Saturday, December 19, 2015

මිහිබට පාරාදීසය වෙත..

          වටගොඩ පසුකර ඉදිරියට යන පොඩි මැණිකේ ඇතුළු වූයේ, මිහිපිට සුරපුරයක් වැනි අඩවියකටය. තේ වතු වලින් වට වූ මෙම ප්‍රදේශයේ, අතරින් පතර කුඩා දිය ඇලි දක්නට හැකි විය. එමෙන්ම ඒ මැදි කරගත් තේ වතු සහ අතරින් පතර ඉතිරි වූ කැලෑ අතරින්, දම්වැල් පහ ප්‍රමාණයේ වංගු සහිතව ඉදි වූ දුම්රිය මාර්ගය දිව්‍ය විමානයකට යන මාර්ගයක සිරි ගත්තේය..

තේ වතු වලින් වට වූ පරිසරය..
         මෙම මාර්ග කොටස ද තරමක් කෙටි එකකි. එනම් සැතපුම් තුනක දුරකි. පොඩි මැණිකේ මෙම දුර ගෙවීම සඳහා මිනිත්තු 8ක් ගෙන තිබුණි. දිගටම පැවති අඩි 44ට එකක් වූ දැඩි ආනතියත්, වංගු සහිත මාර්ගයත් එම කාලය සාධාරණීකරණය කළේය. 

         මද දුරක් කැලැව තුලින් ඇදී ගිය පොඩි මැණිකේ, පැරණි පෙනුමක් තිබූ පටු පාලමක් යටින් ගමන් කළේය. මා එය දුටුවේ අවසාන මොහොතේය. එහෙත් මාගේ විශ්වසනීය ජංගම දුරකථනය එය මැනවින් කැමරාවේ සටහන් කරගන්නට සමත් විය. 

වතු කම්කරුවන්ට ගමන් කිරීමට ඇති පාලම.
         දුම්රිය තරමක් විවෘත බිමකට අවතීර්ණ විය. වම් පසින් දැවැන්ත ප්‍රාකාරයක් බඳු කඳු වළල්ලක් නැගී සිටියේය. ඒ, ග්‍රේට් වෙස්ටර්න් කඳු යායයි.  
ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය..
         C  අකුරේ හැඩයට පිහිටි දැවැන්ත වංගුවක් පසු කල පොඩි මැණිකේ, දිවයිනේ පිහිටි සුන්දරතම දුම්රිය ස්ථානයකට ලඟා වූවාය..  
දුම්රිය ස්ථානය වෙත අවතීර්ණ වෙමින්..
         ඒ නම්, ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයයි. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 123ක් සහ දම්වැල් 25ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 4774ක උසකිනුත් පිහිටි මෙම මනස්කාන්ත දුම්රිය ස්ථානය, දුම්රිය දෙකක් මාරු වීම සඳහා පාෂ මාර්ගයකින්, වේදිකා දෙකකින් සහ උස්ව පිහිටි සංඥා කුටියකින් සැදුම්ලත් කුඩා දුම්රිය ස්ථානයකි. 

ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය වෙත ලඟා වන පොඩ්ඩි..
        ග්‍රේට් වෙස්ටර්න් කන්ද පාමුල පිහිටි මෙම දුම්රිය ස්ථානය, පිහිටා ඇත්තේ තැනිතලා බිමක නොව අඩි 45ට එකක් පමණ වූ ආනතියක පිහිටි මාර්ගයකය. එබැවින් මෙම දුම්රිය ස්ථානයේ නතර කෙරෙන දුම්රියක්, නැවත ගමනාරම්භ කිරීම සඳහා සෑහෙන උත්සාහයක් දැරිය යුතුය. රියදුරු මහතා මනා පළපුරුද්දක් සහිත කෙනෙකු විය යුතුය. නොඑසේ නම් තිරිංග මුදාහල වහා දුම්රිය නැවත කොළඹ දෙසට ඇදී යනු නියතය. 

        ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ විශේෂත්වයක් ඇත. එනම්, කාලයකට කලින්, මෙහි ටැබ්ලට් යන්ත්‍ර රාත්‍රී කාලයේ ක්‍රියා විරහිත කෙරුණි. වටගොඩ සිට කෙලින්ම නානුඔය ටැබ්ලට් යන්ත්‍රය වෙත සංඥා ලබා දීම සහ ටැබ්ලට් ලබාදීම කළහැකි වුනි. නමුත් දැන් එම ක්‍රමය වෙනස් වී ඇත. රාත්‍රී තැපැල් දුම්රිය දැන් මෙහි නතර කෙරේ. 

ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ නැවතී සිටින පොඩි මැණිකේ..
        පොඩි මැණිකේ මෙම මනස්කාන්ත දුම්රිය ස්ථානයේ විනාඩි දෙකක් නතර වී සිටියාය. දැන් අය නැවතත් ගමන් ඇරඹීමට සූදානම්ය. සේයාරුවක් ගැනීමට ඉදිරියට දිව ගිය මා නැවත පාපුවරුවට අඩිය තැබුවා පමණි. පොඩි මැණිකේ නැවතත් ඉදිරියට ඇදුනි..

