Saturday, February 20, 2016

හුදෙකලා ඇල්ල දුම්රියස්ථානය වෙත...

බණ්ඩාරවෙල පසු කල පොඩි මැණිකේ, මෙම ගමනේ අවසාන කොටස වෙත පියවර තබන්නීය. S  හැඩයේ වංගුවක් පසු කරමින් බණ්ඩාරවෙලින් සමුගන්නා පොඩි මැණිකේ, මෙම ගමනේ අපට හමු වන 39 වන බිම්ගෙය පසු කරයි. දිගින් අඩි 241ක් වන එම බිම්ගෙය පසු කරන පොඩි මැණිකේ, මෙම ගමනේ අපට හමු වන තවත් කුඩා දුම්රිය නැවතුම්පොලක් වන කිනිගම මදකට නතර වේ.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසල ඇති S වංගුව.
(ආපසු ගමනේදී ගත් සේයාරුවකි)
කිනිගම විනාඩියක් පමණ නැවතී සිටින පොඩි මැණිකේ, නැවතත් සිය ගමන පටන් ගනී. මේ වනවිට, අපට මද විරාමයක් ලැබී තිබුණි. ඒ, මා සතුව කැමරාවක් නොතිබීමත්, දුම්රියේ සෙනග ඉතා අඩු වූ බැවින්, අකිල අයියා ඇතුලට ගොස් වාඩි වී සිටීමත් නිසාය. අශාන් දිගටම කැමරාකරණයේ යෙදුනත්, මා පා පුවරුවට වී පසු වන ප්‍රදේශයේ සුන්දරත්වය නිරීක්ෂණය කරමින් සිටියෙමි. 
හීල් ඔය දුම්රිය නැවතුම. (ආපසු ගමනේදී ගත් සේයාරුවකි)
සැතපුම් තුනක් ගමනේ යෙදුනු පොඩි මැණිකේ, නැවතත් මදකට නතර වූවාය. ඒ, හීල් ඔය දුම්රිය නවතුම්පොලයි. එහි මගීන් නොසිටි තරම් වූ අතර, දෙතුන් දෙනෙක් බැස ගියහ. කොළඹ සිට සැතපුම් 164ක දුරින් පිහිටි මෙම කුඩා දුම්රියපොළ, මට පැරණි ගෙලිඔය දුම්රියපොළ සිහි ගැන්වීමට සමත් විය. 

නැවතත් ගමනේ යෙදුනු පොඩි මැණිකේ, නැවතත් වංගු සහිත කලාපයකට ඇතුළු වූවාය. එහාට මෙහාට හැරෙමින්, සර්පයකුගේ ගමන අනුකරණය කල පොඩි මැණිකේ, මෙම කොටසේ අපට හමු වන අවසාන දුම්රියපොළ වූ කිතල් ඇල්ල වෙත සේන්දු වූවාය. කිතල් ඇල්ල දුම්රියපොළ, ඉතා මෑතදී ඉදි වූ දුම්රිය පොළකි. පාලු ස්වභාවයක් ඉසිලූ එම දුම්රියපොළේ, පොඩි මැණිකේ නතර වූයේ විනාඩියකටත් අඩු කාලයකි. 
කිතල්ඇල්ල දුම්රිය නැවතුම.
(සේයාරුව- ලහිරු කන්නංගර විසිනි)
නැවතත් ගමනේ යෙදුනු පොඩි මැණිකේ, සිය වේගය ක්‍රමයෙන් බාල කලේ, නලාව හඬවමිනි. ඒ, ඉදිරියේ ඇති සංඥා කුළුණින් නිකුත් කල සංඥාව ලබාගත් බව ඉදිරිපස දුම්රිය ස්ථානයට දැනුම් දීමකි. සුළු වෙලාවකින්, දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයට ප්‍රවිෂ්ට වූවාය. 

ඇල්ල දුම්රිය ස්ථානය, මුහුදු මට්ටමේ සිට අඩි 3416ක උසකින් සහ කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 168ක් සහ දම්වැල් 14ක දුරකින් පිහිටා ඇත. එක් පාෂ මාර්ගයකින් සමන්විත මෙම කුඩා දුම්රිය ස්ථානය, මෙහෙයුම් සඳහා විවෘත වූයේ වර්ෂ 1918 ජුලි පලමුවනිදාය. ඒ නම්, උඩරට කැරැල්ලට සියවසකට පසුය. මෙම කාලය ලෝක යුද්ධ කාලය වූ අතර, දුම්රිය මාර්ගයේ තැනීම් කටයුතු සිදු කෙරුනේ ඉතා සෙමින් සහ අපහසුවෙනි. යකඩ ආදිය ලැබීම ප්‍රමාද විය. එකල මෙම කොටසේ ඉදිකිරීම් සඳහා රුපියල් 66400ක් වැය වී ඇත. (එකල හැටියට එය ඉතා විශාල මුදලකි). 
ඇල්ල දුම්රිය ස්ථානයේ පාෂ මාර්ගයට එපිටින් පිහිටා තිබුණු නාම පුවරුව..
ඇල්ල දුම්රියස්ථානයේ සිට, රාවණා ඇල්ල වෙත ඇත්තේ ඉතා කෙටි දුරකි. එමෙන්ම, අසල ඇති ඇල්ල තානායමේ සිට දැකගත හැකි දර්ශනය ඉතා මනස්කාන්ත බව “උඩරට මැණිකේ” දුම්රිය චාරිකාවේ දුටු බව මගේ මතකයට නැගුණි. 


