපු එකක් නෙවේ නේ...

      Delete
    2. ඇරත්, ඔය ‍ඕනෙම අලුත් දෙයක් එකතු කරද්දි පරණ දේවල්ට වෙන බලපෑම ගැන අධ්‍යයනයක් තියෙන්න ඕනෙ.

      Delete
    3. mun hithan athi kochchith car ekak gannawa wage sale ekata gihin salli deela aran enna puluwan kiyala. moo danne nathuwa athi meke order karala awurudu hathakata wadi kiyala.

      Delete
  10. udarata manike & podi manike late kiyanawa nam eka boruwak. dan issarata wada ewa kalin enawa. hodama example eka M6 ekak ekka yana 07/08 hamadama late. but UM/PM late unath ara tharam late wenne na kawadawath. issara UM kandy giye na. eka peradeniyat book time thibune 01.05p.m. but hamadam aduma payakwath late. eth dan peradeniyata book time tiyenne 12.36p.m. aniwa eka 12.45 wenakotawath peradeniyata enawa nayayamak wage deyak une nathnam.

    ReplyDelete
    Replies
    1. 1007 1008 හැමදාම ලේට් වෙනවා නෙවෙයි ලේට් කරනවා.. ඉස්සර ඕක 8.30 කොටුවෙන් අදින්න තිබ්බ දවස් වල හැමදාම අදිනකොට 9 වත් වෙනවා.. එතකොට ක්‍රොසින් ටික සෙට් උනාම පරක්කුයි තමා..

      Delete