29 comments:

  1. Sorry for commenting in English. It'better to have merric units when it's possible. Eg. Distance in km instead of miles
    - O

    ReplyDelete
    Replies
    1. Language doesn't matter, It is the idea that's most important.
      Well, if there's one department or organization in Sri Lanka that has not been metricated (at least totally), it is the Railways. I will anyway put up a data sheet of these values as the final post of this story line, highlighting a few other facts too.
      Thanks for the suggestion either way!

      Delete
  2. මල්ලිගේ විස්තර කිරීම උපරිමයි, ඔයාට මේපාර සම්මානයක් ෂුවර්. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! සම්මානයක්?? ඒ කොහෙන්ද?

      Delete
  3. ග්‍රේට්වෙස්ටර්න් දුම්රියපොළ පුංචි වුනාට හරිම ලස්සනයි. මම ආසම දුම්රියපොළක්. දැන් බොහෝ දුම්රියපොලවල ඉස්සර තිබුණු ලස්සන නැහැ. නඩත්තු කටයුතු කියන්නේ, අලුත් බැංකු දැමීම සහ පේන්ට් කිරීම විතරක් නෙවේ. දුම්රියපොළ පරිශ්‍රය අලංකාරව සහ පිරිසිදුව තබාගැනීම.

    උඩරට මැණිකේ/පොඩිමැණිකේ දෙන්නා, මේ තරම් හෙමින් යන්නේ ඇයි කියන එක, මේ ලිපිමගින් බොහෝ අය තේරුම් ගන්නවා ඇතැයි හිතනවා.

    ඇදපන්කෝ හපුතලේට යනකල්.

    ReplyDelete
    Replies
    1. බැංකු නෙවෙයි බංකු

      Delete
    2. ඔව්. අපි නානුඔයේ ඉඳල ග්‍රේට් වෙස්ටර්න් වෙනකල් දවසක් පයින් ආවා. හරිම ලස්සන පළාතක්. දුම්රිය ස්ථානයත් ඒ වගේමයි. හැබැයි මාර සීතලක් තියන්නේ.
      නඩත්තු කටයුතු ගැන කතාව හරියට හරි. ඉස්සර ඔය ස්ටේෂන් වල මල් ගස් හදල අලංකරණයට තරඟයක් තියල, ඒ දිස්ත්‍රික්කයේ ලස්සනම මල්වත්ත සහිත දුම්රිය ස්ථානයට තෑගී දීලා තියනවා!
      දැන් නම් මැණිකෙලට මීට වඩා හයියෙන් යන්න පුළුවන්. ඒ උනාට ආරක්ෂාවට අහිතකර නිසා ඒ වැඩේ කරන්නේ නෑ..
      හපුතලේ පහුකරගෙන බදුලුම යනවා..!

      Delete
  4. ග්‍රේට් වෙස්ටන් දුම්‍රිය ස්ථානය තරමක් මෑතක හදපු එකක් වගේ මතකයක් තියෙනව. එහෙම නැත්නම් මේ දුම්‍රිය ස්ථානය පාෂ මාර්ගයක් සහිතව වැඩි දියුණු කරල තියෙන්නෙ මෑතක වගේ. මට මතකයි මීට අවුරුදු ගානකට උඩදී බදුල්ලේ ඉඳන් එන කෝච්චිය රදැල්ලට පස්සේ කෙලින්ම නැවැත්තුවේ වටගොඩ. ඒ කාලේ මම බොහෝ විට කෝච්චියේ මේ ගමන ගිහින් තියෙනවා. ග්‍රේට් වෙස්ටන් දුම්‍රිය ස්ථානය එතරම් ප්‍රසිද්ධ එකක් නෙවෙයි ඒ සම්මහර විට තේ වතු ආශ්‍රිත නමක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්. ග්‍රේට් වෙස්ටර්න් දුම්රියස්තානය එච්චර පැරණි එකක් නෙවේ. රාත්‍රී තැපැල් දුම්රිය මෙතන නතර කරන්න පටන් ගත්තේ බොහොම මෑතක ඉඳන්.
      ඔය ස්ටේෂන් එකට නම වැටිලා තියන්නේ ඔය පිටිපස්සෙන් තියන කන්ද නිසා. ග්‍රේට් වෙට්ස්ටර්න් දුම්රිය ස්ථානය ගැන වෙනම හොයල බලන්න යන්න ඕනේ. රොසැල්ල ගමනත් තවම යන්න බැරි උනා.

      Delete
  5. ඒ කියන්නෙ මෙතනින් ඉස්සරහට කෝච්චිය ගන්න ඩ්‍රයිවර් ක්ලච් බැලන්ස් කරන්න දැනගෙන ඉන්න ඕනද? :D

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ ක්ලච් නෑ නේ... ඒ නිසා ඒක නම් අවුලක් නෑ.. :D

      Delete
  6. ජයෙන් ජය ඉදිරියටම යමු

    ReplyDelete
  7. උඹත් එක්ක අපිත් කෝච්චියෙ ගියා වගේ. නියමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුන නම් මගේ උත්සාහය සාර්ථකයි! ස්තුතියි!