විනාඩියක් එහි නැවතී සිටි පොඩි මැණිකේ, මෙම මාර්ගයේ අපට හමුවන, ඉංජිනේරුමය, ශිල්පීය සහ පාරිසරික සුන්දරත්වය අතින් අතිශය වැදගත් කොටසකට අවතීර්ණ වූවාය...

21 comments:

  1. නියමයි. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉතිං ඉවරයි වගේ තමා..

      Delete
  2. පුරුදු විදිහට මමත් ආවා. දැන්නම් බදුල්ලට හොඳටම ලඟයි නේද? අවසානය දක්වාම බලන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව්. තව පෝස්ට් තුනකින් අපි බදුල්ලේ..

      Delete
  3. ඇල්ල ස්ටේශන් එකේ එහෙනම් ඉතිහාසගත වටිනාකමකුත් තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය ලයින් ඒකෙ තියන හැම ස්ටේෂන් එකකම මොකක් හරි ලොකු වටිනාකමක් තියනවා. ඓතිහාසික හරි මොකක් හරි..

      Delete
  4. ඇල්ල ගැප් එක සියැසින් නොදුටු, 'මේ දෑස්‌ මක්කටෙයි' කියලා තමා කියන්න වෙන්නේ. ඔහොම යංකො ඉස්සරහට, ත්‍රාසජනක කතාවක් කියන්නම් ඉස්සරහදි හම්බවෙන තැනක් ගැන.

    ReplyDelete
    Replies
    1. ඒකෙ ෆොටෝ එකක් තිබ්බ නම් මෙතන දාන්න තිබ්බා. අපරාදේ.
      ඒ මොකද්ද කතාව? බලාගෙන ඉන්නවා ඒක කියවන්න!

      Delete
  5. බදුල්ලට ගිහින් අඩියක් ගහමු

    ReplyDelete
    Replies
    1. අපි අඩි ගහන්නේ නෑ.. අපි අමධ්‍යප.

      Delete
  6. ලස්සනම හරිය දැන් තමා එන්නේ නේද? මමනම් බණ්ඩාරවෙලින් එහාට කෝච්චියේ ගිහින් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ. ඊළඟ කොටස ඔය ලයින් ඒකෙ හම්බවෙන ලස්සනම හරියක්. මමත් මේ ගමනට පස්සේ තාම ගියේ නෑ හපුතලෙන් එහා.

      Delete
  7. ඇල්ල පොඩි දුම්රිය ස්ථානයක් වුණාට ඔය දුම්රියේ උඩහට එන සංචාරයකයින් සියල්ලන් ම වාගේ ඔතනින් බහිනවා. ඇල්ල කියන්නේ පොඩි ටවුමක් වුණාට පට්ට දියුණු තැනක්.... ගිහාම නිකං වෙන රටකට ගියා වගේ.........

    ReplyDelete
    Replies
    1. ඔව්. මම ඉතිං අර ටවුන් ගැන විස්තර නොලියන නිසා ඒ ගැන වැඩිය කියන්න ගියේ නෑ. රාවණා ඇල්ල ගැන උඩරට මැණිකේ වැඩසටහනේ කිව්වා මට මතකයි. හැබැයි ඒ ගමනත් එයාල වැඩිපුර ගියේ පොඩි මැණිකේ එක්ක.

      Delete
  8. පොඩි මැණිකේ ලැසි ගමනින් යනවා මැවිලා පේනවා. හරිම ලස්සනයි අඟහරුවෝ...:D

    ReplyDelete
    Replies
    1. අක්ක ඊළඟ පාර ලංකාවට ආවම මේ ගමන ගිහිං බලන්න. එතකොට තාමා නියම ලස්සන තියන්නේ.. මොකද කාලයක් දකින්න නොහිටියේ?

      Delete
  9. මට මේවා මිස් වෙලානෙ. අඟහරුවා දන්නවත් ඇතිනේද මමත් කෝච්චි රසිකයෙක් බව? මමත් මැරීගෙන ආසයි, Trains, planes, automobiles and bikes කිව්වාම ආයෙ ඉතිං...

    අලි ගිය බදුලු ගමන මතක් වෙනවා. දැන් මුල ඉඳන් කියවන්න ඕනෙ වෙලාව ලැබෙන විදියට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මම බැලුවා අර කලින් දවසක ආවයින් පස්සේ නැත්තේ මොකද කියලා.. එදා බදුලු පෝස්ට් එක කියෙව්වයින් පස්සේ හිතාගන්න පුළුවන් කෝච්චි රසිකයෙක් කියල. බලන්න මම තව කෝච්චි ගැන පෝස්ට් දාල තියනවා..

      Delete
    2. ඒකට හේතුව අඟහරුවගෙ බ්ලොග මගේ බ්ලොග් රෝලෙ එල්ලීමට අතපසුවීමයි. දැන් එල්ලුවා.

      Delete