      Delete
  8. අතීත කාමය..
    ගහට පොත්ත වගේ උඩරට කෝච්චි පාරවල් වලට බැදිල තිබුණේ පෙට්ටි කෝච්චි.. පරණ සිග්නල් ඒව දැන් ටික ටික වෙනස්වීගන යනව
    ...බ්ලොග් එක කියවගන යනකොට ඉස්සර පොඩ්ඩිව මතක් වෙනව..
    ඒ පොඩ්ඩිව මතක් වෙනකොට අසූ එකේ ගහපු ආරාධනා ෆිල්ම් එකේ සින්දුවක් මතක්වෙනව

    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යළි වඩින්න..
    ආරාධනා...
    ඒ සින්දුව මතක්වෙනකොට අතර මගදි නතරවුනු පරණ ලව් එකකුත් මතක්වෙනව..
    මට එතකොට හීනි දුකක් ඇතිවෙනව
    තවත් රැදුනොත් අගහරුවවයි අම්මවයි මතක්වෙයි කියල බය හිතිල මේ ටික කොටල තියල මම යනව..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. උඩරට මාර්ගයට තියන ලස්සන තමා මැදිරි සහිත කෝච්චි. ගල් අඟුරු කෝච්චි වෙනවා නම් තවත් හොඳයි. ආදරය සම්බන්ධ මතකයන් නැති උනත් මටත් මේ ලයින් ඒකෙ සොඳුරු මතක ගානක් තියනවා පොඩ්ඩි එක්ක. ආරාධනා බලන්න ඕනේ හොයාගෙන.
      අඟහරුවයි අම්මවයි?? ඒ මොකෝ?
      ඉතුරු ටිකත් බලන්න එන්න..

      Delete
  9. Replies
    1. ආ හා හා ඉරිසියා කරන්න එපා..

      Delete
  10. අපි පොඩිකාලෙ හිටපු නානුඔය ගෙදරට ග්‍රේට් වෙස්ටන් ස්ටේශන් එකෙන් කෝච්චි එනව පේනව විනාඩි දෙක තුන වංගු වලින් මුවාවේවී කෝච්චිය එන හැටි බලන්න ලස්සනයි. නානුඔයයි ,නාවලපිටියයි අතරෙ මම කෝච්චිය පිටිපස්සෙ එල්ලුව ඩක්කුවේ වගේම රේල් කාර් එකේ ගිහින් තියනව තාත්ත එක්ක.

    ReplyDelete
    Replies
    1. අපිත් දවසක් නානුඔය ස්ටේෂන් එකට ඉහළ තැනකට වෙලා ඕක බලාගෙන හිටියා. උඩහට එන පොඩි මැණිකේ නානුඔයට එන හැටි. ඒක හරිම ලස්සනයි තමා.. මට තාම ඩක්කුවක යන්න බැරි උනා නේ.. ඒකත් නියම අත්දැකීමක් වෙන්න ඇති නේද?

      Delete
  11. අපි ඉන්නෙත් ඔය කියන මිහිබට සුරපුරයේ ම තමා..... ඒද්දි හම්බෙමු... ජයවේවා...

    ReplyDelete
  12. මේ පාරාදීසය ගැන නම් අහලා නෑ. අඟහරුවට තෑග්ගක් දෙන්ට වටිනවා ලියවිල්ලට. මෙච්චර භක්තියකින් කවුරුත් තමන්ගේ ගෑනු ලමයා ගැනවත් කතා කරනවා මම නම් දැකලාවත්, අහලාවත් නෑ. :P

    ReplyDelete
    Replies
    1. මේ පාර දිගේ තියන ලස්සන ගැන වැඩි හරියක් දන්නේ නෑ අක්කා. මොකද ගොඩක් කට්ටිය කරන්නේ අයිනක් අල්ලගත්තත් නිදාගන්න ඒක. අයිනේ සීට් එකෙන් ප්‍රයෝජනයක් ඇති එකාට ගන්න දෙන්නෙත් නෑ. අර බල්ලගෙයි බූරුවාගෙයි බිස්නස් එක වගේ තමා.
      මට ඉතිං ගෑනු ළමයෙක් නෑ නේ.. අනික ඉතිං මේ කෝච්චි ටික මාව අරං ගිහිං තියන ට්‍රිප් වල හැටියට, මෙහෙම කතා නොකරත් බෑ.. :D

      Delete
  13. අද තමයි මගේ බ්ලොග් එකටත් පෝස්ට් එකක් දාන්න ලැබුනේ. ඒගමන් මේ පැත්තෙත් ආවා. නියමයි විස්තරේ. කලින් පෝස්ට් එකත් මේ ගමන් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා හයිඩ්රෝලික් ගැන ලියල තියනවා. මමත් කමෙන්ට් එකක් දැම්මා. බලල එන්නකෝ පෝස්ට්ස් ටික..

      Delete
  14. ලස්සනයි ලියවිල්ල... ඔන්න අපිත් ආව

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අඟහරු අඩවියට!

      Delete